මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තව…
මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ ලොකු සල්ලියකුත් නැහැ, ඒ නිසාම තියෙන කරදර ප්‍රශ්න නිසා හිතේ සතුටකුත් නැහැ. එක ප්‍රශ්නයක් යද්දී, ඒ අඩුව පුරවන්න තව ප්‍රශ්න දෙක තුනක් මතුවෙනවා. තවත් සමහරු ඉන්නවා, සල්ලිත් තියෙනවා, හිතේ සතුටත් තියෙනවා. හැබැයි මේ විදියේ මිනිස්සු හොයන්න හරිම අමාරුයි. වර්තමාන ජීවන රටවත් එක්ක, මිනිසා කාර්‍ය බහුල වීමත් සමගින්, මිනිස් ජීවිත පුදුමාකාර මාවතකට ඇදිලා ගිහිල්ලා තියෙන්නෙ. බලයට, ධනයට ඇති ගිජුකම නිසාවෙන් මිනිස් හිත දූෂණය වීමට ලක්වෙලා තියෙනවා. මේ දූෂිත මිනිස් සිත නිසාවෙන් අනන්ත අප්‍රමාණ වූ අපරාධයන් සංඛ්‍යාවක්, එක් දිනයක් ඇතුළත මේ ලොව තුල සිදුවෙනවා. මේ අපරාධ වලින් ලොකුම අපරාධයක් තමයි යුද්ධය! දශක ගණනාවක් යුද්ධයෙන් බටකෑ රටක් ලෙස, යුද්ධයේ ඇති අමිහිරි බව පිළිබඳව අපිට අමුතුවෙන් විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජීවිත දස දහස් ගණනින් නැතිවෙන්න ඇති. ලක්ෂ ගණනක් ආබාධිත වෙන්න ඇති. නමුත්, මේ නැතිවෙච්ච ජීවිත ආපහු ගෙනත් දෙන්න පුළුවන්ද? ආබාධිත වෙච්ච අයගේ ආබාධිත බව නැතිකරන්න පුළුවන්ද? අපි මොනවා කළත්, යුද්ධය නිසා අපිට අහිමි වෙච්ච දේවල් නැවත ලැබෙන්නෙ නැහැ. කොච්චර කටුක වුණත්, ඒක තමයි පරම සත්‍ය. නමුත්, එහෙමයි කියල කවදාවත් මේ ලෝකෙන් යුද්ධය තුරන් වෙනවද? ඔබ දන්නවද, මේ මොහොතේ පවා ලෝකේ කොහේ හරි යුද්ධයක් සිද්ධවෙනවා කියල? මේ මොහොතේ පවා, යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට මිනිස් ජීවිත අහිමි වෙන බව? ඒ වගේම ඔබ දන්නවාද, ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නා වූ මිනිසුන්ට මරණය වෙත යෑමට ඉඩ නොදී සුවපත් කිරීම සඳහා දිවා රෑ නොබලා, තමන්ට හැකි උපරිමයෙන් ඇප කැප වෙන්නා වූ මිහිපිට බට දෙවිවරුන් පිරිසක්, මේ මොහෙතේදී පවා සිය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බව? එක ජීවිතයක් බේරගත්තොත් ඔබ වීරයෙක් වේවි… නමුත්, ජීවිත සිය ගණනක් බේරාගන්නවා නම්, ඔබ අනිවාර්‍යයෙන්ම හෙද සේවයේ නියකු අභිමානවත් පුද්ගලයෙකු විය යුතුයි!!!
