Watch Trailer

Sense8 [EP01] |ඇරඹුණු සිත් බැමි.. [සිංහල උපසිරසි සමඟ]

මම මීට කලින්ම කිව්වානේ අලුත්ම කතා මාලාවකින් හමුවෙමු කියලා. ඔන්න ඉතිං ඒ කිව්ව එක තමයි මේ ඉශ්ඨ සිද්ධ කරන්න යන්නේ. මේ අවුරුද්දේ Netflix වලින් නිකුත්වුනු නවතම කතා මාලාවක්. දැන් නිකුත් වෙලා නම් ටික කාලයක් වෙනවා. මේ සම්පූර්ණ කතා මාලාවම එකම දවසේ අන්තර්ජාලයට නිකුත් වුනා. කොහොමත් ගොඩක් දුරට Netflix වලින් මේ…

Sense8 TV SE1 -2

මම මීට කලින්ම කිව්වානේ අලුත්ම කතා මාලාවකින් හමුවෙමු කියලා. ඔන්න ඉතිං ඒ කිව්ව එක තමයි මේ ඉශ්ඨ සිද්ධ කරන්න යන්නේ. මේ අවුරුද්දේ Netflix වලින් නිකුත්වුනු නවතම කතා මාලාවක්. දැන් නිකුත් වෙලා නම් ටික කාලයක් වෙනවා. මේ සම්පූර්ණ කතා මාලාවම එකම දවසේ අන්තර්ජාලයට නිකුත් වුනා. කොහොමත් ගොඩක් දුරට Netflix වලින් මේ විදියට සම්පූර්ණ කතා මාලාවන් එක පාරටම අන්තර්ජාලයට නිකුත් කරනවා. පලමු කතා සමයේ සම්පූර්ණයෙන්ම කතාංග (Episode 12) 12ක් ඇතුල් වෙනවා. 🙂

ඒ වගේම මුලින්ම කියලා ඉන්න ඕනේ කතා මාලාව අන්තර්ජාලයට නිකුත් වුනු විගසම මම මේක බාගත්තා. මොකද කිව්වොත් කතාවේ ට්‍රේලර් එක බලපු ගමන්ම කතාව හොඳ එකක් කියලා මට දැනුනු නිසා. ඒ නිසාම මට අහුවුනේ නම් WEBRip.x264-SNEAkY වර්ගයේ වීඩියෝ පිටපත්. තරමක් ධාරිතාවෙන් වැඩි වුනත් මේ වර්ගයේ පිටපත් තමයි මුලින්ම අන්තර්ජාලයට නිකුත් වුනේ. මේ නිසා උපසිරැසි ලබාදීලා ඇත්තේ මේ පිටපතට ගැලපෙන විදියටම තමයි. එහෙම කිව්වා කියලා කවුරුවත් මට දොසක් කියන්න එපා, මේක වෙන වර්ගයේ වීඩියෝ පිටපත් එක්කත් ගැලපේවි කියලා මට විශ්වාසයි.

උපසිරැසිය ගැලපුනේ නැතොත්,

KMPlayer භාවිතා කරන අයට “[” “]” යතුරු (බට්න්)
භාවිතා කරලා උපසිරැසිය කාල රාමුවට අනුව ගලපගන්න පුළුවන්.

Media Player Classic (MPC) Player භාවිතා කරන අයට “F1” “F2” 
යතුරු භාවිතයෙන් උපසිරැසිය සුසර කරගන්න පුළුවන්.
—————————————————–

කතාව පිලිබඳව සරල අදහසක්.

