Watch Trailer

Ghost (1990) | සසර සරණ තුරා මගෙන් මිඳෙන්නට එපා. [සිංහල උපසිරසි සමඟ]

ඉඩක් ලැබෙන වෙලාවට මම නිතරම බලන සිනමාපට කිහිපයක් මගේ සිනමා එකතුවේ තියෙනවා. ඉන් එකක් තමා අද මම උපසිරසි ගන්වා ඔබ වෙත දෙන්න බලාපොරොත්තු වන්නේ. මටනම් මේ සිනමා පටය කොපමණ බැලුවත් කවදාවත් එපා නොවන එකක්. තරමක් පැරණි වූවත්, මේ ලස්සන කතාවට කිසිවෙකුත් උපසිරසි දී නැති බව දැක පුදුමයට පත් උණා. පැරණි එකක් නිසා බොහ…

GHOST GRAFIC

ඉඩක් ලැබෙන වෙලාවට මම නිතරම බලන සිනමාපට කිහිපයක් මගේ සිනමා එකතුවේ තියෙනවා. ඉන් එකක් තමා අද මම උපසිරසි ගන්වා ඔබ වෙත දෙන්න බලාපොරොත්තු වන්නේ. මටනම් මේ සිනමා පටය කොපමණ බැලුවත් කවදාවත් එපා නොවන එකක්. තරමක් පැරණි වූවත්, මේ ලස්සන කතාවට කිසිවෙකුත් උපසිරසි දී නැති බව දැක පුදුමයට පත් උණා.

පැරණි එකක් නිසා බොහෝ දෙනෙක් නරඹා ඇති. බලපු නැති අයටත්, උපසිරසි ආධාරයෙන් බලන අයටත් ප්‍රයෝජනවත් වේවී කියලා හිතලයි මේක කළේ. ඔස්කාර් සම්මාන 2 ක්, වෙනත් සම්මාන 15 ක්, සම්මාන සදහා යෝජනා කිරීම් 24 ක් මෙය ලබා ගෙන තියෙනවා. මේ සිනමා පටය ගැන පැහැදිලි විස්තරයක් මෙයට පෙර හේමාල් සිල්වා සහෝදරයා විසින් බයිස්කෝප් වෙබ් අඩවියට ලියූ ලිපියක් තියෙනවා. එයත් කියවා බලන්න.

මීට කලින් පළකළ ලිපිය.

මම අද දෙන්න යන්නේ, මීට දශක දෙකකට පෙර නිර්මාණය වු අදත් එදා වගේම ජනප්‍රිය ලස්සන ආදර කතාවක්. මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්න විදිහක් නැහැ. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.9/10 අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය Jerry Zucker ගේ අධ්‍යක්ෂණයක්. ඇකඩමි සම්මාන දෙකකින් සම්මානයට පත්‍ර වු මෙහි රංගනයෙන් දායක වන Whoopi Goldberg, Demi Moore, Patrick Swayze වැනි ප්‍රතිභා පූර්ණ ශිල්පීන්ගෙ රංගනය ඉතා ආකර්ශණීයයි.

