වර්තමානය වන විට සමස්ත ලෝකයේම ගත්තත් දෛනිකව සිද්දවෙන ඝාතන ප්‍රමාණය අතිමහත් ප්‍රමාණයක් බව ඔබත් මමත් අප සැවොම හොදින් දන්නා කරුණක්. අඩදබර, ව්‍යාපාර කෝන්තර, පෙම් පලහිලව් වැනි එකී මෙකී විවිධ හේතු කාරණා නිසාවෙන් වර්තමාන ලෝකයේ මිනිස් ඝාතන දෛනිකව සිද්ද වෙනවා. ඒ අතරින් අහිංසක තරුණියන්/ කාන්තාවන් පිරිමින්ගේ ග…

වර්තමානය වන විට සමස්ත ලෝකයේම ගත්තත් දෛනිකව සිද්දවෙන ඝාතන ප්‍රමාණය අතිමහත් ප්‍රමාණයක් බව ඔබත් මමත් අප සැවොම හොදින් දන්නා කරුණක්. අඩදබර, ව්‍යාපාර කෝන්තර, පෙම් පලහිලව් වැනි එකී මෙකී විවිධ හේතු කාරණා නිසාවෙන් වර්තමාන ලෝකයේ මිනිස් ඝාතන දෛනිකව සිද්ද වෙනවා. ඒ අතරින් අහිංසක තරුණියන්/ කාන්තාවන් පිරිමින්ගේ ගොදුරු බවට පත්වීමද සුලබව දක්නට ලැබෙනවා. ඇතැම්විට එලෙස ගොදුරු බවට පත් වන්නන් මිය යන්නේ කිසිදු වරදක් නිසාවෙන් නොව වැරදි වෙලාවක වැරදි ස්ථානයක සිටීමේ අනිසි ප්‍රතිපලයක් ලෙසයි.
දැන් මං කියන්න යන්නෙත් ඒ විදිහට කිසිදු හේතු කාරනාවක් නොමැතිව අමානුෂික ලෙස කුරුරි ම්ලේච්ඡයෙකුගේ හස්තයෙන් මියගිය කාන්තාවන් තිදෙනෙක් පිළිබද සත්‍ය කතා පුවතක්. මේ සිදුවීම් පෙළ වාර්තා වන්නේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස ප්‍රකටව ඇති මහා බ්‍රිතාන්‍යයෙ. දැන් ඔහෙලා බලනවා ඇති මුළු ලෝකෙම ප්‍රසිද්ධව හෝ අප්‍රසිද්ධව මෙවන් සිදුවීම් රැසක් සිද්දවෙන කොට මේක විතරක් විශේෂ වෙන්නේ ඇයි කියලා. කතාවේ ඇත්ත සිද්ධිය ඇහුවට පස්සෙ ඔබටම ඒක තේරුම් යාවි කියලා හිතනවා.
2004 වර්ෂයේ අගෝස්තු 19වැනිදා සමස්ත බ්‍රිතාන්‍යයම විශේෂයෙන්ම දකුණු ලන්ඩනය බියට පත් වන පුවතක් වාර්තා වෙනවා. ඒ දකුණු ලන්ඩනයේ ට්විකෙන්හම් නම් ජනාකීර්ණ ප්‍රදේශයක ප්‍රංශ ජාතික තරුණියක් එළිමහන් පිට්ටනියක ඝාතනය වී තිබීමයි.

Amelie Delagrange, 22 year Old
2004 අගෝස්තු 19වැනි දින ඝාතනයට ලක් වන විට ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සිය අධ්‍යාපනය පිණිස බ්‍රිතාන්‍යය වෙත පැමිණ ගත කර තිබුනේ මාස තුනක් තරම් කෙටි කාලයක් පමණි. ඇය රිච්මන්ඩ්හි පිහිටි කැවිලි සාප්පුවක රැකියාව කර තිබෙනවා. එසේම එක්සත් රාජධානිය තුළ ඇයට සමීප මිතුරන් කීප දෙනකු සහ පෙම්වතෙකු සිටි බවටද සදහන් වෙනවා.
ඇමෙලිගේ මිනීමැරුම පිළිබදව විමර්ශනය කිරීමේ බාරදූර කර්තව්‍යය පැවරෙන්නේ Detective Chief Inspector Colin Sutton වෙතයි.

දකුණු පස සැබෑ Colin Sutton සහ වම්පස කතාමාලාවේ කොලින් සටන් චාරිතයට පණ පොවන martin Clunes
කොලින් සටන් ඇමෙලිගේ ඝාතනය ගැන විමර්ශනය කරගෙන යනවිට අනාවරණය වූයේ ඇයගේ මරණය සිදු වූ දා රාත්‍රියේ ඇය තම බස් නැවතුම වැරදීම හේතුවෙන් ට්විකෙන්හම් පිට්ටනිය හරහා යන්නට ආ බවයි. එසේ යන අතරමගදී තමයි ඝාතකයා විසින් ඇයගේ හිසට මිටියකින් පහර දෙන්නේ. පරීක්ෂක කොලින් ඇමෙලිගේ ඝාතනය ගැන සෙවීමට විශේෂයෙන්ම උපයෝගී කරගන්නේ CCTV දර්ශනයි.