මේ ලෝකයේ ජීවත් වෙන අපි පරිණාම වාදය අනුව මුහුදෙන් ගොඩට ඇවිල්ලා එක සත්ත්ව කොට්ඨාශයක ඉඳන් තවත් සත්ත්ව කොට්ඨාශයක් විදියට විවිධ අවස්ථා, අවධි, යුගයන්, පසුකරගෙන දැන් සිටින හෝමෝ සේපියන් අවස්ථාවේ පසුවෙනවා. මේ පරිණාමීය අවස්ථාවේ තමයි මම, ඔබ, අපි හැමෝම ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි බුද්ධි මට්ටම අතින් පරිණාමයේ පසුවෙන සෑම සත්තව කොට්ඨාශයකටම වඩා හෝමෝ-සේපියන් වරු වන අපි, පෘථිවි තලයේ ඉහල ස්ථානයක සිටිනවා. ඉතිං අපිට වඩා බුද්ධි මට්ටම අතින් විශේෂ හැකියාවන් තියෙන හෝමෝ සේපියන් වලට වඩා තවත් බුද්ධියෙන් ඉහල සත්ත්ව කොට්ඨාශයක් මේ පෘථිවි තලයේ ඉන්න පුළුවන් ද?

මේක ගොඩක් බැරෑරුම් ප්‍රශ්ණයක්. මොකද කිව්වොත් අපි අතරේ ජීවත්වෙන මිනිස්සු අතරින් අධිමානසික හැකියාවන් තියෙන මිනිස්සු ඉන්න බව දැනටමත් නවීන විද්‍යාව මගින් තහවුරු කරගෙන තියෙනවා. මානසික තරංග බලයන් භෞතික වස්තූන් චලනය කරන්න පුළුවන් විදියේ අය ගැන විවිධ පුවත් අපිට ජනමාධ්‍ය ඇසුරින් අහන්නට ලැබෙනවා. මේ විශේෂ හැකියාවන් තියෙන අයගේ ජානයන් වල, වර්ණදේහයන් වල, පොදු හෝමෝ සේපියන් ගති ලක්ශණ වලට අමතරව සංකීර්ණ අනුලක්ශන අන්තර්ගත වෙන බව විද්‍යා පර්යේශණ වලින් හොයාගෙන තියෙනවා. නමුත් මේ වගේ විශේෂ අනුලක්ශණ පවතින නිසා පමණක් මේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සු හෝමෝ සේපියන් කියන මනුශ්‍ය වර්ගයෙන් වෙන් කොට ස්ථීරවම වෙනත් පරිණාමීය පරම්පරාවක් වශයෙන් හඳුන්වන්න තරම් විද්‍යාඥයින්ට කිසිදු හේතු සාධකයක් ඉදිරිපත් කරන්න තවමත් හැකියාවක් ලැබිලා නෑ. අතරින් පතරින් හෝමෝ සුපීරියර් (Homo-Superior) වගේ නම් ඔයාලට අහන්න ලැබිලා ඇති කියලා මම හිතනවා. මේ වගේ නාමයන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය ජීව විද්‍යාත්මක සිදුවීම් නිසා. නමුත් ඉහත කාරණාව අනුව විද්‍යාත්මකව හෝමෝ-සේපියන් වරුන්ට වඩා ඉහල බුද්ධිමට්ටමකින් වැඩි සත්ත්ව කොට්ඨාසයක් පොලව “මතුපිටින්“ තවමත් හොයාගන්න ලැබිලා නෑ. (අඩුමගානේ දැනට මම දන්න තරමින් එහෙම නෑ)

ඉහත දක්වපු හේතුව නිසාම තමයි මේක බැරෑරුම් ප්‍රශ්ණයක් කිව්වේ. නමුත් මේ කතාවේදී පාදක වෙන කතා සංකල්පය සමග ඉහත මම සඳහන් කරපු කරුණු අඩමානයකට ලක් කරනවා. මේ කතාව ආරම්භයේදීම කතාව පිලිබඳව ලොකු අදහසක් ඔයාලට ලබාගන්න නොහැකි වේවි. මේ නිසා කතාව තේරුම් ගන්න නම් දිගින් දිගටම ඉසීමෙන් බලන්න වේවි.

මේ කතාවේදී ප්‍රධාන චරිත 8ක් ඉන්නවා.

