Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E02] Sinhala Subtitles | වීරයෙකුගෙ වෙසින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන ක…

ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන කාලෙ. එහෙම කාලයක් කියන්න වැඩ අධික කාලයක් විභාග කටයුතු එක්කලා. ඒත් ඒ අස්සෙ මේකත් ඇදගෙන මේ යන්නෙ. ඉතිං සපෝට් එකක් දීහල්ල ගියපාර වගේ මාවත් කම්මැලි නොකර. කොහොමත් ශිල්ඩ් බලන්නෙ හෙන පරන සෙට් එකක්නෙ අලුත් අයට වඩා.

එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරන්නම්…

කතාව පටන් ගත්තෙ ෆිට්ස් ක්‍රයෝ චේම්බර් එකේ ඉද්දි වෙන පහර දීමක් එක්කලා. කවුද මේ ප්‍රහාරය එල්ල කලේ කියන්න තාම දන්නෙ නම් නෑ. ඒ වගේම ෆිට්ස් කාල තරණය කරපු විදිහ තාම ලෙහාගන්න බෑ අපිට. මොකද ඒක අපි දන්න කාල තරණ එක්ක ගලපලා ලෙහා ගන්න බැරි නිසා. අපි හිතමු ඉදිරියෙදි කතාව තුලින් අපිට ඒක ලෙහලා දේවි කියලා. ඔය සිදුවීමත් එක්ක කතාව පටන් ගන්නෙ කෝල්සන්ගෙ මරණින් වසරකට පස්සෙ. ඒ වෙනකොටත් ඩේසි, සිමන්ස් ඇතුලු කට්ටිය අභ්‍යවකාශය පුරා ෆිට්ස්ව හොයනවා. මෙයාලට යානෙ කොටස් හොයාගන්න ලැබුනත් ෆිට්ස්ව නම් හොයාගන්න වෙන්නෙ නෑ. කොහොම නුමුත් ජෙමාට අර කුටීරයෙ තිබිලා දෙයක් හම්බවෙනවා. ඒ ලෝකෙක නමක්. හැබැයි අනික් අය එකග වෙන්නෙ නෑ එහාට යන්න.

ඔය අතරෙ අපේ පෘථිවියෙ ඉන්න ශීල්ඩ් නියෝජිතයො ටික තවත් අවුලක එල්ලිලා ඉන්නවා. පෘථිවිය තුල යම් කැලබීම් ඇතිවෙන්න පටන්ගෙන, මේවා මොනවද කියන්න දැනන් උන්නෙ නෑ ඒ අය. කොහොම නමුත් ශීල්ඩ් නැවත නැගිටිමින් තිබෙන බවක් අපිට පේන්න තිබ්බා. අලුත් සාමාජිකයො ගොඩක් පිට දකින්න ලැබුනා. ඒ වගේම මැක් ආපහු ශීල්ඩ් ඇකඩමිය ආරම්භ කරන්න ලොකු උත්සහයක් දරණ බව පේන්න තිබුනා. කොටින්ම කියතොත් ශීල්ඩ් අඩියෙ ඉදන් ආයෙ ගොඩනැගෙනවා.

ඒත් එක්කම තමයි අපෙ මේ වතාවෙ හතුරගෙ සම්ප්‍රාප්තිය සිද්දවෙන්නෙ, කවුරුත් නොහිතපු විදිහට කතාවට අවතීර්ණය වුනේ අපි 2008 අයන් මෑන් ෆිල්ම් එකේ ඉදන් ශීල්ඩ් පස්වෙනි කතා සමය වෙනකල් වීරයෙක් එහෙම නැත්නම් ශීල්ඩ් නියෝජිතයෙක් විදිහට දැනන් උන්න ෆිලිප් ජේ කෝල්සන්, කෙටියෙන් ෆිල් කෝල්සන්ව. වීරයෙක් විදිහට දැක්ක කෝල්සන් මේ වතාවෙ හතුරෙක් විදිහට අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම මේ අය කවුද, මෙහෙට ආව හේතුව මොකක්ද කියලා අද ලාව ලෙහා ගත්තැකි. එහෙනම් මං යනවා.

කියන්න ඕන ඊලග කොටස දවස් කිහිපයක් පරක්කු වෙන්න පුළුවන්, හේතුව පටන් ගද්දිම කිව්වා ලිපියෙ උඩම. කැමති නම් ගිය වතාවෙ වගේ කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙමු නැත්තං හෙන කම්මැලි හිතෙනව මේ වැඩේ.😜

#Hail Marvel!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

5,244 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S06E02.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,244 downloadsDownload Subtitles25 KB

86 comments

  1. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  2. Supun_boy

    නවත්තන්න එපා දිගටම ⁣ඉස්සරහර යමු. ස්තුතියි සබ් එකට

  3. wera

    good job ekak saho. good luck.
    wada asse sub eka denawata thanks.

