ටිකක් දිග පැහැදිලි කිරිමක් මේක. කතාවේ අපහැදිලිතැන් පැහැදිලිකරගන්න පොඩි උදව්වක් කලේ. කැමති කෙනෙකුට කියවලා පහලින් ප්‍රතිචාරයක් දාලා යන්න පුළුවන්. පසුගිය කොටසේ ඉදන් කතාව වෙනස්ම රටාවක ගමන් ගන්න ආරම්භකලා.ඒ වගේමයි කතාවේ ඩොලරස් ඇබනත්ට පණපොවන Evan rachel wood පවා එක් සම්මුඛ සාකච්චාවකදි ප්‍රකාශ කලා ඇය වඩා…
ටිකක් දිග පැහැදිලි කිරිමක් මේක. කතාවේ අපහැදිලිතැන් පැහැදිලිකරගන්න පොඩි උදව්වක් කලේ. කැමති කෙනෙකුට කියවලා පහලින් ප්‍රතිචාරයක් දාලා යන්න පුළුවන්.
පසුගිය කොටසේ ඉදන් කතාව වෙනස්ම රටාවක ගමන් ගන්න ආරම්භකලා.ඒ වගේමයි කතාවේ ඩොලරස් ඇබනත්ට පණපොවන Evan rachel wood පවා එක් සම්මුඛ සාකච්චාවකදි ප්‍රකාශ කලා ඇය වඩාත්ම ඇලුම් කරන්නේ කතාවේ 5වැනි කොටසට කියලා.ඇත්තෙන්ම ඒ කොටසේදි අපිට මතභේදයට ලක්වුනු කාරනා කිහිපයක්ම බොහෝදුරට සනාථ උනා කිව්වොත් නිවැරදියි. මුල්ම ජවනිකාවේදි අපිට පෙන්වනවා ආචාර්ය ෆෝඩ්, බිලි නම් රොබෝවරයා සමග කරන දෙබස.එතනදි පැහැදිලි වෙනවා ෆෝඩ් මේවනවිට ඉන්නේ යම් පැටලුනු ස්භාවයක කියලා.
ඒ වගේමයි ඩොලරස්ට දේවස්ථානයක දර්ෂණ පෙනෙන්න පටන් ගන්නවා. ඔබ හොදින් නිරික්ෂන කරොත් පෙනෙවි ඇය අසල තිබෙන ලී කුරුසයේ “ඩොලරස්“ කියන නම සටහන් කරලා තියෙනවා. ඒකෙන් පැහැදිලිවෙන්නේ ඇය මින් පෙර මිය ගිය අවස්ථාවකදි ආගමික වතාවත් පවා සිදුකරලා තියෙනවා කියලා. ඒ වගේමයි ඒ කාලයේ කතාව නැවතිමක් නැතිව ගලායන්න උද්‍යානපාලකයන් ඉඩදිලා තියෙනවා.
මිලගට අපි දකිනවා ෆෝඩ් විසින් ඩොලරස්ව පරික්ෂා කරන ජවනිකාවක්. එතනදි පැහැදිලිවෙනවා ෆෝඩ්ට පවා නොදැනෙන්න ඩොලරස් ආර්නොල්ඩ් සමග සංවාදයේ යෙදෙන්නට හැකිබව. දැනට තියෙන කරුණු අනුව ආර්නොල්ඩ් සම්පුරනයෙන්ම මිය ගිහං නෑ කියලා විශ්වාස කරන්න පුළුවන්.
කතාව කාලරාමු දෙකක ගමන් කරනවා කියලා පැහැදිලි සාක්ෂියක් දකින්න ලැබෙනවා ලෝරන්ස් එල් ලාසෝ ලෙස පැමිනිමෙන්. Man in Black(කළු වත හැදගත් මිනිසා) විසින් මරපු ලොරන්ස් නැවත එල් ලාසෝ ලෙස පෙනි සිටිනවා. නමුත් මේ ගැන මත කිහිපයක් තියෙනවා.සමහර අය කියන විදිහට මියගිය ලෝරන්ස්ව ඉක්මනින් අලුත්වැඩියා කරලා නැවත උද්‍යානයට එව්වා වෙන්නත් පුළුවන්. නමුත් ඔබ හොදින් පර්හා නගරයේ දර්ෂණ බැලුවොත් පෙනෙවි Man in Black සිටින අවස්ථාවේ ඒ නගරය පාලුවට ගොස් තිබෙන ආකාරය. ඒ අනුව මේක අවුරුදු 30කට පෙර දර්ෂන සහ අවුරුදු 30 පසු දර්ෂන ලෙස කොටස් දෙකක් එකම කතාවක පෙන්වන බව පැහැදිලියි.
ඒ වගේමයි Man in Black සහ විලියම් අතැතිව තියෙන පිහි දෙකම එක හා සමානයි. ඒ අනුව විලියම් කියන්නේ Man in Black ගේ අතිතය වෙන්න බොහොමක් ඉඩ තියෙනවා.
තවත් අභිරහසක් කතාවට එකතුවුනා පසුගිය සතියෙදි.ඒ තමයි චන්ද්‍රිකා සම්ප්‍රේක්ෂකයක් හරහා කවුරුහරි කෙනෙක් උද්‍යානයේ තොරතුරු පිටට ගන්නවා.
