Watch Trailer

October Faction [S01 : E04] Sinhala Subtitles | මලවුන් පෙනීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා.October Faction කතා මාලාවෙ හොඳම ටික පටන් ගන්නෙ මේ කොටසින් කියලා කිව්වොත් නිවැරදියි. ඊට කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතක ඇතිනෙ තුන්වෙනි කොටස ඇලන් පවුලෙ අයට එච්චර හොඳ කොටසක් නෙමෙයි කියලා. විව් කැතීට කියනවා තමන් බස් අන්තුර සිද්දවෙන්න කලින් ඒක…

කොහොමද කට්ටියට, ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා.October Faction කතා මාලාවෙ හොඳම ටික පටන් ගන්නෙ මේ කොටසින් කියලා කිව්වොත් නිවැරදියි. ඊට කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.

මතක ඇතිනෙ තුන්වෙනි කොටස ඇලන් පවුලෙ අයට එච්චර හොඳ කොටසක් නෙමෙයි කියලා. විව් කැතීට කියනවා තමන් බස් අන්තුර සිද්දවෙන්න කලින් ඒකෙ චිත්‍රයක් ඇන්දා කියලා. මේක නිසා විව්ට පාසලේදි ගොඩක් ලැජ්ජා වෙන්න සිද්ද වෙනවා.ජෙෆ් මැරුන කෙනෙක් එක්කත් කතා කරනවා. බෑස්ව හම්බෙන්න යන ඩෙලෝරිස්ට වෙලද සැලේදි ඝාතනය කරපු වැම්පයර්ලාගෙ ඥාතියො ටිකක් පහරදුන්නා. ෆ්‍රෙඩ්ගෙ තවත් රහසක් දකින්නත් පුළුවන් වුනානෙ. ෆ්‍රෙඩ් එක්ක වැම්පයර්ලා දඩයම් කරන්න යන ඩෙලෝරිස්ට හම්බෙන්නෙ මැරිච්ච වැම්පයර්ලා ටිකක්. මේ අතරතුරේදි ප්‍රෙසිඩියෝ එකේ ප්‍රධානීන් ෆ්‍රෙඩ් හොයාගත්ත සංකේතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ෆ්‍රෙඩ්ව තර්ජනයක් වෙන්න පුළුවන් කියලා මේ අය සැක කරනවා.

අද කතාව පටන්ගන්නෙ වැම්පයර් ප්‍රහාරය ගැන විස්තර කරන්න ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් නිව්යෝර්ක් වලට යනවා. මේ යන්නෙ ජෙෆ් සහ විව්ට ක්‍රෙඩිට් කාඩ් එකත් දීලා.ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජෙෆ් නවතින්නෙ පාසලේ හැමෝටම තමන්ගෙ ගෙදර පාටියකට ආරාධනා කරලා. මේ පාටියෙදි තමයි ඔක්කොම පටන්ගන්නෙ..කලින් කොටසෙදි පෙන්නපු ස්ටීව්ගෙ අවතාරය ජෙෆ්ට ආයෙත් පේන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි පිලිප් සහ ස්ටීව් අතරෙ කලින් සිදුවීමකුත් පෙන්නනවා.මේ අතරතුරේදි පිලිප් සියදිවි හානිකරගන්න උත්සාහ කරනවා. ස්ටීව් ඉල්ලනවා පිලිප්ව බේරගන්න කියලා.මේ අතරෙදි විව් කැතීගෙ අනතුරු ඇඟවීම් නොසලකා තමන්ගෙ හිත ගිය රොබ් එක්ක හිතවත් වෙනවා. ඒත් රොබ් කියන්නෙ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා විව්ට තේරුම් ගන්න එච්චර වෙලාවක් යන්නෙ නෑ. විව්ගෙ උදව්වට එන්නෙ තුන්වන කොටස අවසානයේ පෙන්නන අමුත්තා. ඒ කවුද කියලා ඉදිරියේදි දැනගන්න පුළුවන්. මේ අතරතුරේදි තවත් කෙනෙක් ගෙදරට ඇතුල් වෙනවා. ඒ කවුද,මොකටද එන්නෙ කියලා නරඹලාම දැනගන්නකෝ.. මීලඟ කොටසෙන් හමුවෙමු..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,337 downloadsDownload October-Faction-S01-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

2,337 downloadsDownload Subtitles26 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    අද බලන්න පටන් ගත්තේ....
    සුපිරියක් වගේ...
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  4. Ayesh Prashan

    Thank You

  5. suranuwan

    thanks..

  6. Rumesh Asanka

    thank you

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pramukmili

    Thanx bro..........

  9. MAALnath

    Thanks ..................good luck .................

  10. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.