Watch Trailer

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitle | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්… මම අපේ මේ සොඳුරු බයිස්කෝප් විබ් පල ගැන දැනගත්තේ කොහොමද කියලා මුලින්ම කියලා ඉන්නම්… 2012 වසරෙදී මම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට…

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්…

මම අපේ මේ සොඳුරු බයිස්කෝප් විබ් පල ගැන දැනගත්තේ කොහොමද කියලා මුලින්ම කියලා ඉන්නම්… 2012 වසරෙදී මම සිංහල උපසිරැසි සහිත චිත්‍රපටයක DVD එකක් මිළ දී ගන්නවා. ඒ කාලේ චිත්‍රපට බැලුවේ DVD වලින්ම තමයි. මොකද ඉතින් ඒ කාලේ අද වගේ අන්තර්ජාලයෙන් චිත්‍රපටය අරගන්න ක්‍රමයක් දැනගෙන හිටියෙවත්, ඒකට හරියන පහසුකම්වත් තිබුණේ නැහැ. ඒ DVD එකේ තිබුණ එක චිත්‍රපටයක් තමයි Avengers (2012). චිත්‍රපටය බලද්දී ඔන්න මම පළමු වතාවට දකිනවා බයිස්කෝප් අපේ වෙබ් අඩවියේ URL එක. ඒ වෙලාවෙම චිත්‍රපටය මදකට Pause කරපු මම පිවිසුනේ මොකක්ද මේ උපසිරැසි දෙන අඩවිය කියලා දැනගන්නට තිබුණු කුතුහලය නිසාවෙන්මයි. ඉතින් එදා ඉඳන් අඩවියේ රසිකයෙක් විදිහට හැමදාටම හිටියා. කිහිප වතාවක්ම උපසිරසක් කරන්න හිතට ආසාවක් ආවත්, ඉංග්‍රීසි භාෂාවේ දැනුම මදිකම සහ අධ්‍යාපණික වැඩ නිසා ඒ වැඩේ හිතෙන් අත ඇරලා දාන්න අකමැත්තෙන් වුණත් සිද්ධ වුණා. කොහොමින් හරි සාමාන්‍ය පෙළ අවසන් වෙලා, උපසිරසක් නිර්මාණය කරන්න ගත්ත අසාර්ථක උත්සයන් දෙකකට විතර පසුව 2014 දෙසැම්බර් මාසයේ අග මම අඩවියට මේල් එකක් දානවා, මම උපසිරසක් කරන්න කැමතියි කියලා. එ්කට සමීර කරුණාරත්න කියන ඇඩ්මින් සහෝදරයා රිප්ලයි කරලා The Hundred Foot Journey (2014) චිත්‍රපටය කරමුද කියලා අහනවා. ඉතින් ඒ විදිහට මගේ පළවෙනි උපසිරස මීට අවුරුදු 4කට කලින් 2015 පෙබරවාරි 6 වෙනිදා The Hundred Foot Journey (2014) | අඩි සීයේ සවාරිය, විදිහට මේ සොඳුරු අඩිවයේ පල වෙනවා. මං දන්නවා මේක බොහොම මන්දගාමීව ආපු ගමනක් බව. මොකද කොයිම වෙලාවකවත් ජීවිතේ එක වුණේ මේක නොවන නිසා. නමුත් මේ සොඳුරු කොටිවලිගය අල්ලගත්තු එකෙන් ලැබුණු සතුට නම් අනන්තයි. කලින් කරපු සබ් එකක් දකිද්දී හිතට දැනෙන සතුට උපරිමයි. උපසිරසිකරණය නිසා එදා තිබුණ අල්ප භාෂා දැනුමට වඩා භාෂා දැනුමත්, තව ගොඩක් වටින දේවලුත් එකතු කරගන්න ලැබුණා වගේම අදටත් නොයේකවිධ දේවල් ඉගෙනගන්නවා. ඒ ගැන අනේක වාරයක් ස්තුති කරනවා මේ වෙබ් අඩවියට. මගේ පරිගණකයන්, මධුර ශබ්ධකෝෂය සහ අන්තර්ජාලය ඒ සඳහා ලොකු රුකුලක් වුණා. උපසිරසකරණයෙන් එකතු වුණු යාළුවොත් එමටයි. මෙතෙක් නිර්මාණය කරලා තියෙන උපසිරස ටික ගැන සිහිගැන්වීමක් කළොත්, ඇනිමේෂන් චිත්‍රපටි 22ක් ඇතුළු ඉංග්‍රීසි චිත්‍රපට 44ක්, එක් හින්දි චිත්‍රපටයක් සහ එක් දමිළ චිත්‍රපටයක් වගේම කොටස් 3ක් විදිහට පල වුණු එක් කෙටි රූපවාහිණී කතා මාලාවක් ඇතුළත්.

