Watch Trailer

The Hangover Part III (2013) | වෘක රැළේ අවසානය…. [සිංහල උපසිරැස සමඟ]

2009 වසරේ ජූනි 9 වනදා Todd Phillips ගේ අධ්‍යක්ෂණයෙන් The Hangover සිනමා ලෝකයේ අත් පොත් තිබ්බ. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් ම…

The Hangover Part III (2013)2009 වසරේ ජූනි 9 වනදා Todd Phillips ගේ අධ්‍යක්ෂණයෙන් The Hangover සිනමා ලෝකයේ අත් පොත් තිබ්බ. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් මත් පැන් වලට තවත් බෙහෙතක් එක් කිරීමෙන්. උදේ නැගිටල බනලකොට උන් හිටි තැන් මතක නැහැ. ඒ අස්සෙ ඩොග් පේන්නත් නැහැ, කොහොම කොහොම හරි එක එක හෝඩුවාව ගානෙ හොය හොය ලාස් වේගාස් නගරයම දෙවනත් කල මේ මිතුරන් ආපහු ඩොග් හොයාගත්තෙ මේ ඔක්කොම පටන් ගත්ත තැනදිම කියල බලපු බහුතරයකට මතක ඇති. මේ වෙනකොට කළු ඩොග්, Mr. වාව් වගේ උදවිය අපි මේ සලරුව හරහා අඳුනගෙන අවසානයි. මෙ කතාව IMDB 7.2 ලැබුව වගේම $467,483,912ක Box office ආදායමක් උපයන්න සමත්කම් පෑව.

ඉතින් ඒ හයියෙන්ම Todd Phillips, The Hangover Part II නමින් මෙහි දෙවැන්න 2011 මැයි 26 වැනිද ලොවට තිළිණ කලා. මුල් කතාවෙ හිටපු වෘක රැළම තමයි ඉතින් මේ වතාවේ බඳින්න හදන්නේ ස්ටු. නමුත් ඒ ආසියාතික තරුණියක් ඉතින් කට්ටියම යනව තායිලන්තයට. වෙරි මත මේ උදවිය පස්සෙන් එනව වගේ. මේ වතාවෙත් නැගිටිනකොට උන් හිටි තැන් දන්න නැහැ. මේ ඔක්කොටම අර බදින්න ඉන්න තරුණියගේ තරුණ මලයත් පැලුනා නොව, මේ වතාවෙ අතුරුදහන් වෙන්න මිනිහ. ඉස්සර වගේම හෝඩුවාවන් හොය හොය නොදන්නා නගරයට කරක් ගහනව මුලින් සල්රුවේ මුණ ගැහුණ ලොවන හදුනන අපරාධ කාරයෙක් වන ලෙස්ලි චාව් එක්ක. මල ජංජාලයක් කරගෙන ස්ටූ මූණෙ පච්චයක් ගහගෙන, ඇලන් කොන්ඩෙ කපාගෙන, ඒ අස්සේ අයිස්වල තිබිල ඇගිල්ලක් පවා අහු වෙනව. කොහොම කොහොම හරි මුළ වගේම තමා පටන් ගත්ත තැනම අර තරුණ කොල්ල ඉන්නව. මේ වතාවෙත් මේ සන්තෑසියට වග කියන්න ඕනෙ ඇලන් තමා ඉතින්. පෙර වගේම අති සාර්ථකයෙ Box office ආදායම $581,464,305. IMDB දර්ශකයේ ලකුණු 6.5යි.

