Watch Trailer

Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitles | අදුරු යුගයක ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

19’වැනි දශකයේ ගෝතම් නගරයත් වර්තමානයේ දකින්න ලැබෙන ගෝතම් නගරේ වගේම තමයි. හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නගරේ පුරා හිටියා. මේ කාලේ විශේෂ තැනක් ගන්න කෙනෙක් තමයි හුගාක් දිළිදුකමකින් යුක්ත කාන්තාවන් මරලා දාන රීපර්. දිළිඳු කමකින් යුක්ත අය කිව්වේ එයාගේ ගොදුරු වීමට අහු වෙන්නේ ඔක්කොම අය හුගක් දුප්පත් කමට පුළ…

19’වැනි දශකයේ ගෝතම් නගරයත් වර්තමානයේ දකින්න ලැබෙන ගෝතම් නගරේ වගේම තමයි. හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නගරේ පුරා හිටියා. මේ කාලේ විශේෂ තැනක් ගන්න කෙනෙක් තමයි හුගාක් දිළිදුකමකින් යුක්ත කාන්තාවන් මරලා දාන රීපර්. දිළිඳු කමකින් යුක්ත අය කිව්වේ එයාගේ ගොදුරු වීමට අහු වෙන්නේ ඔක්කොම අය හුගක් දුප්පත් කමට පුළු පුළුවන් විදිහට ජිවිතේ ගැට ගහගන්න අය. එහෙම නැතුව මේ කිසිම කෙනෙක් පොහොසත් අයවත් ආර්යාවන්වත් නෙවෙයි. කතාවේ ආරම්භයේ හැටියට අපිට මුල්ම ගොදුර හැටියට දකින්න ලැබෙන්නේ පොයිසන් අයිවී. ඔව් අයිවී කියන්නේ අනාථ දරුවෙක් කියලා දන්නවා ඇතිනේ. මේ කතාවට අනුව එයා දැන් හුගක් හොදට හැදුනු වැඩුණු කෙනෙක්. එයා එයාගේ රස්සාව හැටියට කලේ මිනිස්සු ගොඩක් ඉස්සරහ අඩ නිරුවතින් සමාජ ශාලාවක නටලා සල්ලි හොයපු එක. ඝාතකයා අයිවී මරලා දාද්දි එයා කෑ ගහපු සද්දේ ඇහුනු බැට්මෑන් එතනට එද්දී අයිවීගේ මරණය සිද්දවෙලා ඉවරයි. පස්සේ මේ වෙන මිනීමැරුම් ගැන ගෝතම් වැසියන් කතා වෙන වෙලාවක ලෙස්ලි සහෝදරිය කියනවා මේකට ජැක් ද රීපර් සම්බන්ධයි කියලා. (ජැක් ද රීපර් කියන්නේ 1888–1891 කාලයේ හිටිය ඇත්තම ශ්‍රේණිගත මිනිමරුවෙක්) සෙලීනාගේ යාලුවා අයිවී මරලා දාපු එකට හුගක් තරහින් වගේම දුකෙන් හිටියේ. මෙයා මේ ගැන කොච්චර කිව්වත් ගෝතම් පොලිසියත් නිකන් ඉන්නම් වාලේ හිටිය එක කලේ. මේ අතරෙම බෲස් වේන් සල්ලි යොදලා නිර්මාණය වුනු සල්පිලකුත් විවෘත වෙන්න නියමිතවයි තිබුණේ. බෲස් හැරුනුම අනික් කිසිම කෙනෙක් වැඩිය හොයන්නේ නැති මේ මිනීමරුවව අල්ලගන්න අරමුණින් සෙලීනා වැඩේට බහිනවා. එයාත් මේ ඝාතකයාගේ ගොදුරක් වෙන තැනට වැඩ කරලා එයා ලගට ඝාතකයව ගෙන්න ගන්නවා. ඒත් මේ ඝාතකයා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා සෙලීනාටම තේරුම් යන්නේ ඒ ඝාතකයා සෙලිනට හොදටම පහර දීලා එයාවත් මරන්න ගියපු වෙලාව්දී. සෙලිනා මේ කරන හැමදේම හොද වෙලවට ගෝතම්වල රැකවලනයා බලාගෙන හිටියේ. මේ නිසා එයාට පිං සිද්දවෙන්න බැට්මෑන් ඒ වෙලාවේ මැද්දට පැනලා සෙලීනාව බේරගන්නවා. ඒත් අඩුම තරමේ බැට්මෑන්ටවත් බැරි වෙනවා මේ ඝාතකයාට පහර දීලා කවුද මේ වෙස් මුහුණ එහා පැත්තේ ඉන්නේ කියලා බලාගන්නවත්. ඉතින් හිතාගන්නකෝ කොහොම පුහුණුවක් තියෙන කෙනෙක් වෙන්න ඇතිද කියලා.