සමීරා! දුප්පත් පවුලක එකම ගැහැණු දරුවා. අනෙක විදි දුක් කම්කටොලු මැද, සිය දෙමව්පියන් ලෝකයාට ණය වී ඇයට ලබාදුන් අධ්‍යාපනයේ පිහිටෙන් හෙදියක් බවට පත්වෙනවා. නමුත් අවාසනාව කියන්නෙ, මෙතරම් උතුම් සේවයක නියතු මෙම වෘත්තිකයන්ට ලැබෙන්නෙ ඉතාමත් සොච්චම් පඩියක් වීමයි. අඩු තරමේ, ලබාගත් ණය මුදලේ පොළිය ගෙවීමට පවා මෙම තත්වයේදී අපහසු වෙනවා. කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණ වන මෙම තරුණියට, සිය දෙමව්පියන් ණය බරින් නිදහස් කරනු පිණිස විදේශගත වී රැකියාවක යෙදීම හැර අන් කිසිඳු විකල්පයක් නැති වෙනවා. අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන, ලොකු මාසික වේතනයක සුන්දර බලාපොරොත්තු සිය සිත් සතන් හි පුරවාගෙන, ඇය මේ කොයිබද යන්නේ? වසර ගණනාවක් පුරාවට පැවති අතිශය දරුණු සදාම් හුසේන් පාලනය නිමාවීමෙන් පසුව, නීතිය වල් වැදී ගිය, ලේ පිපාසිත කුරිරු ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් වූ, මිහිපිට අපායක් බඳු වූ ඉරාක දේශය වෙතයි ඇය මේ පා තබන්නෙ. මේ රටේ සැබෑ තත්වය පිළිබඳව අංශු මාත්‍රයක් හෝ දැන සිටියා නම්, ඉදිරියට තම ජීවිතයට සිදුවීමට ඇති මහත් අභාග්‍යසම්පන්න කාල වකවානුව පිළිබඳව ඉවෙන් හෝ වැටහුණා නම්, මෙම අතිශය බිහිසුණු ඉරාක දේශය දෙස බැල්මක් හෝ හෙලන්නට පෙර සිය දහස් වතාවක් ඇය කල්පනා කර බලන්නට තිබුණා. නමුත්, ඇයගේ දෛවය පැහැදිළි ලෙසම ලියවී තිබුණා. සිය දෙමාපිය-හිතවතුන්ගේ විරෝධය නොතකා, යහපත් අනාගතයක සුභ සිහින කරපින්නාගෙන ඇය සමග ඉරාක දේශයේ හෙද වෘත්තීය පිණිස පැමිණි ඉන්දියානු හෙද කණ්ඩායමේ ඉරණම කුමක් වේද? කිසිඳු හිතවතෙකු නොමැති, අමනුෂ්‍යයන් මෙන් දරුණු ත්‍රස්තවාදීන් පිරි රටක, දිනපතාම රුධිර ගංගා වලින් පොලෝ තලය සේදී යන්නා වූ බිහිසුණු රටක වා තලයට ඔවුන්ගේ අවසන් හුස්ම පොදත් මුසු කිරීමට තරම් ඔවුන්ගේ දෛවය අකාරුණික වේද?
Survival සහ Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වන දින තිරගතවීම ආරම්භ කරන ලද, මලයාලම් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් තමයි මේ වතාවේ අරගෙන ආවේ. වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ, 1200 ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් 8.7 ක් වැනි ඉහළම අගයක් දක්වා කැරකුණු imdb දර්ශකය මේ අනර්ඝ සලරුව පිළිබඳව මැනවින් සාක්ෂි සපයාවි. ඉන්දියානු රුපියල් කෝටි හතක බරපැනක් දරමින්, ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ සහ ඩුබායි රාජ්‍යය තුල රූගත කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 30 ඉක්මවමින් බොක්ස් ඔෆිස් වාර්තාවක් හිමිකරගත් මෙමෙ සළරුව, 2015 වර්ෂයේදී සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිෂ්පාදනය වූවකි. ඇඟ හිරිගඬු පිපෙමින්, අමුතුම හැඟීමකින් හදවත පුරවන්නා වූ පසුබිම් සංගීතය, දේශානුරාගය වඩවන්නා වූ අභිමානවත් දෙබස්, හදවතේ සියුම්ම තැනකට පහර දෙන්නා වූ දර්ශන… මේ සියල්ලක්ගෙන්ම ඔබට හරි අපූරු සිනමා වින්දනයක් අනිවාර්‍යයෙන්ම ලැබේවි. ඔබ සංවේදී පුද්ගලයෙකු නොවෙන්න පුළුවන්. හැබැයි, සමහර දර්ශන හමුවේ එක කඳුළු බිඳක් හෝ ඔබගේ දෙනෙතින් කඩා වැටුනේ නැත්නම්, අවිවාදයෙන්ම ඔබගේ මිනිසත්කම ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා. නරඹන්න… රස විඳින්න… ජීවිතයේ සදා අමතක නොවෙන සිනමා අත්දැකීමක හිමිකරුවෙකු වෙන්න…
