ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම්…
ඔන්න ඉතිං මගෙත් සියවෙනි උපසිරැසිය තමයි මේ එලිදැක්වෙන්නේ. 2013 ජූනි 7 වෙනිදා මගේ පළවෙනි උපසිරැසිය වන Kick Ass පළවෙනි කොටස චිත්‍රපටිය දුන්නට පස්සේ අද වෙද්දී ගතවුන කාලය අවුරුද්දයි සති තුනක් වගේ කාලයක්. උපසිරැසි 50ක් දෙන්න ගත වුන කාලය මාස හතර හමාරක් විතර උනාට ඉතුරු පනහ දෙන්න කාලය ටිකක් වැඩිවුනා. ඒකනම් අනිවාර්යෙන්ම යෙදුන වැඩයි, යොදාගත්ත වැඩයි එක්ක තමයි එහාට මෙහාට උනේ. ඒවගේම මේ චිත්‍රපටියත් දැන් සති එකහමාරක් දෙක්ක විතර බාරගෙන. අද තමයි ඔන්න කරලා ඉවර උනේ.
ගොඩක් අය දන්නවා IP MAN කියන චිත්‍රපටි පෙල. මේ වෙද්දි ඒ චිත්‍රපටි පෙළටම සිංහල උපසිරැසි ලබාදීලයි තියෙන්නේ. ඉතින් මේ මම අද දෙන්න යන චිත්‍රපටියේ ඉන්නේ ඒ IP MAN චිත්‍රපටි පෙලේ ප්‍රධාන චරිතයට පන දුන්න Donnie Yen කියන නළුවා. හැබැයි IP MAN විතරක් නෙමෙයි. මේ අවුරුද්දේ ඔහුගේ තවත් චිත්‍රපටියක් ආවා THE MONKEY KING කියලා. ඒකටත් මම උපසිරැසි ලබාදුන්නා. ඔහුගේ රඟපෑම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේක ඇවිත් චීන චිත්‍රපටියක්. 2014 අප්‍රේල් 24 තමයි මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය කරන්න පටං ගත්තේ. චිත්‍රපටියේ අධ්‍යක්ෂක සහ නිෂ්පාදක පිළිවෙලින් Law Wing-cheung සහ Huang Jianxin වෙනවා. නම් කියවද්දි දිව අනිත් පැත්ත ගහනවා 😀
මේ චිත්‍රපටිය 1989දී දෙපාරක් සම්මානයට නිර්දේශ වුන චිත්‍රපටියක නැවත සංස්කරණයක්. හැබැයි කලින් චිත්‍රපටියේ තිබුන චරිත සහ අනිකුත් කතාවන් සියල්ලම සේරම පාහේ වෙනස් කරලා තියෙනවා මේ සිතුවමේදී. නමුත් ජෙනරාල්ගේ චරිතය පරණ චිත්‍රපටියේදී වගේම මේ චිත්රපටියේදීත් ඒ ආකාරයටම නිරූපණය කරලා තියෙනවා.
කතාව ටිකක් කිව්වොත්, මින්ග් රාජ වංශයේ අනාතයෝ හතර දෙනෙක් ඉන්නවා. යින්ග්, සාඕ, යුආන්ලෝන්ග් සහ නෙයිහු. මේ අය හැදී වැඩෙන්නේ ඒයෝවුන් කියන ගමේ. ඉතින් මේ අය සහෝදරයෝ වගේ තමයි හිටියේ. ඔවුන්ට තිබුන මාර්ෂල් ආර්ට් කියන සටන් හැකියාව නිසා එකල අධිරාජ්‍යයාගේ ආරක්ෂකයින් බවට පත්වෙන්න ඔවුන්ට හැකිවුනා. ජපානයේ හමුදාවට අණ දුන්න පුද්ගලයාව මරාදැම්මට පස්සේ, අධිරාජ්‍යයා යින්ගට නියෝග කරනවා හින්දුන්ට අයිති කාලයේ රත්‍රං වක්‍රය නැවත අගනගරයට අරගෙන එන්න කියලා. මේ වක්රෙයන් පුලුවන් අනාගතයටත්, අතීතයටත් ගමන් කරන්න. නමුත් ජපන් මංකොල්ලකරුවන් සමඟින් සම්භන්ධයක් තියෙනවායැයි යින්ග්ට බොරු චෝදනාවන් ඉදිරිපත් කරලා යින්ගේ මුලු ඥාතීන් සේරම මරාදමන්න මින්ග් අධිරාජ්‍යයා නියෝග කරනවා. මේ හේතුව නිසා යින්ග්ව අත්තඩංගුවට ගන්න පිරිසක් එනවා. නමුත් එතන සිදුවෙන යම් ගැටුමක් නිසා ඔවුන් සියල්ලෝම සහ කාලයේ රත්‍රං වක්‍රයද හිමෙන් වැහිලා යනවා. අවුරුදු 400කට පස්සේ යින්ග්, සාඕ සහ නෙයිහු නැවත ඉපදෙනවා. ඉපදෙනවා කියන්නේ ඔවුන් නින්දකයි හිටියේ.
