Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E01] Sinhala Subtitles | මගේ පෙම්වතියට ඕනේ මාව කන්න [සිංහල උපසිරසි]

ගොඩක් අය කොරියන් කතා බලන්න ආසයිනේ! ඔන්න මමත් ඔයාලට ලස්සන කොරියානු කතාවක් ගෙනාවා. මේ කතාව ටිකක් කොමඩි පැත්තට බර එකක්. මම නම් මේක බලලා ගොඩක්කල්. සමහරවිට ඔයාලත් මේක බලලා ඇති. ඉතින් මේ කතාව බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල සබ් එක්ක බලන්න මං දෙනවා. අපේ කතා නායකයාගේ නම තමයි චා දේ වුන්ග්. ඔහු මනුෂ්‍යය…

ගොඩක් අය කොරියන් කතා බලන්න ආසයිනේ! ඔන්න මමත් ඔයාලට ලස්සන කොරියානු කතාවක් ගෙනාවා. මේ කතාව ටිකක් කොමඩි පැත්තට බර එකක්. මම නම් මේක බලලා ගොඩක්කල්. සමහරවිට ඔයාලත් මේක බලලා ඇති. ඉතින් මේ කතාව බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල සබ් එක්ක බලන්න මං දෙනවා.

අපේ කතා නායකයාගේ නම තමයි චා දේ වුන්ග්. ඔහු මනුෂ්‍යයෙක් වුනාට ඔහුගේ පෙම්වතිය නම් මනුෂ්‍යයෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඇය වලිග 9ක් තියෙන නරියෙක්. පුදුමයි නේද. මේ නරියා බීෆ් කන්න හරිම කෑදරයි. කන්න අරන් දුන්නෙ නැත්තම් දේ වුන්ග්ව හරි කන්න බලාගෙන තමයි ඉන්නෙ. කොහොමද මේ වගේ කෙනෙක් ඔහුගේ පෙම්වතිය වුනේ?

දේ වුන්ග්ගේ පෙම්වතියගේ නම ගුම්හිඕ. ගුම්හිඕ කියන්නෙ කොරියානු ජනප්‍රවාදයක එන චරිතයක්. ඇය අවුරුදු 500කට කලින් ජීවත් වුනේ. නරියෙක් වුනත් ඇයට ඕන වුනේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන්න. මේ නිසා ඇය මිනිස් ස්වරූපයෙන් මනුස්ස ලෝකයට ආවා. ඇයට තිබුනේ සාමාන්‍ය තරුණියකට හිමිනොවන ආකාරයේ දුටුවන් මෝහනය කරන ඉතාම ලස්සන පෙනුමක්. මේ නිසා ගැටළු මතුවුණා.  ඉතින් ඇයව පාලනය කරන දේවතාවිය යලිත් කිසිදු දවසක මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නට නොහැකිවන ලෙසට ගුම්හිඕ ව චිත්‍රයක හිරකරලා තිබ්බා. මේ විදියට ඇය අවුරුදු 500ක්ම හිරවෙලා හිටියා.

ඉතින් කොහොමද මේ දෙන්නා මුණ ගැහෙන්නෙ? ඒක දැනගන්න ඉතින් කතාව බලන්නකෝ. මේ කතාව වෙනස්ම විදියේ ලස්සන කතාවක්. මේක උපසිරැසි ගැන්වුවෙත් මම හරිම විනෝදෙන්. ඇති තරම් හිනාවෙන්න පුළුවන් කතාවක්. සමහර වෙලාවට සංවේදී බවකුත් තියෙනවා. ඒ වගේම ආදරය ගැන වෙනස් මානයකින් බලන සුවිශේෂී ආදර කතාවක් විදියටත් මෙය හඳුන්වන්න පුලුවන්. කොහොම වුනත් මේ කතාව නම් කියන්න දෙයක් නෑ ඇත්තටම ලස්සනයි. කොරියන් කතා ඉතින් කොහොමත් ලස්සනයිනෙ නේද. කොරියන් නළු නිළියෝ ගොඩක් ලස්සනයි ඒ වගේම දක්ෂයි. එයාලගේ තියෙන ආකර්ශනීය බව අඩුවක් නැතුවම මේ කතාවෙත් තියෙනවා.

මේ ටෙලි ඩ්‍රාමා එක කොටස් 16කින් යුක්තයි. මේකේ 1st episode එක විකාශය වෙලා තියෙන්නේ 2010දී.

1. මේක 8/10-IMDb අගයක් අරගෙන තියෙන ගොඩක් ජනප්‍රිය කතාවක්. Ratings ගැන කියනවා නම් 1st episode එකේදී 12.7 ක් තිබුන අගය last episode එකේදී 21.3 ක අගයක් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මේ කතාව කොච්චර ලස්සනද කියලා.

2. ඒ වගේම ලැබුණු සම්මාන ගැන කියනවා නම්,

2010දි පැවැත්වුන SBS Drama Awards සම්මාන උළෙලදී මේ drama එකේ එන “Losing My Mind” නමැති ගීතය – Best OST Song කියන සම්මානයත්, Bonsang – Top 10 Artist සම්මානයත් හිමි කරගෙන තියෙනවා.

2010දිම SBS Drama Awards සම්මාන උළෙලදී Excellence Award, Actor in a Drama Special සහ Excellence Award, Actress in a Drama Special සම්මානත් New Star Award, Top 10 Stars සම්මාන 2කත්, මෙහි ප්‍රධාන චරිත යුගල Best Couple Award සම්මානයත් ඇතුලු සම්මාන 5ක් දිනාගෙන තියෙනවා.

2011 වසරේදී Seoul International Drama Awards සම්මාන උළෙලදී Outstanding Korean Drama සම්මානයට මේ කතාව නිර්දේශ වෙලා තියෙනවා.

2012 වසරේදී USTv Students’ Choice Awards සම්මාන උළෙලදී Best Foreign Soap Opera කියන සම්මානයත් දිනාගෙන තියෙනවා.

ඒ වගේම චීනය, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව කියන රටවල්වලත් විකාශය වෙලා තියෙනවා. UKවල DVD වශයෙන් නිකුත් වෙලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මොකද හිතෙන්නෙ ..? මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒ වුනත් ඔයාලගේ රසයට බාධාවක් නොවෙන්න මගේ උපරිමයෙන්ම මං ඒක කරන්න උත්සාහ කළා. ඉතින් මේ වගේ උපසිරසියක් කරන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි. බයිස්කෝප් අඩවියටත් මගේ ස්තුතිය පුද කරන්නම ඕනෙ. ඉස්සරහට මේ කතාව ගොඩක් ලස්සනයි. මේක මගෙ පළමු උපසිරැසිය නිසා අඩුපාඩු එහෙමත් තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.

ඉතින් ආපහු එහෙනම් 02 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු…!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

6,044 downloadsDownload MGIAG-S01E01.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

6,044 downloadsDownload Subtitles33 KB

3 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Dassa

    ❤️

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි මේ සීරිස්එකට සබ් දුන්නට සිස්..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.