1. නම – විල් ගෝර්ස්කි (Brian J. Smith)
රට – ඇමරිකාව, චිකාගෝ
වෘත්තිය – පොලිස් නිලධාරියෙක්
විශේෂ හැකියාවන් – විමර්ශණ කිරීම්, ගිනි අවි හැසිරවීම්, සටන් කිරීම

2. නම – නෝමි මාර්ක්ස්< (Jamie Clayton)
රට – ඇමරිකාව, සැන් ෆ්‍රැන්සිස්කෝ
වෘත්තිය – අන්තර්ජාල මාධ්‍යවේදිනියක්
විශේෂ හැකියාවන් – කම්පියුටර් හැකිං, විමර්ශණය කිරීම්

3. නම – වුල්ෆ්ගැන්ග් (Max Riemelt)
රට – ජර්මනිය
වෘත්තිය – අගුලු කාර්මික, සොරකම් කිරීම්
විශේෂ හැකියාවන් – සේප්පු බිඳීම්, ගිනි අවි හැසිරවීම්, සටන් කිරීම

4. නම – කලා (Tina Desai)
රට – ඉන්දියාව, මුම්බායි
වෘත්තිය – වෛද්‍යවරියකි
විශේෂ හැකියාවන් – ඹෟශධ වේදය, රසායන විද්‍යාව

5. නම – රයිලි</b> (Tuppence Middleton)
රට – අයිස්ලන්තය / එන්ගලන්තය 
වෘත්තිය – DJ සංදර්ශණ පැවැත්වීම
විශේෂ හැකියාවන් – සංගීතය වේදිනියක්

6. නම – ලීටෝ රොඩ්‍රීගස් (Miguel Angel silvestre)
රට – මෙක්සිකෝව
වෘත්තිය – රඟපෑම
විශේෂ හැකියාවන් – රඟපෑම, දක්ශ සමාජමය හැසිරීම්

7. නම – සන් (Doona bae)
රට – කොරියාව, සෝල්
වෘත්තිය – ව්‍යාපාර
විශේෂ හැකියාවන් – සටන් කලා ප්‍රවීණත්වය, ව්‍යාපාර කලමණාකරණය

8. නම – කැෆියස් (Aml Ameen)
රට – කෙන්යාව, නයිරෝබි
වෘත්තිය – බස් රථ රියදුරෙක්
විශේෂ හැකියාවන් – රථ වාහන පිලිබඳ විශේෂ දැනුම, ප්‍රවීණ රියදුරෙක්

කතාවේ සිදුවීම පිලිබඳ සාරාංශයක්.

මුලදී කතාව ගැන අදහසක් විදියට මම කතාවේ මූල පදාර්ථය පිලිබඳ පැහැදිලි කිරීමක් කලා. දැන් කතාව ගලාගෙන යන්නේ මොන වගේ විදියකටද කියලා පැහැදිලි කරන්නයි සූදානම් වෙන්නේ.

මම ඉහතදී හඳුන්වපු චරිත 8 අතරේ තමයි කතාව ප්‍රධානවම ගලාගෙන යන්නේ. මුලදීම දරුණු විදියේ නරක හීනයක් පේනවා. එකම හීනය තමයි 8 දෙනාටම පේන්නේ. ඒ වගේම තමයි මෙයාලට හේතුවක් නැතුව විවිධ ශබ්ධ ඇහෙන්නට පටන් ගන්නවා. ඒ වගේම විවිධ අයගේ රූප මැවිලා පේනවා. ඒ වගේම එයාලට මේ රූප එක්ක කතා කරන්න වුනත් පුළුවන්. වෙලාවකට හේතුවක් නැතුව අඬන්න හිතෙනවා, විනෝදයක් දැනෙනවා, තරහාවක් දැනෙනවා, ආතතිය දැනෙනවා, විවිධ ශබ්ධ ඇහෙනවා, ඒ වගේම විවිධ ආශාවන් දැනෙනවා. මේ විදියට මේ හැමෝටම විවිධ අසාමාන්‍ය විදියේ දේවල් සිද්ධ වෙනවා.