  4. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Sohan Harshana

    එපිය එන පරක්කුවටම සබ් එකත් දාලා.
    ස්තූතියි.
    ජයවේවා!!!

  6. raviz

    Thank u.............!

  7. Nilupul

    Thank you...... DIATAMA WADE KARAN YAMU...

  8. lahiru sadaruvan

    thank you so much brother

  9. VINODRANGANA123

    Supiri aaaa.. ela digatama sub oone ...poddak episode eka parakkui ❤️

  10. KD-Art

    thanks mcn <3

  11. Ravindu Rukshan

    thx

  12. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  13. shadow@worker

    tha saho mesere math a/l liyanne mn dannava amaruva e asse hari sub eka denavata godak sthuthiyi

  14. Jagath Dhananjaya

    Thanks a lot bro

  15. Gandhiranasinghe

    Thank u vry much bro....keep it up

  16. mmadhushankha

    patta

  17. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ...❤️

  18. kalana

    ගොඩාක් ස්තුතියි...

  19. Ajith Priyantha

    sub ekata jaya wewa

  20. Banu91

    thanks bro

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. dilanwimalasiri9

    thanks bro

  23. Rumesh Asanka

    thank you

  24. ravindu lakshan

    ela

  25. onal

    thanks bro

  26. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.

  27. Nipuna Kisal

    Thnk You Bro!..

  28. madusanka

    Thanks bro..***

  29. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් බලන් ඉන්නේ...
    සුපිරිම Series එකක්...මේ පාර කොලිටියත් සුපිරි....
    Avengers එකක් සම්බන්ද නැති එක තමා අවුල..

  30. nirodha uthpala

    Exam godadaganna mulinma sub tika passe gattahaki.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

  31. sam1973

    Thank you

  32. Shalika

    Thank you macho.

  33. Kasun A.

    උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!

  34. Amila89

    නියමයි.බොහොම ස්තුති සබ් එකට

  35. RandiS

    බොහෝම ස්තූතියි සහෝ!!
    අධ්‍යාපන වැඩත් හොඳටම කරගන්න සුභ පතනවා.ජයවේවා බ්‍රෝ!!!

  36. Sdilshan

    Thankz bro good luck

  37. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

    ජය වේවා !!!!!

  38. Sanath Indika

    thx bro

  39. Nilupul Madukapriya Perera

    ස්තුතියි සබට

  40. ChamalKanishka

    thnx bro

  41. Amalka Himeshan

    තැන්ක්ස් බොක්කා සබ් එකට

  42. Mr.pamz

    Thanks brother

  43. dineth1995

    ගොඩක්ම ස්තූතියි සහෝ

  44. Amalka Himeshan

    ෆිට්ස්ගෙ සීන් එක තාම තේරුන්නැද්ද බන් ඌ ටයිම් ට්‍රැවල් කරන්නෑ ඊනොක් ඌව හයිබනේට් එකේ තියනව අර කුටීරයේ දාල. උන්ගෙ ප්ලෑන ෆිට්ස්ව අවුරුදු 70 (අවුරුදු ගාන හරියටම මතක නෑ ) ගානක් හයිබර්නේට් කරල අදාල කාලෙදි ෆිට්ස්ව ඇහැරවන එක එහෙමයි ඌ අනාගතේ ඉන්නෙ ඌව හයිබනේට් කරයින් අවුරුදු 70 ගානකට පස්සෙ මේ එපියෙනුත් ඒ ගැන පැහැදිලි වෙනව

    1. ලහිරු ප්‍රසාද්

      අඩේ උබ කිව්වමයි මටත් ඒක මීටර් උනේ. එලම ආ ටෑන්ක්ස්. ඕක ලෙහාගන්න බැරුව හිටියෙ මං.

  45. Shehan putha

    Thanks bro Jaya wewa !

  46. Harshana Samarasekara

    එලම බං. සබ එනකම් බලාගෙන ඉදියෙ බලන්නෙ නැතුව.

  47. Devaka Sadaruwan

    මග එහෙම නවත්වන්න එපා බං. බලන ඒවා කිපයයි තිබුනේ.. ඒවා දැන් සබ් දෙන්නේ නැති නිසා කඩ්ඩෙන්ම බැලුවා. Blacklist, bilndspot එහෙම. මේක එහෙම කරන්න එපා.

    සබට තුති... ජය

  48. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks bro....!

  49. Danushka Wickramaarachchi

    Old is gold machan. pls never give up

  50. Hasanga Kuruppu

    සබ් එකට තෑන්ක්ස් සහෝ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.