Watch Trailer

Gatta Kusthi 2 (2026) Sinhala Subtitles | සැබෑ සමානාත්මතාවයේ කතාව [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Gatta Kusthi 2 (2026) Sinhala Subtitles ආයුබෝවන් සියලුදෙනාටම, ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. මේකෙ නම තමයි ‘Galatta Kusthi 2‘. 2026 අවුරුද්දේ ජූලි මාසේ 3 වෙනිදා ලෝක පුරා සිනමාහල් වල අතිසාර්ථක විදියට තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය Sports, Comedy, Drama ගණයට අයිති වෙනවා. මේ වෙද්දි චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.5/10 ක වගේ ඉහළ අගයක් ලබාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. පවුලේ හැමෝටම එකතු වෙලා කම්මැලි නැතුව හිනා වෙවී බලන්න පුළුවන් නියම චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

මේ සුපිරි සලරුව අධ්‍යක්ෂණය වගේම තිර රචනය සිදු කරලා තියෙන්නෙ Chella Ayyavu විසින්. 2022 අවුරුද්දේ ආපු මේකේ පළවෙනි චිත්‍රපටය වුණු ‘Gatta Kusthi’ නිර්මාණය කළෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වෙන නළු නිළියන් ගැන කතා කළොත්, ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නළු Vishnu Vishal සහ ලස්සන නිළි Aishwarya Lekshmi. ‘Ratsasan’ , ‘FIR’ වගේ සුපිරි චිත්‍රපට වල රඟපෑ yVishnu Vishal ව ඔයාලට හොඳටම මතක ඇති. ඒ වගේම Aishwarya Lekshmi කියන්නේ ‘Ponniyin Selvan’, ‘Jagame Thandhiram’, ‘Gargi’ වගේ දැවැන්ත චිත්‍රපට හරහා ප්‍රේක්ෂකාදරය දිනාගත්ත නිළියක්. මේ දෙන්නට අමතරව Zara Zyanna කියන ළමා නිළිය, ප්‍රවීණ රංගන ශිල්පී යෝගි බාබු (Yogi Babu), රම්‍යා ක්‍රිෂ්ණන්, කරුණාස්, මුනිෂ්කාන්ත් වගේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩියට කිව්වොත්, මේක පළවෙනි ෆිල්ම් එකේ කතාවේ දිගුවක් විදියට තමයි යන්නේ. කීර්ති ගැබ්ගෙන ඉන්න කාලේදී ඇගේ මල්ලවපොර සිහිනයට උදව් කරනවා කියලා වීරා දුන්නු පොරොන්දුවෙන් පස්සේ තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. දැන් මේ දෙන්නාට දුවෙක් ඉන්නවා, වීරා දැන් ගෙදර වැඩ කටයුතු බලාගෙන ඉන්න ගෘහණියක් වගේ චරිතයක් කරද්දී, කීර්ති එයාගේ රස්සාවයි මල්ලවපොර තරඟයි සමබරව කරගෙන යනවා. ඒ වුණාට මේ දෙන්නගේ දුව ක්‍රීඩාවට කිසිම උනන්දුවක් නැති, ඉගෙනීම පැත්තෙනුත් දුර්වල කෙනෙක් කියලා දැනගත්තාම මේ පවුල ඇතුළේ ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නවා. ළමයාව හදාගන්න විදිය ගැන වීරාටයි කීර්තිටයි තියෙන්නේ වෙනස්ම මතවාද දෙකක්. ඉතින් මේ මත ගැටුම් නිසා කීර්තිගේ ක්‍රීඩා ජීවිතයට වගේම මේ දෙන්නගේ විවාහ ජීවිතයටත් මොන වගේ බලපෑමක් එයිද, මේ ප්‍රශ්න එයාලා කොහොම විසඳගනීද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.

  “සැමියා උපයන විට බිරිඳ පවුල බලාගන්නවා සේම, බිරිඳ උපයන විට හෝ ඇයගේ සිහින හඹායන විට සැමියාට නිවස බලාගත හැකියි. එවැනි සැමියෙකු සිටින කිසිදු ගැහැනියක පරාජය කළ නොහැක.”  