ස්තුතියි කියන්න ඕණෙ අයනම් හිතාගන්න බැරි තරමට ඉන්නවා මේ වසර හතර පුරාවට එකතු වුණු. ඒ අය අතරින් නොකිව්වොත් වැරැද්දක් කියලා හිතෙන අය විතරක් බොහොම කෙටියෙන් සඳහන් කිරීමක් කරන්නම්. මුලින්ම අඩවියේ නිර්මාතෘවරයා, පොතේ ගුරා නොහොත් ඉසිර ගුණතිලක මහත්මයාව ඉතාම ගෞරවයෙන් යුතුව මතක් කරනවා. ඔහු නොහිටියානම් අද අපිට මෙහෙම මනරම් වෙබ් අවකාශයක් නැහැ කියන වග අමුතුවෙන් කිව යුතු නොවන කාරණයක්. ඊළඟට අන්තර්ජාල සිංහල උපසිරසකරණයේ පෙර ගමන්කරු, අපේ අඩවියේ පළමු උපසිරසට හිමි කම් කියන, එදා සිට අද දක්වාත් අඩවියේ වැඩිම උපසිරස ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියන, රොයිලි ප්‍රනාන්දු මහත්මයා. ඊළඟට ඒ කාලේ ඉඳලා මම අඩවිය හරහා නිතර දැකපු, කිහිප දෙනෙක් තමයි, ගෝලයා, චමිදේවා, උදා, විකියා කියලා කියන්නේ.

