Watch Trailer

The Bible [E10 – Courage ] | ධෛර්යය හා නිර්භීතකම….. [සිංහල උපසිරැසි සමඟ]

[box] හොඳයි මේ කතා මාලාවේ අවසාන කොටස. කලින් කොටස් ටික ඔක්කොමල්ලා බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දි ජේසුතුමාව අසාධාරණ තීන්දුවකින් පස්සේ කුරුසියේ ඇණ ගහලා අවසානයි. ඒත් මේක වුණේ පාස්කු දිනට කලින් දවසේ නිසා ජුදෙව් සංස්කෘතිය අනුව නිසි පරිදි සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට නොහැකි වූ නිසාත් පාස්කු දිනයට පසුදා උදේ ප…

The BIBLE episode 10 හොඳයි මේ කතා මාලාවේ අවසාන කොටස. කලින් කොටස් ටික ඔක්කොමල්ලා බලන්න ඇති කියලා හිතනවා. මේ වෙද්දි ජේසුතුමාව අසාධාරණ තීන්දුවකින් පස්සේ කුරුසියේ ඇණ ගහලා අවසානයි. ඒත් මේක වුණේ පාස්කු දිනට කලින් දවසේ නිසා ජුදෙව් සංස්කෘතිය අනුව නිසි පරිදි සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට නොහැකි වූ නිසාත් පාස්කු දිනයට පසුදා උදේ පාන්දරම ඒ කටයුතු කරන්න බලද්දි සොහොනේ කට වහන්න තියපු රවුම් ගල පෙරළා දාලා තියෙන බව දකින්න ලැබෙනවා. ඒත් මේ තැනැත්තාගේ සිරුර කොහාට හරි ගෙනියයි කියලා හිතලා සොහොනේ මුරට හිටපු කවුරුත් ඒක කොහොම වුණාද කියලා දන්නෙ නෑ.

අද කොටස පටන් ගන්නෙ එතැන් ඉඳලයි. අද කොටසට වැඩිපුර දායකත්වයක් දක්වන්නේ අපෝස්තුලුවරයන්ගේ ක්‍රියා පොතයි. එහි මූලිකවම දැක්වෙන්නේ ජේසුතුමාගේ මරණයෙන් පස්සෙ බයෙන් හැංගිලා උන්නු ගෝල පිරිස උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ එඩිතරව කරපු කාරණා ගැනයි. විශේෂයෙන් උන්වහන්සේ නැවත ස්වර්ගයට වැඩිය පසු උන්වහන්සේ පොරොන්දු වූ ලෙසම පෙන්තකොස්ත දිනයේ පහළ වූ ශුද්ධාත්මානුභාවයෙන් ඔද වැඩුණු කිතුනු සැදැහැවතුන් ගත කළ විජයග්‍රාහී ප්‍රබල ජීවිත හා ශුද්ධාත්මානුභාවය ප්‍රදානයෙන් වරම් ලත් කිතුනු ගෝල පිරිස සුබ අස්න රැගෙන ලොව පුරා ධර්මදූත සේවයෙහි යෙදුණු ආකාරය දැක්වීම යි.

ජෙරුසලමෙන් පටන්ගෙන, ජුදා ජනතාවට සීමා වී තිබුණු කිතුනු ව්‍යාපාරය බොහෝ තාඩන පීඩන මැද ලෝ පුරා පැතිර ගිය ආකාරය පිළිබඳ ඓතිහාසික කරුණු ගෙනහැර පෑම හා කිතුනු ව්‍යාපාරය හුදෙක් රෝම රජය බිඳ හෙළීමට ඇරඹුණු ප්‍රයත්නයක් නොව, ජුදා ආගමික මූලාශ්‍රයන්ගෙන් ඇරඹුණු කිතුනු ඇදහිල්ලේ ප්‍රතිඵලය බව පෙන්වීම ද මෙමඟින් නිරූපණය වෙනවා. විශේෂයෙන් මෙහි එන පාවුලු තුමා තමා නවගිවිසුමේ ඉතිරි කොටසේ තියෙන ලිපි වලින් වැඩි හරියකට දායකත්වය සපයලා තියෙන කෙනා.

