Watch Trailer

Daredevil: Born Again [S01 : E08] Sinhala Subtitles | නිව්යෝක් අල්ලගන්නා කින්ග්පින් [සිංහල උපසිරසි]

Daredevil: Born Again [S01 : E07] Sinhala Subtitles සුබ අලුත් අවුරුද්දක් වේවා ඩෙයාඩෙවිල් රසිකයෝ සියලු දෙනාටම! මේ අරගෙන ආවේ Daredevil: Born Again කතා මාලාවේ 08 වෙනි කතාංගයේ සිංහල උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Isle of Joy” කියලයි. මේ එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරල තියෙන්නේ මේ කත…

Daredevil: Born Again Sinhala Subtitles

සුබ අලුත් අවුරුද්දක් වේවා ඩෙයාඩෙවිල් රසිකයෝ සියලු දෙනාටම! මේ අරගෙන ආවේ Daredevil: Born Again කතා මාලාවේ 08 වෙනි කතාංගයේ සිංහල උපසිරසි යි. අද එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ “Isle of Joy” කියලයි. මේ එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරල තියෙන්නේ මේ කතා මාලාවට ගත්ත අලුත් creative team එක විසින් (කතා මාලාව අතරමැදදී production team එක මාරු කරා කියල මතක ඇති නේ). Teams දෙක අතර තියෙන වෙනස පැහැදිලියි. මගේ මතය අනුව මේ එපිසෝඩ් එක තමයි මේ සීසන් එකේ දැනට ආව එපිසෝඩ්වලින් හොඳම එක. IMDb 9.1ක අගයක් ගන්නත් මේක සමත් වෙලා තියෙනවා.

පසුගිය කොටසින්…

හත්වෙනි එපිසෝඩ් එක ගැන ලොකුවට විස්තර කරන්න දෙයක් නෑ. අපට මියුස්ගේ ඇත්ත අනන්‍යතාවය හොයාගන්න ලැබුණා. ඒවගේම එයා මනෝව්‍යාධිකයෙක් සහ එයා මිනීමැරුම් කරන හේතුවත්, ඩොක්ටර් හෙදර් ග්ලෙන්ව මරන්න යන හේතුවත් අපට එළි වුණා. ඒත් වාසනාවට එයා හෙදර්ව මරන්න කලින් ඩෙයාඩෙවිල් ඇවිත් එයාව බේරගත්තා. ඒ සටනෙදී හෙදර් වෙඩි තියලා මියුස්ව මැරුවා. මට නම් හිතුණේ මේ සීසන් එකේ ප්‍රධාන දුෂ්ටයා විදියට Muse ව hype කරපු හැටියට අපට එයාව දකින්න ලැබුණා මදි කියලයි. එපිසෝඩ් එකෙත් පොඩි රෂ් කරපු ගතියක් මට දැනුණා.

මියුස් මැරුණ එකේ credit එක විල්සන් ෆිස්ක් එයාගේ අලුත් ඇන්ටි-විජිලැන්ටි කාර්ය බලකායට දෙනවා. ඒ හරහා විජිලැන්ටිලාට විරුද්ධ ආකල්පයක් එයා මහජනයා තුළ ඇති කරනවා. එයාව මරලා ලූකා බලය අල්ලගන්න හැදුවට වෙනැස්සාගෙත් උදව් ඇතිව ෆිස්ක් එයාව මරල දානවා. ඉතින් අපට දකින්න පුළුවන් එයා බොහොම සූක්ෂමව සිස්ටම් එක තමන්ගේ වාසියට හරවගන්න හැටිත්, මහජනයා තමන්ගේ මතයට නම්මගන්න හැටිත්.

එහෙනම්, අද එපිසෝඩ් එක බලන්න. එපිසෝඩ් එක අවසාන වෙනකොට ඉඳන් ඉන්න පුටුවෙන් නැගිට්ටවෙන එක සහතිකයි. එහෙනම්, අපි අන්තිම එපිසෝඩ් එකෙන් ආයෙ හමුවෙමු. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,642 downloadsDownload Daredevil-Born-Again-S01-E08-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

2,642 downloadsDownload Subtitles26 KB

22 comments

  1. lakshan

    thanks .....................

  2. Akila

    මචං මේකෙන් පස්සෙ invincible ඉතුරු ටිකට sub ගේන්න පුලුවන්ද

  3. Anonymous

    Se 09 ooone

  4. Anonymous

    ep 09 ooneee

    1. Shehan

      Episode 9?????

  5. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro..anthima episode ekath ikmanata denna..

  6. Anonymous

    Episode 9 sub eka dala da

  7. Sahan Sahan

    Episode 9 eka awith sthiyakatath lan wenna enawa thama saub eka na

  8. Anonymous

    Ep 09 ai thama sub damme natte dn relese wela godak dawas ne.

  9. Anonymous

    Invincible sub dennko

  10. Sanchi

    Daredevil born again epi 9 sub please ?????

    1. VA JI RA

      Eka ne thama kohevath
      kohevath

  11. Hiroon

    ep 09 ooneee

  12. Anonymous

    last episode sub Please

  13. Anonymous

    Daredevil born again epi 9 sub please

  14. Dilshan

    අඩේ කෝ මචං Episode 9 Sub එක. අන්තිම එක දෙන්නෝ.....

  15. Dilshan

    අඩේ Episode 9 සබ් එක දෙන්න මචං....
    අන්තිම එක බලන්න විදිහක් නෑ

  16. Anonymous

    Ai bn mehema sub dila magin nawaththanne.episode 9 thama sub dunne nne.sub denawanm okkoma denna bro.naththan wena sub dena kenekta karannath na mehema unama.balana kattiyath disappointed wenawa

  17. Anonymous

    Thanks mchn

  18. Nimesh Darshana

    last epidode ekath plwn ikmnta denwda

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  20. Sahan Gayantha

    thanks a lot Sanupa bro sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.