ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ විසිඑක්වෙනි වෙළුම… හරි ඉතිං ඔන්න වැඩ දාහක් අස්සෙ මම මට බාර වුණු කොටසෙ සබ ලියල ඉවර කළා.. යකෝ මේක ලිව්ව්ට වඩා හොඳයි මම ෆිල්ම් එකකට සබක් ලිව්ව නම් කියල මට හිතුණෙ තිබුණු ලයින් ගාන දැක්කට පස්සෙ.. ඒත් ඔන්න කොහොම කොහොම හරි මේක ලියල ඉ…

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ විසිඑක්වෙනි වෙළුම…
හරි ඉතිං ඔන්න වැඩ දාහක් අස්සෙ මම මට බාර වුණු කොටසෙ සබ ලියල ඉවර කළා.. යකෝ මේක ලිව්ව්ට වඩා හොඳයි මම ෆිල්ම් එකකට සබක් ලිව්ව නම් කියල මට හිතුණෙ තිබුණු ලයින් ගාන දැක්කට පස්සෙ.. ඒත් ඔන්න කොහොම කොහොම හරි මේක ලියල ඉවර කර ගත්ත.. ඇත්තටම වැඩ ගොඩ අස්සෙ මට මේකට ලිපියක් ලියාගන්න වෙලාව හොයාගන්න බැරි වුණු නිසා මගේ යෙහෙළියක් වෙන “ශෂිකා එරන්දි(ශෂී)” තමයි මට මේ පහළ ලිපිය ලියල දුන්නෙ.. ඉතිං ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඇයටත් ඇගේ වැඩ ගොඩ අස්සෙ මට මේක ලියල දුන්නට.. එහෙනං ඉතිං කතාව බලලම ඉමු නේහ්.. තව බොහොම පොඩ්ඩයි මේ කතාව ඉවර වෙන්න තියෙන්නෙ.. එහෙනං පහුගිය කතාවට චුට්ටක් ප්‍රවේශ වෙලා අද කතාව ගැන බලමු..
පහුගිය කොටස ගැන මතක් කළොත් මතකනෙ කතාව පටන් ගන්නෙ රෝමන් මනසින් හදාගත්ත game trick එකකින්, එයාගේ සහෝදරිය, නැත්නම් අපේ කතා නායිකාව එක්ක මනසින් ගොඩනැගෙන සංවාදයක් එක්ක. ඒ වගේම ජේන් සහ එයාගේ දුව අතර පොඩි සංවාදයකුත් යනව. ඒ අතරතුර පැටර්සන් හොයාගන්නවා ඒව්රිගේ තාත්තා සියදිවි හානිකරගෙන නෙමෙයි ඒක මිනීමැරුමක් කියලා. කට්ටිය එයාගේ මිනිය පරික්ෂ කරද්දි පැටර්සන් හොයාගන්නවා මළසිරුරෙ හංගලා තිබුණ යතුරක්. එකෙන් හොයාගන්නවා මිනීමරුවා කවුද කියලා. පැටර්සන් tattoo විසඳන්න පාවිච්චි කරපු දත්ත ගබඩාව රෝමන් අවුල් කරලා දැම්මට පස්සේ ඒක ආයිත් හදන්න අලුතෙන් කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. පැටර්සන්ගෙ තාත්තා. බලනකොට පැටර්සන් tattoo විසඳන්න පාවිච්චි කරපු දත්ත ගබඩාවෙ ඇල්ගොරිතමය ලියල තියෙන්නෙ එයාගේ තාත්තා. ඒ අතරතුරු කණ්ඩායමේ අනිත් අය මිනීමරුවා අල්ලගන්න යනව. ඒත් අවාසනාවට ජේන් අතින් එයා මැරෙනවා. ක්‍රොෆර්ඩ්ව හොයාගන්න තියෙන එක තුරුම්පුවක් එයාලට නැති වෙනවා. ඒ වගේම ඒව්රිගේ ආච්චිත් ක්‍රොෆර්ඩ්වට උදව් කරනවා කියලා හොයාගන්නවා. ඒ වගේම රීඩ්ගෙ පෙම්වතිය එයාව දාලා යනවා. අන්තිමට කතාව ඉවර වෙන්නේ පැටර්සන් සහ ටෂා, ක්‍රොෆර්ඩ් මැන්හැට්න් වල තියෙන වැදගත් ගොඩනැගිල්ලක් හෝ කීපයකට පහර දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලා හොයාගන්න එකෙන්.
අද කොටස ගැන කියනවා නම් කතාව පටන් ගන්නෙ රෙමි(ජේන්) සහ රෝමන්ගේ අතීත කතාවකින්. ඒ අතර ක්‍රොෆර්ඩ්ගේ සැලසුම හරියටම මොකද්ද කියලා හොයාගන්න කට්ටිය වෙහෙසෙනවා. මේ සැලසුමට රෝමන්ගේත් සම්බන්ධයක් තියෙනවා කියලා කට්ටිය හොයාගන්නවා. සැලසුමේ එක කොටසක් රෝමන් ගාව තියෙනවා. දෙවෙනි කොටස මොකද්ද?රෝමන්ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද? ඊට කලින් කණ්ඩායමට ඒක හොයාගන්න කෙනෙක්ගෙන් උදව් ගන්න වෙනවා. ඒ කවුද? ඒ වගේම කණ්ඩායමට හිතාගන්න බැරි සිද්දියක් වෙනවා. කණ්ඩාමේ හිටිය කෙනෙක් වෙන ආයතනයකට සාක්ෂි අරගෙන යනව කියලා කණ්ඩායම දැනගන්නවා. ඒ සාමාජිකයා කවුද? එයාට මොනවා වෙයිද? මේ කලබැගෑනි අස්සේ අපි එකතු වෙයි කියලා හිතපු දෙන්නෙකුත් අද වැඩකට අතගානවා. කවුද මේ දෙන්නා. ඔයාලම බලල හොයාගන්නකෝ…
ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,232 downloadsDownload Blindspot-S03E21.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
15 comments
Ayesh Prashan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasitha Illangasinghe
Thanks sub ekata..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව එක කොටසයි...
පුලුවන්නම් Van Helsing S02E12,13 හා Z Nation S04E13 ඒවටත් සබ් එක කරලා ඉවර කරන්න...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nimanaka
thanks
Bobby
Thank you very much
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
4devinda
බොහොම ස්තූතියි.. .
Suranjan
Thanks machan.....jayawewa......!
s.s.m
Tz sub ekata...jaya wewa!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks...bro....
MAALnath
Thanks ..................good luck ................
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.................!
Advertisement




Thank You