Watch Trailer

Scorpion [S03 : E19] with Sinhala Subtitles | වයිරසයට පිළියම් සොයා ඇමසන් වනයේ [සිංහල උපසිරැසි සමඟ] (50)

සාමන්‍යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන එක තමා කරන්නේ.. ඇත්තටම මට ඒ දෙකම කරන්න වෙන්නේ නැ 1) සතියකට ටීවී කතා මාලා 3ක් කරන නිසා (හිතපු නැති විදිහට එක උඩම වැටුනා ) හා තව අතරමැද කොටස් භාර ගත්ත ඒවා කරන්න වෙන නිසා […]

Scorpion S03 50

සාමන්‍යයෙන් කඩ ඉමක් වෙනකොට චිත්‍රපටියකින් ඒ කඩඉම සලකුණු කරන එක ගොඩක් අය කරන දෙයක් එහෙම නැතිනම් කඩයිම නොසලකා හැරලා යන එක තමා කරන්නේ.. ඇත්තටම මට ඒ දෙකම කරන්න වෙන්නේ නැ  1) සතියකට ටීවී කතා මාලා 3ක් කරන නිසා (හිතපු නැති විදිහට එක උඩම වැටුනා ) හා තව අතරමැද කොටස් භාර ගත්ත ඒවා කරන්න වෙන නිසා චිත්‍රපටියකට කාලය හොයා ගන්න බැරි හේතුව නිසාත් 2) ආයේ වෙන කඩයිමක් එහෙම නැතිනම් 100 වෙනකන් උපසිරසි කරාවිද කියන එක කියන්න බැරි නිසාත්   50 වෙනි උපසිරසියේදී  පොඩ්ඩක් කතා කරන්න හිතුනා. මේ බයිලා ඕනේ නැති අය උපසිරැසිය පහලට ගිහින් ගත්තා කියලා තරහක් නැ..   පලවෙනි උපසිරැසිය බයිස්කෝප් එකේ මගේ පලවෙන්නේ 2016 සැප්තැම්බර් 6 වෙනිදා එදා ඉදන් අද වෙනකන් දවස් 191 ක් ගිහින් තියනවා 50 වෙනි උපසිරැසිය අරගෙන එන්න. ඇත්තටම ඉතින් මම කරලා තියෙන්නේ චිත්‍රපටි 4ක් විතරයි ඉතුරු 45 ම රුපවාහිනී කතා මාලා. ඒ නිසා 50 ත් මම වැඩියෙන් බැනුම් අහපු ස්කොපියන් කතා මාලාවේ කොටසකටම දෙනවා කියලා හිතුවේ උඩ කියපු හේතු නිසා. බැංකු නියෝජිතයෙක් විදිහට ලංකාවෙන් දුර රටක වැඩ කරන අතරේ කාර්ය බහුල කම ගොඩක්ම තියනකොට එත් මොනවහරි දෙයක් කියපුවහම ඒ වෙනුවෙන් පුළුවන් විදිහේ උදව්වක් කරලා දෙන ඇඩ්මින් මණ්ඩලයට ඇත්තටම ස්තුති වන්ත වෙන්න ඕනා මේකරන කැප කිරීමට   බයිස්කෝප් අඩවියෙන් මුලින්ම හදුනා ගන්නේ හසන්ත සහෝ. ඇත්තටම බයිස්කෝප් අඩවිය ට ලොකු ශක්තියක් වෙනවා වගේම හසන්ත සහෝ මටත් ලොකු ශක්තියක් උනා මේ අද වෙනකන් උපසිරසිකරනයේ වැඩ වලට ඒ වෙනුවෙන් ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනා අඩවිය ආරම්භක සහෝලා එක්ක ලොකු සම්බන්ධතාවකට ඉඩ නොලැබුනත් අද අඩවිය පවත්වාගෙන යන ඇඩ්මින් මණ්ඩලයේ ප්‍රධාන චරිත ටික මතක් නොකරම යන්න බැ. බයිස්කෝප් එකේ ශාරුක් ඛාන් එහෙම නැතිනම් ආසිරි අප්ලෝඩ් කරගන්න විදිහක් නොතිබුනොත් ඒ වෙලාවේ පුළුවන් කාට හරි කියලා අප්ලෝඩ් කරලා දෙන එක නම් ලෙසටම කරනවා. අශාන් එහෙම නැතිනම් විමා ඉතින් විභාග අස්සේ හිරවෙලා තිබුනත් වෙන් කරගැනීම් වලදී එහෙම දෙන සහයට ගොඩක් තුති. ඇඩ්මින් මණ්ඩලයේ ඇත්තටම නිහඩම වැඩිම වැඩක් කරන පුසා එහෙම නැතිනම් සමන් සහෝ මේ වෙලාවේ මතක් කරන්නම ඕනා. ඒ වගේම අනිත් ඇඩ්මින් වරු හැමදෙනාටමත් ගොඩක් ස්තුතියි.  