Watch Trailer

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක…

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන තරම් ලේසි නැත්ත අමුතුම ෆන් එකක් තියෙන මේ චාරිකාවේ තවත් එක් කඩයිමක් පනින වෙලාවේ “ඇහෙනවනම් හිත හඬන තරම්…. කිසිවෙකු නෑ ලිපිය ස්කිප් කර යන්නේ ” . එහෙම කිව්වට ලිපි කියව කියව ඉන්න බෑ නේද? අවුලක් නෑ…අවුලක් නෑ… ආතල් එකට සින්දුවක් කිව්වා. කැමතිනම් ලිපිය කියවහන්. නැත්තම් ඔන්න ඔහේ සබ් එක බාගෙන ඉඳින් බං.

2015 -04 -22 මගේ ජිවිතේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක ආරම්භය වුනා.සුපුරුදු බයිස්කෝප් රසිකයෙන් නොව එතනින් එහාට ගොස් බයිස්කෝප් උපසිරැසි පවුලේ තවත් සාමාජිකයෙක් වීමේ අවස්තාව ලබා ගත්තේ එදා දිනයේ දීයි. Unleashed (2005) චිත්‍රපටයෙන් එදා ලබාගත් ඒ අවස්තාව මේ දක්වාම සුරැක ගනිමින් මගේ බයිස්කෝප් උපසිරැසිකරණ මාවතේ අර්ධ ශතකය වාර්තා කරන්න සමත් වුනේ 2017-07-30 දිනයේ දීයි. ඒ Cars 03 චිත්‍රපටයෙනුයි.ආරම්භයේ පටන් වසර දෙකකට වගේ පසුව පළමු කඩයිම පසුකරද්දී දැනුන ඒ සතුට ජීවිතේ අනුස්මරණිය දෙයක් බවට පත්වුනා. මොනතරම් වැඩ රාජකාරි තිබුනත් මේ ගමන තව දුරටත් යායුතුයි කියලා අදහස් කරගත් මා ක්‍රම ක්‍රමයෙන් ශතකය දක්වා පැමිණි මේ ගමන අතිශයින් සුන්දර ගමනක්. මේ සොඳුරු ගමනේ හමුවූ සහෘදයන් නිසා මේ ගමන තවත් රසවත් වුනා. ඉතින් මෙවන් මොහොතක ඔවුන් අමතක කිරීම තරම් ගුණමකුකමක් තවත් නැතැයි මා සිතනවා.

ඉතින් මේ කඩයිම සපුරණ මේ මොහාතේ මතක් කලයුතු පිරිසක් ඉන්නවා. මුලින්ම මට මේ අවස්තාව දුන්න හසන්ත වික්‍රමරත්න , සමීර චතුරංග අයියලා දෙන්නට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම තමා විද්‍යුත් පණිවිඩ සඳහා පිළිතුර දක්වමින් සහය දැක්වූ රොයිලි ප්‍රනාන්දු , ආසිරි ප්‍රියන්ත, අසංක ප්‍රදීප්, සුධීර මාලන් අයියලටත්, නිර්මාණි අක්කටත් අශාන් විමුක්ති, සමීර කරුණාරත්න, සමන් ප්‍රසාද්, සිසිල ප්‍රසාද්,යශෝධ අතුරලිය ,චාමර සම්පත් යන සහෝලා ඇතුළු ඇඩ්මින් මණ්ඩලේ හැමෝටම ස්තුතියි කඩිනමින් පිළිතුර දක්වමින් කළ උපකාරයන්ට හා දැක්වූ සහයෝගයන්ට.ඒ වගේම තමා මේ වැඩේ තනියෙන් ගොඩ දාන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. “අඩෝ වෙලාවට සබ් එක දීපන්….මොනාද බං තාම ඉවර නැද්ද? ” වගේ වදන්වලින් හරි දිරිගන්වපු, අපහසු අවස්ථාවල දී සහය දුන්නු විශාල පිරිසක් ඉන්නවා. ලහිරු ප්‍රසාද්, නිලුපුල්, රවිඳු මලයා, අචින්ත උදයංග අංකල් ,නුවන්ත මල්ලි, ප්‍රනීත් රණේ , දිල්ශාන් සචින්ත පෙරටුකොටගත් සඳුන් ධනුෂ්ක,තිසර නියෝ, චලිඳු(කිනා),සසිත් සඳරුවන් ,දේවක එස් පී කුමාර ,ඉසුරු දිල්ශාන්, මයුර සුරාජ්, චන්දිම අමරසිංහ, පුර්ණි මධුභාෂිනී, මුතු උඩුකලා යන අයියලා,අක්කලා හැමෝටමත් සොනාලි, හෙළිලි හේමමාලි,නවෝදනී,රංග ප්‍රසන්න,කවිඳු ගිම්හාන්, හිරාන් එරන්ද, තාරක, නවීන් නිසල් , ප්‍රනීත් නාවැල්ල,සොහාන් ජයසුරිය,රශින් මන්සිල්,සමිත රමේෂ් ,ඉමේෂ් කුමාර ,ප්‍රබුද්ධ කේෂර ඇතුළු බයිස්කෝප් උපසිරැසි සහෝදර සහෘදයන් හැමෝටම කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින් ස්තුති කතාව මෙතනින් නිමා කරනවා.

