Watch Trailer

Baaghi 2 (2018) Sinhala Subtitles | ඇය වෙනුවෙන් නැවතත් ඔහු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ ගේන්නේ Baaghi ක්‍රියාදාම චිත්‍රපටි සෙට් එකේ දෙවන කොටස. කලින් චිත්‍රපටයත් මමම අරගෙන ආව නිසා මේකත් මමම ගෙනාවා. මාර්තු 30 වැනිදා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරලා ලිපිය ලියන මේ මොහොත දක්වා ගෙවී ගොස් තියෙන්නේ සතියකුත් දවස් දෙකක් වගේ කාලයක්. හද…

කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ ගේන්නේ Baaghi ක්‍රියාදාම චිත්‍රපටි සෙට් එකේ දෙවන කොටස. කලින් චිත්‍රපටයත් මමම අරගෙන ආව නිසා මේකත් මමම ගෙනාවා. මාර්තු 30 වැනිදා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරලා ලිපිය ලියන මේ මොහොත දක්වා ගෙවී ගොස් තියෙන්නේ සතියකුත් දවස් දෙකක් වගේ කාලයක්. හදිසිකාරයින් වෙනුවෙන්ම උපසිරැසි ගන්වා අරගෙන ආවේ, මං දන්නවා ගොඩක් අය මේ චිත්‍රපටය එනතුරු හිටියේ නොයිවසිල්ලෙන් කියලා (මේ මම වගේ). එසේනම් දිගහැරුමට අවසරයි…

හොඳයි.. අපි මෙහෙම පටන් ගමු… Baaghi කියන්නේ ඉන්දියානු සිනමාවේ එන ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් (Baaghi (1990), Baaghi (2000) චිත්‍රපට දෙක සහ මේ කියන චිත්‍රපට මාලාව අතර සම්බන්ධයක් නැති බව කරුණාවෙන් සලකන්න.. සහ ඒ චිත්‍රපට දෙක සහ මේ චිත්‍රපට මාලාව පටලවා ගන්න එපා කියලත් සඳහන් කරන්න කැමතියි). හරි… ඉතින් මම අර කලින් සඳහන කරපු Baaghi ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ පලවෙනි සිනමාපටය සබීර් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් 2016 වසරේ අප්‍රේල් 29 වන දින Baaghi: A Rebel for Love (2016) නමින්. ඉන්දීය රුපියල් කෝටි 37ක් වැය කරමින් නිපදවූ එම චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 127ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙනවා. මාෂල් ආර්ට්ස් කලාවද ඇතුලත් වූ කතා වස්තුවකින් යුතු එම සිනමාපටය සඳහා ටයිගර් ෂෙරොෆ් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් තම අපූර්ව රංගන දායකත්වය සපයනු ලබූවා. ඉතින් ප්‍රේක්ෂක ආදරය හා විචාරකයින්ගේ ධනාත්මක විවරණය හිමිකරගත් Baaghi චිත්‍රපටය 2016 වසරේදී උපසිරැසි සමගින් ඔයාලා හමුවට රැගෙන ඒමට ලැබීම ගැන මා හටද ඇත්තේ අහිංසක සතුටක්. මන්දයත් එය මගේ උපසිරැසි දිවියේ අමතක නොවන චිත්‍රපටයක් වීම එයට හේතුවක්.

එතනින් නොනැවතුණු Sajid Nadiadwala මහත්තයාට වුවමනා වෙනවා Baaghi හි දෙවන කොටසක් නිර්මාණය කරන්න. ඉතින් එය යතාර්ථයක් කරමින් මෙවර අමීඩ් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Nadiadwala Grandson Entertainment වෙනුවෙන් Sajid Nadiadwala ගේ නිෂ්පාදනයෙන් Baaghi ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය අප හමුවට පැමිණෙනවා. මෙය බෙදාහැරීමේ කටයුත්ත Fox Star Studios ආයතනය විසින් සිදු කරනු ලබනවා. මෙම චිත්‍රපටයේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 2016 වසරේ නිකුත් වුනු තෙලුගු චිත්‍රපටයක් වන Kshanam චිත්‍රපටය. සිද්දිය එක වගේ උනත් Kshanam චිත්‍රපටයට වඩා බාගී 2 චිත්‍රපටයේ ලොකු වෙනසක් දක්නට ලැබෙනවා.