කතාව පිළිබදව කෙටි හැදින්වීමක් කරනවනම්, සෑම් හා මොලි කියන්නෙ ඉතාමත් ආදරයෙන්, සතුටින් ජීවත් වෙන විවාහ වීමට බලාපොරොත්තුවෙන් ඇසුරු කරන පෙම්වතුන් යුවලක්.. ඔහොම සතුටින් කල්ගෙවන අතර තුර මෙයලා පදිංචියට අලුත් ෆ්ලැට් එකක් ගන්නවා. මෙහෙම අලුත් නිවසේ ආදරයෙන් කාලය ගෙවන අතර මෙයාලා යනවා චිත්‍රපටියක් බලන්න. ඔන්න ඔය චිත්‍රපටිය බලලා දෙන්නා විනොදෙන් රාත්‍රියෙ පාරේ එනකොට, මගදි මුන ගැහෙන ඩාර්ක් ඇලි කියන හොරා අතින් සෑම් වෙඩි පහරකට ලක්වෙනවා. තමාට වෙඩි තබා පලායන හොරා පසු පස දිව යන සෑම්ට හොරාව මග ඇරෙනවා. ආපසු හැරෙන සෑම් දකිනවා තම අදරණීය බිරිඳ, පරේ මැද කාවද උකුලෙ හොවාගෙන වැලපෙනවා. අවාසනාවක මහත මොලි හඩාවැලපෙන්නේ තම මියගිය ස්වාමියගෙ දේහය ලඟ නේද? හොරා පසු පස ගිහින් තියෙන්නෙ මියගිය සෑම්ගේ අත්මය බව දැන ගන්නකොට සියල්ල සිදුවී හමාරයි. පසුව සෑම් වටහාගන්නවා තමා මිය ගියේ අනතුරකින් නොවන බවත්, දැන් තනිවෙලා ඉන්න තම බිරිඳත් කරදරයකට මුහුණ දෙන්න වෙන බවත්. දැන් කොහොමද සෑම් මේ බව මොලිට කියන්නේ. හොල්මනකට පැවත්මකුත් නැහැ. අදහස් හුවමාරු කරගන්න විදිහකුත් නැහැ. තමාව මැරුවෙ කවුද ? මොන හේතුවකටද ? දැන් තම බිරිඳව බලාගන්නෙ කවුද ? දහසකුත් එකක් ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන සෑම් අන්තිමෙදි ක්‍රමයක් හොය ගන්නවා, මොලි එක්ක අදහස් හුවමාරු කරගන්න. ඒ ඔඩා මෙ, නම් සාත්තරකාරියයි. ඉතින් සෑම් ඔඩත් එක්ක එකතුවෙලා මේ පැටලුන නූල් බෝලේ ලිහාගන්න දරන වැයම තමයි මෙ චිත්‍රපටිය පුරාවටම දිවයන්නෙ. ඉතින් මිනිමරුවන් හොයගෙන, තම බිරිදවත් අනතුරින් ගලවාගෙන අන්තිමට සෑම්ගේ ආත්මයට ශාන්තියක් උදාවුනාද කියල දැනගන්න මේ ආදර කතාව බලන්න කියල ආරාධනා කරනවා.

මෙහි සෑම්ගේ චරිතයට රගපාන්නෙ Patrick Swayze. මොලි ලෙස Demi Moore රංගනයෙන් දායක වෙනවා. මෙතනදි මතක් කරන්න ඕන තවත් දෙයක් තමයි, Patrick Swayze (සෑම්) 2009 සැප්තැම්බර් මස සදහටම මෙලොවින් සමුගත්තා පිළිකාවක් වැළදීමෙන්. ඉතින් චිත්‍රපටියෙ වගේ ඔහුගේ ආත්මයට සැනසීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්, අදහස් දැන ගන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකක දාන්න කියලත් ඉල්ලනවා. මේ චිත්‍රපටියත් ඔබගේ චිත්‍රපට එකතුවේ තිබිය යුතුම චිත්‍රපටියක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “හේමාල් සිල්වා“ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Ghost (1990) on IMDb

 

 

832 MB කොපිය මෙතනින් බාගන්න

3157fc5e452fad450ece6e2f9bafc936713d94e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

881 downloadsDownload Ghost.1990.baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SIRIJAYA

Subtitles

881 downloadsDownload Subtitles54 KB

73 comments

  1. uda

    සහෝ මේ ගැන කීවට ටැන්කූ.
    මේක මා ගාව නෑ. බලලත් නෑ මතකෙ හැටියටනම්.
    ඕං එහෙනම් ඒකනිසා පින් දිදී ගන්නවා. ජය!
    උපසි‍රැසකුත් ගේන්න ළඟදී...

  2. පහන් තාරක

    Thanks I`m 2nd.

  3. sujeewa

    thanks saho mama ma film aka bala thiyanawa film aka tula lasana love story akak antargathi mama ayath balanawa

  4. iromi

    thnks bro !!!!

  5. සාරංග ලියනගම

    ස්තූතියි සහෝ..මේක ගැන දැනගෙන හිටියේ නෑ.ලස්සන කතාවක් වගේ..

  6. යසිරු මධුක

    බොහොම ස්තුතියි. දිගටම කරගෙන යන්න මම ඔයාට සුබ පතනවා යාළුවා.

  7. rk

    ela ela

  8. Madushanka Gamage

    මේ කතාවනම් එල වගේ...තැන්ක්ස් මචන්...අදම බලන්න ඕනේ අනිවා... :)

  9. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි සහෝදරයා.........:)

  10. $uvin

    එල ෆිල්ම් එකක් වගේ.. ඔන්න එහෙනම් අපිත් Download කලා.. ok?? තැන්ක්ස් මචන්…! ජය!