ආරම්භයේදීම මෙයින් සමහරෙක් හිතන්නේ තමුන්ට පිස්සු හැදීගෙන එනවා කියලා. සමහරෙක් ඒවා ගනන් ගන්නේ නැතිව සාමාන්‍ය විදියට ජීවිතේ ගෙනියන්න උත්සාහා කරනවා. නමුත් මේ සිදුවීම් දිගින් දිගටම සිද්ධ වෙද්දී, මෙයාලට අවශ්‍ය වෙනවා මෙහෙම වෙන්නේ මොකද කියලා දැනගන්න. ටික කාලයකට පස්සේ හදිසියේම තමුන් ඉන්න තැන වෙනත් තැනක් විදියට දැනෙනවා. උදාහරණ විදියට කිව්වොත්: නයිරෝබි වල ඉන්න කොල්ලාට ලන්ඩන් වල ගෙයක් ඇතුලේ සිද්ධ වෙන දේවල් පේනවා. ලන්ඩන් වල ඉන්න කෙල්ලට, තමුන් නයිරෝබි වල පාරක් මැද හිටගෙන ඉන්නවා කියලා දැනෙනවා. රෑට ජර්මනියේදී නිදාගන්න ඇඳට ගියපු කෙනා, උදේට අවදි වෙන්නේ ඉන්දියාවේ ඇඳක් උඩින්. කණ්නාඩියක් ඉදිරිපිට හිටගත්තු කෙනෙකුට තමුන්ගේ ප්‍රතිභිම්බය විදියට පේන්නේ වෙනත් කෙනෙකුගේ රූපයක්. මේ විදියටම තමයි තමුන්ගේ හිතේ ඇතුලේ පේන සිදුවීම් සැබෑ දේවල් වගේමයි දැනෙන්නේ. ඒ වගේම තමයි හිතේ මැවිලා පේන පුද්ගලයින් තමුන්ගේ වටපිටාවේ ඉන්න අයට නොපෙනුනත්, තමුන්ට අතින් ස්පර්ශ කරන්න වුනත් පුළුවන්.

පස්සේ මෙයාලව හමුවෙන්න ජෝනාස් කියලා කෙනෙක් එනවා. මේ ජෝනාස් කියන කෙනාත් මෙයාලා වගේම කෙනෙක් කියලයි කියන්නේ. එයා මෙයාලට පැහැදිලි කරලා දෙනවා, තමුන් ඇතුලුව මේ ලෝකයේ 8 දෙනෙක් උපතින් එකිනෙකට සම්බන්ධයි කියලා. මෙයාලා වයසෙන් තරුණ අවධියට පැමිණුනාට පස්සේ කෙනෙකුට දැනෙන සංවේදනාවක්, එකිනෙකා අතරේ බෙදී දැනෙන්නට පටන් ගන්න බව කියනවා. ඒක ආරම්භ වෙන්නේ ඒ විදියටයි. පසුව මෙයාලගේ දැනුම එකිනෙකා අතරේ බෙදා හදාගන්න හැකියාව ලැබෙනවා. මේ අට දෙනාගෙන් කාටහරි කරදරයක් සිද්ධ වුනොත්, එයාට 8 දෙනාගෙන් ඕනේම කෙනෙකුගෙන් හෝ සියල්ලන්ගේම උදව් ඇතිව ඒ කෙනාට කරදරයෙන් බේරෙන්න හැකියාව ලැබෙනවා. උදාහරණ විදියට කිව්වොත්: තමුන් ගිනි අවි හසුරුවන්න දන්නේ නැතිනම් තමුන්ට පුළුවන් ගිනි අවි හසුරුවන්න දන්න කෙනෙකුගේ දැනුම හෝ විශේෂ හැකියාව උපයෝගී කරගෙන ගිනි අවි භාවිතා කරන්න. සටන් කරන්නට අවශ්‍ය තැනකදී තමුන් හොඳින් සටන් කරන්නට දන්නේ නැතිනම් තමුන්ට පුළුවන් සටන් කලාවේ දක්ශ කෙනාගේ දැනුම, හැකියාව, සහජ බුද්ධිය තමුන්ගේ වගේ භාවිතා කරලා සටන් වදින්න. හැබැයි මේක කරන්න පුළුවන් මේ 8 දෙනා ඇතුලේ විතරයි