ඉතින් මේ කාලයට ආවේ කොහොමද?, මොකක්ද ඇත්තටම අවුරුදු 400කට කලින් උනේ, කවුද මේ යින්ග්ව බොරුවට ජපන් මංකොල්ලකාරයොත් එක්ක සම්බන්ධයි කියලා කිව්වේ, ඇත්තටම සිද්ධිය මොකක්ද, මේ තුන්දෙනා විතරක් ඇයි හිමායන නින්දක තැන්පත් කරලා තිබුනේ, කවුද එතකොට මේ අලුත් කාලයේ මේ තුන්දෙනාගෙන් ප්‍රයෝජන ගන්න ඉන්නේ. යින්ග්ට, සාඕට සහ නෙයිහුට මොකද වෙන්නේ, අවුරුදු 400කට කලින් තිබුන සහෟදත්වයට මොකද වෙන්නේ… මේ සේරම බලන්න එහෙනම් චිත්‍රපටියෙන්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
760 MB (BR) කොපිය මෙතනින් බාගන්න
1FE1C5E3D183DB5C2521C2FF65B754DE751DEDAD1.23 GB (BR) කොපිය මෙතනින් බාගන්න
F2DD9840AA7542F7639AB8394DED066D0FD7A9B3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,448 downloadsDownload The-Iceman-2014.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
105 comments
රොයිලි
Kulanjana Maduranga
AHHHHHH KINA sahoth 100 gahuwa ne....elazzzzzzz...100 weni subata suba pathum KINA saho.suba pathanna parakku una sry saho... KINA saho mechchara kalayak api wenuwen kla kapa kirimata godak pin e wgema hisa namala achara krnawa.me wge idiriyatath ape rasavindanayata me wge sub krnna shakthiya, dairya labewa....e wgema KINA sahoge jewethe krn kiyana dewal sarwaprakarayen sarthaka wewa kyla hadawathinma sub pathanawa....jayen jayama wewa KINA saho.......... ohoma yn......
widuranga
thanx bro
congratzzzzzzzzzzzzz for 100
go to 1000 plznuwantha
thanq saho, niyamai
ලක්ෂාන් නිලංක
සියවෙණි උපසිරැසිගැන්වීම සුබ පැතුම් කිනා....තව ඉදිරියට සබ්දාන්න ශක්තිය ලැබේවා....ජය වේවා....!
shanaka
Excellent bro....thanks..congrats for 100 sub
Lakshyan
ජයවේවා!! සුභ පැතුම්!! :D
Ashan ravihansa
mata hithun ada rata meka sub eka dei kiyal;a patta hode dan balanda one sub ekata thankz
Global
Suba Pathum Hadawathinma. Digatama Apita Me Wage Honda Janapriya Movies Walata Sub Denna.
Dahaswarayak Thuthi Saho...!සමීර චතුරංග
පට්ට,උණුසුම් සුබ පැතුම් කිව්වා ඔන්න.
ෂෙහාන්
සිය වෙනි නිර්මාණයට මගෙනුත් සුබපැතුම්...
ඉක්මනටම 150 ත් ගහමු..