ඊළඟට මතක් කරන්න ඕණේ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයේ හිටපු සහ ඉන්න හැම කෙනෙක්ටම. ඇඩ්මින් මණ්ඩලයේ අය ගැන මතක් කළොත්, උපසිරස කරපු මුල්ම කාලේ මගේ උදව්වට හිටියේ වෛද්‍ය සමීර චතුරංග සහෝදරයා. ඊළඟට ටිකෙන් ටික කට්ටියව දැන හඳුනගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම හසන්ත වික්‍රමරත්න අයියා උපසිරස සම්බන්ධව ගොඩක් උදව් කළා. උපසිරසවල ගොඩක් අමාරු තැන් හමු වෙද්දි කිසිම පැකිලීමකින් තොරව උදව්වට ආව කෙනෙක් තමයි ප්‍රණීත් චින්තක සහෝදරයා. ඊට පස්සේ ස්තුති කරන්නම ඕණ කෙනෙක් තමයි විමා නොහොත් අශාන් විමුක්ති කියන්නේ, ඕණම වෙලාවක කතා කරොත් රිප්ලයි කරන මොන අවස්ථාවක හිටියත් උදව් කරන කෙනෙක්. උපසිරස ගැටළුවලදි විතරක් නෙමෙයි සිනමාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ පවා අදටත් අහන්නේ විමා අයියාගෙන් තමයි. කොටින්ම 50 වෙනුවෙන් මේ චිත්‍රපටය සෙට් කරලා දුන්නෙත් විමා අයියා තමයි. ඉතින් බොහොම ස්තුතියි විමා අයියේ! සමන් ප්‍රසාද් කියන්නේත් ගොඩක් උදව් කරපු සහෝදරයෙක්. විමා, සමන් ප්‍රසාද් සහ දිල්ශාන් කාලිංගව විතරයි මට බයිස්කෝප් කණ්ඩායමෙන් දැනට මුණගැහිලා තියෙන්නේ. නලින් පෙරේරා තමයි අඩවියේ ලස්සන පෝස්ටර් නිර්මාණයෙන් දායක වෙන්නේ. ඒ ගැන නලින් අයියට බොහොම ස්තුතියි. ඒ වගේම තිරයෙන් පිටුපස පෝස්ටර් නිර්මාණයෙන් දායක වෙන කීප දෙනෙක්ම ඉන්නවා, ඒ හැමෝටමත් ස්තුති කරනවා. තව, ඒ කාලේ ඇනිමේෂන් චිත්‍රපට එද්දි මම පැහැරගත්තේ නිර්මාණි විජේසිංහ අක්කාගෙන්. 😀 අසංක රණතුංගව දැනහඳුන ගන්න ලැබුණේ පරණ චිත්‍රපට ඉතාමත් වේගෙන් කෙනෙක් වෙලා හිටිය නිසා. දැන් අඩවියේ විශාල කාර්යභාරයක් ඉටු කරන ඔහු මාත් එක්කනම් තරහා වෙලා 😛 මේ දවස්වල වෙහෙසිලා පෝස්ට් ගැන බලන තිසර නියෝ, ආසිරි ප්‍රියන්ත, චාමර සම්පත්, යශෝධ ශ්‍රීමාල්, සුධීර මාලන් සහ සිසිල ප්‍රසාද් සොහොයුරන්ටත් ස්තුතිවන්ත වෙනවා අඩවියේ වැඩ බලා කියාගන්නවාට. ඒ වගේම බයිස්කෝප් මංසල, බයිස්කෝප් ඩවුන්ලෝඩ් ඇතුළු ශාඛා අඩවි සියල්ල ගැන බලන ඇඩ්මින්වරුන් සහ එඩිටර්වරුන්ට ස්තුතියි කියනවා.

කැළුම් ගුණසේකර එක්ක සහ දීප්ත තුෂාර සහෝදරවරුන් එක්ක එකතු වෙලා උපසිරස කරන්න අවස්ථාව ලැබීමත් ලොකු සතුටක්. මයුර සුරාජ් සහ තිසර නියෝ සහෝදරවරුන් බොහොම කදිම ලිපිවලින් මගේ උපසිරසවල පෝස්ට්ස් ලස්සන කරලා තියෙනවා. ස්තුතියි ඔයාලට ඒ සම්බන්ධව. කාගෙහරි නමක් අමතක වෙලා තියෙනවා නම් සමාව ඉල්ලා සිටිනවා. සහෝදර උපසිරසකරුවෝ හැමදෙනෙක්වම මතක් කරනවා වගේම ස්තුති කරනවා ඔයාලා හැම දෙනෙක්ටම කරන කාර්යභාර්‍ය වෙනුවෙන්. ඒ හැම උපසිරසක්ම අපිට හයියක් මේ ක්ෂේත්‍රයේ එල්ලිලාම ඉන්න.

අවසාන වශයෙන් මගේ පවුලේ අම්මා, තාත්තා සහ මල්ලිලා දෙන්නාට ස්තුති කරනවා. සමහර වෙලාවට බැන බැන වුණත් සහයෝගය දෙනවා. මේ අවස්ථාවේ මම කමෙන්ට් කරන ඔබ සියලු දෙනාටම ස්තුති කරන්නේ ගොඩක් සතුටින්. ඔබ නිසයි අපි උපසිරස කරන්නේ කියන කාරණය මතක් කළ යුතුමයි. කීදෙනෙක් ඩවුන්ලෝඩ් කරත්, කීදෙනෙක් සතුටු වුණත් මම කරපු උපසිරසක්, මම කැප කරපු කාලය අගය කරලා තියෙන විදිහ දකිද්දි විතරයි හදවතේ සතුටක් ඉතිරි වෙන්නේ… මම කලින් කරපු උපසිරැසිවලට ලැබුණු ප්‍රතිචාර පවා දකිද්දී ආපහු උපසිරසියක් කරන්න එන පෙළඹීම මටවත් නවත්වගන්න බැහැ. ඒක තමයි ඇත්ත…