ඔන්න ඔහොම කාලේ ගෙවිය යනකොට Todd Phillips මෙ පිස්සුව අවසාන කරන්න තීරණය කරපු බවත්, අවසානය The Hangover Part III (2013) නමින් අපේ අතර එනව කියන එක ගැනත කතා ලෝකෙ පුරා පැතිර ගියා. ඉතින් ඒ අවසනය 2013 වසරේ මැයි මාසෙ 23 අපි අතට එනව. මේ වතාවෙත් නළු නිළියො සමානයි. ඒ තමයි ෆිල් ලෙස පසුගිය වසරේ හොදම නළුවාට පිරිනැමෙන ඔස්කා සම්මානයට නාම යෝජනා ලද, 2011 වසරේ “People” සගරාවට අනුව “Sexiest Man Alive” ලෙස තේරී පත් වූ Bradley Cooper, ස්ටූ ලෙස Ed Helms ත්, ඇලන් ලෙස Zach Galifianakis සමඟ සුදු ඩොග් ලෙස Justin Bartha හා කළු ඩොග් ලෙස Mike Epps මෙවරත් තමන්ගේ දස්කම් පානව. මේ හැමෝම එක්ක මෙවරත් Mr. චාව් ලෙස Ken Jeong එක්කාසු වෙනව. අනික් නළු නිළියොත් ගොඩක්ම මුල් කතා වල හිටපු උදවියම තමයි. අර පළමු කතාවේ උන්න පුංචි බබා “කාලෝස්” පවා අවසානයට එක්කාසු වෙනව. මෙවර IMDB අගය 6.2යි. මේ වෙනකොට Box office ආදායම $272,874,000. බොහොම සාර්ථක සිනමා නිර්මාණ ත්‍රිත්වයක් විත්තිය මේ ආදායම් දැක්කම පේනවනේ. චිත්‍රපට තුනක් තුලි අප සිනා සාගරයක ගිල්වූ මොවුන් නිළ වශයෙන් යන්න ගිහින් මේ වෙනකොට. අපිට ඉතුරු කල අවසාන මතකය තමයි මේ ඔබ වෙත මම් සමීප කරන්න උත්සාහ කරන්නෙ.

අවසාන මතකය මෙහෙමයි. මේ වතාවේ මංගල සාද නැහැ. ඇලන් කරන පිස්සු වැඩකට තරහ අරගෙන ඔහුගේ පියා මෙලොව හැර යනව. ඔහුගේ පිස්සු ඉවසන්නම බැරි තැන මේ මිතුරන් හා පවුලේ උදවිය ඔහුගේ ප්‍රතිකාර නැවත පටන් ගන්න හා ඔහුගේ පාළුව මකන්න යම් තැනකට ඔහු ගෙනියන්න එකග කර ගන්නව ඒත් ඉතින් මගක් යනකොට මේකා “බෑ” කියනවනෙ… එතකොට පරක්කු වැඩී වාහනේ හප්පලා මැරයො කට්ටියක් මොවුන් පැහැරගෙන යනව. හේතුව බලනකොට මුල් කතාවේ වුන සිදුවීමක්, මෙයාලට ලැබෙනව මෙහෙයුමක් ඒ තමයි මාෂල් නැමැත්තාට අයත් Mr. චාව් විසින් සොරාගත් ඩොලර් මිලියන 21ක් වටිනා රත්‍රන් තොගයක් නැවත ගෙනත් බාර දීම. මේක හරියටම කෙරෙනකම් ඩොග්ව තියාගන්නව ප්‍රාණ ඇපකාරයෙක් විදිහට. චාව් මේ වෙනකොට හිරේක ඉදල ඒකෙනුත් පැනල. මිනිහ පිස්ස වුනාට දක්ෂය, කපටියනේ. කොහොම කොහොම හරි ඇලන්ට නම් තවම චාව් එක්ක සම්බන්ධකම් තියනව. චාව් හමු වෙනව… මේ පාර මෙයාලගෙ උත්සාහය වෙන කෙනෙක් මත් කරන්න.. ඒ තමා චාව්. ඒක හරියාවිද? මොනවා නම් මෙ පිස්සො රැළ කරගනී ද? රත්‍රන් කොහේ නම් තියනව ඇති ද? චාව් ඩොග්ගේ ජීවිතය බේරගන්න ඒ ටික දෙන්න සූදානම් ද? මේ සියල්ලේ අවසානය කෙබදු වේවිද කියල බඩ පැලෙබකම් හිනා වෙවී මිනිත්තු 100 ඇතුලත ඔයාලටම බලාගන්න පුලුවන් දැන්.

එහෙනම් ඔන්න මම වෘක රැළට සමු දුන්නා…! 🙁 දැන් ඔයාලගෙ වාරෙ. මේ උපසිරැස කරනකොට මට උදව් වුන හසන්ත වික්‍රමරත්න සහෝදරයවත් ස්තුතියි පූර්වකව මතක් කරන ගමන්, එහෙනම් මම යනවා. තවත් අලුත් සලරුවක් එක්ක හමුවෙමු.