චිත්‍රපටයේ කතාව සරල වුණාට මේකෙන් සමාජයට දෙන පණිවඩය එක නම් හරිම ගැඹුරුයි. අපේ සමාජයේ ගොඩක් වෙලාවට විවාහය කියන දේ හැදිලා තියෙන්නේ “පිරිමියා හම්බකරන්න ඕනේ, ගෑනු කෙනා ගෙදර වැඩ කරගෙන ළමයි හදාගෙන ඉන්න ඕනේ” කියන පරණ පීතෘමූලික මතය උඩ. නමුත් මේ චිත්‍රපටයෙන් ඒ සම්ප්‍රදායික මතය සම්පූර්ණයෙන්ම කණපිට ගහලා, බිරිඳ සහ සැමියා අතරේ තියෙන්න ඕනේ සැබෑ සමානාත්මතාවය ගැන නිවැරදිම කතිකාවතක් ඇති කරනවා. පවුලක් වුණාම වගකීම් බෙදාගන්න එක නම්‍යශීලී වෙන්න ඕනේ කියන එක තමයි මේකේ ප්‍රධානම පණිවිඩය. බිරිඳක් එයාගේ හීන පස්සේ යද්දි, සැමියා පෙරමුණ අරගෙන ගෙදර වැඩයි ළමයි බලාගන්න එකයි ස්වේච්ඡාවෙන්ම භාරගන්න එක කොච්චර වටිනවද කියලා මේකෙන් අපිට තේරුම් කරලා දෙනවා. සාමාන්‍යයෙන් බිරිඳක් තම රැකියාවේ ඉහළටම යද්දි පිරිමියා ගෙදරට වෙලා ඉන්න එක අපේ සමාජය දකින්නේ “අසාමාන්‍ය” දෙයක් නැත්නම් පිරිමිකමට කරන නිග්‍රහයක් විදියට වුණාට, ඒ කුණු ෙචින්තනය මේ චිත්‍රපටයේ කතාවෙන් මුලිනුපුටා දාන්න උත්සාහ කරනවා.

ඒ වගේම අලුත් විදියට හිතන මේ වගේ යුවලකට ලොකුම ප්‍රශ්නෙ එන්නේ වටපිටාවෙන් සහ නෑදෑයින්ගෙන්. බිරිඳක් ප්‍රසිද්ධියට පත් වෙද්දී පිරිමියාව “ගෑනිට යටත් වෙච්ච එකෙක්” ගානට දාන්න මේ සමාජය හරි ඉක්මන්. ඒත් සමාජයෙන් මොන උපහාසාත්මක කතා ආවත්, දෙන්නා අතරේ නියම අවබෝධයක් සහ විශ්වාසයක් තියෙනවා නම් පවුලක් කඩාගෙන වැටෙන්නේ නැහැ කියන එක මේකෙන් සූක්ෂමව පෙන්නලා දෙනවා. දරුවෙක් ලැබුණාම අම්මා කෙනෙක්ගේ මුළු ජීවිතේම ඒකටම කැප වෙලා ඇගේ අනන්‍යතාවය නැති වෙන්න ඕනේ නැහැ වගේම, පීතෘත්වය (Fatherhood) කියන්නේ සල්ලි හොයන එක විතරක් නෙවෙයි කියන එකත් මේ නිර්මාණයෙන් අවධාරණය කරනවා. ගොඩක් පිරිමින්ගේ තියෙන පිරිමි මාන්න්‍ය (Male Ego) හින්දා තමන්ගේ බිරිඳ සමාජයේ කැපී පෙනෙනවට අකමැති වුණත්, නියම ආදරේ කියෙන්නේ බිරිඳව පහත් කරලා නෙවෙයි, ඇයව ඉහළම තැනකට ඔසවලා තියන එකේ කියන එක මෙතනදි ඉස්මතු වෙනවා. බිරිඳගේ ජයග්‍රහණය තමන්ගේම ජයග්‍රහණයක් විදියට දැකලා සතුටු වෙන පිරිමි ඉන්න පවුල් කවදාවත් බිඳ වැටෙන්නේ නෑ කියන අනර්ඝ ආදර්ශය මේ කතාවෙන් සමාජයට ලබා දෙනවා.

එහෙනම්, මේ ලස්සන සහ අර්ථවත් කතාව තවත් රසවත් කරගන්න සිංහල උපසිරැසියත් එක්කම චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා. සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ අදහසුත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙනම යන්න අමතක කරන්න එපා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Gatta Kusthi 2 (2026) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,497 downloadsDownload Gatta-Kusthi-2-2026.zip81 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Gatta Kusthi 2 Sinhala Subtitles

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

Subtitles

2,497 downloadsDownload Subtitles81 KB

Part of the Gatta Kusthi collection — every film in order.

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.