Watch Trailer

Gotham [S05 : E09] Sinhala Subtitles | ගෝර්ඩන්ට නඩුවක්! [සිංහල උපසිරැසි සමඟ]

සබ් එක නම් පරක්කුයි, අපි කෙලින්ම ගිය සතියේ කොටස ටිකක් මතක් කරගමු. ඉතින් තරහාකාරයෝ දෙන්නෙක් ඔන්න ඒයිත් මිත්‍රවෙලා ගෝතම් වලින් පැනගන්න සූදානම් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් සහ නිග්මා. නිග්මාගේ මොලයෙන් සහ පෙන්ගුයින්ගේ සල්ලි වලින් නිග්මා සබ්මැරින් එකක් හදන්න පටන් අරගත්තා. ඉතින් මේ වැඩේ සිද්ධව…

සබ් එක නම් පරක්කුයි, අපි කෙලින්ම ගිය සතියේ කොටස ටිකක් මතක් කරගමු. ඉතින් තරහාකාරයෝ දෙන්නෙක් ඔන්න ඒයිත් මිත්‍රවෙලා ගෝතම් වලින් පැනගන්න සූදානම් වෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි පෙන්ගුයින් සහ නිග්මා. නිග්මාගේ මොලයෙන් සහ පෙන්ගුයින්ගේ සල්ලි වලින් නිග්මා සබ්මැරින් එකක් හදන්න පටන් අරගත්තා. ඉතින් මේ වැඩේ සිද්ධවෙන අතරතුරේ පෙන්ගුයින් මැරිලා කියලා හිතන් හිටපු එයාගේ ලඟින් හිටපු කෙනෙක් එකපාරට කඩන්පාත් වෙනවා. ඒ තමයි පෙන්. හැබැයි එයා කලින් හිටපු පෙන් නෙමෙයි. එයා නටපු පිස්සුව මතක ඇතිනේ. ඉතින් මිනිහාව හරියටම ඉවරයක් කරන්න නිග්මා ඊටපස්සේ වගබලාගත්තා.

ගෝඩ්න් පොලිසියට බැඳෙන්න කලින් හාර්වි එක්ක පොලිසියේ වැඩ කරපු දෙන්නෙක්ව කෙනෙක් ඇවිත් මරලා දානවා. කට්ටිය දැකපු විදියට නම් ඒක කරලා තියෙන්නේ එයාලා එක්ක හිටපු තව පරණ පොලිස් නිලධාරියෙක්. හැබැයි එයා ඒ වෙනකොට රෝද පුටුවේ හිටපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද මෙහෙම දෙන්නෙක්ව මරන්නේ ? මෙතනදී තමයි ඉන්දියන් හිල් වලදී වෙනස් කරපු කෙනෙක් මුණගැහෙන්නේ. ජේන් කාට්‍රයිට්. එයාට පුලුවන් කෙනෙක්ව ඇල්ලුවාම එයාගේ විදියට රූපය මාරු කරගන්න. මූණ, ඇඟ, අත පය, කොණ්ඩය හැමදෙයක්ම. ඉතින් එයා තමයි අර පරණ පොලිස්කාරයෝ දෙන්නාව මැරුවේ. ජේන් පොඩිකාලේ එයාගේ තාත්තාව එයාගේ අම්මා මරලා දානවා. ඒ එයාගේ තාත්තාගේ කරදර ඉවසන්න බැරිම උන තැන. ඉතින් ඕකට පොලිස් මහත්වරු හතරදෙනෙක් එයාගේ අම්මාව හිරේට දානවා. ඉතින් ඒ ගොඩේ අර මැරුණ දෙන්නයි, රෝද පුටුවේ යන කෙනයි, හාර්වි ඉන්නවා. ඉතින් ජේන්ගේ ඉලක්කය උනේ එයාගේ අම්මාව හිරේ දාලා එයාව අසරණ කරපු මේ පොලිස්කාරයෝ හතරදෙනාව ඉවරයක් කරන එක. ඒත් එයාට හාර්විට මුකුත් කරන්න කලින් හාර්වි ඉස්සර උනා.

මේ සතියේ කොටස පටන් ගන්නේ ගෝඩ්න් පොලිසියේ අය එක්ක පොඩි ගමනක් යන්න ලෑස්තිවෙන සිදුවීමක් එක්ක. ලී එයාට යන්න එපා කියලා අනතුරු ඇඟෙව්වත් එයා යනවා ගෝතම් වල අපරාධ කල්ලි වල අයව මුණගැහෙන්න. එයා ඒ යන්නේ ප්‍රධාන ගොඩබිම එක්ක එකතුවෙන්න මේ එකිනෙකාව මරාගන්න එක නවත්තන්න කියලා ඉල්ලන්න. ඉතින් පෙන්ගුයින් තමයි මේ අපරාධකාරයෝ සේරම එයාගේ ගෙදරට එකතුකරලා දෙන්නේ. ගෝඩ්න් මේ අයට කතා කරන වෙලාවේ ඒ කට්ටිය අතරින් කෙනෙක් ගෝඩ්න්ට වෙඩි තියනවා. ගෝඩ්න් එතනම ඇදගෙන වැටෙනවා. ගෝඩ්න්ට මොකක් වෙයිද ? එහෙනම් අපි කතාව බලමු. ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,920 downloadsDownload Gotham.S05E09.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

8,920 downloadsDownload Subtitles30 KB

24 comments

  1. Kavinda7344

    thank u bro sub ekata

  2. tharindu

    thanks

  3. parindyabopage

    Thanks

  4. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.......!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. 100

    Sub eakata thanks

  7. kelumchathuranga

    THANKS

  8. dulangabro

    thx machn sub ekata

  9. WM sithmaka

    තෑන්ක්ස් වේවා බොක්ක

  10. Ayesh Prashan

    Thank You

  11. SASANDA SENEVIRATHNE

    Supiri

  12. Kulanjana Maduranga

    subata thanks

  13. s.s.m

    tz sub ekata...

  14. Lakmal Thusitha

    Tnx....sub walta aaa

  15. Pramukmili

    thanxxx bro........

  16. wajira

    Thanks for sub

  17. D.Chamara

    bohoma sthuthi sahooo

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Eranda Malith 2.0

    Sub ekata thanks

  20. nisalpasidu

    10 AWOOOOOOOO IKMANATA DIYAN SAHOOOOO

  21. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Devinda udayajeewa

    Thanks machoo..

  23. Lucifer Morningstar

    thanks for the subtitles bro

  24. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.