Dewaka-50-WISH බයිස්කෝප් එක ඇත්තටම පවුලක් වගේ නෙමේ පවුලක් තමා. වෙනත් තැන් වල දකින්න ලැබෙනවාට වඩා ලොකු ෆිට් එකක් තියන තැනක් කියලා අවධාරණය කරන්න පුළුවන්. මතක් කරන්න තියන අය ගොඩක් වැඩි නිසා අමතක වීමෙන් මොකක් හරි දෙයක් උනොත් සමාව ඉල්ලන ගමන් කට්ටිය ගැන පොඩි වචනයක් කියන්න හදන්නේ. බයිස්කෝප් එක එක්ක එකතු උනහම මුලින්ම සෙට් උන අය අතරේ දසන් උඩින්ම ඉන්නවා. දැන් ඉතින් වැඩ වලට හිරවෙලා උනත් හොද යාලුවෙක් ඒ වගේම හොද සැපයුම් කරුවෙක් කියන එක අනිවා කියන්න ඕනා. ඊට පස්සේ අපේ බයිස්කෝප් එකේ ධනුෂ් එහෙම නැතිනම් සදුන් අයියා මාර ගේමක් දෙනවා බයිස්කෝප් එක දැන් රසවින්දනාත්මක වෙබ් අඩවි අතරේ අංක එකේ ඉන්න එක ඒ තත්වයේ තියාගන්න. සැහෙන කැප වීමක් තියන කොල්ලෙක්. හැමවෙලේම මොනවට හරි අඩාගත්තු ගමන් ඉන්න ගොඩක් අයගේ හුරතලා ඉමේෂ් , මට සබක් කරගන්න අමාරු උන ගමන් මල්ලි මේක කරලා දෙන්න පුලුවන්ද  කියලා අහපුවහම බැ නොකියා කරලා දෙන චමල් මල්ලි ඒ වගේම ගොඩක් හිරවෙලා මොනවත් කරගන්න බැරිව ඉන්නකොට උදව් කරපු රවිදු මල්ලිත් , අඩුපාඩුවක් තියනවනම් ඕන වෙලාවක උදව්වට එන ප්‍රනීත් චින්තක සහෝ ,දැනට බයිස්කෝප් එකේ වේගයෙන් සබ් කරන මගේ යාළුවො අතරෙත් සුපිරියටම සබ කරනවා කියලා නමක් තියාගෙන තියන නිලුපුල් සහෝ , චැට් එකෙන් මොනවහරි දෙයක් කිය කියා ෆිට් එකේ ඉන්න ප්‍රනීත් , යසිරු , ලහිරු ( අපේ පැණි මල්ලි ) , ඉසුරු ( දැන් නම් මොනවද බැහැලා තියෙන්වලු ) , හොදම සමයම වුන මයුර සහෝ චාමර සහෝ  ඇතුළු හැමදෙනාටම මේ වගේ පවුලක සාමාජිකයෙක් කරගත්ත එකට ගොඩාක් ස්තුතියි කියන්න මේක අවස්තාවක් කරගන්නවා   මේ හැමදෙනාම වගේ අමතක කරන්න බැරි තව සෙට් එකක් ඉන්නවා, ඒ තමා ඉතින් පැය ගානක් මහන්සි වෙලා කරන සබ් එකේ අඩුපාඩු හොද නරක කියලා දීලා බනින හොද කියන සබ් ඩවුන්ලෝඩ් කරන රසික හිත වතුන්. ඒ අය නොහිටින්න අද බයිස්කෝප් එක මේ තියන තැන නොතිබෙන්න තිබුනා. කවුරුහරි අමතක වෙලා නම් සමාවෙන්න කියන ගමන් අද කතාව ගැන ටිකක් කියලා සමුගෙන යන්නම්.   අද ස්කොපියන් ටීම් එක යන්නේ ඇමසන් වැසි වන්නාතරයට. වයිරස් එකක් නිසා මිනිස්සු මැරෙන එකට බේත් හොයන්න. මොකද දුර්ලභ වරු විශේෂයක් විතරක් මේ වසංගතයෙන් ජිවිතේ බේරාගෙන තියන නිසා. හැබැයි ඉතින් සලයි වදුරන්ට බය නිසා යන්නේ නැ ගරාජ් එකේ ඉදන් උදව් කරනවා. ප්‍රශ්න ගොඩක් මැද වයිරස් එකට බේත් හොයාගන්න පුලුවන්ද කියලා අවසානය වෙනකන් බලලාම තමා හොයාගන්න වෙන්නේ. ඔය හැමදේම අතරේ අවසාන විනාඩි කිහිපයට තමා මම නම් ගොඩක් කැමැති. ඉස්සරහට බලමු තේරුම් ගනීවිද පේජ්. වෝල්ටර් ගේ හිතේ තියෙන්නේ ඉරිසියාවක් නෙමේ ආදරයක් කියන එක.  එකතු වෙලා බලන්න ගිහින් එන්නම් , ජය