හොඳයි එහෙනම් මේ කතා මාලාව මෙතනින් අවසාන වෙනවා. මේ හැම කොටසක්ම බලපු, කමෙන්ට් කරපු නොකරපු හැමෝමටම ස්තූතිවන්ත වෙනවා. වචනයකින් හරි දිරි ගන්වපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. හෙට ආපහු Revolution තුළින් හම්බවෙමු. 209

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,835 downloadsDownload The.Bible_.2013.E10.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode  

Subtitles

1,835 downloadsDownload Subtitles37 KB

52 comments

  1. sumudu

    ade thawa akak... meyaka iwarai ne thxxxxx

  2. chami

    thnxxxxxxxxxx

  3. tharanga

    එළනේ රොයිලි නම් මේ කතා සෙට් එක දුන්න නැති වෙන්නම මම තාම 5 හා බලන්නේ,. දුන්න වේගෙට බලනවා තියා හිතා ගන්නත් බෑ.

  4. quik

    thanks

  5. mihin ලංකා

    වටිනා කතාවක් අනිවා ඉවරවෙනම් බලනවා තාම කලින් කොටස් බලන්නේ. දුන්න වේගෙට බලන්න කොහොමෙයි :) සුපිරි

  6. upali

    ela ela ela

  7. rusuru | රුසිරු

    නියමයි රොයිලි එ වැඩෙත් ඉවරයි

  8. Bandula

    jaya

  9. zumo man

    elazz thnxzzzz

  10. shann

    Thanks Royli

  11. p.a.t.h.u

    maxxa saho

  12. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බුදු අම්මේ වෙඩි වගේ දුන්න නොවැ....දැන් ඉතින් හීන් සැරේ බැලිල්ලක් තමා...
    බොහොම ඉස්තුතියි...

  13. ss

    ටීවී සීරිස්වලින් සයිට්එකම පිරිලා.
    මූවියකුත් එනකන් බලන් ඉන්නෙ

  14. suranga

    niyamai ro.....ubanam maru.api nodanna dewal godak me katawen denagatta.e wagema meka pasalwala inna lamuntath godak watina katawak..mewage dewala godak watinawa..oyalage weda nam maremaru...jayen jayawEWAAAAAA..........

  15. සමීර කරුණාරත්න

    මේ පහුගිය සතියේ විප්ලවය නොගිය එකට අපේ පිටින් පිරිමහපු තරහ නේද...
    මේ සතියේ කොටස විකාශය වෙනකොට අපේ KING තරහා නිවාගෙන වගේ...
    මුළු කතා මාලාවටම බොහෝම පිං හොදේ.... මේ වගේ දැනුමක් මේ තරම් ඉක්මනට දීල දාපු එක මාරම වටින වැඩක්...

  16. thushan

    thanxxxxxxxxxxxxxxxxx bro Defiance season 1 yanawa sinhala sub denna

  17. Kavindu Rowel

    Great Work Man.keep it on.

  18. Gagan

    Thanxs saho series ekama dunnata.

  19. Chanaka

    This work is great. what a wonderful work you have done for the society. I appreciate his kind of things.

    Weldon

    Chanaka

  20. mudiya / මුදියා

    නියමයි රොයිලි අයියා.සුපිරි මේක එක දිගට දුන්න එක.ඔයා ගැනනම් කියන්න වචන නෑ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  21. yeshu

    සියලුම කොටස් වලට සබ් දුන්නට ස්තූතියි. ඒ වගේම the massage ෆිල්ම් එකට සබ් දෙන්න පුළුවන්ද?

  22. yeshu

    සියලුම කොටස් වලට සබ් දුන්නට ස්තූතියි. ඒ වගේම the massage ෆිල්ම් එකට‍යි the ten commandments ෆිල්ම් එක‍ට‍යි සබ් දෙන්න පුළුවන්ද?

  23. වරුණ

    නියම කතා මාලාවක් සහෝ...... උපසිරැසි සමඟ දුන්නට ස්තුතියි ඔබට.........

  24. “චූටී මල්ලි”

    එල එල සහෝ
    ඇත්තටම ඔයා නම් වචනයෙ පරිසමාප්ත
    අර්ථයෙන්ම උපසිරැසි රජෙක්

    බෝම ස්තුතියි සබ් එකට
    දිගටම සබ් දෙන්න
    ඔබ ජය....

