Watch Trailer

Marvel’s Cloak & Dagger [S01 : E03] Sinhala Subtitles | විසිතුරු කවුලුව [සිංහල උපසිරසි සමඟ]

වෙලාව පාන්දර 4.04, දැනුයි වැඩ ඉවර වුනේ, කොහොමද හැමෝටම ? සැප සනීපෙන් ඉන්නවනේ. ඔන්න එහෙනම් සතියක විරාමයකින් පසුව, Cloak & Dragger කතාමාලවේ පළමු සමයේ තෙවන කතාවත් එක්කයි අද එක්කාසු වෙන්නේ. Marvels කතාවක් කිව්වම ඉතින් කතා දෙකක් නැහැ බාල,මහලු,වැඩිහිටි හැමෝම වගේ දන්නවානේ ඒ ගැන. මේ වන විට කතාව පිලිබඳව ලැබෙ…

වෙලාව පාන්දර 4.04, දැනුයි වැඩ ඉවර වුනේ, කොහොමද හැමෝටම ? සැප සනීපෙන් ඉන්නවනේ. ඔන්න එහෙනම් සතියක විරාමයකින් පසුව, Cloak & Dragger කතාමාලවේ පළමු සමයේ තෙවන කතාවත් එක්කයි අද එක්කාසු වෙන්නේ.

Marvels කතාවක් කිව්වම ඉතින් කතා දෙකක් නැහැ බාල,මහලු,වැඩිහිටි හැමෝම වගේ දන්නවානේ ඒ ගැන. මේ වන විට කතාව පිලිබඳව ලැබෙන අදහස් වලට ස්තුති කරනවා හැමෝටම. කතාවට අලුත් අය වුනත්, දැන් නම් කතාව ගැන යම් පැහැදීමක් ඇති වෙලා ඇති. මොකද මංසලේ පලවුන ලිපියත් එක්ක. හැබැයි කොමික් කතාවට වඩා ටෙලි කතාවක් බවට පත් වෙනකොට එහි වෙනස්කම් රැසක් ඔයාලට දකින්නට ,හදුන ගන්නට ලැබෙන්න ඇති මංසලේ පල වූ ලිපියනේ ඒක පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා.

මෙතෙක් කතාව කෙටියෙන් කියනවා නම්, ටැන්ඩි හා ටයිරෝන් අහම්බෙන් සිදුවූ , හදිසි අනතුරු දෙකකින් එකම වෙලාවෙදී සම්බන්ධ වෙනවා. එතකොට මේ දෙන්නට වයස අවුරුදු 7ක් වාගේ. අනතුර සිදුවෙද්දී ටැන්ඩිට තම පියාවත්, ටයිරෝන්ට තම සහෝදරයාවත් අහිමි වූ බව ඔයාලට මතකයිනේ.

කාලය ගෙවී ගොස් නැවතත් මොවුන් දෙදෙනා අහම්බෙන් වගේ තරුණ වයසේදී මුණ ගැසෙන්නේ පාටියකදී. වර්තමාන කතාවත් මොවුන්ගේ තරුණ කාලය සමග දිවයනවා. සියලු කාරනා අහම්බෙන් සිදුවුවත් , හරි අපූරුවට ඒ කරුනු එක මත එක පෙල ගැසෙනවා. අහම්බෙන් මොවුන් දෙදෙනාට ලද බලයන් මොවුන්ටත් පුදුමයක් ගෙනදුන් ආකාරය කලින් කතා වල දැක ගන්නට ලැබුනා.

ටැන්ඩිගේ බලය ආලෝකයත් සමග සම්බන්ධ වන අතර ටයිරෝන්ගේ බලය අන්ධකාරයත් සමග සම්බන්ධයි. ටැන්ඩිට මේ වන විට ආලෝක කිනිසි නිර්මාණය කල හැකි අතර,ටයිරෝන්ට අන්ධකාරය තුලින් තැනකින් තවත් තැනකට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව ටැන්ඩිට ස්පර්ශයෙන් යම් කෙනෙකු තුල වූ,‍ යහපත් අතීත හා අනාගත සිද්ධීන් දර්ශන හරහා දැකගත හැකි අතර, ටයිරෝන්හට ස්පර්ශයෙන් තවත් කෙනෙකු තුල ඇති අන්ධකාර සිතුවිලි දැන ගන්නට හැකියාවක් පවතිනවා.දැනට මොවුන්ගේ හැකියාවන් මෙපමනක් වුවත්, අනාගතයේදී තව බොහෝ බලයන් මොවුන් සතුවිය හැක. තවමත් මොවුන් දෙදෙනාට තම බලයන් පාලනය කරගත නොහැකියි.