ඒ වගේම ඉල්ලීමක් කරන්න ආසයි කමෙන්ට් කරන අයගෙන්, අපි දන්නවා ඔබෙන් සමහර දෙනෙක්ට මනා ඉංග්‍රීසි මෙන්ම විවිධ භාෂා දැනුම තිබෙන බව ඉතින්, උපසිරසක වැරැද්දක් දැක්කොත් ඉස්සර වගේම අනිවාරෙන්ම ඒ වැරදි අඩුපාඩු ගැන කාරුණිකව පෙන්නලා දෙන්න. දැන් එහෙම වටින කමෙන්ට්ස් දකිනවා බොහොම අඩුයි…

මමනම් සමගාමී රූපවාහිණී කතාමාලාවලට සම්බන්ධ නොවෙන නිසා මේක අදාළ නෑ, නමුත් උපසිරසක් පොඩ්ඩක් පරක්කු වුණාම බැනලා කමෙන්ට් දාන අයටයි මේ අරාධනය. තමන්ගෙ ජීවිතේදි එක උපසිරසක් උපරිම නිවැරදිව හැකි තරම් වේගයෙන් කරලා බලන්න. සබ් එකක් නිර්මාණය කරන එක කොයි වගේ වැඩක්ද, වගකීමක්ද කියලා දැනෙන්න ඒක උදව්වක් වෙයි වගේම මෙහෙම වේගයෙන් සබ් කරන සහෝදරයන්ට වචනෙකින් හෝ ස්තුති කියන්න පෙළඹෙයි.

කණාටුවට කරුණක්නම් අද උපසිරසකරුවෝ ගොඩක් අඩු වෙලා තියෙන්නේ එදාට වඩා අද කමෙන්ට්ස්වල තියෙන ඌනතාවය නිසයි. අද චිත්‍රපට සහ ටීවී කතා මාලා පලවීම් සෑහෙන අඩු වෙලා තියෙන්නේත් ඒ නිසයි. ඒ නිසා උපසිරසක් ගන්නවනම් කමෙන්ට් කරන්න කියලා දිරිගන්වනවා. ගොඩක් ඉස්සර පල වුණ උපසිරසක් වුණත් කමක් නෑ. වචනෙකින් හරි ස්තුති කරන්න. ඒවා උපසිරසකරුවෝ අනිවාර්යෙන්ම බලනවා. ඒ කමෙන්ට් එක ඉන්ධනයක් කරගෙන සහතිකවම උපසිරසකරුවෝ ඔයාලට වැඩි වැඩියෙන් රසවත් දේවල් ගෙනේවි කියන දේ සහතිකයි…

මේ චිත්‍රපටය ගැන බැලුවොත්, මේ තමයි The Secret Life of Pets හි දෙවන චිත්‍රපටය. පළමු චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ ජූනි 16 වෙනදා. එය ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් ලබාගනිමින් 2016 වසරේ 6වන වැඩිම ආදායම් ලාභී චිත්‍රපටය බවට අතිසාර්ථකව පත් වන්නට සමත් වුණා. හැමෝම ඒ ලස්සන චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. බලලා නැති අය ඉන්නවනම් කතාවේ චරිත ටික සහ වටපිටාව ගැන දැනගන්න පළමු එකත් බලලා ඉන්න. ඉතින් මේ දෙවෙනි චිත්‍රපටය නිකුත් වෙන්නේ මේ වසරේ (2019) ජූනි 7 වෙනිදා.