  11. AL1717

    Thanks Parana Atthethayak mathak kalata
    Mama meka mita Kalin Mul ugayema Beluwa
    Etthatama Harima Santhosan Newatha Serayak

    Mathakaya Awarajanaya kara Ganna Lebima Gena

    Thanks Wewaa

    Jaya Wewaa

  12. RG

    ela. Lassana flm 1k.

  13. විකියා

    මටත් මේක නම් මගහැරිලා තිබ්බේ..ලොකු උදවුවක් මෙහෙම
    මැක්සා ඒවා හොයලා දෙන එක...

    ජයෙන් ජය~!

  14. vernie

    pl..සිංහල සබ්...දෙනවද

  15. chamila

    thanks....

  16. CHANA

    HODA STORY 1 WAGE BALALA NA MEKA.ME WAGE MAXSA STROYMA DENAWANAM SUPIRII.JAYA WEWA MACHOO....CHIRAN JAYATHU.............

  17. සංදීප

    මේ චිත්‍රපටිය ගැන අහලා තිබ්බට ,මේක බලලා තිබ්බේ නැහැ...උඩ විස්තරය කියෙව්වට පස්සේ බාන්න හිතුනා. thanks මචං මේ වාගේ movie එකක් දුන්නාට...

  18. sura

    thanks

  19. තුෂාර

    ඔන්න මාත් බාන්න දැම්මා.ස්තූතියි විස්තර වලට

  20. halapaya

    thanks machan , thawa thawath me wage ewwa denna :)

  21. pola

    elakiri... thanx machan..

  22. B.V.Kajja

    <<<>>>
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.
    නුබ ඈවිත් හිත ලගට හොරෙන්.
    ආවට නොකියාම ජීවිතෙන්.
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...

    ම්.........
    ආදරය කියල කියන්නෙ ආත්මීය බැදීමක්.ඒක කිසිම හේතුවක් නැතුව ඇති වෙන කිසිම හේතුවක් නිසා නැති නොවෙන දෙයක්.
    කෙනෙක් තව කෙනෙක්ට ආදරය කරනව කියල දැනගන්නෙ කොහොමද කියල දන්නවද?
    තමන්ගෙ ජීවිතයටත්ටත් වඩා වෙන කෙනෙක් ගෙ ජීවිතය තමන්ට වටිනව කියල දැනෙන්න ගත්තම තමයි අපි කෙනෙක්ට ආදරය කරනව කියල දැනෙන්නෙ.....

    මේ ෆිල්ම් එක මම මීට කලින් බලල තියෙනව.නමුත් මේකෙ වීඩියො කොලිටි එක ගොඩක් හොදයි කියල හිතෙන නිසා ආපහු බලන්න ආසයි.

    (බොහොමත්ම කාරුනික ඉල්ලීමක් නැවතත් කරන්න තියෙනව අපේ මෙ සයිට් එක යූස් කරන නන්ගිල මල්ලිල හැමෝගෙන්ම....

    මගෙ නම පාවිච්චි කරල මට අපහාස වෙන විදියෙ comments ගොඩක් මීට කලින් දාල තිබිල තියෙන බව මට ඊයෙ තේරුනා.කවුරුහරි විහිලුවට වත් එහෙම දෙයක් කලා නම් මින් ඉදිරියට එහෙම නොකරාවි කියල බලපොරොත්තු වෙනව.කොලු කාලෙ කරන දේවල් කවුද ගනන් ගන්නෙ?නමුත් කවුරු හරි එහෙම කරපු මගෙ ආදරනීය සහොදරෙයෙක් හෝ සහෝදරියගෙන් මම නැවතත් ඉල්ලා සිටිනව එහෙම කරන්න එපා කියල. )

    "හේමාල් සිල්වා" සොහොයුරා ට බොහොමත් ස්තුති වන්ත වෙනව මේ වගෙ විශිශ්ට නිර්මාන අපේ බහුතරයක් මේක නොබලපු සහ්‍රදයන්ට සමීප කරපු එක ගැන.ජය වේවා........"

  23. චන්ද්‍රකුමාර

    එල වැඩක්

  24. Lahiru Asanka

    wow downloaded in 54 Minutes.
    sooo impatient to watch it,I am coming to you ghos.stay tuned.

  25. anonymus995

    if Sopa wins no torrent

  26. Ishan gimsara

    seed karapan pa****,meika Haeta paeyak yanawa baaanna.

  27. කේ. යූ. ජී. උදාර

    බලන්න වටින ෆිල්ම් එකක් වගෙයි...
    ඊළඟ එක සිංහල සබ් එක්කම අරන් එන්න.
    බොහොම ස්තූතියි...

