Watch Trailer

Time (2021) [S01 : E01] Sinhala Subtitles | වරදට දඬුවම… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු කෙටි රුපවාහිනී කතාමාලාවක් රැගෙනයි. තනියෙම නෙමේ තවත් දෙදෙනෙකුත් හවුල් කරගෙන. කෙටියෙන් කියනවා නම් කණ්ඩායම් වැඩක් විදියට. ඉතින් ”නිලුපුල් සහ සසිත් සහෝදරයාට” ස්තුතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. ඒවගේම කියන්න ඕන මීට දැන් ඇවිත් මාස කිහියපක් වෙනවා. මේ…

ඔන්න එහෙනම් නැවත ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු කෙටි රුපවාහිනී කතාමාලාවක් රැගෙනයි. තනියෙම නෙමේ තවත් දෙදෙනෙකුත් හවුල් කරගෙන. කෙටියෙන් කියනවා නම් කණ්ඩායම් වැඩක් විදියට. ඉතින් ”නිලුපුල් සහ සසිත් සහෝදරයාට” ස්තුතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. ඒවගේම කියන්න ඕන මීට දැන් ඇවිත් මාස කිහියපක් වෙනවා. මේ අරගෙන එන්නෙ ඒ ඇවිල්ලත් තාම නොබලපු අය වෙනුවෙන්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මනුෂ්‍යයෝ වන අපි හැමෝම වගේ වැරදි කරනවා. සමහරක් අය හිතල වැරදි කරනවා තවත් සමහරක් අය නොහිතපු වැරදි කරනවා. හැබැයි තමන් ඒ වැරැද්දක් නේද කරේ කියලා තේරුම් යන්නෙ ඒ වැරැද්ද වුණාට පස්සෙයි. ඒ වෙනකම් තමන්ට තේරෙන්නෙ නැහැ තමන් ඒ කරන වැඩේ තියෙන බරපතළකම. කොබ්ඩන් කියන්නෙ එහෙම කෙනෙක්. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. හැබැයි මොහුත් වැරැද්දක් කරනවා. ඒ මොහුගෙ තිබෙන බීමත්කම නිසා අහිංසක ජීවිතයක් නැතිවෙලා යනවා. ඉතින් මොහුට ඒකට අවුරුදු 4 ක සිර දඬුවමක් නියම වෙනවා. පළමු වතාවට හිරේ යන ඔහුට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතිං ඔහුගෙ මේ සිර ජීවිතයෙදී මුහුණ දීමට සිදුවෙන දේවල් ගැනයි මුළු කතාවට පුරා යන්නෙ.

BBC හරහා මෙය නිකුත් වෙන්නෙ කොටස් 3 ක් විදියට. ඒ කොටස් තුනම වගේ පැයක වගේ දාවන කාලයක් තිබෙනවා. මේ වෙනකොටත් IMDb අගය 8.3 අරගන්න හැකි වෙලා තියෙනවා. ඒවගේම කියන්න ඕන ඇක්ෂන් බලාපොරොත්තුවෙන් මෙය නරඹන්න එපා. මෙය හුඟක්ම අයිති වෙන්නෙ Drama යන කාණ්ඩයට. මං මෙහෙම කියන්නෙ මොකද කිව්වොත් කලින් කරපු උපසිරැසයකදී පිරිසක් ”මෙලෝ හරක් නැහැ කවුරුත් අරං බලන්නෙපා” කියලා තිබ්බා. එහෙම කීම අහල නොබලා ඉන්නවා නම් කරන්නෙ වැරැද්දක් ඇත්තටම. මොකද රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගයාට වෙනස් වෙනවා. ඒ නිසා තමන්ම අරගෙන බලල තීරණය කරන්න.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,749 downloadsDownload Time-2021-S01-E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

1,749 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    1. Anonymous

      aniwa

  2. Kasun

    The Irregulars මෙන්න මේකෙත් සබ් දෙහන්න පුලුවන්නම් වටිනවා. ජය වේවා

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ Midsommar Director's Cut එකට අප්ඩේට් කරන්න සබ් එක

  4. Anuja Lakshitha

    thanks ayye sub ekata

    see season 2 ekath sub danawa neda

    1. Ravindu Rukshan

      Eka Complete Unata passe thmai labenne. samgamiwa mata denn amarui

  5. Charith Heshan

    රවිදු සහො පුලුවන් නම් Euphoria Us Tv series එකටත් සබ් කරන්නකො.ලොකු උදව්වක්.එක site එක්කකින් වත් ඒකට sub හදල නැ.

    උපසිරසියට ස්තුතියි.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. කවිඳු ජයවර්ධන

    ඔය කවුරුත් කීවට අපි නොබල ඉන්නවද සහෝ.පිස්සු තමයි.
    Drama Genre එක සෙට් නැති උන් නම් සිරාවටම පව්..
    මේකත් නියම කතාවක්.
    බලපු නැති අය අනිවා ට්‍රයි එකක් දෙන්න.
    සබ්වලට තෑන්ක්ස් සහෝ..!!!

  8. යුරාන් ධනුක (දනුවා)

    සුපිරි බොහෝම ස්තූතියි සහෝ

  9. ශනක

    අපරාදනේ ඩ්‍රාමා වලට සබ් කරන්නේ ඩ්‍රාමා වල වෙන්නේ පෝලිමට ඉදන් දෙබස් කියවන එක ලෝ බජට් ජරාවල් සියල්ලම හොද ඇක්ශන් මූවි ටිකක් හොයාගන්නකෝ බකන්නකෝ ඩව්න්ලෝඩ් ගානම කොයි තරම් අඩුද කියලම ඔයාගේ මහන්සිය හැමෝටම දැනෙන වැඩක් කරන්න මොනවා උනත් කරන කටයුත්ත අගය කරනවා

    1. Anonymous

      මේ විදිහෙ ප්‍රාථමික අදහස් තියෙන මිනිස්සුත් මේ සමාජෙ ඉන්න එක ගැන ඇත්තටම දුකයි.අද වෙනකොට IMDB රේට් වැඩිම #1 ෆිල්ම් එකත් ඩ්‍රාම කැටගරියට අයිති එකක්.කමෙන්ට් එක දැක්කහම පේනවා සිනමාව ගැන තියෙන දැනුම.තව පොඩි දෙයක්, මේකෙ ඩව්න්ලෝඩ් අඩු, වෙන සයිට් එකකින් මාස 2කට විතර කලින් සබ් දුන්න නිසා එහෙම නැතුව ඩ්‍රාම නිසා නෙවෙයි.ගුණාත්මක,යතාර්තවාදී සහ උසස් නිර්මාණ රසවිඳින්න ලැබෙන්නත් පින තියෙන්න ඕනෙ..

  10. madhavi

    bajirao mastani film eka downlod karannda bane ekata mona hari karandako plz loku udawwak

  11. tharidu16

    THANKS MACHIIIIIIIII

  12. Anonymous

    Thanx saho

  13. Pramukmili

    Thanx bro.............

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා! දිගටම සබ් දෙමු ආ... ජය!

  15. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  16. Prasa

    Thank you

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.