එහෙනම් අද කතාව පැත්තට යන්න කලින්, සුපුරුදු පරිදි පසුගිය කොටස පැත්තට පොඩ්ඩක් එබිලම යමු.

පසුගිය කොටසින්.

ටැන්ඩි අතින් තුවාල වුන තරුණයා නිසා ඇය මේ වන විට බියෙන් නගරයෙන් පලා යන්නට උත්සහ කරනවා. තරුණයාට ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදු නොවුනත්, පොලිස් ඉව මේ වන විට මේ මත්තේ වැටෙනවා.

ලියම් හා ටැන්ඩි, ඇයට පලායන්නට මාර්ගයක් සකසා දිය හැකි පුද්ගලයකු හමුවන්නේ ටැන්ඩිගේ ඉල්ලීම නිසාවෙනි. පලා යන්නට හැකි අවස්ථාවක් ලබා ගත්තත්,එය බෙහෙවින් මිල අධික වන නිසාවෙන් දෙවරක් නොසිතා, තවත් හොරකමක් කරන්නට දෙදෙනා පෙලඹෙනවා. එය මෙතෙක් උත්සහ කල විශාලම එක වෙනවා.

කෙසේ නමුත් හොරකම සාර්ථක කරගන්නට දෙදෙනාට හැකියාව ලැබුනත්, ටැන්ඩි දකින දර්ශනයන් නිසාවෙන්, ලියම් හා ටැන්ඩි සම්බන්ධය පසුගිය කොටසින් බිඳී යනවා. පොලිස් ඉව ටැන්ඩි පසු පසින් පැමිනෙන අතරවාරයේ ලියම් කොටු වන්නේ ටැන්ඩිවත් හසු කරගන්නට දැලක් එලන ගමන් බව පසු ගිය කොටසේ අන්තිමට, අපිට දැක ගන්නට පුලුවන් වුනා.

ටැන්ඩිගේ පැත්තේන් කතාව එලෙස වෙද්දී, ටයිරොන් තමන්ට ලද බලයන් හමුවේ අසරණ වන්නේ, තවමත් හරි හමන් පාලනයක් තමන් නතු කරගන්නට නොලැබෙන නිසාවෙනි. ටයිරෝන් තම සොහොයුරගේ මිනීමරුවා පිටුපස කාලය ගත කරද්දී පාසලේ සෑම දෙයක්ම ඔහුට මගහැරෙනවා. එයින් ප්‍රශ්න තවත් වැඩිකරගන්න එකයි ඔහුත් කරගන්නේ.

ටැන්ඩි හා ටයිරෝන් චරිත දෙකක් වුවත් බෙහෙවින් සමාන ජීවිතයක් උරුම දෙදෙනෙක් බව ඔයාලටත් තේරෙනවා ඇති කියලා හිතනවා. මොවුන්ගේ ආවේගයත් සමඟ උද්දීපනය වන මේ ශක්තීන් නිසා නැවත වරක් මොවුන් දෙදෙනා එකට සම්බන්ධ වන්නේ පසුගිය සතියේ අවසාන මොහොතේදීයි.

ටයිරෝන් තම සොහොයුරාගේ ඝාතකයාගෙන් පලි ගන්නට තුවක්කුවත් රැගෙන පොලිස් නිළධාරියාගේ නිවසට යනවා. එවිට ටයිරෝන්ට පැමිණෙන ආවේගයත් සමඟ ඔහු වෙඩි තබනවා. නමුත් කිසිවෙක් අපේක්ෂා නොකල අයුරින් ඔහුව ටැන්ඩි හා සම්බන්ධ වනවා. ටැන්ඩි මේ වනවිට නගරයෙන් පලා යන ගමන් සිටින්නේ, එහෙත් ටැන්ඩි හා ටයිරෝන් සම්බන්ධිතයි. ටයිරෝන් තැබූ වෙඩිල්ල ටැන්ඩිගේ කාරයේ වීදුරුව හරහා යනවා. ඒ එක්කම ඇයව ගසක හැප්පෙනවා අපිට පසුගිය කොටසේ අවසන දැක ගන්නට පුලුවන් වුනා.

