Watch Trailer

The Outpost (2018-) [S01 : E08] Sinhala Subtitles | තාප්පෙන් එහා [සිංහල උපසිරසි සමඟ]

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේ…

ටැලොන් කියන්නෙ Blackbloods (කළු ලේ ඇත්තන්) කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම ඇතුළුව මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. මුරපොලක් කිව්වට ඇත්තටම මේක තාප්පෙකින් වට කරලා තියෙන පොඩි ගමක්. ඒ ගමට පිටින් ඉන්න Plaguelings කියන අමුතු සත්ව කොට්ඨාසය නිසා තමයි මේ තාප්පයකින් වට කරලා තියෙන්නෙ.

එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේ මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව. මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද?

The Outpost – 01 වැනි කතා මාලාව – 08 වැනි කොටස

Plagueling කෙනෙක් ගැරට්ට දෂ්ඨ කළාට පස්සෙ ගැරට් ජැන්සෝගෙ උදව් ඉල්ලනවා බෙහෙතක් හොයන්න කියලා. “නම් පොත” පැරණි සිද්ධස්ථානයක තියෙන බව ජැන්සෝ පොත් බලලා හොයා ගන්නවා. ඒක හොයන්න ටැලොන් යන්න හදද්දි ගැරට් කියනවා Plagueling කෙනෙක් වෙලා කොහොමත් මැරෙන නිසා එයාවත් එක්කගෙන යන්න කියලා. Plaguelingලා ගැන හොඳටම දන්නෙ ජැන්සෝ නිසා එයත් ගමනට එකතු වෙනවා. පතලෙ ඉන්න හිටපු මාර්ෂල් වයිදර්ස්ට පතලෙ කට්ටිය හොඳටම ගහනවා. ඒත් එහේ දි තවත් කෙනෙක් වයිදර්ස්ව බේර ගන්නවා. “නම් පොත” හොයන්න යන ගමනෙදි ටැලොන්, ජැන්සෝ, ගැරට් තුන් දෙනාට ලොකු අකරතැබ්බය වලට මුහුණ දෙන්න වෙනවා.

දැන් එහෙනම් කතාව බලල ඉන්නකො. ඊළඟ කොටසත් ඉක්මනට දෙන්නම්..!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,965 downloadsDownload The-Outpost-S01-E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,965 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Anonymous

    Sub ekata thanx

    1. Adeesha

      Thanx mchan sub ekata...ilaga ekath ikmanata denna ....

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ..
    ජය වේවා.!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. TP

    elm
    tnx

  5. suranuwan

    thanks......

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. Rumesh Asanka

    thank you

  9. Lahiru Lakshan

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.