මේ වගේ විශේෂ හැකියාව තියෙන අය එකපාරකට ලෝකයේ ඉපදෙන්නේ 8 දෙනෙකු පමණයි. මේ 8 දෙනෙකුගේ කණ්ඩායමක් රාශියක් (Cluster) විදියට හඳුන්වනවා. ඒ වගේම තමයි මේ විශේෂ මානසික ජාලකරණ සම්බන්ධතාව Psycellium කියලා තමයි හඳුන්වන්නේ.

මේ කතාවේදී මෙයාලගේ පෞද්ගලික ගැටලු වලදී මේ හැකියාවන් මෙයාලට ගොඩක් උපකාරී වෙනවා. ගොඩක් දුරට ගොඩක් අයගේ ජීවිතේ බේරෙන්නේත් මේ හැකියාව නිසා. ඒ වගේම සමහර වෙලාවට මේ හැකියාව වාතයක් වෙන වෙලාවන් පවා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කෙනෙක් තේ බොන වෙලාවට තවත් කෙනෙක් උදේ කෑම ගත්තාම, කෑම කන කෙනාට තේ එකේ රස දැනෙනවා, තේ බොන කෙනාට උදේ කෑමක රසක් දැනෙනවා වගේ දේවල්. එකිනෙකාගේ දැනුම බෙදාගෙන මෙයාලා මෙයාලගේ පෞද්ගලික ප්‍රශ්ණ ගැටලු විසඳඟෙන ජීවත් වෙන අතරේ, මෙයාලා වගේ අයව දඩයම් කරන්න වෛද්‍යවරයෙක් එනවා. මේ නිසා මෙයාලට හැම වෙලාවකම වගේ බියෙන් සැකෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. මේ නිසා මේ 8 දෙනාගෙන් කිහිප දෙනෙකුට පණ බේරගන්න ලොකු ලොකු අවධානම් තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මේ තමයි කතාවේ පලමු සමය. මේ වනවිට මේ කතා මාලාවට IMDB දර්ශකයේ 8.5 ක අගයක් හිමිවෙලා තියෙනවා. නමුත් තවමත් කතාවේ දෙවැනි සමයක් (Season 2) නිශ්පාදනය කරනවාද කියන එක පිලිබඳ නම් තවමත් ප්‍රකාශයට පත් කරලා නෑ. නමුත් කතාව කෙටි කාලීනව අත්පත් කරගත් ජනප්‍රියතාවයත් සමග, ඉදිරියේදී බොහෝවිට මේ කතාවට දෙවැනි සමයකුත් එකතු වීමට පුළුවන් කමක් තිබෙන බවයි අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවි වල සඳහන් වෙන්නේ. මේ විදියට කතාවේ සිද්ධ වෙන ගොඩක් දේවල් කතාව බලලාම ඔයාලට දැනගන්න ඉතුරු කරන ගමන් කතාව පිලිබඳ හැඳින්වීම මම මෙතනින් නවත්වන්නම්.

