ඔන්න එහෙනම් අලුත්ම සංකල්පයකට සැකසූ සුපිරිම සුපිරි TV කතා මාලාවක් සිංහල උපසිරැසි සමඟ ඔයගොල්ලන්ට අරන් එන්නයි හදන්නේ. මේ කතා මාලාව ලෝකයේ ඉතාමත් ජනප්‍රිය විශාල වියදමක් යොදා නිපදවපු වෙනස්ම සංකල්පයකට සැකසූ රූපවාහිනි කථා මාලාවක් වන අතර ඉතාමත් ජනපිය නළු නිලියන් බොහෝමයක් රඟපානවා. එසේම මෙම කතාංගය වසර 5 ක් (ඔ…
ඔන්න එහෙනම් අලුත්ම සංකල්පයකට සැකසූ සුපිරිම සුපිරි TV කතා මාලාවක් සිංහල උපසිරැසි සමඟ ඔයගොල්ලන්ට අරන් එන්නයි හදන්නේ. මේ කතා මාලාව ලෝකයේ ඉතාමත් ජනප්‍රිය විශාල වියදමක් යොදා නිපදවපු වෙනස්ම සංකල්පයකට සැකසූ රූපවාහිනි කථා මාලාවක් වන අතර ඉතාමත් ජනපිය නළු නිලියන් බොහෝමයක් රඟපානවා. එසේම මෙම කතාංගය වසර 5 ක් (ඔස්කාර් සම්මාන උළෙලේ රූපවාහිණී වැඩසටහන් සදහා ලබාදෙන සම්මාණය) Primetime Emmy Awards. හා Golden Globe Awards හොදම TV කතා මාලාව ලෙස සම්මාන ලැබුනා, තවත් සම්මාන සිය ගණනක් දිනා ගෙන තියෙනවා. එසේම IMDB 8.5 ක රේටින් එකක් හිමිකරගෙන තියෙනවා. ඒ වගේම Facebook fan page හි මිලියන 4 කට අධික සංඛ්‍යාවක් තමන් කැමතිම TV කතා මාලාව ලෙස මෙය තෝරාගෙන තිබෙනවා.
24 (පැය විසිහතර) තමයි මේ සුපිරි කතා මාලාවෙ නම. මෙහි තකා සංකල්පය ගැන කියනවනම් මේක බලන්න කලින් ඔයාල දැනගතයුතු දේ බොහොමයක් තියෙනවා. මේ කතා මාලාව විසින්ම ලොවට හදුන්වාදුන් සංකල්පය තමයි Real Time සංකල්පය (සැබෑ කාලය අනුව සිදුවන). එනම් වෙනත් කිසිම කතාමාලාවක්, චිත්‍රපටයක් වගේ නෙවෙයි මේක ගොඩක් වෙනස්. අලුත්ම අදහසක්. මෙම කතා මාලාව සීසන් 9 කින් යුක්තයි. එක සීසන් එකකට කොටස් 24 යි. එක කතාවක් අපි දවසට එක කොටසක් ගානෙ දවස් 24ක් පුරා බැලුවත් මාස ගණනක් බැලුවත් කතාව තුළ සිදුවන සිදුවීම් (කතාවෙ සීන් එක) එක පෙළට නොකඩවා පැය 24ක් තුළ සිදුවන සිදුවීම් විදියටයි යන්නෙ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් කතාවට අනුව සීසන් එකක පළමුවන කොටස ඉරිදා උදේ 8.00ට පටන් ගත්තානම් ඒ කොටස අවසන් වෙනවිට කතාවේ වේලාව උදේ 9.00, එසේම ඊළග කොටස දිවෙන්නේ උදේ 9.00 සිට 10.00 දක්වා, මෙලෙස කොටස් 24 අවසන් වෙනවිට වේලාව සදුදා උදේ 8.00 වෙනවා, ඒ කියන්නේ පැය 24ක සම්පූර්ණ දවසක්. හරියට සජීවී දර්ශනයක් බලනවා වගේ එක දිගට දවසක් තුළ වන සිදුවීමක්, ඒ නිසාම කතාව තුළ යම් දෙයක් කරන්න ගතවන කාලය සැබෑ කාලයෙන්ම පෙන්වනවා උදාහරණයකට ගමු යම් තැනකට යන්න ඇත්තටම විනාඩි 20ක් ගතවෙනවා කියල, අනෙක් කතාවල