උපසිරැසිය ලබා දුන්නටත් ස්තුතියි :Dදිල්ෂාන් කාලිංග (ඩිලා)
සුබ පැතුම් සහෝ...
100 කියන්නේ ලේසි පාසු දෙයක්ද මම අහන්නේ.
තවත් උපසිරසි කරන්නට ලැබෙන්න ඕනේ.සමීර කරුණාරත්න
එක උපසිරැසක් කරන්න ලේසි නැහැ නෙව, ඉතින් 100 කරන්න විදින්න ඕනේ දුක අපි දන්නවා නෙව හොඳටම. මේ වගේ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ කාලය කැපකළ පිනෙන්ම සහෝගේ අනාගත බලාපොරොත්තු සපල වෙන්න තව තවත් උපසිරැස අපිට ලබාදෙන්න ශක්තිය ලැබෙන්න කියල ඉල්ලා සිටිනවා. එහෙනම් ආයේ ඉස්සර වගේ වෙඩි වගේ 150 ට යන්න ඔන්න මමත් සුභ පැතුවා...!!!
Keshan Wasala
එල බං :D එකෙන්ම සුබ පැතුම් ;) ඊලග කඩඉමත් පහු කරන්න ශක්තිය ලැබේවා !!
Lahiru Lakruwan
lassana film ekak niyami
Isu DP
Hadawathinnma Suba Pathanawa 100 weni Sun Ekata.....
Shathaka Labin Kihipa Denekma Baiscope Adawiyata Tika Kalayak Thula Ekathu Una....
Gunathmaka Upadirasi Laba Dime Ek Sagayek Thamai 'Deshan' Sahoo Oya...
Diagatama Baiscope Samaga Saha Apith Samaga Idima Thamai Ekama illima Mage...101 Weni Sub Eka Lagadima Balaporoththu Wenawa......
150.... 200..... 500..... 1000.................
Dakawa Yamata Shakthiya Labewa !!!Subata Thuthi....
Jaya Wewa !!! :-) :-PIsu DP
E Wagema Podi illimak Thiyenawa....
Teen Wolf Katha Malawe Season 2 & 3 Complete Karamu....
Shan Vimukthi
අප්පද බොල, කිනාටත් 100යි :D
බොලා පහුගිය ටිකේ අයිස් කාරයෙක් වෙලා උන්න නොව
කොහොමින් හරි සියය ගැහුවා ඔන්න.
එහෙනම් කොල්ලෝ මෙච්චරකල් අපි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි, බොහොම පින්
එකසික එක්වෙනි එක අරන් වර
බොට ජයෙන් ජය!උදාන
Thank you!
thilan
100 weni upasirasiyata subapathum
ගයාන් රූකාන්ත (ජෝනා)
නම දැක්කම ආයේ ෆිලුම මොකක්ද නොබලා බාගන්න අයගේ නම් ලැයිස්තුවේ
හිටපු කෙනක් තමා කිනා. :) සහෝගේ ෆිල්ම් සීයෙන් 60-70 වක් අනිවා මම
බලලා ඇති. අපිත් ඉතින් ඔයාලා දිහා බලාගෙන තමා මේ වැඩේට සෙට් උනේ
මේ ෆිලුමත් අනිවා ගන්නවා සියට ගෙනත් තියෙන්නෙත් පට්ට ෆිලුමක් නේ.
සහෝගේ සියළු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා පතනවා!!
වෙඩි වගේ උපසිරැසි 150 කඩයිමට යන්න අවැසි ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. :) :)me
Thanks and keep up the good work
Eranga
100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ...
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව් නේන්නම්, 100 ට කල් ගියා වැඩි නොවැ..
අනික මමනම් හිතන්නේ 100 ට මීට වඩා හොඳ එකක් දුන්නනම් හොඳා කියලා..
(මේකත් හොඳ ඇති, මගේ ටයිප් එක නොවුනට)
අනික 100 ලිපියත් හරි චාම්...
එහෙනම් කිනා මචෝ...
100 වෙනි උපසිරසියට ඔන්නමගෙනුත් උණුසුම් සුභ පැතුම්...