දැන් හැරෙමු චිත්‍රපටය දෙසට.එනජින් සමාගම විසින් ඈතීනා -01 යානයේ විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරනවා. මෙහි දී පරික්ෂය අසාර්ථක වීම නිසා යානය අතහැර දමා පරීක්ෂණය සඳහා යොදාගත් වෛරසය රැගෙන නැවත පෘථිවිය කරා පැමිණීමේ දී පලායන යානය විනාශ වෙනවා. එනමුත් වෛරසය විනාශ නොවී චිකාගෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ තුනකට පතිත වෙනවා. මේ ස්ථාන තුන අතරින් එකක් තමා ඩේවිස් ඔකොයේ වැඩකරන වානරයන් පිලිබඳ වූ සත්ව උද්‍යානය. පොලවට පතිත වුන මෙම වයිරසය ආග්‍රහණය කරන ජෝර්ජ් නම් විශේෂිත ගොරිල්ලා කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නවා. මේ අතර වාරයේ වෛරසය වැටුණු අනෙකුත් ස්ථාන දෙකේ දීද මෙවැනිම සිද්ධීන් දෙකක් සිද්ධ වෙනවා. වේගය,කලහකාරී බව, ප්‍රතිජනන හැකියාව ,ශක්තිය වැනි කාරනා නිසාවෙන් මෙම සත්වයින් මරා දැමීමට හමුදා මෙහෙයුමක් දියත් කරනවා. මේ අතර වාරයේ එනජින් සමාගමේ අයිතිකාරියවන ක්ලෙයාර් වේඩ්න් මේ තුලින් මුදල් ඉපයීම සඳහා වෙනත් උපක්‍රමයක් යොදා ගන්නවා. එසේනම් තමන්ගේ මිත්‍රයා,ජෝර්ජ්නම් ගොරිල්ලා ගලවා ගැනීමට ඩේවිස් කුමක්නම් කරාවිද? වේඩ්න්ලාගේ උපක්‍රමය කුමක් වේවි ද? හමුදා මෙහෙයුම කෙසේනම් හමාර වේවි ද?

Midway Games මගින් නිකුත්කළ Rampage යන වීඩියෝ ගේම් සිරිස් එක ආශ්‍රය කර ගනිමින් Brad Peyton විසින් අධ්‍යක්ෂණය කරන ලද Action, Adventure, Sci-Fi ගණයෙහි ලා සැලකෙන මෙම සරලුව IMDbහි 6.4/10 ක ගයක් ලබා ගන්න සමත් වුනා. 2018 අප්‍රේල් 04 වන දින Warner Bros. Pictures විසින් ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සරලුව සඳහා රංග දායකත්වය ලබා දෙන්නේ Dwayne Johnson(ඩේවිස් ඔකොයේ) , Naomie Harris(ඩොක්ටර් කේට් කාල්ඩ්වෙල්) , Naomie Harris( ක්ලෙයාර් වේඩ්න්), Jeffrey Dean Morgan(ඒජන්ට් හාවී රසල්) ඇතුළු පිරිසයි. $120 මිලියන වියදමකින් නිර්මිත මේ සරලුව මේ වනවිට $421.8 මිලියන ලබා ගන්නේ 2018 වර්ෂයේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට ලයිස්තුවේ හත්වන ස්ථානය ලබා ගනිමිනියි.රොක් ජොන්සන්ගේ හා මෝගන්ගේ සුපිරි රංගනයෙන් හා අගනා විෂුවල් ඉෆෙක්ටවලින් යුක්ත මේ සරලුව සිංහල උපසිරැසිය සමගින්ම රසවිඳීමට දැන් ඔබට අවස්තාව එළඹ තියෙනවා.