වගේ කියපු ගමන් ගමනාන්තෙට යනව පෙන්වන්නේ නෑ කතාව තුලත් සැබෑ කලෙයෙන්ම විනාඩි 20ක් එයට ගතවෙනවා. ඒ වගේමයි සැබෑකාලය අනුව සිදුවන නිසා මතක්වෙන දේවල්, පහුගිය සිදුවීම්, හීන දකිනව වගේ දර්ශන පෙන්වන්නේත් නෑ. ඔයාලට දැන් පිස්සු වගේ ඇති නේද… බය වෙන්න එපා බලාගෙන යනකොට තේරේවි. ඒ වගේමයි මෙහි විශේෂත්වයක් තමයි එකම සිදුවීම එකම වේලාවේ කැමරා කිහිපයකින් දර්ශනය කිරීම. මෙය ඉතාමත් අපහසු කටයුත්තක් මොකද එක් කැමරාවකට අනෙක් කැමරාව හසු නොවන ලෙස රූගත කරන්නට වෙනවානේ.ඒ වගේමයි සැබෑ වේලාවට අනුව නිසා එකම වෙලාවෙ තැන් කිහිපයක සිදුවන සිදුවීම් එකකට පස්සෙ එකක් පෙන්වන්න බෑ. ඒ වගේ තැන්වල තිරය කොටස්වලට බෙදල සිදුවීම් කිහිපයම එකම වෙලාවෙදි පෙන්වනවා. ඒක හරිම ආකර්ෂණියයි. ඒ වගේම කොටසක් පටන්ගන්නකොට, ඉවර වෙනකොට, වෙළද විරාමයකට කතාව නවත්වනකොට, කතාව අතර මැද විනාඩි 3 න් 3ට වගේ කතාවේ වේලාව දර්ශනයවෙනවා. අනෙක් විශේෂත්වය තමයි මේ කතාවෙ සීසන් 1ක් රූගත කරන්න සමහරවිට අවුරැද්දක් විතර යන්න ඇති. ඒත් කතාවෙ හැටියට රගපාන අයගෙ වයස පළමු කොටසෙයි 24 වන කොටසයි අතර කියෙන්න ඕන එක දවසක වෙනසක්. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේක හදන්න කොතරම් මහන්සියක් වෙන්න ඇත්ද කියල.
ඉතින් මේ අමුතුම ආරකට දිවෙන ඉතාමත් කුතුහලය නංවන කතා මාලාව තේරැම් ගැනීමත් ටිකක් අසීරුයි. ඒ තරමටම ඉතාමත් සංකීර්ණයි. මෙය දිවෙන සංකල්පයද එයට හේතුවක් වෙනවා. එසේම මෙය දේශපාලන, ත්‍රස්තවාදී, කියාදාම, අපරාධ. ත්‍රාස්‍ය, පවුල් සම්බන්ධතා යන හැම දෙයින්ම පිරුණු එකක්.
ඔයාලා දන්නවනේ 20th century fox චිත්‍රපට කොම්පැනිය. මෙයාලගේ රූපවාහිණී නාලිකාව වන FOX නාලිකාවෙ තමයි 24 විකාශනය වුනේ. ඒ වගේම මේක 20th century fox, Robert Cochran, Joel Surnow ගේ නිශ්පාදනයක් මේක 2001 ඉදන් 2010 වෙනකම් නොකඩවා විකාශය වුනා. මෙහි පධාන චරිතය ජැක් බවර් ලෙස චරිත නිරෑපණය කරන්නේ Kiefer Sutherland. විසින් ඔහු මෙම කතාංගයෙහි නිශ්පාදක වරයෙකුද වෙනවා. එසේම මෙම කතාංගයෙහි රංගණය වෙනුවෙන් හොදම නළුවාට හිමිවන සම්මාණයද වසර කිහිපයකදීම ඔහු අත්කර ගත්තා. තවත් ඔයාල දන්න කියන කෙනෙකුත් සීසන් 8 එකේ රගපානවා ඒ තමයි හින්දි සිනමා රංගන ශිල්පී අනිල් කපූර්, එයා 24 එකේ කමිස්ථානයේ ජනාධිපති විදියට රගපානවා, 24 එකේ රංගණය නිසාම අනිල් කපූර් හට Mission: Impossible – Ghost Protocol (2011). චිත්‍රපටයේ රංගණයට අවස්ථාව ලැබුනා.
