Watch Trailer

Vikram (2022) Sinhala Subtitles | අපරාධ විශ්වයක ගවේෂණයේ ආරම්භය! [සිංහල උපසිරසි]

Vikram (2022) Sinhala Subtitles UPDATE-> WEBRIP Vikram (2022) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන…

Vikram (2022) Sinhala Subtitles 

UPDATE-> WEBRIP

Vikram (2022) Sinhala Subtitles

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරමින් සැලකිය යුතු කාලයකට පසුවය අද මා ඔබ හමු වන්නේ! මුලින්ම මා බොහෝමයක් දමිළ සිනමා රසික රසිකාවියෝ තිරගත වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි Vikram 2022 දමිළ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති (විමා) සොයුරාට මාගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිනවා.

ඒ වගේම මේ චිත්‍රපටයේ තාක්ෂණික තොරතුරු ඇතුලු චිත්‍රපටය රසවිඳිමට පෙරාතුව දැනගතයුතු කරුණු කාරණා රැසක් පහතින් දක්වා තිබෙනවා. එම තොරතුරු සොයා බලා විශ්ලේෂණය කර මෙම ලිපියට එම තොරතුරු අකුරුකර දුන් සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර සොයුරාටත් විශේෂ ස්තුතිය පුදකර සිටිනවා. Vikram (2022) Sinhala Subtitles

” Once upon a time
There lived a ghost
He was known to be a killer
And feared the most “

වික්‍රම් යනු 2022 වසරේ නිකුත් වුනු දැවැන්තම ක්‍රියාදාම දමිල චිත්‍රපටය වන අතර පෙරළිකාර සාර්ථකත්වයක් ලබාගත් චිත්‍රපටයක් ලෙසින් හැඳින්විය හැකියි. එය වර්තමාන පරපුරේ අතිදක්ෂ දමිල චිත්‍රපටය අධ්‍යක්ෂකවරයෙක් වන Lokesh kanagaraj විසින් රචනා කර අධ්‍යක්ෂණය කරනු ලබනවා. ලෝකේශ් මින් පෙර Sundeep Kishan රඟපෑ Maanagaram (2017), Karthi විසින් රඟපෑ Kaithti (2019) සහ Vijay රඟපෑ Master (2021) යන චිත්‍රපටද අධ්‍යක්ෂණය කරනු ලැබූ අතර ඒ සියල්ල අති සාර්ථක චිත්‍රපට බවට පත් වූවා. එම සාර්ථකත්වයත් සමගම ඉන්දීය සිනමාවේ අතිදක්ෂ නළුවෙකු මෙන්ම ජීවමාන ශ්‍රේෂ්ඨ කලාකරුවකු වන Kamal Haasan සමග වැඩකටයුතු කිරීමට ලෝකේශ් හට වරම් ලැබෙන අතර Vishwaroopam 2 චිත්‍රපටයෙන් පසු කමල් හසන් චිත්‍රපට කීපයක වැඩ ඇරඹුවත්, ඒ සියල්ලට පෙරාතුව වික්‍රම් චිත්‍රපටයේ වැඩකටයුතු සියල්ල අවසන්කොට නිකුත් වනු ලබනවා. Vikram (2022) Sinhala Subtitles

වික්‍රම් චිත්‍රපටය Raaj Kamal Films International ආයතයනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ අතර චිත්‍රපටයේ කමල් හසන්ට අමතරව, දමිල සිනමාවේ තවත් අතිදක්ෂ මෙන්ම ජනප්‍රිය නළුවකු වන Vijay Sethupathi සහ මලයාලම් සිනමාවේද අතිදක්ෂ ප්‍රමුඛ පෙලේ රංගන ශිල්පියෙක් වන Fahad Fazil ද රංගනයෙන් දායක වනවා. Kalidas Jayaram, Narain සහ Chemban Vinod Jose සහය චරිත නිරූපණය කරන අතර ජනප්‍රිය දමිල නළු Suriya මෙහි ආරාධිත රංගනයකින් දායක වනවා.