The Hangover Part III (2013) on IMDb

 

 

790 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

e6ba9b6003cb59e09efc1508dbfdf7a0c4035577

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6f30b47dc089d129829db33c45771bbf8bad3a3f‎

1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න

9b5dab3546a4c0b5f6cc9a3efc77da27b82f8f84‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

13,553 downloadsDownload The-Hangover-Part-III-2013.zip159 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

13,553 downloadsDownload Subtitles159 KB

118 comments

  1. -HacKrisH-

    සුපර්

  2. dilan

    patta sub denakm unne

  3. දිනිඳු සම්පත්

    ela kiri sameera kollo.. Patta film eka.hina wewi balanna puluwan.. bohoma sthuthi sinhala upasirasiyata.. Jayawewa..

  4. vee

    maxxa mxxxaa macho meyka nam patta

  5. rusuru | රුසිරු

    මේක දෙනකම්ම උන්නේ මරු මචං

  6. geeth

    loweth na pattama

  7. hh

    bohoma pin sub walata

  8. indika

    thanks

  9. දිදුල Kd සිල්වා

    නියමයි මචෝ.. පට්ට ෆිල්ම් එක.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට෴

  10. shann

    සුපිරි මචං එළනේ ආව ගමන් සබ් මෙහෙන්

  11. kasun viraj

    බොහොම ස්තූතියි

  12. wow

    wow,maru :D

  13. yasas

    susb deanakam balgenama unnu film akak :)

  14. quik

    thanks

  15. හර්ෂ ලහිරු

    එහෙන් 1 දෙනකොට මෙහෙන් 3ත් දීලා තියෙන්නෙ
    ස්තුතියි සමිර සහො ජය

  16. ganidu

    අනිවා දැම්ම බානවා අඩු කොපිය තැන්ක්ස් මචෝ

  17. රෙහාන් චානක

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහො

  18. kalana

    gindara machan sub akata txx

  19. ositha

    patta patta patttaaaa

  20. ccnp

    Thanks

  21. kalinga

    ලොවෙත් නෑ හොදේ පට්ට

  22. chami

    thnxxxxxxxxxxxxxx

  23. sds

    supiri dan 1 i 2 i 3i sub thiyena nisa 3 nama aye balanwa

  24. fd

    elakiri :)

  25. mihin ලංකා

    සුපිරි කතාව මේක එනකම් බලාගෙනම උන්නේ

  26. tharanga

    මේ තියෙන්නේ ෆිල්ම් එක අප්පෝ යන්තම් ඇති ඇවිත් :) ජය වේවා!!!

  27. isuru samarasinghe

    tx boss

  28. ranga

    baiscope patta neh :)

  29. naleen

    සමිර පට්ටයි මචෝ...උබලට වැඩි වැඩියෙන් සබ් ලියන්න ලැබෙන්න ඕන...

  30. කැළුම්

    බොහොම පින් සබ් එකට

  31. danuka

    supiri film akak

  32. waruna

    niyamai macho

  33. Ashain

    ah haaa...enakm thamai une...niyamai sho...thnx

  34. chamath cafe

    ඔන්න බාන්න දැම්ම සහෝ සුපිරි වැඩක්

  35. Amila

    ජයෙන් ජයම වේවා බය්සිකොප් එකට ඔයාල පට්ට සමීර බොහොම පින්

  36. bandula

    aniwa adama balanwa tx lot

  37. “චූටී මල්ලි”

    අනිවා එනකම්ම බලන් උන්නු එකක්
    එල එල
    සැමී ඩිරෙක්ට් දුන්නු එකත් වටිනවා
    සබට තුති
    ඔබට ජය.......

  38. was

    ඔය තියෙන්නේ මරු :) දැන් බාන්න දැම්ම

  39. g-a-n-d-u

    සුපිරි නේ බානවා බානවා බානවා :)

  40. wow

    wow,,maru :D

  41. h[a]s

    මේකනම් සුපිරි කතාව මුල ඉදලම ආයේ බලනව

  42. jana,

    bohoma thnx

  43. panditha

    maxxxa bro

  44. waruna

    aniwa sameera patta

  45. anil

    jaya wewa saholata baiscope nam niyamama site aka loweth

  46. Bhanuka

    kiyala wedak nee

  47. mahesh

    mamath meyke hoda copy anakam unne

  48. එරංග

    එලස් බාන්න දැම්ම

  49. උදාර

    ජය!!! පතමි සමීර

  50. Gayan

    maru :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.