මෙම කතාව ගැන විස්තරයක් කරනවනම් ජැක් කියන්නේ ඇමෙරිකාවේ CTU (ත්‍රස්ත විමර්ශණ ඒකකයේ) ආයතනයේ නියෝජිතයෙක්. ඇමෙරිකාවට බලපාන තස්තවාදී ප්‍රහාර සම්බන්ධ වගකීම දරණ ආයතනය තමයි මේ CTU එක. හැම විටම ජැක්ට තමන්ගේ රට ආරක්ෂා කරන්න කවදාවත් නොසිතූ දේට මුහුණදෙන්න සිදුවෙනවා. එසේම තමන්ගේ ලගින්ම ඉන්නා අයගේ ජීවිතත් අනතුරේ හෙලන්න සිදුවෙනවා. ජැක් නීතිය ආරක්ෂා කරන්න බැදුණු කෙනෙක් උවත් නීතියෙන් බැහැරව කටයුතු කරන්න වෙනවා. එමගින් එයා ආරක්ෂා කරන්න හදන අයවත් එයාගේ හතුරන් කරගන්නවා.
ඒ වගේම මෙහි ප්‍රධාන කතාව දිවෙන්නේ ජ්‍යාත්යන්තර ත්‍රස්තවාදී සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝකයේ දේශපාලන හා න්‍යශ්ටික බලයෙන් සන්නද්ධ ඇමෙරිකාව හා මිත්‍ර හා සතුරු රටවල් මැදිහත් වන ඉතා සංකීර්ණ දේශපාලන හා ත්‍රස්ථවාදී අර්බුධයක් ගැනයි.
ඉතින් මෙහි 8 වන සීසන් එක හැර අනෙක් සීසන් එකිනෙකට ගොඩක් සම්බන්ධයි, ඒ නිසා කලින් සීසන් පිළිවෙලට නොබලා ඊළග එක බලන්න අමාරුයි. 8 වන සීසන් එක කලින් ඒවට කියෙන සම්බන්ධය අඩුයි. ඒ නිසා අවුලක් නැතිවම බලන්න පුළුවන්. මේක ඔයාල අනිවාර්යෙන්ම බලන්න, මෙච්චර කල් මොනවද බැලුවෙ කියල හිතෙනවා ෂුවර්. ඒ වගේම පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.
– මම සම්පත් තුෂාර ගමගේ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,258 downloadsDownload 24-S08-E01.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සම්පත් තුෂාර ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සම්පත් තුෂාර ගමගේ
Subtitles
17 comments
dedunu
laksiri
අනේ මේ ටොරන්ට් එකකින්වත් ගන්න බෑ මචෝ පොඩ්ඩක් බැලුවනම් හොදයි...
රොයිලි
ටොරන්ට් එක වැඩ සහෝ. කියල තියෙන විදියට හෑෂ් එකෙන් ඔයාට ගන්න අමාරු නම්, ගූගල් සර්ච් එකේ torrentz එකෙන් ගිහින් අරගන්න. ජය෴෴
laksiri
වැඩක් නෑ බන් එකෙන්ම එපා උනා හරි ටොරන්ට් එකක් දියන්කො
DDT
උපසිරැසියට බොහොම ස්තූතියි.
මම නම් කලින් සීසන් 7 ම බැලුවා. ටීවී එකේ පෙන්නද්දි අරහෙන් මෙහෙන් බලල තිබුනු එක බයිස්කෝප්ල සබ් දෙන්න ගත්තට පස්සෙ මුල ඉඳන්ම බැලුවා.
එල්.සී.දමැල්
පළමු උපසිරසට සුභ පැතුම් සම්පත් සහෝ...
ජය...Prasad
Niyamay......Niyamay......
Season 07ma Iwara wela kaalayaka idala balagena hitiye.......Season 08 Balanna..
Thanks............
Ithiri sub tikath Ikmanata denna.......pls.......Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.....
රොයිලි
බොහොම ස්තූතියි සම්පත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Saketha Pulasthi
කලින් සීසන් හතම බැලුවා.මේකත් ඉක්මනටම ඉවර කරමු .
උපසිරසියට බොහොම ස්තූතියි :)Prabuddha Kulatunga
ahaaa thanx bro.. ikmanta digena digena yamu season ekama :D :D
deshan
bohoma pin machan terena basawen katawa balanna dunnata,iwasillak na....anit ewath ikmanata denna.jaya
නලින්
ස්තුතියි, තුෂාර සහෝ. නියම ප්‍රවේශයක් අරන් තියනවා.
ජය වේවා!
Athula
Geat....!!!??
Yasith sandeepa
meke download link eka hadannako. file eka sampurnen download wenne na
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Advertisement
![24 [S08 : E01] with Sinhala Subtitles | ඔහු නැවතත්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

SUPIRI!!! ikmanata okkoma sub tika danna....
meke sub denakan kalayak balan hitiya..
Thanks……..!!