ඉතින් පුරා සති 7ක් තිස්සේ, සතියට එක කොටස ගානේ බලාගෙන ආපු ක්රිමිනල් ජස්ටිස් 3වෙනි දිගහැරුම වෙන අධූරා සච් කතාමාලාවේ අටවෙනි නොහොත් අවසානම කොටස තමා මේ අරන් එන්නේ. පහු පහු වෙනකොට කතාව එක්ක ගොඩ දෙනෙක් එකතු වෙලා තියෙන බවත් අන්තිම කොටස බලන්න ඉවසීමක් නැතිව ඉන්න බවත් දැකගන්න ලැබුනා හත්වෙනි කොටසට ලැබිලා තිබ්…

ඉතින් පුරා සති 7ක් තිස්සේ, සතියට එක කොටස ගානේ බලාගෙන ආපු ක්රිමිනල් ජස්ටිස් 3වෙනි දිගහැරුම වෙන අධූරා සච් කතාමාලාවේ අටවෙනි නොහොත් අවසානම කොටස තමා මේ අරන් එන්නේ. පහු පහු වෙනකොට කතාව එක්ක ගොඩ දෙනෙක් එකතු වෙලා තියෙන බවත් අන්තිම කොටස බලන්න ඉවසීමක් නැතිව ඉන්න බවත් දැකගන්න ලැබුනා හත්වෙනි කොටසට ලැබිලා තිබ්බ ප්රතිචාර දැක්කම. ඉතින් අපේ Pheonix මලයා මේ අවසන් කොටස ගේන්න හිටියට හදිසියේ වෙච්ච අකරතැබ්බයක් නිසා මේක මට පංගනාතු වුණා. තවත් පරක්කු කරන්න හොඳ නැති නිසා ඔන්න පුලුවන් ඉක්මනටම අරන් ආවා අවසන් කොටස. කලින් කොටස චුට්ටක් මතක් කරගෙන ඉමු.
හැමෝම හිතන් හිටියේ මුකුල් පරිවාසයෙන් පැනලා ගියා කියලනේ. ලේඛා එහෙම හරිම සතුටින් හිටියේ, මොකද එයාට අමුතුවෙන් ආයෙත් මහන්සි වෙන්න වෙන්නේ නැති නිසා. හැබැයි නොහිතපු විදිහට මුකුල් නඩු විභාගයට එනවා. ඒ කියන්නේ මිනිහා පැනලා යන්න අවස්ථාව තිබිලත් පැනලා ගිහින් නැහැ. මාධව් ගැන මුකුල්ට දැන් දැන් විශ්වාසයක් ඇතිවෙලා තිබ්බා වගේම පැනල ගියත් හැංගිලා කවදා කොහෙ වෙනකම් ජීවත් වෙන්නද කියන දේවල් නිසා මුකුල් තීරණය කරලා තිබුණා සාධරණත්වය වෙනුවෙන් තව ටිකක් බලන් ඉන්න. ඔය අතර මාධව් සහ එයාගෙ මස්සිනා හැබෑ මිනිමරුවා කවුද කියලා හිතන්න උත්සහ ගත්තා, මොකද පොලිසියෙන් මුකුල්ව කොටු කරන්න උත්සහ ගන්නව මිසක් වෙන මිනිමරුවෙක් ඉන්න පුලුවන් ය කියලාවත් හිතන්නේ නැති නිසා. ඔය අතරේ තමා අදහන්න බැරි කෙනෙක් ගැන අමුතු හෝඩුවාවක් මාධව්ගෙ කන වැකුනේ. ඒ කවුද කියලා බලපු අය දන්න නිසා අමුතුවෙන් කියන්න යන්නේ නෑ මෙතනදි. මතකනේ මාධව්ගේ බිරින්දෑ පොඩ්ඩත් පහුගිය කොටසෙදි රහස් පරික්ෂක වැඩක් කරලා මාධව්ට ටොප් හෝඩුවාවක් ගෙනත් දුන්නා. බලමු එතනින් පස්සෙ මේ විමර්ශනය කොහේ කොහෙට යයිද කියලා.
එහෙනම් මේ අවස්ථාව ක්රිමිනල් ජස්ටිස් තුන්වන කතාමාලාවෙනුත් සමුගෙන යන්න. මෙච්චරකල් අපිත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තූතියි. හතරවන කතාසමයක් ගැන නම් මේ වෙනකම් නිළ ආරංචියක් නැහැ. ආරංචි ගැන කතා මොකටද මේ තුන්වෙනි කතාසමයත් එනකම්ම අපි දන්නේ නැහැනේ. ඔය වගේ හතරත් එයිද දන්නෑ. ඒත් දැන් නම් මේක ඇති වගේ. කලින් කතාසමයන් වල දැක්ක ගුණත්වය නම් මේකේ එතරම්ම දකින්න තිබ්බෙ නෑ වගේම එකම දේ නැවත නැවත බලන ගතියකුත් දැනුනා මේක බලද්දි. ඒ නිසා මෙතනින් මේක නැවතුනොත් හොඳයි. බලමු ඉතින් රේටින් මත තමා හැමදේම.
හරි, අපි යනවා එහෙනම්. අපේ චාමර ඇඩ්මින්තුමාවත් මෙතනදි මතක් කරන්නම ඕන. අපි නුදුරේදිම ආයෙත් හම්බවෙමුකෝ ලොකූඌඌඌ මිනිමැරුමක කතාමාලාවක් එක්ක. එතකල් ඒ මොකක්ද කියලා අනුමාන කර කර ඉන්ට. ජයවේවා!!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
2,572 downloadsDownload CJ-AS-S03-E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
- #2019
- #Aaditya Gupta
- #Addinath Kothare
- #Criminal Justice
- #Deshna Dugad
- #Editor's Pick
- #Kalyanee Mulay
- #MaxxA
- #Must Watch
- #Pankaj Tripathi
- #Purab Kohli
- #Shweta Basu Prasad
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swastika Mukherjee
- #උපසිරැසි
- #ක්රිමිනල් ජස්ටිස්
- #සිසිත සමරතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
Dananajaya
Nadun Piyumantha
බොහොම ස්තූතී කට්ටියටම <3
LASANTHA
VIDEO AKA DANAWADA
Anonymous
Thanks for sub
Indian Predator series sub plzKushan
Sub akta thanks
Anonymous
Thanks for the sub hush hush
Hasitha
සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ ..!!
සිසිත
අම්මො ඇති යාන්තම් ඔයා හරි සබ් එක කරලා මේක දුන්නා.නැත්නම් අවසාන එපිය බලන්න තව දවස් ගාණක් ඉන්න වෙනවා
Sahan Gayantha
thanks a lot saho sub ekata
Rumesh
තැන්ක්ස් සහෝ
Anonymous
thanx sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මෙම කතාමාලාව පුරාවටම සිංහල සබ් දුන්න සියලුම උපසිරිකරැවන්ට බොහෝම ස්තූතියි...
Anonymous
ඉදිරියටත් හින්දි සීරීස් දෙන්න
දැන් එන හින්දි ෆිල්ම් වලට වඩා සීරීස් හොදයි
ජය වේවාnisa
thnks sub akta
Naveen
උපසිරසිවලට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
mindika
Thanks !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .....................
viraj
thanks.............
Naara
අයියේ season 4 ඇවිල්ල තියෙන්නෙ. සබ් දෙන්නකෝ...❤️
Chamara sankalpa
Criminal justice S 04 sinhala subtitles dennako
Advertisement


Thank You !!! Enakan balan hitiye