චිත්‍රපටයේ සංගීතය වර්තමාන පරපුරේ ජනප්‍රිය දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Anirudh Ravichander විසින් නිම කරනු ලබනවා. කැමරාකරණය Girish Gangadharan සහ සංස්කරණය Philomin Raj විසින් සිදු කර තිබෙන අතර මෙම චිත්‍රපටය Lokesh Cinematic Universe (LCU) හි දෙවන චිත්‍රපටය ලෙසින් නම් කර තිබෙනවා. එනම් 2019 වසරේ නිකුත් වුනු කාර්ති විසින් රඟපෑ Kaithi කතාවටම සම්බන්ධ කර වික්‍රම් චිත්‍රපටයේ කතාව නිර්මාණය කර තිබෙන අතර කයිදි චිත්‍රපටයේ කතාවෙන් ඉදිරියට ගොස්, කයිදී චිත්‍රපටයේ තිබුණු චරිත, සිද්ධි, වස්තුන් සහ එම චිත්‍රපටයේ යම් අවස්ථාද සම්බන්ධ කරගත් චිත්‍රපට ජාලයක ඇරඹුමක් වශයෙන් වික්‍රම් චිත්‍රපටය ගොඩනගා තිබෙනවා. Vikram (2022) Sinhala Subtitles

වික්‍රම් චිත්‍රපටය මෑත කාලීනව නිකුත් වුනු දැවැන්තම දමිල ක්‍රියාදාම චිත්‍රපටය කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම මෙහි රංගනයේ යෙදෙන නළුවන් පිරිස නිසාම දමිළ චිත්‍රපට රසිකයින්ගේ 2022 වසරේ මහත් උනන්දුවෙන්ම මඟ බලා සිටි දමිළ චිත්‍රපටය බවට වික්‍රම් පත්ව තිබුණා. කමල් හසන්, විජේ සේතුපති සහ ෆාහද් ෆාසිල් යනු රංගන කුසලතාවය අතින් ඉහලම තලයක් සනිටුහන් කල, රංගන හැකියාව පිළිබඳව බොහෝ පැසසුමක් දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු ත්‍රිත්වයක්.

කමල් හසන් යනු කලක පටන්ම රංගනය, චිත්‍රපට අධ්‍යක්ෂණය, සහ තාක්ෂණික දැනුම අතින් සමකල නොහැකි තැනකට ලඟා වූ අති දක්ෂ ප්‍රවීණ කලාකරුවෙකු වන අතර විජේ සේතුපති යනු මෑත කාලයේ සැලකුවහොත් VIkram Vedha චිත්‍රපටයේ වේදා චරිතය, Master (2021) චිත්‍රපටයේ බවානි චරිතය ඇතුළු අමතක නොවන වෙනස්ම චරිත රැසකින් තම රංගන ප්‍රහිභාව පෙන්වූ නළුවෙක් වන අතර ෆහාද් ෆාසිල්ද මෑත කාලයේ නිකුත් වූ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට රැසක මෙන්ම Pushpa – The Rise (2021) චිත්‍රපටයේද රංගනයේ නිරත වෙමින් සෑම විටම පැසසුමකට ලක්වූ නළුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. Vikram (2022) Sinhala Subtitles

එමෙන්ම මෙම ප්‍රධාන නළුවන් තිදෙනාම ඉන්දීයනු සිනමාවේ ඉහලින්ම පිළිගැනෙන සම්මානය ලෙස සැලකෙන ජාතික සම්මානය (National Award Winner) නළුවන් ලෙසින් නොහොත් ජාතික සම්මානලාභී නළුවන් තිදෙනෙකු වීමත් විශේෂත්වයක්. එවැනි නළුවන් තිදෙනෙක් එකම චිත්‍රපටයක සිනමා තිරය බෙදාගන්නා ආකාරය රස විඳීම වෙනුවෙන් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් සැදී පැහැදී සිටි අතර නිර්මාණකරුවන් කෙරෙහි ප්‍රේක්ෂකයින් තැබූ බලාපොරොත්තු නම් සීමාවක් නොවුණු බව දක්නට ලැබුනා, ඒ සියල්ල යතාර්ථයක් බවට පත් කරමින් වික්‍රම් චිත්‍රපටය නිකුත් වූ පසු ඒ වෙත ලැබුණු ප්‍රතිචාර අනුව අන්තර්ජාලය පුරා දක්නට ලැබුනේ එම ප්‍රේක්ෂකයින්ගේ සියලුම බලාපොරොත්තු අභිබවා යාමටද වික්‍රම් චිත්‍රපටය සමත් වී තිබුණු බව මෙන්ම නොසිතු අයුරින් චිත්‍රපටය මැදදී එකතුවන ආරාධිත රංගනයන් වික්‍රම් චිත්‍රපටය වෙනුවෙන් උනන්දුවෙන් සිටි රසිකයින් හට ලැබුණු බලාපොරොත්තු නොවූ බෝනස් එකක් බවට පත්ව තිබුනා. Vikram (2022) Sinhala Subtitles