එසේනම් මේ සමුගන්නටයි සුදානම. ඉතින් සමුගන්න මේ මොහොතේ මෙතෙක් කාලයක් මාගේ උපසිරස් සඳහා කමෙන්ටුවකින් සහය දක්වපු හැම කෙනාටම,පුද්ගලිකව මැසේජ් කරලා සුභ පතපු හැමෝටමත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.ඔයාලගේ සහයෝගය ලැබෙන නිසා තමා මෙතෙක් දුර එන්න පුළුවන්කම ලැබුනේ. එනමුත් දැන්නම් ජිවිතේ කාර්ය බහුලත්වය වෙනදට වඩා වැඩියි. ඒ නිසාම කලින් වගේ උපසිරස්කරණය කරන්න අපහසුවක් තියෙනවා. ඉතින් මේ වෙන්න පුළුවන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පල සඳහා මම ලබාදෙන අවසාන උපසිරස. ඉතින් මෙතෙක් කල් මට සහයෝගය ලබා දුන්නු, උපසිරස රස විඳපු හැමෝටම සුභම සුභ අනාගතයක් උදාවේවා යයි පතමින් මම සමුගන්නවා.

~හැමෝටම ජය ශ්‍රී~

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB-DL/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

52,848 downloadsDownload Rampage-2018-BR.zip96 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

52,848 downloadsDownload Subtitles96 KB

358 comments

  1. tharidu sagara

    congratulations bro 100ta jayawewa.
    digatama ohama yan.
    tv show amathaka karanna ehema apa.

  2. piumal123

    නියමයි මල්ලි 200 ඉක්මනටම දෙමු !!!!!!

  3. buddhika

    Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

  4. Mendis

    Tnks bro sub ekta

  5. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  6. NAV33N

    Thankssssssss

  7. ශසිත් සඳරුවන්

    ශතකෙට සුභපැතුම් ලියෝ...
    ටීවී සීරිස් ටික ඇදගෙන ගියපු තවත් සුපිරි චරිතයක් තමයි ඉතින්. :P
    දෙවෙනි පනහ අවුරුද්දක් යන්නත් කලින් ගහලා නෙහ්.
    මාවත් මතක් වුනා එහෙනම්.
    100 ටත් සුපිරියක් තමයි ඉතින් ගෙනත් තියෙන්නේ.
    අනිවා බැලිල්ලක් තමයි. සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  8. subodha

    Thanks bro

  9. සනිඳු ලක්ඛිත

    100 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ..උපසිරස 100ක් කියන්නේ ලේසී පාසු දෙයක් නෙමේ.තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරස 100ක් උනත් බයිස්කෝප් අඩවියේ හොදම උපසිරස නිර්මාණකරුවක් තමා අනුරුද්ධ සහෝ. ඒක නිසා දිගටම උපසිරස ලබා දෙමු ඉදිරියටත්. එනකම් මග බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිලුමක් තමා මේක. කොහෙද ඉතිං. BR වලටම හුරු වෙලා BR එක්ක නැතුව බලන්න හිතෙන්නෙම නෑ.. Br ආව ගමන් අප්ඩේට් එක්ක දෙන්න සහෝ..මේ උපසිරසටත් ගොඩක් ස්තූති..බුදුසරණයි..ජය වේවා!!!

  10. Dinesh Buddika

    Sub ekata thanks...........

  11. Namalsri

    Good luck broo. Sub walata thnxs

  12. R.chandimal

    ela.tnx.100 suba pathum.