 

Scorpion (2014) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scorpion.S03E19.HDTV.XviD-FUM

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,397 downloadsDownload Scorpion-S03E19.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

             

Subtitles

3,397 downloadsDownload Subtitles38 KB

102 comments

  1. Udara damith B/k

    Ela man me kament eka phone eken danne
    Passe hoda ekak dannam
    Issara welama nisa danne hasissiyata

  2. Rakitha

    ගොඩාක් ස්තුතියි සහෝ. තව තවත් උපසිරැසි දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  3. Nirodha uthpala

    Monavada bn me keyanne 100 karanna hamba venne na eahema karanna epa bn ...thx for sub digatama denna labewa keya hadawatinma parthana karanava

  4. Tharaka Lahiru

    සුබ පැතුම් මගෙන් 50 වැනි නිර්මාණයට

  5. RAJ

    ඔන්න මුලින්ම උපසිරැසි 50ට උණුසුම් සුභ පැතුම් කිව්ව.. :)
    මෙතනින් නොනැවතී උපසිරැසි 100 ම යන්න ජය පතනව..
    දෙයක් කියන්න ඕනි අපේ දේවක සහෝ පසුගිය දවස් වල ගොඩක්
    දුකින් හිටියෙ, මොකද එයාගෙ ප්‍රේක්ෂකයන්ගෙන් එයාට ලැබුනු
    ප්‍රතිචාර එච්චර හොද නැති නිසා.. හැබැයි එයා එතනින් නැවතුනේ නෑ,
    නොනැවතීම ඒ කතා මාලාවෙන්ම උපසිරැසි 50 හේ කඩයිමට ලං වුණා..
    කතාවක් තියෙනවනේ "බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නෑ කියල.. :)
    වදින්න ඕනි අයට වදී ඉතින්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනි..
    අපේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න ලස්සනම අහිංසකම ඒ වගේම ගොඩක් ඉවසිලිමත්ම
    කෙනා තමයි අපේ මේ දේවක සහෝ, :)
    එහෙනම් ජය පතනවා! ජය වේවා.............

    1. ආසිරි ප්‍රියන්ත

      හිතක් පහල වෙලා වගේ.

  6. Sajeevi

    50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

  7. menaka

    50ට උණුසුම් සුභ පැතුම්

  8. Kawshalya Dushyan

    sabata bohoma thuthi dewaka aiye..... 50 weni upasirasa nirmaanayatath suba pethum... 100th ikmanata gahamu.
    jaya

  9. Shanuka Madushan

    well done bro. congratulation for your 50th border.

  10. hard rock

    thanx macho

  11. Nadeera_Mystry_Frodo

    Congrtaz Bro... Keep it up...

  12. john snow

    Congrtaz

  13. heshan

    50 උපසිරසියට සුභ පැතුම්.

  14. එල්.සී. දමැල්

    50ට උණුසුම් සුභ පැතුම්....

  15. Milan Ranishka

    50 උපසිරසියට සුබ පැතුම් සහෝ....