සුපුරුදු පරිදි Baaghi 2 චිත්‍රපටය සඳහාද ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය සැපයීමට සුපිරි ක්‍රියාදාම නළු Tiger Shroff තෝරාගෙන තිබෙනවා. අමුතුවෙන් කියන්න ඕන නෑනේ දක්ෂ නර්තන ශිල්පියෙක් වගේම අතිදක්ෂ ක්‍රියාදාම නළුවෙක්. ඒ වගේම දක්ෂ මාෂල් ආට්ස් සටන්කරුවෙක් මෙන්ම ටයිකොන්ඩෝ වලින් කළුපටි ධාරියෙක්. 28 හැවිරිදි ටයිගර්ගේ ඇත්ත නම ජයි හේමන්ත් ෂෙරොෆ් වන අතර ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ජැකී ෂෙරොෆ්ගේ පුතණුවන්ද වනවා. Heropanti (2014), Munna Michel (2017) කියන්නේ ඔහු රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක්.

ටයිගර් සමගින් ප්‍රධාන නිළිය චරිතය නිරූපණය සඳහා මුලින් නම් යෝජනා වෙලා හිටියේ ජක්ලීන් ෆර්නැන්ඩස් හෝ ක්‍රිති සැනෝන් දෙන්නගෙන් එක්කෙනෙක් යොදා ගැනීමට. නමුත් පසුව පැවති ස්ක්‍රීන් ටෙස්ට් එකකින් අනතුරුව ටයිගර් එක්ක ප්‍රධාන චරිතය රඟපෑම සඳහා සුදුසුම කෙනා සුරූපී හුරුබුහුටි Disha Patani බවට නිෂ්පාදක කණ්ඩායම තීරණය කරනු ලබනවා. ඉතින් අන්න ඒ ආකාරයට මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නට ඩිෂා පටානි හට වාසනාව උදා වනවා. නිෂ්පාදක Sajid Nadiadwala එක් මොහොතක පවසා සිටිනවා ” රිදී තිරය මතදී ඔවුන් දෙදෙනා අතර විශ්මයජනක බැඳීමක් තිබෙනවා. එය අපට ඔවුන්ගේ ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් පැහැදිලි වූවා. ඩීෂා තමයි ඒ චරිතය සඳහා ගැලපෙනම කෙනා. මට ගොඩක් සතුටුයි ඒ ඒ චරිත සඳහා ගැලපෙනම අය තෝරාගැනීමට ලැබීම ගැන. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වනතුරු මම ද සිටින්නේ මහත් නොයිවසිල්ලෙන් ” ලෙසින්. එලෙස චරිත ස්ථිර වූවායින් පසු මාෂල් ආට්ස් පුහුණුව සඳහා ටයිගර් ෂෙරොෆ් Hong Kong බලා පිටත් කර හරිනවා. ඒ Tonny Ching කියන සටන් අධ්‍යක්ෂකවයා යටතේ මාෂල් ආට්ස් පුහුණුව සඳහා. ඒ අතරතුර ඩීෂා හටද ‘කරනම්’ පුහුණුවක් ලබාදී තිබෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නේ මුලින්ම මුම්බායි වලින්. ඒ ගිය වසරේ අගෝස්තු මාසයේදී. ඉන්පසු පූනේ හි ඇති විශ්වවිද්‍යාලයකදී එම පසුබිම් වලට අදාළ රූගත කිරීම් වල මේ බාගී කණ්ඩායම නිරතවෙලා තියෙනවා. ඊට අමතරව මනාලි වලටද බාගී කණ්ඩායම රූගත කිරීම් සිදු කිරීමට ගොස් තිබෙනවා හිම ආශිත්‍ර දර්ශන රූගත කරන්න. ක්‍රියාදාම දර්ශන රූගත කිරීම සඳහා ඔවුන් තායිලන්තය තෝරාගෙන තිබෙන අතර ගෝවා සහ ලඩක් හිදීද රූගත කිරීම් වාර කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ වගේම විශේෂ සිද්ධියක් තමයි මේ චිත්‍රපටියේ එක්තරා දර්ශනයක් තියෙනවා ටයිගර් ෂෙරෝෆ් හට පොලිසිය විසින් නිරුවත් කර වධහිංසා පමුණුවන සිද්ධියක දර්ශනයක්. එම දර්ශනය රූගත කිරීමේදී ටයිගර් ෂෙරොෆ් සැබෑවටම නිරුවත් වෙලා ඒ දර්ශනය රූගත කිරීමට මුහුණ දුන්නා කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.