  13. praneeth01

    Unusum Suba Pathum. WEBrip eka avillath thama dawas 2k giye na. Ela ikmanataama dunna ekata.

  14. nimal dissanayake

    ඉක්මනින්ම 150 කඩඉමටත් සපැමිණේවා!

  15. Prabodha Madhusankha Hettiarachchi

    100 upasirasayata unusum suba pathum brooo

  16. Helili Hemamali

    ලියෝ 100 ගහලා සුපිරියකින්ම. දැන් තමා දැක්කේ. මාවත් මතක් කරලා තියෙන්නේ. බොහොම ස්තූතියි. උපසිරැසි විතරක් නෙවෙයි ඕන වෙලාවක උදව්වක් ඉල්ලුවොත් කරලා දෙන ජාතියෙ හිත හොද මල්ලි කෙනෙක් තමා ලියෝ කියන්නෙ. මෙතනින් නොනැවති 150, 200..... ඉදිරි කඩයිම් වලට ඉක්මනින්ම ළගා වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යයත් ඒත් එක්කම සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම මල්ලිගෙ ලොකුම හීනේ වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය අපේ රටට ගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා.

  17. Nimsnims

    වැය කල කාලය ශ්‍රමය කාලය කොතරම්දැයි සිතාගන්න පුලුවන්. මේ ගමන මෙලෙසින්ම ඉදිරියට යන්න අපෙනුත් සුබ පැතුම්.

  18. Wolfman

    ස්තූතියි

  19. dsdkavishka

    Fatta bro, good luck

  20. diyashan

    Jaya wewa...broo..
    බොහොම ස්තූතියි

  21. malith

    Ea ela

  22. Snake RaJ

    බොහෝම ස්තූති සිංහල උපසිරැසියට ලියෝ අයියේ :)
    අනිවාර්යයෙන්ම බලන්න බලාගෙන හිටපු ෆිල්ම් එකක් :)
    ඒ වගේ 100 වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් සුභම සුභ පැතුම්.
    තව තවත් උපසිරැසි කිරීමට කාලය හා ශක්තිය ලැබේවා කියලා,
    එක සිතින් ප්‍රාර්ථනා කරනවා :)

  23. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි ලියෝ.. මේ කරපු කැප කිරීම මාර වටිනව.. උපසිරැසිකරණයේ දිගටම නියැලෙන්න තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. ජය වේවා..!

  24. සොහාන් ජයසූරිය

    සුබ පතනවා අයියෙ හදවතින්ම.. අනිත් කඩයිම් වලටත් ඉක්මනටම යමු.. ජය වේවා.. මේක නම් අනිවා බලනවා බූ රේ ආවාම..

  25. Ayesh Prashan

    Thank You..100 ta suba pathum

  26. ලහිරු ප්‍රසාද්

    මුලින්ම සුබ පතනවා 100 වෙනි කඩයිම වෙනුවෙන් ලියා.
    බයිස්කෝප් එකත් එක්ක එකතු වුනාට පස්සෙ සෙට් වුන කට්ටියගෙන් තවත් සුපිරි ඩයල් එකක් සුපිරි යාළුවෙක් තමයි උබ.
    (හැබැයි පොටෝ කෑල්ලකින්වත් උබව දැකලා නෑ, පුළුවන්නම් එකක් දා)
    ඒ වගේම සබ් ගැනත් ආයෙ කියන්න වදන් නෑ බං සුපිරියි. උබේ සබ් නම් වැඩිපුරම සෙට් උනේ ටීන් වුල්ෆ් නිසා තමයි, ෆිල්ම් කරන්නෙම නැති තරම්නෙ. මතකයි පහුගිය කාලෙ සීරීස් එක පිට ඇදලා හෙන ගේමක් දුන්නා.
    ආයෙ කියන්න තියෙන ඒවා චැට් එකේ කියන්නම්, නවත්තන්න හදන්න එපා, GIFTED, Teen wolf ස්පින් ඕෆ් එකක් එහෙම එන්න තියෙනවා. එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි. 100 දැනටම පහු කරලා වෙන්නෝන, ඊලග කඩයිමත් ගේමු.
    ජය!