  28. රාම් රාජ්

    patta film ekak

  29. janaka

    බොහෝම ස්තුතියි සහෝදරයා………:)

  30. me

    Thanks

  31. ඩෙගා.....

    බයිස්කෝප් එක ගැන තියන විස්තරේ නම් පට්ට සහෝ උඹ පොත් ලියන්න ගනින් :)
    තෑන්කූ මේ ගැන අපිව දැනුවත් කලාට.......

  32. Anonymous

    ස්තුතියි

  33. මාටිං

    B.V.Kajja,January 18th, 2012 at 12:38 pm

    "මගෙ නම පාවිච්චි කරල මට අපහාස වෙන විදියෙ comments ගොඩක් මීට කලින් දාල තිබිල තියෙන බව මට ඊයෙ තේරුනා.කවුරුහරි විහිලුවට වත් එහෙම...."

    මෙයාගෙ උගත්කම මෙතනින්ම පේනව වගේ

  34. හේමාල්

    මම මෙ ලිපියට මෙච්චර හොද ප්‍රතිචාර ලැබෙයි කියල හිතුවෙ නැහැ.මොකද මෙක ගොඩාක් පරණ නිසා.හැමෝම හොද ප්‍රතිචාර පලකරාට බොහොම ස්තුතියි . .

  35. Uraj Deemantha

    මේ වගේම තව කතාවක් ගැන බයිස්කෝප් එකේ ගියා මතකයි...... :)

  36. Laksiri

    sinhala sub thibbanam thawa parak balanakota ela awuruddakata withara issara balala thiyenawa mathakayi.

  37. Nirmal

    mekanam baluwa kiyala matakayak ne
    thanx machan mewage patta movies denawata!!

  38. roshan amarakoon

    හේමාල්ට ස්තුතියි පරන උනත් ලස්සන ආදර කතාවක් ගෙනාවට.මොකද පරණ උනාට සමහර දෙවල් ගොඩාක් වටිනව.තව තවත් මේ වගේ පිංතූර ගේන්න ශක්තිය ලැබෙන්න ඕන.ඕං ජය වේවා කිව්ව!!!

  39. ishanka

    Sthuthi Saho........ Meka balalama ne... Eththatama ahalath ne.... Sthuthi Wewa...
    Balama balamu komada kiyala...

  40. Shani

    lassanai wage.. mamath gaththoo.. balamuko kohomada kiyala.......... sinhala sub thibunanam thavath niyamai. thnx yalu

  41. MAYA

    ලස්සන කථාවක් thank for this job

  42. Priyantha De Silva

    මම ආසම කරන තේමාවක් යටතේ තිබෙන මේ චිත්‍රපටය ගැන අපිට කිව්වට ගොඩාක් පිං මචෝ !

  43. ලොකු ජෝන්

    මෙකනෙ අර අපෙ ජනප්‍රිය නලු ජයසෙකර අපොන්සු "ගිජු" කියලා ටෙලියක් කලෙ.(ඒකනම් අජූවයි ) 1990 නැතනම් 91 මෙක ලිබර්ටි එකෙ තිරගත කලා. මම බැලුවෙ ඒකෙදි.

  44. nadeesh

    ade mekata sinhala sub ekak dapallako bn.. apitanam english be.. api wage ahinsakayantath help karahalla bnz.. :D

  45. හර්ෂ ලහිරු

    මේක සුපිරි පාරක් මං මේක කලින් බැලුවෙ හේමාලයාගෙ ලිපිය කියෙව්වට පස්සෙ :D
    බොහොම ස්තුතියි සහො මේකට සබ් දුන්නට :P ජය

  46. Tharindu Perera

    Fatta filumak vagee.....
    thavath magaharunu supiri filumak..
    danma banava bnn mekaa....
    thanks machan parana supiri nirmana valata sub krnvata...

  47. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  48. Mayura Suraj

    Meka baladdi kawadawath parana ekak kyl hithenne na. harima lassanai, aniwaryenma balanna ona ekak. sub ekata thanx macho ! loku deyak !

  49. dilu

    Ela

  50. prabhath

    lassana film ekak ma laga thiyenawa sub ekka balanna one meka anusarayen ape rate tele drama ekak giya JAYASEKARA Aponsu Sunil hettiarachchi ehema ragapewa eka baladdi mt aurudu 7 8 k withara athi adatath mathake thiyenne ada teledrama walata wada ewa hoda nsane dn baiscope.lk thiyena nsa lankawe jara tv channel diha ahak arala balanne.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.