ඒ වගේම තමයි සංගීතය ගැනත් යමක් සඳහන් කරන්න ඕන. ගොඩක් ලස්සන Soundtrack එකකට හිමිකම් කියන බාගී 2 චිත්‍රපටයේ පසුබිම් සංගීතය Julius Packiam සිදු කරනු ලබනවා. ඒ වගේම ලස්සනම ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටියේ අඩංගු වෙනවා. ඒ හැම සිංදුවක්ම සිංහල උපසිරැසි එක්කලා අපගේ බයිස්කෝප් මංසල අඩවියෙන් ඔයාලට මේ මොහොතේ වුවත් දැකබලාගන්න පුළුවන්. ඔන්න ඔය ලස්සන ගීත කිහිපය අතරේ අපේ කණට හොඳටම හුරු ගීතයක් දකින්නට ලැබෙනවා. වෙන වෙන මොකවත් නෙවෙයි. Ek Do Teen ගීතය. Tezaab (1988) චිත්‍රපටය වෙනුවෙන් අල්කා යාග්නික් ගායනා කල Ek DI Teen ගීතයට සුන්දර නර්තනයෙන් දායක වන්නේ සුරූපි මධුරි දික්ෂිත් විසින්. හැබැයි ඒ 1988 දී. නමුත් ඒ ගීතේ රීමේක් වර්ෂන් එකක් බාගී 2 චිත්‍රපටයට අයිටම් සෝන්ග් එකක් විදිහට එක් කරන්න එහි නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙනවා. චිත්‍රපටයේ අඩංගු මේ අලුත් ගීතය ගායනා කරන්නේ පලක් මුචාල් විසින්. ඒ වගේම මේ සඳහා ආරාධිත රංගනයෙන් එක්වන්නේ ජැක්ලින් ෆර්නෑන්ඩස්. ශ්‍රෙයා ගෝශාල් ගායනා කරනා වර්ෂන් එකකුත් අන්තර්ජාලයට එක්කාසු කරලා තියෙනවා දැකගන්න පුළුවන්.

මෙම වසරේ මාර්තු 30 වන දින ලොවපුරා සිනමාශාලා 4125ක රිදී තීරයන්හි ප්‍රදර්ශණය ආරම්භ කල Baaghi 2 චිත්‍රපටය මිනිත්තු 144ක ධාවන කාලයකින් යුතු වන අතර එය ඉන්දියන් රුපියල් කෝටි 60ක මුදලක් වැය කරමින් නිපදවන ලද්දක්. නමුත් එම වියදම පලමු දින ඉන්දියන් රුපියල් කෝටි 25.1 ක් ඇතුළුව ලොව වටා ප්‍රදර්ශනයෙන් දින තුනකින් ඉන්දියන් රුපියල් කෝටි 115.8ක් ලෙසින් සටහන් කරමින් නැවත උපයාගැනීමට සමත් වූ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පොත් අතර ලියැවෙන්නේ පළමු දිනයේදී වැඩිම ආදායමකකට හිමිකම් කියූ චිත්‍රපට අතරේ 16 වන ස්ථානය හිමිකරගනිමින්. එමෙන්ම සතියක් ගත වන අද දින වනවිට ඉන්දියාව තුල පමණක් ප්‍රදර්ශනයෙන් කෝටි 112.85 ක ආදායමක් ඉපයීමට මෙම චිත්‍රපටය සමත් වන්නේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ සාර්ථකම කාර්තුවක් නිමා කරමින්. 1990 වසරෙන් පසුව බොලිවුඩ් සිනමාවේ සාර්ථකම කාර්තුව ලෙසයි 2018 පළවෙනි කාර්තුව බොලිවුඩ් ඉතිහාස පොත් අතරට එක්වන්නේ.

චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්.. රොනී.. එහෙමත් නැත්නම් “රන්වීර් ප්‍රතාප් සිංග්” කියන්නේ හමුදා නිළධාරියෙක්. දක්ෂ සොල්දාදුවෙක්. මතකයන් පමණක් හිත තුල පුරවාගෙන රටවෙනුවෙන් සේවය කරන මේ සොල්දාදුවාට හදිසියේම කෝල් එකක් එනවා. ඒ කාගෙන්ද? ඒ කවුරු උනත් රොනීගේ ගල් හිත දිය කර දමන්නට ඒ දුරකථන ඇමතුම සමත් වෙනවා. ඒ වෙන කවුරුත් නොවේ.. වසර හතරකට පෙර රොනීගේ පෙම්වතිය වෙලා හිටපු “නේහා”ගෙන්. ඉතින් ඊට පස්සේ… 😀 😀 😀 චිත්‍රපටය බාගෙනම බලමු.