  27. Gayathra

    බොහොම ස්තූතියි උපසිරැසියට ලියෝ ජය වේවා!

  28. aks

    100 උනුසුම් සුභ පැතුම්.... thanks....

  29. panagama

    100 උනුසුම් සුභ පැතුම්…. බුදු සරණයි

  30. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...

  31. Hiran Eranda

    අඩේ 100 ත් ගැහුවා එහෙනම්. සුපිරියි සහෝ....හදවතින්ම සුබපතනවා.නියම වැඩක්. ඔයා කරපු Teen Wolf සීරියස් එකෙන් තමයි මාව සීරියස් පිස්සෙක් කලේ. සබ් වැඩේ නවත්තන්න හිතන්නවත් එපා. එහෙම උනොත් මගෙන් වෙන්න තියෙන කරදර තව ටිකක් වැඩි වේවි. ඊලග කඩයිමත් ඉක්මනට අරන් එමු. සබ් එකට ගොඩක් ස්තුතියි. මේක නම් අනිවා බලනවා. උඩදී මාව මතක් කලාට බොහොම ස්තුතියි. ජය වේවා...

  32. Prabashjayawardane

    thanks for sub.And I wish U.Go A head......

  33. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  34. [email protected]

    Thaks bro.... sub enakan film ekaran bala idiya... jayawewaaaa

  35. dishan99

    thanks lokkaaa

  36. James DC

    100 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ....

  37. chamodhr2000

    tnx bro.

  38. Achintha Udayanga

    100ට සුබ පැතුම් ලියා.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ බන් උඹ මොන වගේ සුපිරි ඩයල් එකක්ද කියල බයිස්කෝප් අපි හැමෝම දන්නව..සයිට් එකේ සෑහෙන සේවයක් කරන ..උදව්වක් ඉල්ලුවොත් අනේ බෑ නොකිය කරන එලකිරි බොක්කෙ ෆිට් එකක් තමයි ඉතිං..උඹෙ ෆිලුම් නං මට එච්චර මීටර් නෑ ටීවී සීරීස් නං සෑහෙන්න බැලුවා..කියන්න දෙයක් නෑ ගුණාත්මක සබ් එකක් ඉක්මනින්ම දුන්න අපේ තවත් එක සුපිරි බුලට් එකක් තමයි ඉතිං.. වැඩ අස්සෙ සබ් කෝමාරි 100ත් දුන්න වගේ ඊළග කඩයිමටත් යමු ඔහොම්ම..මට අංකල් කීව එක නං හෙන අවුල් ඈ මොනව වුණත්..එනිවේ ජයින් ජයම පතනව මං බොට..

  39. ruwansis

    සුභ පැතුම් සහෝ..තව තවත් උපසිරසි කරන්න..ශක්තිය හා වාසනාව ලැබේවා..

  40. hisarashanaka

    thanks machanla sub eka dammata. film eka balanne nethuva hitiye sub eka danakam

  41. nalin.kumara0510

    Thanks Good Luck Saho.

  42. chaturarandima1991

    Thanks bro

  43. kosala1980

    thanx bro... teen wolf eken passe oyage ekak me balanne goda kalekata passe

  44. YATAGAMAGAMAGE

    Thanks for sub and good luck brother

  45. wera

    thanka sahoo

  46. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    100 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය ....
    පිස්සුනම් කියවන්න එපා කොල්ලෝ මම ගොඩාක් ටීවී සීරීස් බලන කෙනෙක් මම කොච්චර ඔයාගේ සබ් අරන් බලලා තියනවද... පුලුවන් විදියකට සබ් කරහන් මචෝ... චාමර,මදුකප්‍රිය,ලහිරු,සමීර,නුවන්ත,...
    උබල මේ ගේමෙන් අයින් වෙනවා කියන්නේ අපිට සොරි ඩොට්කොම් :)
    වෙලාවක් තියන විදියකට සබ් කරමු නවත්තන්න එපා කොල්ලෝ...

  47. Dileepaweragala

    Congratulations bro...thanx for tge sub...

  48. Thilan Durage

    Jayen jayama wewa Sahooo....

  49. gayanhab

    Congratz bro-- super

  50. namal kumara

    super bro– super

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.