1986 වසරේදීද වික්‍රම් නමින් කමල් හසන් රංගනයේ යෙදෙන චිත්‍රපටයක් නිකුත් වූ අතර එම චිත්‍රපටයේ තේමා ගීතයම නැවත නිර්මාණය කර මෙම 2022 වික්‍රම් චිත්‍රපටය සඳහා භාවිත කර තිබෙනවා. නමුත් වික්‍රම් යන නම හැරුණු විට එම චිත්‍රපටයේ කතාවට මෙම චිත්‍රපටයේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එම චිත්‍රපටයද එකල නිකුත් වුනු ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් නිසා සහ ලෝකෙෂ්ගේ මෙම චිත්‍රපටය වගේම ආයුධ සහ ක්‍රියාදාම දර්ශන රැගත් චිත්‍රපටයක් නිසාවෙන් එම නම මේ සඳහාද භාවිතා කර තිබෙනවා. Vikram (2022) Sinhala Subtitles

අහඹු සිදුවීමක් ලෙසින් දක්නට ලැබුණු කාරණය නම් 1986 VIkram ක්‍රියාදාම චිත්‍රපටය 1986 මැයි 29 දින නිකුත් වෙද්දී ජනප්‍රිය හොලිවුඩ් ක්‍රියාදාම නළු ටොම් කෲස්ගේ Top Gun ක්‍රියාදාම චිත්‍රපටය 1986 මැයි 16 දින නිකුත් වනු ලැබුවා. ඉන් වසර 36කට පසු කමල් හසන් විසින් එම නමින්ම Vikram 2022 චිත්‍රපටය 2022 ජුනි 03 දින නිකුත් කරද්දී 1986 වසරේ නිකුත් වූ Top Gun චිත්‍රපටයේ දිගුවක් වන ටොම් කෲස් විසින්ම රංගනයේ යෙදෙන Top Gun: Maverick ක්‍රියාදාම චිත්‍රපටය 2022 මැයි 27 දින නිකුත් වීමයි. Vikram (2022) Sinhala Subtitles

වික්‍රම් චිත්‍රපටයේ මූලික රූගත කිරීම් 2021 වසරේ ජූලි මාසයේ ආරම්භ වන අතර තමිල්නාඩුව පුරා විවිධ ප්‍රදේශ වල චිත්‍රපටය රූගත කර තිබෙන අතර ඒ අතර කරයිකුඩි, චෙන්නායි, පොන්ඩිචෙරි සහ කොයිම්බතූර් යන ප්‍රදේශ ඇතුලත් වනවා. කොවිඩ් තත්වය නිසා රූගත කිරීම් සහ නිකුත් කරන දිනය වරින් වර කල් දැමුණු අතර රූගත කිරීම් පුරාවටම කමල් හසන් ශරීර සෞඛ්‍යය සහ ශාරීරික යෝග්‍යතාවය පාලනය කල ආකාරය ගැන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී අගය කරනු ලැබුවා. Vikram (2022) Sinhala Subtitles