ඔන්න ඔහේ ඉන්න එකේ 150 ත් ටාර් ගාලා ගහල දාමු බං...
ජය වේවා..HimEshCrEeD
ආව්ස් අපේ ශතකෙ අය්යල සෙට්
එකට තව පොරක් එකතු වෙනව එහෙනම්... :D
මරු මෙච්චර කල් අපි වෙනුවෙන්
මහන්සි වෙලා සබ් දුන්නට බොහොම පින්
ඉස්සරහට කරන හැමදේම සාර්තක
වෙන්න කියල ප්‍රාර්තනා කරනව..
මේ සබටත් තුති ගොඩක් ;)ns
100 ට සුබ පැතුම්...
උපසිරැසියටත් බොහොම ස්තූතියි..maleesha
Fatttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa machan :) ayeh katha karala wadak naha man bolage okkoma sub download karala mage hard eka server ekak karala thiyenneh kandy paththa palathatamah
das
උණුසුම් සුබ පැතුම් සහෝ
තිසර නියෝ (Thisara Buddhika)
100වෙනි උපසිරසියට මුළු හදවතින්ම උණුසුම් සුබ පැතුම්. ඒ වගේම මෙච්චර කල් තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් මෙසේ උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තූතියි.
ඔය 100න් අඩුගානේ 60කට වඩා මං බලල තියෙනවා.
තව තවත් උපසිරසි ලබා දෙන්න හැකියාව ලැබේවා. ඒ වගේම ඉක්මනටම 150, 200,….. උපසිරසි ලබාදෙන්න හැකියාව ලැබේව..
ජයවේවා…… ඉක්මනටම 101න් හමුවෙමුJack
ස්තුතියි සහෝ.
100 වෙනි කඩයිමට මගෙනුත් උනුසුම් සුබ පැතුම් සහෝ.
ඔයාලට බොහෝම ස්තුතියි මේ කරන කැපකිරිමට.
ඉක්මනින්ම 150 ත් ගහමු.
ජයවේවා,deleepa
සහෝ චිත්‍රපටි 100 ක් සබ් කරලා තියෙන එක ගැන ගොඩක් සතුටුයි ඒකට ගොඩක් සුබ පතනවා නමුත් කියන්න තියෙන දෙය තමයි මේ චීන මල මගුල් චිත්‍රපටි දෙන්න යන්නේ ඉංග්‍රිසි චිත්‍රපටි නැති නිසාද අනික මෙච්චර ඉංග්‍රිසි චිත්‍රපටි තියෙද්දි මේ නිකන් පනුවෝ වගේ දගලන චින්නුගේ එවා දෙන්නේ මොකද අනික දැන් ලංකාවේ සිංහලයන්ට වඩා ඉන්නේ චින්නුනේ ඒක හන්දද මේවාට වඩා හොද ඉංග්‍රිසි චිත්‍රපටි තියෙනවා ඒවා සබ් කරන්න බලන්න 100 ක් කරනවා කියන්නේ මේවාගේ ගොන් පිසුසු චින්නුගේ මල දානවල් කරන්න එපා බලන්නකෝ මේ චිත්‍රපටි
the cave(2005)
deep rising(1998)
the rough(2007)
drive(1997)
dna(1997)UD
උඹල කැමති නැති උනාට ඒවට කැමති අයත් ඉන්නවනෙ බන්..
Amil
100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ…
රයන්
එළ එළ >.........
සුබ පැතුම් සහෝ…UD
උණුසුම් සුභ පැතුම් සහෝ......... කස්ටිය දැන් තරගෙට වගේ ශතක , අර්ද ශතක ගහන්නෙ...එල එල....දිගටම වැඩේ කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
richi
niyamai mcn digatama karagana yamu lagadima 150 gahanna bariya...!
sumdhu
සිය වෙනි නිර්මාණයට මගෙනුත් සුබපැතුම්…
ඉක්මනටම 150 ත් ගහමු..
උපසිරැසිය ලබා දුන්නටත් ස්තුතියි :Dnuwan buwa
එළ එළ >………
සුබ පැතුම් සහෝ…Nimesh
SUBA PETHUM..MAGEN
සචිත උදාර
එල සහෝ... සුභ පැතුම්...! උපසිරැසියටත් ස්තූතියි.