කතාවේ රචකයා පිලිබඳව…

කතාව ගැන හැමදාමත් විස්තර කරනවා. නමුත් කවමදාවත් අපි කතාවකට උත්පත්තිය දීපු කෙනා ගැන සඳහන් කරන්නේම නැති තරම්. අපි මේ බලන්න යන කතාවේ රචකයා තමයි J.Michael Straczynski. මෙයා විසින් තමයි…

Superman : Earth One (vol:1, vol:2)
Before Watchman : Nite owl / Dr.Manhatten
Ten Grand
Thor, (vol:1)
Wonder women : Odyssey (vol:2)
Cvil War
Silver Surfer
Amazing Spider Man (vol:1, vol:5)
Protectors Inc

කියන මේ වගේ පොත් රචනා කලේ. ඒ වගේම තමයි මේ පොත්වල ජනප්‍රිය බව නිසාම තමයි මේ කතාවත් ගොඩක් අය අතරේ ප්‍රසිද්ධ වුනේ. තෝර්, ස්පයිඩර්මෑන්, ෆැන්ටාස්ටික් 4: සිල්වර් සර්ෆර්, වගේ චිත්‍රපටි ගණනාවකදී මෙයාගේ පොත් මූලික කරගෙන තමයි චිත්‍රපට රචනා කරන්නට යෙදුනේ. මෙයා ලියපු කතා පොත් වගේ සුපිරි වීරයෝ සම්බන්ධ කතාවක් නම් නෙමෙයි මේ කතා මාලාවේ තියෙන්නේ. 🙂 මේ කතාව විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන කතා මාලාවක්.

අවසාන වශයෙන් වුනත් කියන්න වෙනවා, මේ කතාව වඩාත් සුදුසු වයස අවුරුදු 18ට වඩා වැඩි අයට. මත්ද්‍රව්‍ය භාවිතය, නිරුවත් දර්ශණ සහ සමලිංගිකත්වය වැනි දර්ශණ තේමාවන් ගොඩක් අඩංගු කතා මාලාවක්. ඒක නිසා මුලින්ම තමුන්ට සුදුසු කතාවක්ද කියලා සැලකිල්ලට අරගෙන කතාව බලන්න පටන් ගන්න කියලා හැමෝටම කියනවා.

කතාවේ උපසිරැසි සියල්ලම එකපාර දෙන්න කියලා තමයි මම සූදානම් වුනේ. ඒත් අඩවියෙන් ඒකට එකඟ වුනේ නැති නිසා මට කතාව මේ විදියට දවසකට එකක් ගානේ දෙන්න සිදුවෙනවා. දවස් 12ක් ඇතුලත කතාව සම්පූර්ණයෙන් දීලා අවසන් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා. කතාව රසවිඳින්න කියලා අවසානයේ හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. ඒ වගේම තමයි අද ලිපිය ගොඩක් දිගට ලියපු නිසා ඉදිරි කතාංග වල දිගට ලිපි ලියන්නේ නෑ. 🙂

කැමති නම් මගේ උත්සාහය වෙනුවෙන් ඔයාලට පහලින් අදහසක් දක්වලා යන්නත් පුළුවන්.

                                                                           ☀ ආයු – බෝ – වේවා !!! ☀

 

Sense8 (2015– ) on IMDb

 

 

සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න

A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,425 downloadsDownload Sense8.S01E01.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                         Next Episode >>

Subtitles

3,425 downloadsDownload Subtitles43 KB

58 comments

  1. lahiru

    thanx macho sub ekata patta kathawak wage.balamu dwnld karala

  2. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  3. achi

    නියම ලිපියක්!!! ස්තුති සහෝ!!! එකින් එක දෙමු. අවුලක් නෑ.

  4. Thanu

    Supiri 1k wage, aniwa balanawa, thanx saho

  5. R.D

    නියමයි සහෝ.....මේක අනිවාර්යෙන් බයිස්කෝප් එකෙන් සබ් ඒක දෙනවා කියලා දන්නවා.බලන්නේ නැතුව බාගෙන තියාගත්තා.දැන් ඉතින් සිංහලෙන්ම බලන්ඩ පුළුවන්.
    අනික ඉතින් ප්‍රණීත් සහෝ ගෙ වැඩක් නිසා ආයේ කතා දෙකක් නෑනේ.........
    මේ සදහා වැය කල ඔබගේ වටිනා කාලයට බොහොම පින්...(අද පොය නේ ... :-) )

  6. Kulanjana Maduranga

    Patta tv series ekak wage.lipiyath patteta liyala thiyanawa....1st epya balala imu...issarahata balanawada nadda kyla balanna,,Thank you PRANEETH saho.digatama sub tika demu.jaya wewa..........