ඉතින් යාලුවනේ කැපෙන්න වෙලාව හරි. විශේෂයෙන්ම කියන්න ඕන. චිත්‍රපටය නිකුත් වී තවමත් ගතවෙලා තියෙන්නේ සතියක් වගේ කාලයක් නිසා මේ චිත්‍රපටයට කිසිදු භාෂාවක උපසිරැසියක් තවමත් අන්තර්ජාලය වෙත නිකුත් වෙලා නෑ. එනිසා ලයින් අතින් හදාගෙන අසා ලිවීමක් සමගින් තමයි ඔයාලට මේ සබ් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාවේ අංක එකේ විනෝදාත්මක වෙබ් අඩවිය වෙතින් එකටම අන්තර්ජාලය වෙත මේ චිත්‍රපටය වෙනුවෙන් උපසිරැසිය රැගෙන එද්දී. බෑ නොකියා එකෙන්ම උදව් කරපු පුද්ගලයෙක් ඉන්නවා. ආසිරි ප්‍රියන්ත මගේ මිත්‍රයා තමයි සෝදුපත් බලලා දුන්නේ මා වෙනුවෙන්. ඉතින් හේවා ඔයාටත් ගොඩාරියක් ස්තුතියි කියන්න ඕන මේ වෙලාවේ. දවස් ගානක මෙහෙයුමක් තමයි මේ අදියරකින් අවසන් වන්නේ. ලයින් 1900ක් (කොස් ඇටද මං අහන්නේ 🙂 ) ඉතින් යාලුවනේ කැපෙන්න වෙලාව හරි. යන්න කලින් කියන්න ඕන. ලබා දී ඇති උපසිරැසියට අදාළ වීඩියෝ කොපිය විතරක් අරගන්න. වෙන වෙන ඒවා අරගෙන හිත් රිදව ගන්නෙපා. උපසිරැසියේ නම ගූගල් සෙවුමක් කරලා එන ටොරන්ට් එකක් හෝ අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් කෙලින්ම කොපිය අරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම යන ගමන් මගේ පුංචි ලිපියට ඔයාලගේ නොමසුරු කොමෙන්ටුවද පහලින් හලාගෙන යන්න කියලත් ඉල්ලනවා. මන්දයත්, හැමදාමත් අපි ලබනා එකම ලාභය එය පමණයි. එහෙනම් කැපෙනවා… ජයෙන් ජයම වේවා. සම්මා සම්බුදු සරණයි…!!!!

මොකද හදිසි..? මං තාම පටන් ගත්තා විතරයි…
තුන්වන කොටස කමින් සූන්…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.

65,027 downloadsDownload Baaghi-2-2018-Proper-HD.zip185 KB

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

65,027 downloadsDownload Subtitles185 KB

254 comments

  1. isurus-ampath

    tnx bn elama

  2. Sandunnayanajith

    Thx bn..baiscopedownload ekatath direct link eka ikmanta danna...thx sub ekat

  3. isurus-ampath

    tnx bn good luck

  4. ranga11112

    anakam balan hitiye saho....thanks sub aka oyama hadala dunnata,......
    jayawewa.......
    තෙරැවන් සරණයි......
    ඩවුන්ලොඩ් වෙන්න දැන්මා...
    සබ් එක ඉක්මනින් දුන්ටනට බොහොම පිංසිදුවෙනවා......

    1. Roma1990

      Send link i cant found film

    2. gihansunimal

      link eka depanko download kara ganna

  5. Roma1990

    Good job bro

  6. Prabodha Madhusankha Hettiarachchi

    Ikkmanatama dila nee sub eka. Thank bro eth hoda copyak awm balanawa. Jaya wewa..

  7. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. B A M sampath

    thanks bro

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Stranger

    thanks bro

  12. raveen.madu

    එලම...

  13. Chamodsathsara

    Aiiye oya nm patta ummmhh.supiriiiiii...mechchra ikmta sub eka dunnta...kiyla wadak aiye supppaa...adarei hamadamttt..ane me wage apita arrow sub ekat denwanm

  14. Gishan Kaushalya

    Aniwarenma hoda ekak enakan innawa...apu gaman sub eka danna...

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..ආයේ කතා ඕනි නෑ. මග බලාගෙන හිටපු ෆිලුමක් තමා. එක නිසාම DVD පිටපතක් එනකම් ඉවසන් ඉන්නවා. ජය වේවා.. බුදුසරණයි..!

  16. darshana90

    කියල වැඩක් නැ........... සුපිරි

    හිත හදාගෙන හිටියේ බොහොම අමාරුවෙන් හොද කොපියක් එනකල්.......
    එත් ඉතින් ඔයාලගේ නොටිෆිකේෂන් එක අවම නොබලා ඉන්නේ...........

