Watch Trailer

Krypton [S02 : E05] Sinhala Subtitles | මරණීය දණ්ඩනය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොය…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ පස්වැනි කතාංගය. හරි ඉතිං දැන් කට්ටිය දන්නවනෙ වෙග්තෝර් වල ඉඳල ජැක්ස්, වැල් ඇතුළු කැරලිකරුවන් යුද්ධයට සූදානම් වෙන අතරෙ, සොඩ්, ලයිට එක්ක කැන්ඩෝර් වල ඉඳල යුද්ධය සඳහා පිඹුරුපත් සකසනව. ඒ අතරෙ නීසා ඉන්නෙ වෙනම මෙහෙයුමක. ඒ තමයි කෝඩෙක්ස් එක හොයාගෙන ඒක, සොඩ්ගෙ අතට පත් කරන එක. අවසාන කතාංගයේ අපි දැක්ක නීසා ඒ වැඩේ සාර්ථකව කළා කියල. ඒ විතරක් නෙවෙයි වැල් සහ ජැක්ස් අතරෙ අවිශ්වාසයක් ඇති කරන්නත් මේක නිසා ඉඩ සැකසුනා. මේ දේවල් මෙහෙම වෙනකොට ලයිට සොඩ්ගෙන් ඉල්ලීමක් කළා වෙග්තෝර් වලට යන්න ඕනෙ කියල. සොඩ් අමාරුවෙන් ඒකට අවසර දුන්න. කෙම්, ඇඩම් එක්ක සෝපාන පාදම් මධ්‍යස්ථානය අල්ලගන්න එනකොට, ලයිට ඔවුන්ව කොටුකර ගත්ත. ඔහොම තමයි කලින් කොටස ඉවර වුණේ.

අද කොටසින්..

අද කතාංගය ඇතුළෙ නම් ටිකක් අනපේක්ෂිත දෙයක් වෙන්නෙ. ජැක්ස් සහ වැල් සැලසුම් කරපු හැම දෙයක්ම උඩු යටිකුරු වෙලා ඔවුන්ගේ භූමි සහායක කණ්ඩායම සමූල ඝාතනය වුණාට පස්සෙ බලය ලයිට අතට යනව. හැබැයි ඊට පස්සෙ ලයිට යෝජනා කරනව වැල් සහ ජැක්ස් දෙන්නට ඇවිල්ල එකඟතාවයකට ආවොත් යුද්ධයක් නොකර, අවම හානියක් ඇතුව යුද්ධය අවසන් කරන්න පුළුවන් කියල. ජැක්ස් සහ වැල් ඒ අනුව ලයිට හමු වෙනව. ඔන්න එතනදි බලය ආයෙත් මාරු වෙන ආකාරයේ සිදුවීමක් වෙනව. මේ අතරෙ සෙග් ඉන්නෙ සොඩ්ව අල්ලගෙන. හැබැයි එතන තවත් බල පෙරලියක් වෙනව වෙග්තෝර් වල සහ කැන්ඩෝර් වල බලය තුලනය වෙන ආකාරයේ. මේ දේවල් මෙහෙම වෙනකොට, ජෙයිනා, ඩෙව් එක්ක කැන්ඩෝර් වලට ඇතුළු වෙලා සොඩ් ඉන්න තැනට එනව. මේ සිදුවීමෙන් පස්සෙ හරි අපූරු දෙයක් වෙනව. මේ වෙනකල් දරුණු හතුරෙක් කියල සෙග් හිතාගෙන ඉන්න කෙනෙක්ගෙන් සෙග්ට අසාමාන්‍ය ආකාරයේ බලයක් ලැබෙනව. කොහොමහරි වෙග්තෝර් සහ කැන්ඩෝර් වල බල අරගලයේ බිල්ලක් විදියට අද කතාංගය අවසානයේ මෙතෙක් කතාව තුළ වැදගත් මෙහෙයක් කරපු චරිතයකට මරණීය දණ්ඩනය නියම වෙනව. එහෙනම් බලල ඉන්නකො මොකෝ වෙන්නෙ කියල. ඊලඟ කතාංගය අපේ හසායියා අරගෙන් එයි. මම ගිහින් එන්නම්.. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

2,365 downloadsDownload Krypton-S02-E05.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,365 downloadsDownload Subtitles31 KB

18 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  2. අමිල

    බොහොම ස්තුති සහෝදරයා

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  4. Hiran Eranda

    thanks udayanga ayiye.....ude idan meka denakan hitiye

  5. Nuwandika Dil

    Thankss

  6. roshand113

    Tnx bro

  7. Ayesh Prashan

    Thank You

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. wajira

    Thanks for sub

  10. yomalravindu

    Thanks...!!!

  11. Rashiiddamalgoda

    Supergirl එකටත් sub දෙමු කො.. ep 18 ඉදන් දුන්නේ නැ..

  12. Nimantha.Chathuranga

    TNx bro

  13. denizshulz

    Please update to HDTV

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.....!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  17. MAALnath

    Thanks ...................good luck ..................

  18. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.