Watch Trailer

Great Barrier Reef with David Attenborough (2015) [E01] with Sinhala Subtitles | මහා බාධක කොරල් පරය : ගොඩනඟන්නන් [සිංහල උපසිරසි සමඟ]

ග්‍රහලොව මත ඇති ඉතාමත් මායාකාරි ස්ථානය…. ග්‍රහලොව මත වඩාත් අසාමාන්‍ය සත්ත්ව සමූහයකගේ නිවහන…….. ඕස්ට්‍රේලියාවේ ඊසානදිග මුහුදු තීරයේ කි.මී. 2300 ක් දිගට විහිදි, වර්ග කි.මී. 344,400 ක් පුරා පැතිර පවතින, 1981 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සහ CNNමඟින් ලෝකයේ ස්වභාවික පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති, ලොව වි…

ග්‍රහලොව මත ඇති ඉතාමත් මායාකාරි ස්ථානය….

ග්‍රහලොව මත වඩාත් අසාමාන්‍ය සත්ත්ව සමූහයකගේ නිවහන……..

ඕස්ට්‍රේලියාවේ ඊසානදිග මුහුදු තීරයේ කි.මී. 2300 ක් දිගට විහිදි, වර්ග කි.මී. 344,400 ක් පුරා පැතිර පවතින, 1981 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සහ CNNමඟින් ලෝකයේ ස්වභාවික පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති, ලොව විශාලතම ජීවමාන ව්‍යුහය, ලොව විශාලතම කොරල් පරය වන මෙම සුන්දර ලොව පිළිබඳ සොබාදහමට ඇළුම් කරන අය නම් නොදැන ඉන්න විදිහක් නැහැ.

ඉතින් සැඟවුණු සුන්දර ලොවක් ගැන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බොරොහ් මහතා විසින් ඉදිරිපත් කරන, BBC නාළිකාවේ 2015 දෙසැම්බර් – 2016 ජනවාරි විකාශය වු,IMDb දර්ශකයේ 8.7/10 ක ඉහළ අගයක් ලබාගෙන තිබෙන මෙම වාර්තා වැඩසටහන පැයකට ආසන්න ධාවන කාලයකින් යුත් කොටස් තුනකින් සමන්විත වෙනවා. කථාංගයක් අවසානයේ දී Reef Diaries යනුවෙන් රූගත කිරීමේ අත්දැකීම් පිළිබඳ විස්තරයක් ද ඇතුලත් කර තිබෙනවා.

1957 දී ඇටන්බොරොහ් මහතා පළමු වරට මහා බාධක කොරල් පරය තුළ කිමිදි ලද අත්දැකීම් සහ වසර 60 කට පමණ පසු අති නවීන යාත්‍රා හා උපාංග සහිතව කොරල් පරය තුළ කිමිදි ලද අත්දැකීම් සංසන්දනය කරමින්, වසර 60ක කාල පරාසය තුළ මහා බාධක පරය හා ඒ අවට සිදුවී ඇති වෙනස්වීම් මෙන්ම මහා බාධක කොරල් පරයේ ඉතිහාසය පිළිබඳව කතා කරනවා.

මෙම වැඩසටහන තුළදී මහා බාධක පරය මත සාමාන්‍යයෙන් සංචාරය කිරීමට අවසර නැති පෙදෙස් වල පවා සංචාරය කොට ලබා ගෙන ඇති සුන්දර දසුන් මෙන්ම ඒවා ලබා ගැනීමට භාවිතා කරන ලද නවීනතම තාක්ෂ‍ණයෙන් හෙබි ඇලූෂියා යාත්‍රාව, ට්‍රයිටන් සබ්මැරීනය ගැන සහ ඒවායේ ඇති තාක්ෂණයන් ගැන ද සඳහන් වෙනවා.

ඉතින් මේ දිනවල පවතින සුපිරි නාට්‍ය මාලාවන් හි තාවකාලික විරාමය අතරතුරේ මේ සුන්දර ලෝකයේ කිමිදි බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා…….

පළමු කථාංගයෙන්….

Builders :   මෙමඟින් මහා බාධක කොරල් පරය කවුරුන් කවදා කොහොම ගොඩනැංවූවා ද යන්න සහ එහි නිවැසියන් ගැන විවිධ කරුණු ඔස්සේ සොයා බැලීමක් කරනවා.

–          මහා බාධක කොරල් පරයේ පිහිටීම.

–          කොරල් පරය ගවේශණය කිරීම සඳහා ප්‍රථම වතාවට භාවිතා කරන ලද අති නවීන යාත්‍රා.

–          පරය නිර්මාණය කරන කොරල් බුහුපාවන්.

–          රාත්‍රි කාලයේ කොරල් පරය තුළ කිමිදීම.

–          ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් ජනයා විසින් වසර දහස් ගණනක් තිස්සේ 

           කොරල් පරයේ උපත පිළිබඳ පවසන කතාන්දරය.

–          කොරල් පරයේ ඉතිහාසය මෙන්ම එහි උපත ගැන

            නවීන තාක්ෂණය ඔස්සේ වර්තමාන විද්‍යාඥයින් පවසන දෑ.

–          1957 දී ජනශූන්‍ය කටුසු දූපත හා වර්තමානයේ එහි සිදු කරන පර්යේෂණ .

–          කොරල් පරය මෙපමණ සාරවත්, සංකීර්ණ හා විවිධාකාර වූ ප්‍රජාවකින් සමන්විත වීමට හේතූ.