ප. ලි. – මීට වසර කීපයකට කලින් බයිස්කෝප් අඩවියේ මලයාලම් චිත්‍රපටයක උපසිරසියක් පළවුණේ බොහොමත්ම කලාතුරකින්. ඒකට හේතුව තමයි, ඉතාමත් සීමිත ප්‍රේක්ෂක සංඛාවක් තමයි මේ මලයාලම් සිනමාව වටා එක්රොක් වෙලා හිටියෙ. හැබැයි කියන්නත් සතුටුයි, කෙටි කාලයක් තුල මේ ප්‍රේක්ෂක සංඛාව ඉතාමත් ශීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකාකාර චිත්‍රපට රටාවෙන් මිදිලා, ප්‍රේක්ෂකයාට නැවුම් වූ ඉහළ රසවින්දනයක් ලබාගැනීමට හැකි ආකාරයෙන් නිෂ්පාදනය වෙන නිසාම ප්‍රේක්ෂකයා මලයාලම් සිනමාව බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගත්තා. හැබැයි තවමත් ඉන්නවා, “අපෝ මලයාලම් චිත්රපටිද? මෙලෝ රහක් නැහැ! අපිට නම් එපා ඔය ජරාව!” කියන ජාතියේ අය. හැබැයි හොඳම විහිලුව කියන්නෙ, මෙහෙම කියන කිසිම කෙනෙක් එකම මලයාලම් චිත්‍රපටියක් වත් බලලා නැහැ. ඔබත් තවම මලයාලම් චිත්‍රපට බලලා නැත්නම්, වගකීමෙන් කියනවා, ඔබ මලයාලම් චිත්‍රපට නැරඹීමට යොමුකරන හැරවුම් ලක්ෂය මෙය වෙන්න පුළුවන්. දෙපාරක් හිතන්නේ නැතුව අරගෙන බලන්න.
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, මලයාලම් චිත්‍රපට රසිකයන්ට මේ අවුරුද්ද නම් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බොහොම සුභ අවුරුද්දක් වේවි. මොකද, අති විශිෂ්ට මලයාලම් චිත්‍රපට කීපයක්ම මේ අවුරුද්දෙදි නිකුත් වුණා. විශේෂයෙන්ම, මේ වසරේ දැනට වැඩිම ප්‍රේක්ෂක අවදානයක් මෙන්ම, ඉහළම ප්‍රතිචාරයක් ලබාගත්, මම්මුතී සහ ආර්යා රංගනයෙන් දායක වෙමින්, ඉන්දියානු රුපියල් බිලියනයක ආදායම් වාර්තාවක් තැබූ දෙවන මලයාලම් චිත්‍රපටය බවට පත් වූ The Great Father චිත්‍රපටය ඉදිරියේදී ඔබට දැකගැනීමට භාග්‍ය උදා වේවි. ඒ වගේම, ඉන්දියානු රුපියල් කෝටි 30ක බරපැනක් දරමින්, මලයාලම් සිනමාව කළඹවාලීමට මාන බලමින් සිටින්න වූ, මලයාලම් සුපිරි තරුව Prithviraj Sukumaran ගේ නවතම සිනමා සම්ප්‍රාප්තිය වන, Tiyaan චිත්‍රපටය, ජූනි මස 29 වනදා පටන් සිනමා ශාලා ආක්‍රමණය කරනු ඇත. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, පොඩිම තැනින් පටන් අරගෙන, මේ වෙද්දී හින්දි සිනමාවට පවා අභියෝග කිරීමට සමත්කම් ඇති මලයාලම් සිනමාව, තමන් දෙස උපහාසයෙන් බැලූ හැමදෙනාටම හොඳ කම්මුල් පාරක් දෙමින්, ඉන්දීය සිනමාවේ දැවැන්තයා බවට පත්වෙන දිනය නම් වැඩි ඈතක නෙමෙයි.
එහෙනම්, ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තෙක්, හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Take Off (2017) Malayalam Original DVDRip x264 700MB ESUBS.mkv
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,689 downloadsDownload Take-Off-2017.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
50 comments
mahesh babu
prabodha
Malayanam film godak tharthikai. Thank sub ekata bro...
Sineth Gamachchige
Amoo dalaa...!!! Meka enakam thamayi balan hitiye, hebeyi man dvd rip nam bakanne ne. Meke hd eka hari bluray eka hari enna kal yai neda? Ethakan iwasannath be, balanawada ?? Nedhdha???