මේ අරගෙන එන්නේ 2018 නව වසරට නිකුත් වුන Warner Brothers ලගේ අලුත්ම වගේම මුල්ම DC ඇනිමේෂන් චිත්‍රපටය සමග.සුපුරුදු පරිදි මේකත් කොමික් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ.1989 වර්ෂයේ පෙබරවාරි මාසයේ නිකුත් වුනු, Brian Augustyn අතින් ලියැවුණු වන් ෂොට් මුද්‍රණයක් විදිහට නිකුත් වුනු “Gotham by Gaslight” නම් කොමික් පොත ඇසුරින් නිර්මාණය කරපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි නම පවා පුංචි වෙනස් කිරීමකට ලක් කරලා “Batman: Gotham by Gaslight (2018)” නිර්මාණය කරලා තියෙන්නේ. Ben 10: Alien Swarm (2009), Justice League: The Flashpoint Paradox (2013), Batman and Harley Quinn (2017) වගේ සුපිරිම නිර්මාණ නිර්මාණය කරපු James Krieg ම තමයි මෙදාපාර මේ ඇනිමේෂන් චිත්‍රපටයේ පිටපත නිර්මාණය කරලා තියෙන්නේ. මිට අමතරව Bob Kane, Bill Finger දෙන්නත් දායක වෙලා පිටපතේ වැඩේට මේ ඇනිමේෂන් චිත්‍රපටය මේ තරමටම සාර්ථක කරගන්න. එතකොට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ සුපිරිම කෙනෙක්ගේ අතින්. The Batman vs. Dracula (2005), Superman/Batman: Public Enemies (2009), Justice League: Crisis on Two Earths (2010), Batman: Year One (2011), All-Star Superman (2011), Justice League: Gods and Monsters (2015), Justice League vs. Teen Titans (2016), Batman: The Killing Joke (2016), Teen Titans: The Judas Contract (2017) වගේම Batman and Harley Quinn (2017) වගේ DC ඇනිමේෂන් විශ්වයේ සුපිරිම චිත්‍රපට 10 ක්ම අධ්‍යක්ෂණය කරපු වගේම මාවල් විශ්වයේ Hulk Vs (2009), Planet Hulk (2010) වගේම Thor: Tales of Asgard (2011) වගේ තවත් මාවලස් ඇනිමේෂන් චිත්‍රපටි තුනක් නිර්මාණය කරපු චීන-ඇමරිකානු ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂණය කල, දෘෂ්‍යකරණ කලාකරුවෙක් වගේම චරිත නිර්මාතෘ කෙනෙක් හැටියට Marvel Entertainment හා Warner Bros. Animation තුලත් දැනට සේවය කරන “Sam Liu” තමයි මේ ඇනිමේෂන් චිත්‍රපටයත් නිර්මාණය කරලා තියෙන්නේ. නිකුත්වෙන දිනය හැටියට නම් කරලා තියෙන්නේ 2018 ජනවාරි 23’වැනිදා. ඉතින් එදාම හවස් වෙද්දී පිටපත් නිකුත් වෙලා තිබුණා. සුපුරුදු පරිදි මේ කතාවත් Animation, Action, Adventure කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටයේ ධාවන කාලය පැයකුත් විනාඩි විසි අටකුත් පුරාවටම දිවෙන චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකය තුල 7.1/10 ක අගයක් ලබාගෙන තියෙනවා.