–          කොරල් පර වාසීන්ගේ විවිධාකාර චර්යාවන් ගැන.

–          වසරකට වරක් සිදුවන සොබාදහමේ විශිෂ්ඨතම චමත්කාරය.

Reef diaries

–       කොරල් පරය තුළ රූගත කිරීම් සඳහා භාවිත කළ නවීනතම තාක්ෂණයෙන් යුත් ඇලූෂියා නෞකාව සහ ගැඹුරු මුහුදේ කිමිදුම් කළ ට්‍රයිටන්  (නඩිර්) සබ්මැරීනය පිළිබඳ.

–      මහා බාධක කොරල් පරය පිළිබඳ විවිධාකාරයෙන් ආකාරයකින් රූගත කිරීම සඳහා සුදානම් වීම.

ඊළඟ කථාංගයෙන්,

ඩේවිඩ් ඇටන්බොරොහ් සමඟින් මහා බාධක කොරල් පරයේ අසාමාන්‍ය ආගන්තුකයින් හමුවෙමු……..

Great Barrier Reef with David Attenborough on IMDb

 

 

DCE04D63878CE0721DFC7347783D3AAE06C35C93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

690 downloadsDownload Great-Barrier-Reef-with-David-Attenborough-E01.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                 All Episodes                      Next Episode >>

Subtitles

690 downloadsDownload Subtitles90 KB

27 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    පට්ට වාර්තා වැඩසටහනක් වගේ.. සුපිරි සහෝ..
    ජය වේවා...

  2. charith

    David Attenborough ගේ වාර්තා වැඩසටහන් නියමයි.

  3. Sajith Anthony

    මේවගේ ඒව නම් නියමයි සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  4. ප්‍රණීත් චින්තක

    මේ වගේ එව්වා නම් ගොඩක් වටිනවා සහෝ.
    දිගටම මේක දෙමු.
    වෙලාවක් ලැබුණු ගමන් නිවාඩු පාඩුවේ බලන්න ඕනේ මේ වගේ වාර්ථා වැඩසටහන් නම්.
    ලිපියත් නියමෙටම ලියලා තියෙනවා.

    මුහුදු පතුල කියන්නේ කොහොමත් බොහෝ දෙනෙක් කැමති මාතෘකාවක් නේ.
    උපසිරැසියට බොහෝමත්ම ස්තුතියි.

    ආයු -බෝ -වේවා !!!

  5. Heshan

    Thanks for sub...

  6. dayan

    ඩේවිඩ් ඇටන්බොරොහ් මහතා ගේ තව මේ වගේ series තියනව නම් සබ් දෙන්නකො

  7. dayan

    thanx

  8. DJ Crash

    great! thank you bro..

  9. wimukthi

    සුපිරි... පුළුවන් තරම් මේ වගේ වාර්තා වැඩසටහන් දෙන්න... ගොඩක් වටිනවා.....

  10. එල්.සී. දමැල්

    හ්ම්ම්, හොඳ කතා මාලාවක් වගෙයි.
    ලිපියත් හොඳට ලියල තියෙනව.
    එහෙනම් ඊළඟ කතාංගයෙන් හමු වෙමු.
    ස්තුතියි, සජීවී...

  11. කලු සජිත්

    thanks sub ekata .# eka denna.jayawewa!!!

  12. නිරෝෂ්

    ස්තුතියි සජීවි .ජයවේවා !

  13. Kulanjana Maduranga

    pattai ahhh…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sanath indika

    tx brooo

  15. තිසර නියෝ

    නම දකින්නත් කලින් ලිපියේ බාගයක් කියවද්දී දැනගත්තා මේ නම් සජීවී ගෙනාපු සබ් එකක් කියල...
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    අනිවා මේකනම් බලනවා
    ඔබට ජය

    #Hail_Hydra

  16. gayan

    niyamai...

  17. අනුර

    බොහොමස්තූතියි සහෝදරය..මේ වගේ kathaa nam ගොඩක් වටිනවා.ජයවේවා.....

  18. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝදරි මේ වගේ ඒවා නං අනිවා නොබලා ඉන්නේ නැහැ .. ජය වේවා !!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Heshan

    Thanks saho..

  21. අබා

    ගොඩක් ස්තුතියි ඉදලා හිටලා වත් වාර්තා වැඩසටහන් රසිකයන් වෙනුවෙන් දෙයක් ලැබෙනවට.....!

  22. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට, මේ වගේ නිර්මාණ ගොඩක් අය බලනව අඩුයි,
    ඒත් බලන කට්ටිය ගැන හිතල හරි මේ කරන වැඩේට ගොඩක් පින්,
    සුපිරි නිර්මාණයක්, දිගටම මේ වගේ නිර්මාණ වලට sub දෙන්න කියලත් ඉල්ලනව,
    ජය වේවා! තෙරුවන් සරණයි!

  23. සුදර්ශන

    ගොඩක් ස්තුතියි

    ඒත් මේකේ බාගන්න පුලුවන් ටොරන්ට් එකක් නම් ලැබුනේ නෑ.... ලැබුන කෙනෙක් කිවුවොත් ගෙඩක් තුති

  24. Navanjana

    Thanks. Planets 2019 mekatath sub danna.

  25. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  26. Nishon Jey

    Great Barrier Reef with David Attenborough (2015)

  27. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.