SPD
මේකට සබක් එනකම් ෆිලුමත් බාගන බලාගන හිටියේ. බොහොම ස්තුතියි සිසිල සහෝ. ඉන්දියානු ෆිලුම් අතරින් මලයාලම් තමයි හොඳම. ආයේ ඒකෙ තර්කයක් නෑ. ඔබ ලිපියේ සඳහන් කල ෆිල්මුත් මේක ආවා වගේ ඉක්මනටම ලැබෙයි කියලා හිතනවා.
ජයම වේවා...!!තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ.මේක මෑත කාලීනව මලයාලම් සිනමාවේ නිර්මාණය වුනු උසස්ම ආකාරයේ සිනමා නිර්මාණයක් වේවි කියලා ෆිලුම බලන්නත් කලින්,ඒකෙ අනිත් මුලාශ්‍රත් එක්ක කියන්න පුළුවන්.ඉතින් මේ විදියට හින්දි,දමිළ,තෙලිඟු සිනමා රසිකයන් පිරිසත් මලයාලම් සිනමා රසිකත්වයට එක් කරගන්න ගමන් ඉස්සරහටත් මලයලාම් ෆිලුම් වලට සබ් දෙමු! ජය!
thisal
බොහොම ස්තුතියි
Mithun
හම්මෙ මෙකෙ ලිපිය දැක්කහමයි රෙටින් එක දැක්කහමයි නොබා කොහොමද ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි සිසිල සහො.
මෙවගෙ රෙටින් තියෙන ටැමිල් එව බලන්නත් අසයි,
අනිවා සුපිරිම අද්දැකිමක් තියෙයි
දිගටම දෙමු ඔන්න බ්‍රො මෙවගෙ හොද එව ජය වෙවා ඔබට ...Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
කතා දෙකක් නෑ සහෝ බයිස්කෝප් අඩවියේ හොදම ලිපිය ලියන්නේ සහෝ තමයි.. ෆිල්ම් එක මොකක් උනත් සහෝගේ ලිපිය කියෙවුවාම නොබලා ඉන්න බෑ!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Anjana
''aniwa saho malayalam film wala raha danne ewa balana aya witharai ''thanx sab eka dunnata,jaya....
rangika Kariyawasam
සිසිල ප්‍රසාද් සහෝ ....෴ ඔයා එකෙන්ම හරි. මලයාලමි ෆිලුමි බලපුනැති අය කියනවා මලයාලමි ෆිල්මි නම් අපෝ වැඩක්නෑ කියලා.ඒත් ඒක නෙමෙි හරි.මලයාලමි නමි ෆටිටයි කියලා බයිස්කෝප්වාසී සියලුම දෙනාම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නවා ..
ප්‍රථමයෙන්ම කියන්නමි සහෝ බොහොමයක් ස්තුතිවන්ත වෙනවාසේම෴පිං සිද්ධවෙනවා අප වෙනුවෙන් ඔබලා දරන්නාවූ මේ ඉමහත් කර්තව්‍යයට.. Tamilrockers එකට ටෙික් ඔිෆ්.෴ අලමාරා ෆිලුම ආව දවසෙම ඩවුන්ලෝඩි කරන් බලන් ඉන්නෙ අපේ කොල්ලා මෙවට සබ දෙනකමි.අද එකෙන් ටෙික් ඔිෆ් බලලා ඉවර කරන්න පුලුවන්.
සහෝ ඔයාට අමතක වෙලා තිබෙන කරැණක් කියන්නමි..Mamooty,Mohan lal,Fahadh Faasil, වගේම මලයාලමි සිනමා අමිබරයේ දිලෙන සුවහසක් එතෙර මෙතෙර සිනමා ලෝලීන් ආනන්දයෙන් මුසපත් කල අග්‍රගන්‍ය සිනමා තරුව Dulquer Salmaan ගේ නවතම සිනමා නිර්මාණයට වගේම මලයාලමි සිනමාවේ ආදරණිය දඩබිබරයා sunny wayan ගේ Alamara ෆිලුමටත් සබ දෙන ලෙස ආදරයෙන් ඉල්ලමින් මම නිහඩවෙමි.
rangika Kariyawasam
Dulquer Salmaan ගෙ අලුත් ෆිල්මි එක comrade In America .ඊයේ දවසට අතිසාර්ථක දින 50 ක් ගෙවුනා. ඒකත් ඉක්මනටම රිලීස් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා ..