  16. මධුකප්‍රිය පෙරේරා

    50වන උපසිරසියට හෘදයාංගම සුබපැතුම් එක් කරනවා සහෝ..
    සහෝගේ සබ්(ස්කොපියන්) මාත් බලලා තියෙනවා.
    ස්කොපියන් වගේ අමාරු කතාමාලාවක් ඇදගෙන යන එකම ලොකු දෙයක්..
    අඩුපාඩු හැමෝ ගාවම තියෙනවා. ඒවාට විවේචන ඕනා තරම් එල්ල වෙයි..
    ඒ අවස්ථාවලදී නොසැලී ඉදිරියට යන එක තමා ලොකුම දේ. ඉතින් දේවක කියන්නේ
    ඒ අභියෝගය ජයගෙන ඉදිරියට ආව කෙනෙක්.
    කියන්න තියෙන්නේ මෙතනින් නොනැවතී තියෙන අඩුපාඩුත් හදාගෙන හැකි විදිහට 100වැනි උපසිරැසිය
    දක්වාම යමු කියලා තමා..ලිපියේ මාවත් මතක් කළාට තැන්කු.. ඔබට ජයෙන් ජය..

  17. Anjana

    50 jaya bro......

  18. isuru prabhath

    thnks mchn....

  19. harsha

    පනස්වෙනි කඩයිම පසුකර තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. ස්තුතියි අපි වෙනුවන් තමන්ගේ කාළය වැය කරනවාට. ජයවේවා

  20. isuru prabhath

    50 cngrtz bro!!

  21. praneeth madu

    50 වෙනි කඩ ඉමට හදවතින්ම සුභ පතනවා දේවක සහෝ.. 100 ගහන එක ෂුවර් නෑ කිව්වා.. එව්වනම් කොහෙද
    100 ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා :)

  22. suppa

    ela sudda thaanku

  23. Pradeep M Gamlath

    Congratulations bro 50 නොනැවතී ඉදිරියටම යමු
    පුතී සබ් එකට තැන්කු වේවා...***

  24. Chamal Perera

    50 වෙනි උපසිරසට මුලින්ම සුභ පතනවා. ඒවගේම 100 ඉක්මනට ගහන්න ලැබේවා කියලා පතනවා. දේවක අයියා ගැන ඉතින් දෙයක් කියන්න ඕනා... හරිම හොද කෙනෙක්. ඕන වෙලාවක උදව්වට ඉන්නවා.. අනික ස්කෝපියන් වගේ ටිවි සිරිස් එකකට සබක් කරනවා කියන්නේ පුදුම කට්ටක්. ඒක අද්දැකීමෙන් මත් දන්නවා. එහෙම කරලා කට්ටිටගෙන් බැනුම් අහනවා.... මොනා උනත් පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ. හිත හොදින් තමන් කරන දේ හරියටම කරන නිසා කවදාවත් සැලුනේ නැ. ලිපියෙන් මාව මතක් කලාට ස්තුතියි වේවා.

  25. widuranga

    50ta thanx broooooo

    150th gahamu hodeeee...

  26. Ravindu Rukshan

    50 වෙනි උපසිරසට සුභ පතනවා.
    මෙතනින් නොනැවතී උපසිරැසි 100 ම යන්න ජය පතනව....
    ඒවගේම උපසිරසියට ස්තුතියි .....
    ලිපියේ මාවත් මතක් කළාට ස්තුතියි.....

  27. Chamath Shalinda

    Subha pethum saho!!!!! 5o weni sub ekata...
    nomile me karana servise ekata kochchara thanks kalath madi!!!!
    jaya wewa!!!!!

  28. rasika

    thanks brother

  29. priyan99

    thanks saho 50 weni sub ekata,api siyalu dena wenuwen karana mehewarata suba patanawa.jaya wewa....

  30. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි!………
    ජය වේවා...

  31. Madura J. Kawshalya

    50 වෙනි උපසි‍රැසි නිර්මාණයට දේවක සහෝට මගෙන් සුබපැතුම්..ඒ වගේම මේ සබ් එකට තෑන්ක්ස්..ඒ වගේම 100 වෙනි නිර්මාණයටත් මීට අඩු කාලෙකින් එන්න පුලුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව..මූල්‍යමය වාසියකුත් නැතුව තමන්ගෙ කාලය,ශ්‍රමය වැය කරල කරන මේ කාර්යට ඇඩ්මින් මඩුල්ල ඇතුලු බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගෙ ස්තූතිය පුද කරනව..