Tharindu Perera
niyamai machan..
unuusm subapathum machan 100 ta..
digatama karan palayan machan mee vadee...
ayeth unusum subapathum machan 100 ta..
ikamanatama 150 th gaham u machann....හසන්ත
සියවෙනි උපසිරසට සුබ පතනවා කොල්ලෝ. සයිට් එකට ඇවිත් වැඩි කලක් නොවුනට සම්පත් දැක්කම උපරිම පල නෙලා ගන්න අපේ විකියා දන්නවා. මොකද එහෙම පයේ හැප්පිලාත් ඇහැට නොපෙනුන මැණික් දෙකක් ඉන්නවා අද අපිත් එක්ක ශතක ලාභින් විදිහට. ගොඩක් ආඩම්බරයි. උඹ කිව්වා වගේ කාටවත් වලවල් කපන්න අපිට උවමනාවකුත් නැහැ කරන්න උවමනා උනත් ඒකට වෙලාවකුත් නැහැ. කරන වැඩේ හරියට කරගෙන යන එක අපි හැමෝගෙම පරමාර්ථය. ඉදිරියේදී කලින් වගේ අපිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. පුද්ගලික වැඩ වලට මුල් තැන දීලා මේ විනෝදාංශයත් කරගෙන යන්න ඉඩ ප්‍රස්තා ලැබේවා කියලා පතනවා !!!
AsanTha AkiLa
ammata udu 100i :D niyamai aiye thanxxxxxxxxx :)
DDSameeera
හේ....මගේ ප්‍රියතම ඇක්ටර් ඩොනී යෙන්...ගින්දර වගේ ෆිල්ම් ගිනි විසික් වෙවී දෙන කිනා සහෝට ජය හෝ..!!!!! ජය හෝ..!!!!! ජය හෝ..!!!!!
shani
100 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්
jayasooriya
my congratulation saho. wel done.
danushka
100 weni nirmanayata subapethum saho,,,,degatama karagena yamu,,,jaya wewa!!!
Sisira Hegoda
සුභ පැතුම්
වරුණ රංගජිත් (වරූ)
niyamai kina niyamai....
100 ta jayama wewa....
mama dannawa oyala sub karanna godak mahansi wenawa kiyala..
mmath sub karapu nisa aka terenawa
200 tah ekmanata yamuAmanda Jayasinghe
Niyamai macho..issarahatath me wage sub denna hakiyawa labewa kiyala prarthana karanawa...
යශෝධ
හදපිරි සුභ පැතුම් සහෝ 100 වන උපසිරැසියට.... එකෙන්ම ඉතින් බානවා ෆිලුම.. සියලු පැතුම් ඉෂ්ට වේවා..! දිගින් දිගටම උපසිරසි නිර්මාණයට කාලය හා ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලා තමයි ඉතින් කියන්නේ.. ජයෙන් ජයම වේවා...! බොහෝම ස්තූතියි උපසිරසට.. එලස්ස්ස්......
ධනා
සුබ පැතුම්..සහෝ
නලින්
නියමයි කිනා උඹ දිපු 100 අඩුම තරමේ 50 ත් 60 ක්වත් මම බලලා තියෙනවා !
ඉතිං මේ අාපු ගමනේ 100 නතර නොවි තව තවත් ඉදිරියට යන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
ජය වේවා! කිනෝ!!!
Advertisement
උණුසුම්ම උණුසුම් සුබ පැතුම් චලිඳු සහෝ. සිරාවටම 50 ගහපු විදියටනම් 100 ගහන්න මෙච්චර කල් යාවි කියලා හිතුවෙ නෑ. කොහොම වුණත් ඔන්න අද බයිස්කෝප් සිංහලෙන් ශතක ලාභී කණ්ඩායමට එකතු වීම වෙනුවෙන් ලැබෙන පළවෙනි කමෙන්ට් එක මගෙන්. දැන් ඉතින් 150 ට යමු විදිල්ල වගේ. වෙනදා වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P