Watch Trailer

Turks & Caicos (2014) | විශ්‍රාම ලත් රහස් පරීක්ෂකයා… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න ආයෙත් අලුත්ම සලරුවක් අරගෙන තමයි මේ එන්නේ. මේක ඇමරිකාවේ රීලිස් වෙන්න තියෙන්නේ නම් 2014 නොවැම්බර් 09 වෙනිදා, ඒ වුණාට ඊට කලින්ම, ඒ කියන්නේ අගෝස්තු 17, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණා. මීට කලින් මේක දෙන්න කියලා හිතුවත්, අධික කාර්‍යබහුලත්වය නිසාම තමයි ටිකක්…

Turks & Caicos (2014)

ඉතින් කොහොමද, අපේ බයිස්කෝප් යාළුවන්ට. ඔන්න ආයෙත් අලුත්ම සලරුවක් අරගෙන තමයි මේ එන්නේ. මේක ඇමරිකාවේ රීලිස් වෙන්න තියෙන්නේ නම් 2014 නොවැම්බර් 09 වෙනිදා, ඒ වුණාට ඊට කලින්ම, ඒ කියන්නේ අගෝස්තු 17, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණා. මීට කලින් මේක දෙන්න කියලා හිතුවත්, අධික කාර්‍යබහුලත්වය නිසාම තමයි ටිකක් විතර පරක්කු වුණේ. ඒකට බයිස්කෝප් යාළුවෝ හැමෝගෙන්ම, සමාව ඉල්ලනවා. ඒ වගේම අපේ සමීර කරුණාරත්න අයියටත් බොහොම ස්තුති වන්ත වෙනවා, මාව මේ ගැන දැනුවත් කළාට.

මේ සලරුව අයත් වෙන්නේ නම්, Action category එකට. ඒ වුණාට මේක T.V movie එකක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Hare විසින්. Winona Ryder, Christopher Walken, Bill Nighy වගේ නළු නිළි පිරිසක් මේ මූවී එකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. කතාව ගැන කියනවනම්, ජොනී කියන්නේ CIA එකේ වැඩ කරන කෙනෙක්. එයා බ්‍රිතාන්‍යට අයිති Turks & Caicos කියන දූපතට එනවා. එහෙදි එයාට ව්‍යාපාර කරන පිරිසක්ව හම්බවෙනවා. එයාල හරියටම මොනවද කරන්නේ කියන එක රහසක්. ඒ අතර ව්‍යාපාර කරන පිරිසෙන් කෙනෙක්, මුහුදට වැටිලා මැරෙනවා. ඇත්තටම එතන මොකද වෙන්නේ කියලා බලන්න නම්, මේ මූවි එක බලන්න වෙනවා.

මීට වැඩිය දේවල් කියන්න යන්නේ නෑ, මේ මුවී එක මොකක්ද කියලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තව දෙයක් මේක අපි බලන විදිහේ ඇක්ෂන් එකක් නෙමෙයි. මොකද මේක ටීවී මූවී එකක්. ඒක නිසා කැමති අය විතරක් අරන් බලන්න. මොකද මම දන්නවා, එදිනෙදා අන්තර්ජාල පැකේජ් දාගෙන ඇවිත්, හොදම ‍ෆිල්ම් එකක් ‍තෝරලා බාගත කරගන්න අයත්, අපේ බයිස්කෝප් යාළුවො අතර ඉන්නවා කියලා. අන්න ඒ අය ගැන හිතලා තමයි මම එහෙම කිව්වේ. එහෙනම් ආයෙත් ලස්සන සලරුවක්, ඔයාලට අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එහෙනම් අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝට ජය වේවා…!

Turks & Caicos (2014) on IMDb

 

 

764 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න

1039ba3628d95acd44aee6c241efaf480eff6640 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,058 downloadsDownload Turks.and_.Caicos.2014.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,058 downloadsDownload Subtitles48 KB

22 comments

  1. නලින්

    ස්තුතියි රනිල් සහො!

    ජය වේවා!

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහො සුපිරියි... මේකේ BRrip එකක් ආපුගමන් දාන්න හොදේ ..! සුභපැතුම් . දිගටම කරගෙන යමු.

  3. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  4. Alone Boy

    සබට තුති සහෝ !!!!

  5. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    හොඳ ෆිලුමක් වගේ නේද?
    ඇක්ශන් නොවුනට හිමීට යන ගේමක් නම් අවුලක් නෑ.
    ඒවයේත් පොඩි කුතුහලයක් තියනෙවනේ...

    බොහොම ස්තුතියි උපසිරැසියට...

    ආයු- බෝ- වේවා !!!

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. prasa

    දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  8. Lintaniyo

    ජය වේවා…යාළු......

  9. Kulanjana Maduranga

    ela ahhhhh....subata thanks RANIL saho.digatama sub demu.jaya wewa.............

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි රනිල් සහෝ.. :-P
    රෙටින් හොද නිසා කතාවත් හොද ඇති.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  11. Jack

    නියමයිනේ. අලුත්ම එකක්නේ.
    ස්තුතියි සබ් එකට.

  12. වරුණ රංගජිත් (වරූ)

    නියමයි රනිල් සහෝ..
    සබට තුති..
    ජ‍ය‍ම ‍වේ‍වා'''

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. indika

    thnq :)

  15. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  17. “චූටී මල්ලි”

    බලමුකො බලන්න ට්‍රයි එකක්
    දිලා ශුවර් නෑ හැබැයි
    සබට තුති
    ඔබට ජය.........

  18. Raveen Fernando

    The Hungover Games 2014 film eke sinhala sub eka dennako plzz

    1. Ranil Srimal

      ඔබට ඉක්මනින්ම ඉදිරියේදී, අප අඩවිය තුලින් ලැබෙයි.
      අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
      ජය...!

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි, හොඳ කොපියක් ආවම ගන්නවා, ජයවෙව්වා.

  20. chamara buddhika

    Thanks saho........

  21. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.