Watch Trailer

The Family Man S01E07 Sinhala Subtitles | පාරාදීසයක ත්‍රස්තයෝ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද ඔබ හමුවට එන්නේ ඉන්දියාවෙන් පත්තු වුණු තවත් වෙඩිල්ලක් එක්කයි. ඒ ඇමේසන් ප්‍රයිම් ආයතනය ඉන්දියාවේ නිෂ්පාදනය කරපු The Family Man කතා මාලාවේ හත්වන කතාංගය එක්කයි. මේ කතාමාලාව මුල ඉදන් බලපු ප්‍රේක්ෂකයෙකුට නම් කතාව ගැන වගේම කතාවේ ගුණාත්මක බව ගැනත් හොඳ අවබෝධයක් ඇ…

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද ඔබ හමුවට එන්නේ ඉන්දියාවෙන් පත්තු වුණු තවත් වෙඩිල්ලක් එක්කයි. ඒ ඇමේසන් ප්‍රයිම් ආයතනය ඉන්දියාවේ නිෂ්පාදනය කරපු The Family Man කතා මාලාවේ හත්වන කතාංගය එක්කයි. මේ කතාමාලාව මුල ඉදන් බලපු ප්‍රේක්ෂකයෙකුට නම් කතාව ගැන වගේම කතාවේ ගුණාත්මක බව ගැනත් හොඳ අවබෝධයක් ඇති. නොදන්නා කෙනෙක් ඉන්නවා නම් දැනගන්න පොඩ්ඩක් කතාව ගැන කියලාම ඉන්නම්.

මේ කතාමාලාව imdb අගය 8.7 ක් දක්වා කරකවපු කතාවක්. එච්චර රේටින් දෙන්නේ නිකමට නොවන බව කොයි කවුරුත් හොඳ හැටි දන්නවා නේ. ඉතින් මේ සඳහා ලැබිලා තියන ගූගල් මනාපය 96% ක් විදිහටයි සටහන් වෙන්නේ. ඒ මනාප අගයන් දෙකම කතාව බලන්න පෙළඹවීමක් ඇති කරන බව පේනවා නේ. ඉතින් රංගනයෙන් දායක වන නළු නිළි කැළ වෙන්නේ මනෝජ් බජ්පායි, ප්‍රියමනි, ගුල් පනාග්, ශාරද් කෙල්කර් යනාදීන්. ප්‍රධාන චරිතය නිරූපණය කරන මනෝජ් බජ්පායි ගැන නොදන්නවා නම් Aligarh, Aiyaary, Raajneeti, Naam Shabana වගේ චිත්‍රපටි දෙක තුනක් බැලුවොතින් හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. මේ කතාමාලාවට මට ආරාධනා කරපු කවිශල් රසින්ත සහෝදරයාටත් කතාමාලාවේ ප්‍රධානත්වය ගන්න සිසිල ප්‍රසාද් අයියාවත් මතක් කරන්නම ඕන.

කතා මාලාව ගැන සිසිල අයියා වඩාත් විස්තරාත්මක පැහැදිලි විස්තරයක් කරලා තිබුණත් මැදදි කතාමාලාව ගැන දැනගන්නා කෙනෙක් වෙනුවෙනුයි මේ ටික කිව්වේ. එහෙනම් අපි අද කතාංගය පැත්තට හැරෙමු. බශාරත් බායි ගේ පස්සෙන් එන ස්‍රීකාන්ත් ගේ කණ්ඩායමට ලැබෙන පණිවිඩයකින් කියවෙන්නේ බශාරත් බරමුල්ල ග්‍රාමයේ මගුළ් ගෙයකට සහභාගී වෙන බවට තොරතුරකුයි. ඉතින් ජීවිත තර්ජන තියාගෙන පොලීසිය, ආරක්ශක අංශ එක්ක මරණීය තරඟයක නිරත වෙලා ඉන්න බශාරත් බායි මොන එහෙකටද මගුළ් ගෙයකට සහභාගී වෙන්නේ? බශාරත් කියන්නේ මෝඩයෙක් නෙමේ. ඉතින් මේ ප්‍රශ්නය ස්‍රීකාන්ත්ටත් ඇතිවෙනවා. ඉතින් සැලෝනි ඇතුළු කණ්ඩායම බරමුල්ල ග්‍රාමයට පිටතින් රැකවල් දාගෙන ඉන්නවා බශාරත් බායි එනකම්. එහෙම ඉදිද්දි දුරකථන ඇමතුම් ට්‍රේස් කරන උපකරණයට ලැබෙන ඇමතුම නිසා හැමදෙයක්ම නොසිතූ විරූ විදිහට වෙනස් වෙනවා. තමන්ට වටිනාම කියන මිනිහා හොයාගන්නට ස්‍රීකාන්ත්ට ඉන්දියානු අත පෙවීම් හමුවේ නිදහසේ සොඳුරු සිහින දකින, ඉන්දියානුවන් එළවීම පරම පවිත්‍ර ආදර්ශ පාඨය කරගත්ත පකිස්ථානුවන්ගෙන් පිරී ගිය ගමක මගුළකට ඔවුන්ගෙන් එකෙක් විදිහටම ඇතුළ් වෙන්නට සිද්ධ වෙනවා. ජීවිතයත් මරණයත් අතර සංග්‍රාමයේ අද හැරවුම කොයිබටද? ප්‍රශ්නත් අරගෙන එන්න, විසදාගෙනම යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,877 downloadsDownload The-Family-Man-S01E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

9,877 downloadsDownload Subtitles25 KB

32 comments

  1. wenura pasan

    Great work brother.. Keep it up..

  2. Hemal

    Thank you bro
    Thanks Baiscope Team

  3. jeewantha

    ඉක්මනටම සබ් දුන්නට ස්තුතියි. දිනපතා සබ් දීම සම්බන්ධව ඇඩ්මින් මඩුල්ලට ද මාගේ ස්තුතියි.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  6. subodha

    Thanks

  7. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata ...

  8. Sahan Aandara

    mchn kiyana tanakata vadinnm ilaga sub ekat ikmanata daahnkooooooooooooooooooooooooooooooooo

  9. Ayesh Prashan

    Thank You

  10. dilansmarasinghe

    Thank You.

  11. Achi

    තැන්ක්ස් බොක්ක ගැම්මට සබ් දෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා

  12. Pramukmili

    Thanxx bro...........

  13. Suranjan

    Thanks jayawewa.....!

  14. Suranjan

    Thanks machan jayawewa.....!

    1. harris

      Thnks bro sub ekata

  15. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  16. Buddi

    Thanks.....

  17. nalakamc

    Thank you bro...

  18. Bobby

    Thank you very much

  19. dush135

    ela

  20. Saranga J. Liyanagama

    බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!

  21. kodagoda

    tnx sahoo sub ekta

    1. Anonymous

      Best

  22. kalum0000

    Thanks for sub

  23. Dewadithya

    Thanks for Sub!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. mindika

    Thanks !!!!!!!!!!!!

  26. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  27. sachin

    Thanx mchn sub ekt.baiscopelk ekt jaya!

  28. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  29. Prasad

    Thanks malli sub ekata

  30. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.