ඇයි ටැන්ඩි හා ටයිරෝන් ගේ බලයන් එකිනෙක සම්බන්ධ ? ඔවුන් දෙදෙනාට මේ බලයන් පාලනය කරන්න පුලුවන් වේවිද? මොවුන්ගේ බලයන් එක් වුවහොත් කුමක් වේවිද? ආලෝකය හා අන්ධකාරය එක් කරන්න හැකි වෙයිද ? මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්නනම් දිගටම අපිත් එක්ක ඉන්න වෙනවා.

අද කොටසින්,

මං ඉහත සඳහන් කල ප්‍රශ්න වලට උත්තර හොයන්න අද කොටසනම් උදව් වෙනවා නිසැකයි. අද කතාව වෙන්වෙලා තියෙන්නේ මොවුන් දෙදෙනාගේ අරමුනු දෙදෙනාට පැහැදිලි කරවන්නයි. ඉතින් මේ පැහැදිලි කිරීමෙන් අපේ ප්‍රශ්න වැලට උත්තර ලැබෙනවා.

ඉතින් පසුගිය සතිය අවසානයේ ටැන්ඩි ගහේ හැපුනා. ටයිරෝන්ගේ වෙඩිල්ලෙන් ඇයට අනතුරක්වත් සිදුවූවාද? ගහේ හැප්පුන ටැන්ඩිට කුමක් වී ද?පොලීසියේ දැලට ටැන්ඩිවත් අසුවේවිද? අද කතාවෙන් වත් මොවුන් දෙදෙනාගේ බලයන් පාලනය කරගන්නට සමත් වේවිද ? ඔව්, නිසැකව තවමත් කතාව ආරම්භක අදියරේ නිසා ප්‍රශ්න වැලක් ඉතුරුයි. වද වෙන්නෙපා එකින් එක පිළිවලට, ප්‍රශ්න ටික විසඳගමු. එහෙනම් ගිහින් එන්නම්.🚩හැමෝටම ජය…!!! 😉✌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Tharindu-Perera-e1527865296947.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

40 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි මචං.. keep it up.. Thank you..

    1. තරිඳු ගමගේ

      ජය ✌

  2. Stranger

    thanks

  3. Lakshan

    Thanks Bro.

  4. Lasithgayan

    Thanks brother

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්...

  6. thumi

    macchan kalin kotaswala sub out hadaganna kohomada

    1. උදයංග සම්පත් හතරසිංහ

      Sync කරගෙන බලපං බං.. මේ සබ් දෙන්නෙ මුලින්ම out වෙන කොපියටනෙ.. ඉතිං ඔක්කොට copy වලට update කරන එක අමාරු වැඩක්.. බයිස්කෝප් එකේ තියෙනව එක එක ප්ලේයර්ස් වලට සබ් sync කරගන්න විදිය..

    2. තරිඳු ගමගේ

      එපිය ගන්නකොට Web Copy පමනක් ගන්න. ඒවා නැතුව වෙන කොපි ගත්තානම්, Pot player එකෙන් නම් "" key වලින්ද KM player එකේ "[" හෝ "]" Key වලින් සබ් නොගැලපෙන ඒවා හදාගන්නත් පුලුවන් පහසුවෙන්.

    3. thumi

      thanks

    4. thumi

      thanks

  7. Wolfman

    ස්තූතියි

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ජය වේවා!!!

  9. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු.ජයවේවා......

  10. futureomega

    Thanks bro sub ekata.

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Ayesh Prashan

    Thank You

  14. KasunRe

    බොහොම ස්තූතියි සාහෝ......

  15. suranuwan

    thanks bro...

  16. sashindramax

    Thanks saho enakam hitiye balannaaa

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජයවේවා……

  19. scgimhan

    thanx bro

  20. nirodha uthpala

    Thx for sub bro digatama denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  21. Thilina Chamara

    thank you

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. ThusharaIndunilRathnayaka

    sub ekaa thanks bro....!

  24. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro....!

  25. Lahiru1992

    Subata thanx bro

  26. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි...................ජයවේවා..........!!!!!!!!!!!!!!!!!!!

  27. Sandeepmadushan

  28. Rangana.lk

    ස්තුතියි සහෝ

  29. malinda55555

    machan parakkui anith eka onee

  30. Mudith_Harsha

    E4 SUB EKA ONEE

  31. priyan99

    thanks saho sub ekata

  32. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  33. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  34. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  35. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.