අවසානම දේ තමයි විලියම් සහ ඩොලරස් දුම්රියෙන් ගමන් කරන දර්ෂණය.එහි ඩොලරස් විසින් I`m coming (මම එනවා) ලෙස ප්‍රකාශ කරද්දි එතන හිටපු විලයම්ටයි ලෝරන්ස්ටයි මොකද උනේ? ඇයි ඔවුන් දෙන්නා ඒ දර්ෂණයේදි අතුරුදහන් උනේ ? සමහරවිට වසර 30කට පෙර සිදුකල දේ නැවත තනියම ඩොලරස් කරනවා වෙන්න පුළුවන්.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E06.PROPER.HDTV.x264-KILLERS
Westworld.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam
Westworld.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,051 downloadsDownload Westworld.S01E06.New_.Baiscopelk.com_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
39 comments
Soori
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
Ruwan Kospelawatta
ස්තූතියි බොහෝම
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kaazz_bat
ස්තූතියි මච්න් සබ් එකට,. ජය
Mahesh
ස්තුතියි සහෝ සබ් එකට.......... නියමයි.
සුපුන් බුද්ධික
පොඩි විස්තරයක් එක්ක පැහැදිලි කිරිමනම් ගොඩක් වටිනවා.
මීට වඩා විස්තරයක් තිබ්බත් කම්මැලි නැතුව කියවනවා ඉතින්.
එක නිසා පොඩි පැහැදිලි කිරිම දිගටම ලියමු සහෝ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
yumal
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!
Ravindu Rukshan
thx sabata
JR
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ :)
ayesh
thank you
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
deshan chandana
bohoma sthuti saho punchi prshnayak sub eke samahara than wala piliwalata na wage kiyala danenwa..kohoma wethath sthuthi
Kalindu Wasuka
මේ සබ් එකේ විතරයි නේද එකට හේතුව ඉංග්‍රිසි සබ් එකක් තිබුනේ නැ උපසිරස කරන්න පටන් ගන්නකොට.එ නිසා වෙන භාෂාවක උප සිරසක් තමයි සිංහලට පරිවර්තනේ කරලා වැරදි හැදුවේ.එක නිසා තමයි ඒ අවුල.
sameera
@supun buddika 100% agree with you.
thanks kalindu.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ම්මේ පාර කොටස තවත් ප්‍රශ්න ඉතුරු කළා විසඳුම් දෙනවට වඩා. :) ඒක නෙවෙයි හරි නම ඩොලෝරස් නේද වෙන්න ඕනා? ඩොලරස් නෙවෙයි නේද? ජය෴෴ :P :P
Kalindu Wasuka
ඊලග කතාංගයේ සිට නිවැරදි කරමි.
Rajitha
Thanks macho.......jayawewa....!
Pragathi Nicolas NehanZa
Thanx dude
nirosh
ස්තූතියි සහෝ. ගොඩක් ආසාවෙන් බලන කතාවක්. මෙහෙම පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි... එලම සහෝ.....
chan
thank u
කවින්ද බුද්ධික
සබ් එකට ස්තූතියි
sami
ස්තූතියි සහෝ
මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ..
කතාවනම් දැන් සුපිරි වේගෙන එන්නේ..
ඩොලෝරස් අක්කා අපි හිතුවට වඩා වෙනස් චරිතයක් වගේ..
බලමුකෝ ඉස්සරහට.Tharaka Lahiru
tnx
දුමිදු
සබ් එකට ස්තූතියි. ඔබට පුලුවන් ඉක්මනින් අනිත් කොටස්වලත් සබ් දෙන්න.
සහෝ පුලුවන් නම් Outlander S02 එකේත් සිංහල සබ් දෙනවදShehan
niyama kathaawa bn. thanks. explanation eka patta. tawath oluwa awl karanawa. balapu ewath apahu balala therum ganna try karanawa uba ohoma kiyanakota. ela aaa.
Dina
Set ekama gaththa macahn.. godak pin
madusara
සබට බොහොම ස්තුතියි!
ඔබට ජය පතමි...
අයියෙ.අලුතෙන් MACGYVER 2016 කියලා ටිවි සිරීස් එකක් ඇවිල්ලා තියෙනවා.ඒ ගැනත් බලනවද?
එක Sfi එකක් නිසයි මාත් උනන්දු.....Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Indika Prabath
Sub akata thanks.....niyameta karala tiyanawa
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!sam fisherr
Hbo කතා සදහා උපසිරස වැඩියෙන් හදන්න අවදානය දෙන්න හැකිනම්.
Amila Mudalige
Sub ekta Thanks saho
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Hirunika97
Thanks bro
Stranger
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Advertisement
![Westworld [S01: E06] with Sinhala Subtitles | පසමිතුරා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Westworld-TV-1.jpg)

උපසිරැසියට බොහෝම ස්තුතියි කළිදු සහෝ.....
ඇත්තටම කතාව පොඩ්ඩක් තේරුම් ගැනීම අපහසු වුනා තමා...