ඉතින් පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් කාලයකට පසුව මැක්ස් සහ ඩූක් ගජ යාළුවො දෙන්නගේ අයිතිකාරිය කේටි, චක් සමග විවාහාප්‍රාප්ත වෙනවා. මැක්ස් කියන්නේ පොඩි ළමයින්ට කැමති බල්ලෙක් නෙමෙයි. ළමයින්ගේ වැඩ මැක්ස්ට අල්ලන්නෙ නැහැ. නමුත් මැක්ස් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු විදිහට කේටි සහ චක්ට දරුවෙක් ලැබෙනවා. ඒ බබාගේ නම තමයි ලියම්. හරි වැඩේ තමයි නේද? මැක්ස්ට දැන් බබාව එපා කියන්නයෑ! බබාගේ වැඩ නිසා මැක්ස්ට මොකද වෙන්නේ කියලත් මැක්ස්, ඩූක් සහ ලියම් බබාගේ සම්බන්ධය මොන විදිහට ගලාගෙන යාවිද කියලත් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන්. ඒ අතරතුරේ තවත් කතාවක් සිද්ධ වෙනවා. අපි පළවෙනි චිත්‍රපටියෙ කැරලිකාර සුරතල්ලුන්ගෙ නායක හාවා, ස්නෝබෝල් හීලෑ වුණු විදිහ අපි දැක්කා. දැන් එයා කැප්ටන් ස්නෝබෝල් කියලා වීරයෙක්. ඉතින් එයාගේ වීර ක්‍රියාත් අපිට දැකබලාගන්න පුලුවන්. හොඳට හිනාවෙලා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුලුවන්. තවත් ලියන්න යන්නෙ නෑ ලිපිය හිතුවට වඩා දීර්ඝ වුණු නිසා…

එහෙමනම් ඉතින් තවත් දවසක උපසිරසකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

26,054 downloadsDownload The.Secret.Life_.of_.Pets_.2.2019-1.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

26,054 downloadsDownload Subtitles46 KB

153 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    50ට සුබපැතුම් මල්ලි. මෙතනින් නතර නොවී ඉස්සරහට යමු. ඔය ගැම්මට 100 ගහමු. ජය වේවා! මේක එනකල් බලාගෙන හිටපු ෆිලුමක්.

    1. M.W. Dilhani

      Thank you for the subtitles

  2. Nivom

    thanxs

  3. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. virajinduka

    EKA PATTA ANAKAN BALAN HITIYE

  5. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  6. subodha

    Thanks

    1. ninini-3

      50 වෙනි සබට සුභ පැතුම්!
      ජය වේවා! ඉදිරියටම යමු....

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    50 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    හෙමින් හෙමින් 100ත් ගහමු....

  8. venu234

    thank you sub ekata.good luck

  9. Praneeth priyadarshana

    Tks congrtz brooo

  10. dananja

    50 ikmanatama 100 karamu neda thx bro

  11. gihan perera

    ස්තුතියි සහෝ.....ශුභ පැතුම් කඩයිමට..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  12. Pawan Vikasitha

    එලම. ඇඟිලි ගැන ගැන හිටියේ ෆිල්ම් එක එනකන්. THanks

  13. Hashan M. Priyadarshana

    සබ් එකට ස්තුති කරන ගමන් 50 වෙනි උපසිරසියට සුබ පතනවා බ්‍රෝ දිගටම සබ් දෙන්න ෆිල්ම්වලට... පුළුවන් නම් මේ ෆිල්ම් එකේ BR ආවම සබ් එක update කරන්න බ්‍රෝ...
    ජය වේවා..!!

  14. chandika1975

    congratulation for your achievement and thank you for spending time to creating subtitle for us

  15. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම පනස් වෙනි උපසිරැසි නිර්මාණයට නැතිනම් පලවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්..! ඊලඟ කඩඉමටත් ඉතා ඉක්මනින් යන්න අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම ඔබගේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථකම වේවා..!