අන්තර්ජාලයට වීඩියෝපටයක්ද නිකුත් කරමින් ඔහු එය තව තවත් පැසසුමට ලක්කර තිබුනා. චිත්‍රපටය සඳහා භාවිතා කර තිබෙන ආයුධ බොහොමයක් නිසි බලපත්‍ර සහිතව කමල් හසන්ටම අයිති පෞද්ගලික ඒවා වන අතර ලෝකේශ්ගේ සෑම චිත්‍රපටයකම දක්නට ලැබෙන ඔහුටම ආවේනික Trademark Elements කීපයක්ම මෙහිදීද දැකගන්නට ලැබෙනවා. උදාහරන ලෙසින් විවිධාකාර ආයුධ, තුවක්කු බර අවි සහ 80, 90 දශකවල ජනප්‍රිය සින්දු පසුබිමෙන් ඉඳහිට විවිධ සිදුවීම් වලට අදාලව වාදනය වීම්, ලෝකේශ්ගේ බොහෝ චිත්‍රපටවල දක්නට ලැබෙන එළුමස් බුරියානියක දර්ශනය, ප්‍රධාන නිලියක් නොමැතිවීම වැනි කාරණා කිහිපයක්ම මෙම චිත්‍රපටයේදීද දකින්න ලැබෙනවා. Vikram (2022) Sinhala Subtitles

මා කලින් සඳහන් කල ලෙසින්ම මෙම චිත්‍රපටය 2019 වසරේ නිකුත් වූ කයිදි චිත්‍රපටයේ සිදුවීම් සහ ඒවායේ ප්‍රතිඵල වලට කෙලින්ම සම්බන්ධ වන අතර එම චිත්‍රපටයේ ඇතැම් සිදුවීම් සමග මෙම චිත්‍රපටයේ සමහර සිදුවීම් එකම වෙලාවේ ස්ථානයන් දෙකක සිදුවන ලෙසින් එකිනෙක සම්බන්ධ වනවා.

රහස් පරීක්ෂක නිලධාරීන් හරහා මෙම සිද්ධීන් අතර හුවමාරුව සහ සම්බන්ධය පිළිවෙලට දිගහැරෙනවා. කලින් සඳහන් කල නළු නිලි කැලට අමතරව Arjun Das, Harish Uthaman, Dheena, Hareesh Peradi සහ Monica යන අය මේ චිත්‍රපටය සඳහා ආරාධිත රංගනයෙන් එක්වන්නේ Kaithi චිත්‍රපටයේ නිරූපණය කල Anbu, Adaikalam, Kamatchi, Stephen Raj සහ Amudha යන චරිත හරහා චිත්‍රපට දෙක එකිනෙක සම්බන්ධ කරමින් කයිදි චිත්‍රපටය කලින් නරඹා සිටියත්, මෙම චිත්‍රපටය නැරඹීමට පෙර කයිදී චිත්‍රපටය නරඹා පැමිණෙන ලෙස වික්‍රම් චිත්‍රපටයේ කණ්ඩායම චිත්‍රපටය තිරගත කිරීමට පෙර නිල වශයෙන්ම දැනුම් දෙනු ලැබුවා. එම නිසා ඔබටත් Kaithi 2019 චිත්‍රපටය අනිවාරෙන්ම නැවතත් අවධානයෙන් නරඹා ඉන්පසු වික්‍රම් චිත්‍රපටයද හොඳ නිරීක්ෂණයකින් යුතුව නරඹන ලෙසට ඉල්ලා සිටිනවා. Vikram (2022) Sinhala Subtitles

මිනිත්තු 174කින් යුත් වික්‍රම් චිත්‍රපටය සාර්ථක ප්‍රචාරණ වැඩසටහන් පෙළකට පසුව මේ වසරේ ජුනි 03 වනදා ලොවපුරා පන්දහසකට අධික රිදී තිර සංඛ්‍යාවක තිරගත කිරීම ආරම්භ කරනු ලැබූ අතර නිකුත් වී පළමු දිනයේ පටන්ම ධානාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ විචාරක පැසසුම් සමගින් තම බ්ලොක්බස්ටර්(Blockbuster) ගමන අරඹනු ලැබුවා. නිකුත් වී පළමු දිනයේදී තමිල්නාඩු ප්‍රදේශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 25ක්, කේරළ ප්‍රාන්තයෙන් ඉ.රු. කෝටි 5ක්, කර්ණාටක ප්‍රාන්තයෙන් ඉ. රු. කෝටි. 4.1 ක්, ආන්ද්‍රා සහ තෙලංගානා ප්‍රාන්ත වලින් ඉ.රු. කෝටි 3.7 ක් සහ අනෙකුත් ප්‍රදේශ වලින් ඉ. රු. කෝටි 1.4 සමගින් පළමු දිනයේ මුළු ඉන්දියාවෙන්ම ඉන්දියානු රුපියල් කෝටි 34ක් සමග විදේශීය රටවල තිරගත වීමෙන් ඉන්දියානු රුපියල් කෝටි 24ක ආදායමක් උපයමින් පළමු දිනයේදී ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 58ක් උපයාගන්නට සමත් වනවා.