ඇමෙලි ඩෙලග්‍රාන්ජ් බස් රථයට ගොඩ වන ආකාරය
බස් රථයේ CCTV දර්ශනවලින් සහ බස් රථයේ රියදුරුගෙන් දැනගත් තොරතුරු අනුව ක්‍රියාත්මක වෙන කොලින් සටන් එම ප්‍රදේශයේ ඇති සියලුම CCTV පරික්ෂා කිරීමට සිය කණ්ඩායමේ පරීක්ෂකවරු විශාල පිරිසක් යොදවන්නෙ සිය කණ්ඩායම තුළින්ම පැන නගින ගැටළුටලටද මුහුණ දෙමිනුයි. විශේෂයෙන්ම පරීක්ෂකවරු විසින් පැය 2000ක පමණ ධාවන කාලයකට අයත් CCTV දර්ශන පරික්ෂා කළ බව සදහන් වෙනවා. එසේ පරික්ෂා කිරීමේදී බස් රථවල බාහිර කැමරා තුළින් දැකගන්නට ලැබෙනවා ඇමෙලිගේ මරණයට මොහොතකට පෙර සුදු වෑන් රථයක් පිට්ටනිය වෙත පැමිණෙන ආකාරයත් පසුව ඇයගේ මරණය සිදු වී විනාඩි 8කට පසුව එම වාහනය පිටත්ව යනවා.
පසුව එවන් වාහන 26000කට අධික ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ට සැකකරුවෙක් ලැබෙනවා. එනම් Levi Bellfield යන පුද්ගලයා.
කෙසේ වෙතත් ඇමෙලිගේ මරණය ගැන හෝඩුවාවන් සොයාගෙන යද්දී එය බොහෝ සෙයින් ඊට වසරකට පමණ ඉහත සිදු වූ Marsha McDonnel තරුණියගේ මරණයටත් බොහෝ සෙයින් සමානකමක් දක්වනවා.

Marsha McDonnell
ඇමෙලිගේ ඝාතනය වීමට පෙර වසරේ පෙබරවාරි 4වැනි දින තමයි සිය පාසල් දිවිය නිමා කර විශ්වවිද්‍යාල අධ්‍යාපනය උදෙසා ඔස්ට්‍රේලියාව බලා යාමේ අපේක්ෂාවෙන් පසු වූ 19 හැවිරිදි මාෂා ඝාතනය වන්නේ. ඇයගේ ඝාතනය සිදු වූ තිබුනෙත් මිටියකින් පහර දීමෙන්. කෙසේ වෙතත් එම ඝාතනයට පොලිසිය ඒ වන විටත් සැකකරුවෙකු අල්ලාගෙන තිබුනා. එනමුත් ඇමෙලිගේ මරණයත් සමගින් එය දාම මිනීමරුවෙකුගේ ක්‍රියාවක්ද යන්න සමාජයේ ප්‍රශ්නයට ලක් වෙනවා.
එසේම එය යොමු වෙනවා 2002 වර්ෂයේ මාර්තු මස සිදු වූ 13හැවිරිදි Milly Dowler ඝාතනය වෙතත්.

Milly Dowler, 13 years old
ඇය මිය යන විට සරේ ප්‍රාන්තයේ Weybridgeහි Heathside පාසලේ 9වැනි වසරේ ශිෂ්‍යාවක්. එසේම ඇය තම මව පියා සහ සොයුරිය සමගින් පදිංචිව සිට ඇත්තේ වෝල්ටන් පාක් අසළයි.
2004 නොවැම්බර් මාසයේදී ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සහ මාෂා මැක්ඩොනෙල් දෙදෙනාගේ ඝාතකයා වූ Levi Bellfield යන පුද්ගලයාව ඔහුගේ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගනු ලබනවා.