    TanX bro.....

  17. anuka

    Ela bro

  18. losaka

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට DVD පිටපතක් එනකම් ඉන්නවා ජය වේවා..

  19. geeganagamage

    මේ වගේ සුපිරි ෆිල්ම් එකක් බලන්න ඕනේ BR 1080p පිටපතකින්ම තමයි බොහොම ස්තුතියි අපි සැම වෙනුවෙන් මේ කරන උතුම් වටිනා සේවයට

  20. Chamodsathsara

    E ara baiscope download eke tina torrent link eka camera copiyakda....

  21. dsdkavishka

    ඉවසනව කොහොමහරි, මේකනම් dvd පිටපත් ආවගමන් බලනව..

  22. indunil0912

    thnks for the sub sahoo...

  23. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  24. Subhash13

    Thxs bn

  25. jayadari

    THANKS A LOTT

  26. madu_bashi

    Ela elaa..... Thanks saho.. Baicope wadak dunnoth ahannath deyakda. Me film eka enakam mamath balagena hitiye. Thanks oyata. Oyage siyalu wada katayuthu sarathaka wenna kiyala mama oyata mulu hadawathinma suba pathanawa.. Oyata jesu pihitai...

  27. kavin12

    thanx macho Shaadi Mein Zaroor Aana (2017) puluvan nam sab dennako

  28. Bobby

    THANK YOU VERY MUCH

  29. oshanda

    sub ekata thanx sahoo,,, patta wistharayakne... gud luck...

  30. Shan Ashok

    MALLI THANKS OYA ME SUB DENAWATA.PLZ MAN HAREMA ASAI COMEDY WLATA.MEKE HOT TUB TIME MACHINE MOVIE TEBBA,TAVA MR BONES 1 2 TEBBA. jim carrey.will ferell,kevin hart ge HODA COMEDY BADA PELENNA HINA YANA FILMS MEKE TEBUNA.PLZ MALLI GATALU valen ENNA APE JIVETEta MOHOTAKATA HARI HODATA hina YANA NIYAMA COMEDY TIKAK DENNA?MOVIES DENAKOTA AEVAYE TEYANA WORDS NIYAMETA DENNA SINHALEN,e.g HU... terenawane?AEHEMA NATUWANAM VDAK NE,PLZ LOKU PINAK,OYALA VAGE MAN ASAI ENGLISH EAGENA GANNA EADIRIYATA

  31. Kulanjana Maduranga

    niayamai…denakm balan hitapu filumak..hoda copyak awama update kranna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. Ravindu Dharmasiri

    thanks machoo subata.. dvd ekak enakam iwasagena inna thama wenne

  33. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  34. Thilinamadushankaalwis

    bohoma sthuthi

  35. gihan perera

    Niyamai bro...good luck and god bless you...keep continue it..

  36. sajith madushan

    thanx bro

  37. sanjeewa6106

    Thank you Very much Bro.

  38. RK

    thnks machn subata...puluwan ikmanata rip eka update krnna,mechchara hitapu eke okath innamm..... Thankz again mchnnnnnnnnnnn

  39. gayan215

    bohoma sthuthi saho, meka danakan noewasillen indiye..

  40. GL Darshana Harsha Kumara

    Saraluvata Godak Sthuthi Saho.... Jaya Wewa!!

  41. Ashanlakshitha98

    Thanks saho

  42. PaSindu MaDumal

    අම්මෝ බන්..!
    යකෝ දෙයියෝ දැක්කා වගේ...!!
    උඹට නම් අනේක වාරයක් පින්...එලම...බාගී තුනත් එනවලුද...එහෙනම් හරි...❤️

  43. Menaka Kariyawasam

    ela machan patta

  44. Nalindaranasinghe

    දැන් නම් kasanam බලන්න එපා ඊට වඩා දහස් ගුණයක් මේක පට්ට
    උපසිරස ඉක්මනට ලබා දුන්නාට බොහොම ස්තූතියි

  45. Nadun Prabodhana

    downlod karapu kenek link eka dennko

  46. sachin gimhan

    thank you. ayye..

  47. chanaka47

    thanks kollo sub ekata. balanna hadisi. eth Web copy wath enakan innawa. uparimenma thanks macho...

  48. Isurusky

    api thawa tikk iwasannm mcn..BR apu gmn gnnw

  49. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  50. Navindudissanayake

    Tanx baiscop subtitles

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.