  32. රුචිර සෙනෙවිරත්න

    එල බ්‍රෝ එල .ස්කෝපියන් එකට දිගටම සබ් දියන්

  33. Sanindu Lakkitha

    50 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පැතුම් සහෝ.. ඇත්තටම site එකේ වැඩිම බැනුම් අහලා ඇත්තෙත් උබ තමයි බන්. හැමදාම කවුරුහරි බැනලා Comment එකක් දානවා.. මං ආසම series එක තමයි scorpion. මෙච්චර බැනුම් මැද්දේ තාමත් මේක කරන එකට ඔක්කොටම වඩා thnx සහෝ..
    ඒ වගේ කවුරු මොනවා කිවුවත් ඉදිරියටත් උපසිරැසි ලබා දෙන්න සහෝ.. බනින මිනිස්සුන්ට වඩා වැඩක් අගය කරන මිනිස්සු වැඩියි සහෝ..
    හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    බුදුසරණයි.. ජය වේවා..

  34. Kulanjana Maduranga

    Hat off Respect Bro...Great work & Lot of thanks DEVAKA saho.wish u'r great future....

  35. සචිත් ලක්ෂාන්(සචී)

    දේවක අයියත් සෑහෙන්න ඉක්මනට 50 ගහල නෙව
    මුලින්ම එහෙනම් 50වෙනි උපසිරසියට හදවතින්නිම සුභ පතනව
    එහෙමනම් ඉතින් ඔය බනින ඒව ගනන් ගන්නෙ නැතුව 100ටත් ඉක්මනට යමු හොදේ
    ජයම වීවා

  36. nuwan viraj

    Scropian ekata sab denawata thkz bro

  37. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  38. Gayan

    Sub ekata thank's saho.

  39. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    50 හට සුබ පතනවා
    ස්කොපියන් හදන අය ඔයා ගැන දන ගෙනද කොහෙද පනස් වෙනි එක එනකොට මේකේ සුපිරිම කොටසක් හදලා තියෙන්නේ
    ඒ නිසා පනස් වෙනි එක ෆිල්ම් එකක් නොවුණා එක අඩුවක් කියලා පෙන්නේ නෑ
    උපසිරස කරන එක නතර කොරන්ඩ එහෙම එපා
    ඔය කට්ටිය අරව මෙවුව කිවුවට ගණන් ගන්ඩ එපා
    අපි ඉන්නවනේ

  40. VIRAJ

    thank u brother................
    congratz & best of luck

  41. ලහිරු චානක

    සුබ පැතුම් දේවක සහෝ. තවත් උපසිරැසි කරන්න ශක්තිය ලැබේවා..!!! ජය වේවා...!!!

    ප.ලි. උඩ සඳහන් කරල තියෙන්නේ මාව නෙමෙයි.. :-)

  42. damith

    congratz bro....
    50වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙන යමු ජයීන් ජයම වීවා!!!

  43. රොයිලි

    උණුසුම් සුබ පැතුම් දේවක සහෝ. මෙතනින් නොනැවතී ඉදිරි කඩඉම් වලටත් හැකි ඉක්මනින් ලඟා වෙන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  44. කවීන් ලහිරු

    50 වෙනි කඩයිමට සුබ පැතුම් දේවක සහෝ
    ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
    #ජය වේවා....

  45. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    100 වෙනි කඩයිමටත් ඉක්මනට ලගා වෙන්න අවැසි කාලය ශක්තිය ලැබේවායි පතමි...

  46. Sumal

    Niyamai. Thanks

  47. Anjana Gunasekara

    ගොඩක් ස්තුතියි..ඔහොමම 100ක් කරමු ..සුබපැතුම්...

  48. Asiri

    thanks sahooo

  49. sandamal

    මුලින්ම 50 සබට සුබ පැතුම්. එකත් Scorpion එකක් වෙන එක ගැන මටනම් සතුටුයි. 50 ගැහුවා වගේ 100 ගහමු. ජය වේවා සහෝ.

  50. Lakshan Prabodha

    Niyama bro..50 wagema 100th demu.... JAYA....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.