Watch Trailer

Zero Motivation (2014) | නොපෙළඹවීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ ඊශ්‍රායලයේ නිෂ්පාදනය කෙරුනු නාට්‍ය සහ හාස්‍ය ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්. Zohar සහ Daffi කියන්නෙ ඊශ්‍රායලයේ කාන්තාර පෙදෙසක පිහිටි හමුදා කඳවුරක සේව…

Zero Motivation (2014)

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ ඊශ්‍රායලයේ නිෂ්පාදනය කෙරුනු නාට්‍ය සහ හාස්‍ය ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්.

Zohar සහ Daffi කියන්නෙ ඊශ්‍රායලයේ කාන්තාර පෙදෙසක පිහිටි හමුදා කඳවුරක සේවය කරන කාන්තා සොල්දාදුවන් දෙදෙනෙක්. අසීරු, කටුක ජීවිතයකින් මිදීමට පෙරුම් පුරාගෙන සිටින මොවුන් තම කඳවුරේ පුද්ගල කාර්යංශයේ සේවය කරන අතර දවස පුරාම ලිපි ලේඛන කටයුතු වල යෙදෙමින් ඒකාකාර ජීවිතයක් ගත කරයි. මේ දෙදෙනාගේ එදිනෙදා දින චර්යාවේ බොහොම කම්මැලිකමකින් වැඩ කටයුතු කළද මේ සියල්ල කණපිට හැරෙන්නේ කඳවුරට අළුතින් පැමිණෙන තවත් කාන්තා සොල්දාදුවෙක් නිසාවෙනි. ඇය පැමිණ දවසක් ඇතුළත ඇය සිය දිවි නසා ගන්නා අතර තමන්ගේ ඉහළ නිළධාරිණියද මොවුන් හට නයාට අඳුකොළ වැනිය. එතැන් පටන් දිනෙන් දින සිදුවන සිද්ධි දාමයන් ප්‍රධාන කොටස් 3 කින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන චරිතය වන Zohar ට තමන්ගේ හොඳම මිතුරිය ඈත් වීමෙන් ඇය මුහුණ දෙන විවිධාකාරයේ සිදුවීම් නිසා ඇය වෙනස්ම තත්වයකට පත් වෙනවා. කෙසේ වෙතත් අවසානයේ සියළු දෙනා බලාපොරොත්තු වන අන්දමින් මොවුන් හට හමුදා ජීවිතයෙන් සමු ගැනීමට හැකි වේද? ඊශ්‍රායලයේ පමණක් නොව බොහොමයක් තරුණියන් ගේ විවිධ හැසිරීම්, විවිධ සමාජ මට්ටම්, හැඟීම් සහ ක්‍රියාකාරකම් මෙම චිත්‍රපටය මඟින් ඉස්මතු කර තිබෙනවා. විටෙක සතුට සහ තවත් විටෙක දුක, අසරණකම, තනිකම මැනවින් විදහාපාන මෙම චිත්‍රපටය මිනිත්තු 97ක් පුරාවට ධාවනය වෙනවා.

“තමන්ගේ අහිංසක බලාපොරොත්තු සහ ආසාවන් ඉටු කර ගැනිමට සෑම තරුණියක්ම සිහින දකිනවා. විටෙක තමන්ගේ සිහින මහත් බොළඳ හෝ කිසිම වැඩකට නැති විකාර ලෙසින් අන් අයට පෙනෙන්නට පුළුවන්. නමුත් සෑම කෙනෙක්ටම සතුටින් පිරි තමන්ගේම ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් ලැබිය යුතුයි.”

IMDB දර්ශකයේ 7.8 ක අගයක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටය සම්මාන 8ක්ම දිනා ඇති අතර 2014 වර්ෂයේ ඊශ්‍රායලයේ තිරගත වූ සාර්ථකම චිත්‍රපටය ලෙසද සැලකෙනවා. පළමු වරට 2014 අප්‍රේල් මස 17 ඇමෙරිකාවේදි Tribeca Film Festival හිදි තිරගත වුණ මෙය යුදෙව් භාෂාවෙන් නිකුත් වී තිබේ. මෙම චිත්‍රපටය වෙනුවෙන් නිවැරදි ඉංග්‍රිසි උපසිරැසියක් ලබා ගැනීමට කාලයක් ගත වූවා සේම මට මේ උපසිරැසිය කරන්න බාර දීලා ගොඩ දවසක් වෙනවා. මෙතරම් ප්‍රමාද වීම ගැන සමාව අයදින්නත් ඕනෙ. ඒ වගේම මෙහි යුදෙව් භාෂාවේ සමහර වචන සිංහලෙන් ටයිප් කරන විට කියවා ගැනීම වඩාත් අසීරු වේ යැයි හැඟුණ නිසාවෙන් නම්, ගම් එම අයුරින්ම උපසිරැසියට ඇතුලත් කර තිබෙනවා.

එහෙනම් හැමෝටම මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම සමුගන්නවා. මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා ලැබුණෙ සමීර චතුරංග අයියාගෙන්. ඔහුගේ නිරන්තර මතක් කිරීම් නිසා මට අද දවස වෙනකොටවත් මේක කර ගන්න ලැබුණ එක ගැන මට සතුටුයි. ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

White Tiger (2012) on IMDb

 

 

850 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

38DA79CFE475894E9BAB67C3CA13CCAE2096F20E

2.32 GB (HDTV) කොපිය මෙතනින් බාගන්න

430ABAE63FEA0ED676A2FFA2FB4ACE15D26F3367 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,597 downloadsDownload Zero_Motivation_2014_baiscopelk.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,597 downloadsDownload Subtitles89 KB

25 comments

  1. Jack

    නියමයි ෂෙරින් අක්කේ.
    බලන්නම වටින කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  2. සංජීව

    නියමයි ස්තුතියි ඔයාගේ මහන්සියට, සිංහල සබි දුන්නට

  3. කේ.යූ.ජී. උදාර

    වෙනස් විදිහේ සිනමාපටයක් වගෙයි..........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  4. wicky

    ela............

  5. Kulanjana Maduranga

    niayamai…ah wenasma movie ekak wage.thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. L c Demel

    Thanks!

  7. prabhath

    thanks

  8. අරුණ

    නියමයි,,, ස්තුතියි,,,,

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි ෂෙරින්! ජය වේවා!!!

  11. චාමික දිල්හාර (දිලා)

    බොහොම ස්තූතියි ෂෙරින් අක්කේ..........
    එල......

  12. D CRAIZY

    බොහෝම ස්තුතියි අක්කේ.දිගටම සබ් කරන්න.ඡයවේවා.!

  13. Chami

    Thanks...

  14. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය.......

  15. Tharindu

    Thank you very much sis...!!! :)

  16. Anushka

    නියමයි සහෝදරි....
    නියම වැඩක් කාලෙකට පස්සේ

  17. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරීන් අක්කේ !
    වෙනස් චිත්‍රපටයක් වගේ .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  19. Asela

    Thanx sis... :)

  20. දමිත්

    ස්තුතියි ෂෙරීන් සිංහල සබට…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය…

  21. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  22. indika

    thn Q :)

  23. nidi

    thanks Sherin, sub ekata godak thanks. me film ekath The Water Diviner wage wenasma theem ekaka film ekak. hondai, thawath wenas film ekakin ikmanatama hamu wenna kiyala suba pathannam!

  24. Amila

    ගොඩාක් ස්තූති.....

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.