  7. යශෝධ

    නියම කතා මාලාවක්. ආපු දවස් වලම බාගෙන බැලුවා. ආපහු සැරයක් සිංහලත් එක්කම බැලුවට පාඩුවක් නැහැ. බොහෝම ස්තූතියි ප්‍රණීත් සහෝ උපසිරැසියට. ජයම වේවා..!

  8. Saketha Pulasthi

    අගෝස්තු නිවාඩුවේම පැල් බැඳගෙන බලන්න පුලුවන් පට්ට කතාවක් වගේ.ඉතුරු කතා ටිකත් ඉක්මනට දෙමු. උපසිරසියට බොහොම ස්තූතියි :) :) :)

    1. danu

      saketha.. machan sure neda me link eke tiyena 2GB cope ekatath sub match wenawa kiyala... math download karanna yanne.. ekai ehuwe..

    2. Saketha Pulasthi

      ඕකේ video Source එක Sense8.S01.Season.1.1080p.WEBRip.x264-SNEAkY ඒක නිසා ශුවර්

    3. nipuna

      mchow me copy eke audio witharai play wenne

    4. danu

      onna mamath ape saketha saho kiyapu 2GB copy eka down kara... dan balanna patan gamu.. sub match wenawada kiyala mamath kiyannam balalama.. jaya wewa.. thanks sub ekata

  9. “චූටී මල්ලි”

    post eka super
    hitunoth maath balanawa frist epye poddak baluwa
    pissu wage nikan
    okkoma denna
    tnx

  10. Keshan Wasala

    ලිපියෙන්ම කතාව සුපිරි එකක් වගේ දැනෙනවා අනිවා බලනවා ප්‍රණීත් සහෝ :D එහෙනම් සබට වගේම ලිපියටත් බොහොම ස්තුතියි !! :) ජය වේවා !!

  11. සුපුන් බුද්ධික

    එහෙනම් ඔන්න තවත් බලගෙන උන්නු කතාවක්..
    නියම පැහැදිලි කිරිමක් එක්කම දිලා තියෙන්නේ.
    ගොඩක් ස්තූතියි සහෝ ලිපියටයි උපසිරසියටයි..

    ජය වේවා !!!

  12. RaShz Ever

    qwa vidihatanam patta wage.. ahenam jaya wewa...

  13. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!!1

  14. Buddhika

    Thank you praneeth. Looks like interesting tv series..good description once again thank you brother....

  15. රවිඳු තේනබදු

    ආපු දවසෙම එක එපියක් බැලුවා... 18+ කිව්වනම් වඩා හොඳයි නේද. ඉතුරු ටික වෙලාවක් ලැබුණම බාමි. සබට තුති.

  16. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ඇහැ දාගෙන උන්නු එකක්!
    ජයවේවා!

  17. Kasun SK

    ආපු දවස් වලම බාගෙන බැලුවා, අයේ බලනව, උපසිරැසියට තුති, ජයවේවා!!!

  18. prabodha

    patta ikmanatama dendooo

  19. Ravindu

    patta.anik tikat digena digena yamu ikmanta :D

  20. Crazzy Shanuzz

    greatrzz wrk bro.ethuru tikth ikmnata depn....

  21. thisal

    තෑන්ක්ස් සහෝ!
    ජයවේවා!

  22. Sachee

    Thanks bro

  23. SRIMAL

    ela ela sahooooooo

  24. [Prash]

    thnx mcn...