දෙවන දිනයේ එය පහසුවෙන්ම කෝටි 100 සීමාව පසු කල අතර චිත්‍රපටය පළමු සති අන්තය තුල ඉන්දියානු රුපියල් කෝටි 163 කට ආසන්න අදායමක් සනිටුහන් කරගනු ලැබුවා. චිත්‍රපටය ජුන් 25 වනදා වනවිට ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 409 සීමාව පසු කල අතර එය 2.0 චිත්‍රපටයට පසුව ලොවපුරා තිරගත වීමෙන් වැඩිම ආදායමක් ඉපයූ දමිල චිත්‍රපට ලයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගන්නට සමත් වනවා. එමෙන්ම තමිල්නාඩුවේ පමණක් තිරගත වීමෙන් මෙතෙක් කල් වැඩිම ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තාවට හිමිකම් කියූ Baahubali 2 චිත්‍රපටය (ඉ.රු. කෝටි 150.25) වසර පහකට පසු අභිබවා යමින් වික්‍රම් චිත්‍රපටය අද වනවිට ඉන්දියානු රුපියල් කෝටි 170කට අධික ආදායමක් තමිල්නාඩුවෙන් උපයමින් දමිල චිත්‍රපට අතර Industry Hit චිත්‍රපටයට හිමි බොක්ස්ඔෆිස් වාර්තාවට හිමිකම් කියනවා. Vikram (2022) Sinhala Subtitles

එහෙනම් යන්න අවසරයි. යන්න කලින් විශේෂයෙන්ම ආයෙත් කියන්න කැමතියි මෙම චිත්‍රපටය නරඹන්නට කලින් Kaithi (2019) චිත්‍රපටය අනිවාරෙන්ම නරඹලා එන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැතුව බැලුවට කමක් නැද්ද කියලා ආයේ කමෙන්ට් තීරුවේ අහන්න එපා. ඒක ලඟදි නොබැලුවත්, කලින්වත් නොබලපු කෙනෙක් මේ චිත්‍රපටය බලනවනම් මේ චිත්‍රපටය නොතේරෙන එකක් වත්, රහක් නැති වෙන එකක්වත් නැහැ. එහෙම අයට මේක අලුත් වෙනම චිත්‍රපටයක් බැලුවා වගේ තියෙයි. නමුත් කයිදි චිත්‍රපටය ලඟකදී හෝ මේ වෙනුවෙන්ම බලලා වික්‍රම් චිත්‍රපටය බලන්න එනවනම් ඒ අයට මේ චිත්‍රපටයෙන් දෙන්න බලාපොරොත්තු වෙන හොඳම රසවින්දනය හම්බ වේවි. මේ චිත්‍රපටයේ සංකීර්ණ තැන් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් වේවි.

ඉතින් 2022 වසරේ සාර්ථකම දමිල චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි දමිල චිත්‍රපටය වන වික්‍රම් චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. පැය 2 යි මිනිත්තු 55ක කාලයක් පුරා ඔබට කලකට පසු අත්දකින්න ලැබෙන ත්‍රාසජනක මෙන්ම ක්‍රියාදාම අත්දැකීම් රැසක් සහ ඔබව පුදුම කරවන ආරාධිත රංගනයන් කිහිපයකින් සමන්විත වික්‍රම් සිනමාපටය දමිල සිනමා රසිකයෙකු නම් මග හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. Vikram (2022) Sinhala Subtitles

එහෙනම් යන්න අවසරයි. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක් පලකරගෙන යන්නත් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා. Vikram (2022) Sinhala Subtitles

  • ලිපිය : තාරක නුවන් දිල්හාර 

ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි  HD-HC / HDRip සහ WEBRIP  පිටපත් සඳහා පමණක් අදාළ වේ.