  25. nayana

    මම හිතන්නේ ඔබ කාතෝලික / ක්‍රිස්තියාණි ආගම අදහන කෙනෙක් ….( සමාවෙන්න ඒ වර්ග කිරීමේ වෙනස ගැන මට හරි වැටහීමක් නැහැ )... මම කාතෝලික / ක්‍රිස්තියාණි ආගම ගැන දැන සිටියත් නිවැරදි වැටහීමක් යම් තරමකටවත් ලබා ගත්තේ ඔබ සබ් දීපු THE BIBLE බැලුවට පස්සේ … ඉතිං ඔබට ගොඩක් ස්තුතියි … ඒ කථාමාලාවට … මම එක් වරක් බාගත කරගන්න එක කී දෙනෙක් අතට යනවාද මම දන්නෙත් නැහැ .. මම 10 කට දුන්නොත් ඒ 10 දෙනා තවත් 10 දෙනෙකුට දුන්නොත් ... සංකරන සංයෝජන වලින් තමා ගණනය කරන්න වෙන්නේ ... ඉතිං ඕ ගොල්ලන්ගේ උත්සාහය නිසා කී දෙනෙක් සතුටු වනවාද කියන එක කාටවත් කියන්න බැහැ ....THANKS !

  26. suresh

    Thanks a lot.....

  27. කේ.යු.ජී.උදාර

    රොයිලි මේක එක හුස්මට අහවර කළත් තාම මං එක කෑල්ලක්වත් බැලුවේ නැහැ.........
    හෙමිහිට බාගෙන බලනවා.
    කොහොමවුණත් මේ වටින වැඩේ වෙනුවෙන් මගේ ස්තූතිය.

  28. ඩොක් අයියා

    ගොඩක් ස්තුති මේක අපිට හදලා දුන්නට.

    ඔයාට ජේසු පිහිටයි.

  29. RAVEEN MAX

    Did Christ come to India to study Buddhism....

  30. Dilan

    katha malawatama godak thanx!!!

  31. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

  32. Charuka

    apita shudda wanthayange jeewithakatha film walata dapuwage sub dala denna baida?

  33. nuwan

    “රොයිලි ප්‍රනාන්දු” oyata godak thx me tv se eka danmata. meka godak watina ekak catholic apita api nodannne godak dewal sinhalen baladdi api danagathe oya nisa oyata god bless... digatama karagena yanne

  34. mindika

    Thanks !!!!!

  35. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. charuka.93

    අයියේ ගොඩක් ස්තූතියි....මම මේක බාලා අපේ පල්ලියෙත් පෙන්නුවා,කට්ටිය අහනවා කොහෙන්ද කියලා මං ඉතින් baiscope එක ගැන කිව්වා,ගොඩාක් thnxxxxxxxxxx

  37. Prasanna

    niyama film aka thanxx

  38. Amil

    Thanks Brother....
    :-)

  39. thilina

    super job, brother

  40. gayan

    ela ayeth bauthisma una wage ...

  41. viradaka

    ගෙදර අයටත් එක්ක පින් ලබෙවා

  42. Nalinda

    Mama me' film eke 8, 9, 10 kotas download karagena baluwa godaak lassanata karapu film ekak. Upa sirasi walata kaalaya weya kireema gana Royili Fernando sahodarayata godaak sthuthiwantha wenawa. Digatama Sub daanna, Jaya wewa :)

  43. වරුණ නිරෝෂණ

    බොහෝම වේගයෙන් නොදන්නා ආගමක් ගැන හොදින් කියාදෙන මෙවන් වටිනා කතා මාලාවක් අප වෙත තේරෙන භාසාවෙන් දුන්නාට ඔබට බෙහෛා්ම ස්තුතියි සහෙේ

  44. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  45. Amila

    Great work Bro...

  46. A.D.D.SURANGA

    good bless bro.god work

  47. Asanka

    Thank you very much for this. I m waiting for Super man vs Bat man new movie.

  48. rohana

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  49. sanjeewa

    good job bro..god bless you and your team

  50. Kavinjayanath

    රොයිලි අයියේ AD The bible continues එකෙ සබ් එක දෙන්නකො

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.