Space Force [S02 : E01] Sinhala Subtitles ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සෙ ආයෙම ආවා අපෙ සුපුරුදු කතා මාලාව වන space force කතා මාලාවේ, season 2 හි සබ් එක අරන්. 2020 වර්ෂයේදි Netflix හි විකාශනය ඇරඹුනු space force කතා මාලාවේ 2022 වර්ෂයේදි පලවෙනි කතා මාලාවේ සාර්ථකත්වය හේතුවෙන් දෙවන කතා සමය ඇරඹුනා.කොටස් 07…

ඔන්න යාළුවනේ ගොඩ කාලෙකට පස්සෙ ආයෙම ආවා අපෙ සුපුරුදු කතා මාලාව වන space force කතා මාලාවේ, season 2 හි සබ් එක අරන්.
2020 වර්ෂයේදි Netflix හි විකාශනය ඇරඹුනු space force කතා මාලාවේ 2022 වර්ෂයේදි පලවෙනි කතා මාලාවේ සාර්ථකත්වය හේතුවෙන් දෙවන කතා සමය ඇරඹුනා.කොටස් 07 කින් සමන්විත දෙවන කතා සමය තුලත් අපිට සුපුරුදු චරිත වෙන ජෙනරාල් නයාර්ඩ් (Steve Carell), ආචාර්ය ඒඩ්‍රියන් මැලොරි (John Malkovich), ජෙනරාල් කික් ග්‍රැබස්ටන් (Noah Emmerich) වගේම තව නවක චරිත කීපයකතුත් මේ කතා මාලාව තුලදි හමුවෙනවා.ඒ වගේම IMDB 6.9 අත්කරගන්න දෙවෙනි කතා මාලාව සමත් වුනා.
එහෙනම් අපි අද කොටස පැත්තට යමු,
ඔයාලට මතක ඇති පලවෙනි කතා සමය අවසානයේදි ජෙනරාල් නයාර්ඩ්ගෙ නායකත්වය යටතේ චන්ද්‍ර වාසස්ථාන නම් ව්‍යාපෘතියක් ඔස්සේ තම බලකායෙ පිරිසක් සඳ මතට යවනු ලබනවා.එහිදි ඔවුන්ට දක්නට ලැබෙනවා ඒ වන විට සඳට පැමිණ තිබෙන්නේ ඔවුන් පමණක් නොවන බවත් චීන ජාතික අභ්‍යකාශ බලකායෙ පිරිසකුත් පැමින සිටින බව.එහිදී ජෙනරාල් නයාර්ඩ් හට සෘජු අනක් ලැබෙනවා චීන මධ්‍යයස්ථානයට පහර දීමට එහෙත් ඔහු ඒක ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු සහ ඔහුගේ බලකාය ජෙනරාල් ග්‍රැබස්ටන්ගෙ අත් අඩංගුවට පත් වෙනවා.
අද කතාවෙදි ඔයාලට බලාගත්තැකි අභ්‍යවකාශ බලකායට එරෙහිව සිදු කරනු ලබන විනය පරීක්ෂණය.මේ විනය පරීක්ෂනයේදි ග්‍රැබස්ටන් නායකත්වයට පත් වෙන්නම තමයි බලන් ඉන්නේ,
මේ විනය පරීක්ෂණයේදි ජෙනරාල් නයාර්ඩ් වැරදිකරු වෙයිද?
ජෙනරාල් සිරගත වෙයිද?
නව නායකයා ජෙනරාල් ග්‍රැබස්ටන් වෙයිද ?
![]()
![]()
ඔය ප්‍රශ්න වලට පිලිතුරු ඔයාලම බලලා හොයාගන්න කියල කියන ගමන් මං එහෙනම් අදට කැපෙන්නම්.
මතක ඇතිව පහලින් පොඩි හරි අදහසක් ඉල්ලීමක් තියේ නම් ඉදිරිපත් කරලා යන්න.
මොකද දුප්පත් අපිට ඇති එකම සැනසීම ඒක තමයි මහත්තයෝ
ජයවේවා

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
259 downloadsDownload Space-Force-S02E01-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
1 comment
Sahan Gayantha
Advertisement
![Space Force [S02 : E01] Sinhala Subtitles | බලකායේ අවසානයද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Space-Force-S02-Feature.png)



thanks a lot Ravisara saho sub ekata