  16. sathyajith

    thanks for the sub

  17. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  18. Dilshan

    සුබ පැතුම් සහෝ... ඉක්මණින්ම 100 ත් ගහන්න ලැබේවා..

    /*මං දන්නවා මේක බොහොම මන්දගාමීව ආපු ගමනක් බව.*/

    ඕක හිතුණොත් මාව මතක් කරගනින්. මගෙත් පළවෙනි එක 2015 පෙබරවාරි තමයි. ඒත් තාම විසි ගණන්.

    1. Menuri112

      Wow.. patta.....aaaa

  19. ranga11112

    50 weni akata suba pathum malliya

  20. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  21. indika

    thanks malliya sub ekata, good luck

  22. hashan gunathilaka

    thank you machan good luck .....

  23. dilum1993

    Thank you machan.keep good thing flowing..good luck..

  24. sangeethsrimal

    Thanks bn aaa

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  26. MW CD house

    පට්ටයි බ්‍රො.. .

  27. Ravindu Rukshan

    50 weni upasirayata hadawathinma suba pathnawa saho.
    sub ekatath thx ewagema methanin nonawathi idiryatama ynna labewa kiya partha karnawa

  28. දමිත් රත්නායක

    පනස්වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝ
    ජයෙන් ජය

  29. Sandeepmadushan

    Suba pathum sahodaraya.. thawa me wage supiri film walata sub krnna aniwaren.. oyage sub qualitiya ithamath hondai...

  30. ayodyau

    Great work brother keep it up

  31. ANILMAHADURAGE

    congrats broh..!!jayawewa.....

  32. IsharaRox79

    Thx sub ekata

  33. lasantha gomes

    thanx for the sub

  34. saman97

    thanks sooooo much

  35. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඒ වගේම හදවතින්ම සුභ පතනවා 50 වෙනි උපසිරස කඩඉමට...තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බුදුසරණයි..ජය වේවා!!!!

    1. nac

      Thank bro for subtitles .

  36. Raphaele

    Thank you so much

    1. Nadeesha rox alahakoon

      Tnx bro subt. 50 weni Kada imata suba pathum.

  37. vas0303

    Thank you Very much

  38. darshana100

    mathak awa gamanata suba patum idiriyatat shaktiya dairiya noaduwa laewa budu saranai jaya wewa

  39. Ravin Laksitha

    Thanks ..machoo

  40. AkilaG99

    Filuma enakaaaan balan htyeee
    Thankyou sub ekata bro
    Congratz and all the best.
    Sub nam baiscope sinhalen ma thamaiii

  41. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  42. bashana95

    ela

  43. bashana95

    ela ftta thanks

  44. Lakshitha

    එල මචං.
    ආසාවෙන් හිටපු ෆිල්ම් එකක් .

  45. dilki1993

    ikmaninma 100 kadimata yanna labenna one , thanks ban , ubata pin

  46. senanjana

    ela ela

  47. Dileepa77

    ගොඩ්සිලා ඕනේ... මේකත් ගත්තෙෝ... තෑන්ස්..

    1. එල්.සී. දමැල්

      දීලා තියෙන්නේ. Search කරලා ගන්න පුලුවන්. :)

  48. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  49. Rasitha Pradeep

    50 වැනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ....
    ඊළග කඩයිමත් ඉක්මණින්ම පසුකිරීමට ශක්තිය ධෛර්යය කාලය ලැබේවා...
    ඒ වගේම උපසිරැසියට ත් බොහොම ස්තූතිය සහෝ....

  50. Nilupul Madukapriya Perera

    50ට හෘදයාංගම සුබපැතුම්..
    ඊළග කඩයිම කඩිනමින් පහු කරන්න ලැබේවා කියා පතනවා..
    එහෙමනම් උපසිරසියටත් බොහොම ස්තුතියි කියනවා..
    මේකේ එකනම් සුපිරියටම තිබ්බා දෙකත් ඒ වගේ ඇති කියලා හිතනවා..
    එහෙනම් ජයෙන් ජය.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.