බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්. අපිට දැනගන්න ලැබුනා වකන්ඩාවරු සතු ඉහළ තාක්ෂණය ගැන සහ බොහොම වටිනා සම්පත් ගැන. මොන ජගතා වකන්ඩා රට අල්ලන්න, ඒ රටේ සම්පත් වන, පොම්ප නොකරන තෙල් නිධිවල තෙල්, වයිබ්‍රේ…

බ්ලැක් පැන්තර් රූපවාහිණී කතා මාලාවේ 5 සිට 8 දක්වා කතාංගයි මේ ගෙන එන්න සූදානම. අපි බොහොම කුතුහලය දනවන පටන්ගැන්මක් දැක්ක පලවෙනි කතා කොටසින්.
අපිට දැනගන්න ලැබුනා වකන්ඩාවරු සතු ඉහළ තාක්ෂණය ගැන සහ බොහොම වටිනා සම්පත් ගැන. මොන ජගතා වකන්ඩා රට අල්ලන්න, ඒ රටේ සම්පත් වන, පොම්ප නොකරන තෙල් නිධිවල තෙල්, වයිබ්‍රේනියම් කියන ලෝකයේ වටිනාම ඛනිජය එහෙම නැත්නම් ඒ ලෝහය වගේම බටහිර නොදන්නා බෙහෙත් වෙදකම් හොරකං කරන්න ආවත් වැඩක් නෑ, බ්ලැක් පැන්තර් ඇතුළු වකන්ඩානුවෝ ඒ ඕන කෙනෙක් එක්ක හැප්පිලා දිනන්න සූදානම් වගත්, (කැප්ටන් අමෙරිකාට පවා බ්ලැක් පැන්තර්ගේ වැයික්කියේ සෙල්ලම් දාන්න බැරි වුණා) ඒ නිසා අද වන තුරු කිසිඳු ආක්‍රමණයකින් වකන්ඩාව යටපත් නොවුණු බවත්, ටි’චල්ලාගේ තාත්තාගේ මිනී මරුවා කවුද කියලත්, ඒ වෙන කවුරුත් නෙමෙයි, යුලිසිස් ක්ලෝව් කියන සුපිරි ඝාතකයා කියලත් දැනගත්තා.
තරුණ වියට එළඹුණු පසු රජකමට සුදුසු වයස නිසාවෙන් ටි’චල්ලා වත්මන් බ්ලැක් පැන්තර්, තම මාමා ස්’යාන් සමග සටන් කර වාර්ෂිකව පැවැත්වෙන රජකම සඳහා සටනින් ජයග්‍රහණය කර බ්ලැක් පැන්තර්කම ලබාගන්නවා.
ඒ වගේම අපි දැක්කා ඔහු ටි’චල්ලාට එරෙහිව යුද්ධයක් කරන්න කණ්ඩායමක් එකතු කරනවා. ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වුණු බැට්‍රොක් කියන්නේ ආත්මාරක්ෂා ප්‍රංශ කලාවේ සවාට් සටන් මාස්ටර් කෙනෙක්, ඒක සරලව කියනවනම් දක්ෂ ප්‍රංශ සටන් මාස්ටර් කෙනෙක්. ඒ කණ්ඩායමේ ඉන්න කැනිබල්ට තියෙන්නේ පුදුම බලයක් නේද? අධි ආරක්‍ෂිත හිර ගෙදරින් මේ මෙහෙයුම සඳහාම තමයි ක්ලෝව් කැනිබල්ව එලියට ගන්නේ. එහෙම තැනක කැනිබල් ඉන්න එකත් අහන්න දෙයක්ද! කැනිබල්ට පුළුවන් ඕනෑම කෙනෙකුට හාදුවක් දීම මගින් එයාගේ ප්‍රාණය ඒ හාදුව දුන් පුද්ගලයාට දෙන්න, එයාගේ කලින් ශරීරය එහෙම වුනාට පස්සේ මිය යනවා. කැනිබල් පසුව මෙහෙයුම සඳහා ගැහැණු ශරීරයකට මාරු වෙනවා. කණ්ඩායමේ අනිත් සාමාජිකයා වෙන්නේ X-Men කණ්ඩායමේ හතුරෙක් වන ජගර්නට්. ඒ වගේම X-Men: The Last Stand (2006) චිත්‍රපටයේ අපි ජගර්නට්ගේ හපන්කම් දැක්කා නෙව. බලමු මේකේ මෑන් මොනවා කරයිද කියලා! අපිට X-Men කණ්ඩායමේ කීප දෙනෙක්වත් දැකගන්නත් හැකි වුනා.
යුලිසිස් ක්ලෝව්, කැනිබල්ට පැහැදිලි කරන විදිහට, ඔහුගේ මී මුත්තෙක්ව එකල බ්ලැක් පැන්තර් පරාජය කර තිබීම මේ මෙහෙයුමට හේතුවයි. ඉතින් අපි දැක්කා ඒ මෙහෙයුම. ඔහු ටි’චල්ලාට එරෙහිව යුද්ධයක් කරන්න කණ්ඩායමක් එකතු කරනවා. 5 කොටසින් ටි’චකාගේ ඝාතනය සිදු වුණේ කොහොමද කියලත්, 6වන කොටසින් ඔරෝරෝ නොහොත් X-Men Team එකේ කාලගුණය පාලනය කරන්න හැකියාව තියෙන විපරිතයෙක් වන ස්ටෝම්ගේ ජීවිත කතාවත් අනිත් කොටස්වලින් ක්ලෝව්ගේ කණ්ඩායමේ පුදුමාකාර හැකියාවන් සහ බලයන් තියෙන නවතම සාමාජිකයන් ගැනත්, 8වන කොටසින් ක්ලෝව් විසින් වකන්ඩාව යටත් කරගෙන බ්ලැක් පැන්තර්ව විනාශ කරන්න දියත් කරන යුද්ධයේ ආරම්භයත් දැකගන්න පුළුවන්. බලමු අපි මේ කොටස් ටික මොන වගේ ගලාගෙන යාවිද කියලා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,121 downloadsDownload Black-Panther-2010-EP5-08.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
එල්. සී. දමැල්
Subtitles
9 comments
Ishan Madusha
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Udara Damith Dissanayaka
ඇයි අනේ මේකේ කට්ටිය මේවා විනාඩි 10 කට හැදුවේ
මෙච්චර ලස්සන එකක්එල්.සී. දමැල්
සබ් එක හදද්දි ඔය කාරණාව හිතුණු වාර අනන්තයි :(
Udara Damith Dissanayaka
අඩුම විනාඩි 30 කොටස් දහයක් වත් හැදුවනම්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Damitha Ranasinghe
mula Episod tika download kara ganna link denna pls
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Advertisement


නියමයි.බොහොම ස්තූතියි සහෝ