Levi Bellfield
අත්අඩංගුවට ගැනීමෙන් පසුව 2008 පෙබරවාරි 28වන දින ඔහු ඇමෙලි ඩෙලග්‍රාන්ජ් සහ මාෂා මැක්ඩොනෙල්ගෙ ඝාතනයන්ට සහ Kate Sheedy නම් තරුණියක් මරා දැමීමට උත්සහ දැරීමේ වරදට වරදකරු වෙනවා. ඒ සදහා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වෙනවා. එසේම 2011 වර්ෂයේදී Milly Dowler ඝාතනය සම්බන්ධයෙන්ද වරදකරු වෙන ඔහුට තවත් ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වෙනවා. ඒ අනුව මේ කෘර ඝාතකයා කිසිදා හිරෙන් නිදහස් නොවෙනු ඇත. එසේම පසු කාලයක ඔහු තම නම Yusuf rahim ලෙස වෙනස් කරගෙන තිබෙනවා.
හොදයි එහෙමනම් ඔන්න Manhunt ටීවී කතාමාලාව පිටුපස තිබෙන සත්‍ය කතාව ඔයාලා දැන් දන්නවා. කාටහරි වැඩිදුර තොරතුරු අවශ්‍යනම් වෙබ් පිටුව කියවන්න.
Manhunt කතාමාලාව 2019 වර්ෂයේ බ්‍රිතාන්‍ය ITV නාළිකාවේ විකාශය ආරම්භ කළ අතර සමස්ත කතාමාලාව කොටස් ත්‍රිත්වයකින් සමන්විත වෙනවා. එසේම මේ වන විට IMDB දර්ශකයේ 7.9ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙක්ගෙන් ධනාත්මක පැසසුම් ලබාගන්නටද සමත් වූ කතාවක් ලෙස හදුන්වන්න පුළුවන්.
කතාව ආරම්භ වන්නේ තරුණියක් පිට්ටනියක වැතිර සිටින දර්ශනයකින්. පසුව ඇයව රෝහල් ගත කිරීමෙන් පසුව ඇය දිවියෙන් සමු ගන්නවා.ට්විකෙන්හම් ප්‍රදේශයේ දෙනෝදාහක් ගැවසෙන ස්ථානයක මෙලෙස අභිරහස් ලෙස මියගිය තැනැත්තිය ඇමෙලි ඩෙලග්‍රාන්ජ් නම් ප්‍රංශ ජාතික තරුණියක්. ඉතින් ඇයගේ මේ අභිරහස් මරණය පිළිබදව DCI කොලින් සටන් ඇතුළු පරීක්ෂක කණ්ඩායම ගෙනියන විමර්ශනය ඔබට බලාගන්නට පුළුවන් වෙනවා.
එහෙමනම් සුරංගනා හා වීර කතාවලට වඩා වෙනස් ආරෙකට නිමවෙන සත්‍ය ලෝකයේ සත්‍ය වීරයෙකු විසින් තරුණියන් තිදෙනකු උදෙසා සාධාරණය ඉෂ්ට කරලීම උදෙසා බාධක කම්කටොලු මැදින් ගෙන ගිය සටනක සාක්ෂිකරුවන් වෙන්නයි විමර්ශනාත්මක අභිරහස් රහස් පරීක්ෂක කතා ප්‍රිය කරන බුද්ධිමත් ඔබ සැමට ආරාධනා කරනවා. ඔබ සැමට ජයෙන් ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV MTB පිටපත් සඳහා අදාළ වේ.
2,063 downloadsDownload Manhunt-S01-E01.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
22 comments
Prabodha Madhusankha Hettiarachchi
Gathsara Umesh
Bhooooom sathutui ❤️
vidura weerasinghe
eka nan supiri machan <3
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ypnr
Sub ekata pin aaaaaaaa
හසන්ත වික්‍රමරත්ත
නියමයි නිලා. වැඩේ හිතුවටත් වඩා හොඳට කරලා. මේක සත්‍ය කතාවක් සහ සත්‍ය තොරතුරු මත පදනම් උන එකක් නිසා තවත් කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම මේ කතාව විකාශය උනාට පස්සේ මේ මිනීමරුවා විසින් ඊට කලින් පහරදුන්න නමුත් පොලිසියට පැමිණිලි නොකළ අයත් පසුව පැමිණිලි ඉදිරිපත් කරලා තිබුනා. උපසිරසත් හොඳටම තිබුනා. ජය!
tharindu gunarathna
thanks
geeganagamage
ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා . පුළුවන් නම් roswell අලුත් සීසන් එක ඇවිත් එකටත් සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
Ranga Prasanna
සුපිරි කතාවක් වගේ. එපි තුනක් නිසා එක දවසින් ඉවර කරහැකි. සබ් එකට තෑන්ක්ස් නිලුපුල්. හසන්ත මහතා මේ කමෙන්ට් එක දකීවා. එයාටත් තෑන්ක්ස් මේක ගැන කිවුවට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක download කරලා තිබ්බා.. දැන් සබ් එක්කම බලන්න පුළුවන්...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...Kaushan Rasanga
Tnx bro
Kulanjana Maduranga
subata thanks saho.....
harshahjk
බොහෝම ස්තූතියි මධූක සබ අරගත්තා ජයවේවා
dinukaem1
madukapriya is really good subtitler ..thanks
Rasitha Illangasinghe
Thanks sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranuka
Trailer eke thiyenne wena Movie ekak
bLack_sNow
Thanks saho sub ekata.
ජනිත් මාතුල ද සිල්වා
Thank u nilupulaaa
MAALnath
thanks ..................good luck ......................
melinda
thank you
Advertisement
![Manhunt [S01 : E01] Sinhala Subtitles | ට්විකෙන්හම් පිට්ටනියෙන් ඇරඹි මිනිස් දඩයම.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Manhunt-2019-TV-series.jpg)


Godak sthuthi sahooo sub ekata. Detective kathanm supiri..