  25. සසිනිකා

    අලුත් කතාවක් ..
    ගොඩක් ස්තූතියි උපසිරැසියට

  26. මධුකප්‍රිය පෙරේරා

    ආ මේ දීලා තියෙන්නේ ..සහෝ මේක බාරගත්ත බව
    දැනගත්ත දවසේ ඉදන් දෙනකම් බලන් උන්නේ.
    ඒක දැනගත්ත නිසා කොටස් තුනකට වඩා බැලුවේ නැහැ ..
    ඉතින් සහෝ මේ වගේ තවත් කතාමාලාවක් ඉක්මනට අරන් එන්න..
    ලිපියටයි උපසිරසියටයි දෙකටම ස්තුතියි.

  27. Nadeera Mystry Frodo

    උඹේ ලිපිය කියෙවුවම ට්‍රේලර් එක බලන්න ඕනි නෑ කියල හිතුණා...
    සුපිරි කතාවක් වගේ.... හෙට අනිද්ද A/L තිබුණත් අනිවා බලනවා...
    තෑන්ක්ස්...
    දිගටම සබ් එක දියන්...

  28. sameera

    Thanks....

  29. lakmal

    thxxxxxxxxxx

  30. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි ප්‍රණිත් සහෝ.
    සුපිරිම සුපිරි කතාවක් නේ මේක.
    විභාග කටයුතු අවසන් වූ වහාම බලන්න ඉන්නේ
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ
    ලිපියටත් ගොඩාක් ස්තූතියි
    සුපිරි ලිපිය සහෝ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!!

  31. harsha

    ඔන්න එහෙනම් මමත් මේක බානවා ස්තූතියි ප්‍රනීත් ජයවේවා

  32. Rasidu

    නියම කතාවක්......මං හිතුවා ඔයා කිවා වගේම අවුරුද්දක් විතර sub හදන් නැති වෙයි කියල...
    මරු මරු..මේක දවස් 12 කින් ඉවර කරලා තව හොද season ගොඩක් තියෙන එකකට sub දෙන්න
    sub එකට තැන්ක්ස්

  33. danu

    mama sampurna lipiya kiyewwa.. trailer ekath beluwa... hoda sci-fi story ekak kiyala hithenwa.. math adama download karanawa...thanks... suba pathanawa idiri wada walata.. sub 12 ma demu... good luck bro

  34. නලින්

    ස්තුතියි! ප්‍රණීත්
    ජය වේවා!

  35. rukka

    hambooo post eka kiyawannama yanawa godak wela supiri machan supirj digatama ohonmamaa sub demu. uda dala tina post eken apita godak dewal danaganna puluwam ekatath godak sthuti jaya wewa™™z!!

  36. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කියලම වැඩක් නැහැ ප්‍රනීත් සහෝ..
    සුපිරි ඩයල් එකක් ඔයානම්..
    අනිවා මේ කතාව ගන්නවා...
    ඔන්න දැනටනම් එපි 3 යි බාගත්තේ...
    මේ දවස් වල ඩේටා හිගයක් තියෙනවා මට..
    එහෙනම් දිගටම ගේමු..
    ජය වේවා!!

  37. lakshitha

    thnx saho sub 1te :D

  38. තිසර නියෝ

    නියමයි ප්‍රනීත් සහෝ...
    සුපිරි කතා මාලාවක්නේ ගෙනත් තියන්නේ...
    අනිවා බාගන්න ඕනි..
    නියම ලිපියක්නේ දී තියෙන්නෙත්..
    ජයවේවා..
    ඉක්මනටම අනිත් කොටස් ටිකක් දෙමු..

  39. Suranjaya_91

    blagena hitiye bro meka denakan.. ekenma thankxx

  40. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. pramuk

    thanx bro

  42. chathuka

    praneeth tnx kollo

  43. chinthaka

    patta kathawak thnx saho lipiyath supiriyatama dila thiyenawa

  44. dinuka madumal keerthirathne

    good one brother

  45. lahiru

    tanxx broo

  46. Tharaka Lahiru

    tnq mcn

  47. Sasanka Tharindu

    Thnx bro

  48. dulitha hashan

    Thankz sub ekata...jaya wewa..

  49. thilin2

    Sub ekat thanks broh.

  50. 1997lakmallakmal

    thanx brooooo...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.