Sisila Prasad
අනිවාර්‍යයෙන්ම සහෝ. ඒ හැම ෆිල්ම් එකකටම අපේ කවුරුම හරි සහෝ කෙනෙක් අනිවාර්‍යයෙන්ම උපසිරැසි ගන්වාවී. අලමාරා ෆිල්ම් එකේ සබ් එකත් ඉක්මණටම අපේ සහෝ කෙනෙක්ගෙන් ලැබේවි. ඉස්සරහටත්, හැම හොඳ මලයාලම් ෆිල්ම් එකක්ම අපේ කට්ටියගෙන් ලැබේවි. ඔබ වාගේ මලයාලම් චිත්‍රපට රසිකයන්ගේ ප්‍රතිචාර අපිට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. ජය!!!
Thusitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට!!!!!!!!!
prasad
lipiya dakka gaman dana gatta sisila bro ga tama sub eka kiyala.aththatama malayam film gana kiyanda dayak na.niyama thathwika,nirmanathmaka film.dannam malayalm filmma tama hoya hoya balanna.sub ekata bohoma stuutie sisila bro.tawa tawat malayalam film walatama sub danda kiyala ellanawa.
muditha
good job sisila saho
thanks
obata jayen jaya.Dilan
Saho supiri film eka..lassana nirmanayak...sub ekath supiri...obata jaya wewa saho...
kumara
අනිවාර්යයෙන් බලනවා මචං. අනිවාර්යයෙන් බලනවා. බොහෝම පිං උපසිරැසියට. ඒ වගේම ලිපියත් ලෙසටම තිබුනා. මට වෙලාවකට හිතෙනවා ලෝකයේ හොඳම චිත්‍රපටි බිහිවෙන්නෙ මලයාලම් සිනමාවෙන්ද කියලා. එ් ඒතරං සුපිරි ෆිලුම් අන්තිම වෙනකල් එක හුස්මට බලන්න පුළුවං.
අසිත
elama saho thanks
එල්.සී. දමැල්
Thanks මේකට sub දුන්නාට...
තවත් මේ වගේ සුපිරි චිත්‍රපටයකින් මුනගැහෙමු...Krishan Madusanka
සිරාම ලියුම බ්‍රෝ.සබ් එකට තැන්ක්ස්
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
මාත් ඉක්මනට මලයාලමක් බස්සන්න ඕන.
නැත්නම් සමාජෙන් කොං වෙන සීන් එකක් තියෙන්නේ. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Dilip Asiri
thanxxx
Aruna Disanayaka
Thanks bro, aluth ekak ikmaninma denna try karanna
Dhanushka
Supiri bn kiyala wadak naa..elaaah..digatama me wade karanna...uba nm patta porak...
ashik
එහෙම්මම angamaly diaries sub එකත් upload කරනම්
Kulanjana Maduranga
niayamai…malayalam filumak athrinne kawada..aniwa balannawa thama.thawa malayalam films denna..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana
thnx bro...
Nirmal
බොහොම ස්තූතියි...
Angamaly diaries ෆිල්ම් එකටත් සබ් දෙන්න බලනවදරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
janani
dulqure salmange film denna
Silent$
Thnxxxxxxxxxxxxxxxxxx
Shashika
Thankz bro
Gayan
Thanks bro,,,,,
smsp senanayake
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sublove
sthuthi me wage films walata sub karanawata
Gandhaka Indrajith
Thanks for the subtitle
Hasitha Madush
*_Thanks සිසිල සහෝ_*
wimukthipdn
supirima ekk wge. balamu ehenm.sthuthyyy
LakshanD
ස්තූතියි
Anonymous
Thank you
mithnil1986
Thanks for the sub
gayashan
supiri.sub ekt thanks
tharidu16
thanaks machi
Lakshman Peiris
I have downloaded the sub title. But l don't know how to get the movie to watch can you please help me
Sanupa Ranmeth - Admin
You can download the subtitle from either our Telegram Channel or Downloads website.
Sahan Gayantha
thanks a lot Sisila saho sub ekak..
Chamod
Thanks a Lot
Advertisement

Niyamai sisila saho....
Thawath elama ela malayalam movie ekak genath neh
Jaya wewa!!!