තාක්ෂණය නොදියුණු කාලයක, අශ්ව කරත්ත පාවිච්චි කරගෙන ප්‍රවාහන කටයුතු සිදු කරපු කාලයක් පාදක කරගෙන ගෝතම්වල රැකවලන කටයුතු කරන බැට්මෑන්ට තමන් හොදාකාරවම දන්න කෙනෙක්ව ඝාතකයෙක් හැටියට මුහුණ දෙන්න වෙන තවත් අපුරු කතාවක් පැය එකාමාරක් ඇතුලත බලන්න සලස්වපු තවත් එක් සුපිරි චිත්‍රපටයක් කියලා මට මේක කියන්න පුලුවන්. එහෙනම් ඉතින් කට්ටියට මේක බලන්නයි කියලා ආරධනා කරන ගමන් තවත් අමුතුම විදිහේ අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙන ඉදිරියේදී නිකුත් වීමට නියමිත Batman Ninja (2018) චිත්‍රපටයෙන් මීලගට ලගදීම හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL / HDRip  පිටපත් සඳහා ගැලපේ.

9,636 downloadsDownload Batman-Gotham-by-Gaslight-2018.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,636 downloadsDownload Subtitles82 KB

75 comments

  1. Anuruddha Leo

    Thanks Chamara :)

  2. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. BRUSEWAYNE

    එනකන් බලාගෙනයි හිටියේ. තෑන්ක්ස් සහෝ.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith Dissanayaka

    එල
    මරු
    මාන්න ගත්තා

  6. Jumanji

    Tnx brother

  7. Sanath Indika

    thx broo

  8. Malinda

    ammo. suppa kathawak wage. Thanks bro,

  9. nuwanhunter

    Thanks

  10. Dewendra007

    thanks machan jaya wewaaaa

  11. Prashan

    Thnakss Brother Keepitup

  12. gihanshamilka

    thanx aiye

  13. AsithaDilruwan

    elama saho thanks

  14. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.........

  15. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. JL Fernando.

    Thanks Bro.

  18. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

  19. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    download කරලා තියාගත්තා සබ් දෙනකම්....
    Batman Vs Twoface(2017) එකටත් සබ් දෙන්න....

  20. subodha

    Thanks...

  21. Vimukthi2001

    එලම බ්‍රෝ මම නම්් MARVEL ඒ උනත් බලනව ස්තුතියි

  22. Kavi_madushan

    Hamme elama

  23. supunima

    Thanks saho

  24. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    download කරලා බලන් හිටියේ සබ් එක එනකම්....
    Bat-Man Vs Two Face (2017) ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්නම්....

  25. gayanveranga

    Tnx for sub

  26. විමා

    සබට තුති බන්
    අනිවා බලනවා

  27. chamathlakshan

    Thanks you"

  28. raviz

    Thank you.....!

  29. SamiduT

    Api wage bat man fan kenekta thawa monada thanks bokka thawa mewage sub danna suba pathum

  30. Batman Shean

    tanks machoooo
    suppaaaaa

  31. Sahanp

    thanks broo

  32. kasunkavinda

    patta thanks for the sub

  33. kusal tharuka

    sub ekata thankx

  34. Madhura Dilanka Sampath

    Meke BluRay enkn bln htye... tnxxx sub ekta...

  35. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  36. HARSHANA9211

    thank you...

  37. TharakaWAS

    thanks

  38. Ashan Maduranga

    thanks sub ekata saho baiscope set ekata jaya

  39. chanaka47

    Thanks kollo Sub ekata. Baiscope eke set eka sorry wenna ona. hadisiyata Sub aran yanawa. Comment ekak danna beruwa yanawa. ekata බයිස්කෝප් සෙට් eka sry wemna ona kollo...
    ubalata Suba pathanawa.

  40. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූති සහෝ.............................

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තූති

  43. Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තූති ...........................

  44. roshanmax64

    fatta

  45. Tharangani

    thanx

  46. podda

    thanks bro

  47. Kc

    thanks bro

  48. Kc

    thank bro

  49. shehan weerasinghe

    ස්තූතියි සහෝ
    ජය වෙිවා !.

  50. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

Load more comments