63,091 downloadsDownload Vikram-2022-WEB-Update.zip176 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vikram (2022) Sinhala Subtitles

Subtitles

63,091 downloadsDownload Subtitles176 KB

86 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ආව ගමන්ම දීල. ජයවේවා!

  2. tharidu16

    හම්මො........ අනිද්දා නේද හොද කොපියක් එනවා කිවේ. මේක හොද කොපියක්ද

  3. ram

    ane bn hc nathuwa original awma update krnna plz
    english sub ekath(hc copya) ekka balana kota gathiyak na
    oyala valimai eketh update ekak dunne na
    meka nm aniwa update krnna plz......
    bohoma sthuthiyi sub dunnata

    1. Agent Vikram

      Heta enava saho HD original eka.

  4. Anonymous

    patta

  5. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Kushan

    Sub akta thanks

  7. Redrux

    Thnkz bro

  8. Anonymous

    Thanks for sub

  9. Vishwa sasanka

    Thank you

  10. Sadeepa

    Thank you brother

  11. indika 75

    thanks..

  12. Ruwan Mahagama

    බොහොම ස්තුතියි... මෙම උපසිරසියට.. බුදු සරනයි....

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Naveen

    උපසිරසියට තුති

  15. Samith

    Thanks brother

  16. Anonymous

    original awma update ona

  17. thusitha

    බොහොම ස්තුතියි සහොදරයා සබ් එකට....ජය වෙවා ❤️

  18. Nava

    Superb work

  19. ruwan madusanka

    thanks broo

  20. Jevan

    Thanks brother

  21. Chami

    බොහොම ස්තුතියි
    ඔරිජිනල් ආවම අප්ඩේට් කරන්න

  22. janitha jayasankha adhikari

    lipiya nan kora aaaa
    thankyou for sub

  23. Anonymous

    Major(telugu) sub dyn kollo

  24. නලිදු

    #LCU පිස්සුවක් වෙයි වගේ

    1. Hiroon

      Supiri lipiya
      Sub ekata thanks

  25. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  26. Janith

    ඔරිජිනල් මේ දැන් වෙබ් එකට දැම්මා
    අප්ඩේට් එකක් දෙමු ලොක්කා

    1. navi

      kohomada bn download karanne

  27. Shanuka Perera

    Thank you bokka❤️

  28. ඉසුරු

    බොහොම ස්තුතියි සහෝ

  29. Idunil Weerasinghe

    Thanks brother

  30. Anonymous

    thanks for the sub

  31. Anonymous

    Webrip එකට ඉක්මනට sub දෙනවදෝ????

  32. නදීක ගුරුගේ

    ෂ්තුතියි ෂහෝදරයා

  33. Anonymous

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  34. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  35. bunny

    Thanks buddy

  36. Janith

    ඔරිජිනල් අප්ඩේට් එකට තෑන්ක්ස් ලොක්කා

  37. Anonymous

    thanks wewaa

  38. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  39. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  40. Anonymous

    Webrip walata set weida me sub.. danna kenek kiyannako.

  41. Pasindu

    සබ් එකට තෑන්ක්ස්
    #අරගලයට ජය වේවා

  42. Anonymous

    Thanks MTR

  43. Anonymous

    Thanks..

  44. වියස්කාන්ත්

    රොම්බ නන්රි නන්බා

  45. Sheron

    Great movie ..great subtitles ..keep going

  46. Anonymous

    තෑන්ක්ස් මා පුතී

  47. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  48. Pasindu Madumal

    සබට තුති අයියේ..!✌
    නියම ලිපියක්
    ஆரம்பிக்கலாமா! ❤

  49. Sadaru

    Nani ge aluth filumatath sub dennko

    1. Rasika

      Yts download karapu eke sounds match wenne naha neda

  50. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.