Watch Trailer

Gotham [S02 : E22] with Sinhala Subtitles| වේන් සමාගම පාලනය කරන්නෙ කවුද??? [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න අරගෙන ආවා ගෝතම් දෙවන කතා සමයේ අන්තිම කතාව. මං ඊයෙම දෙන්න හිටියෙ එපිය, මොකද ඊයේ මට විශේෂ දවසක් නිසා. කොහොම වුණත් ඊයෙම දෙන්න බැරි වුණා. :/ අද කතාවෙත් හුඟක් දේවල් වෙනවා. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ෆිෂ් මූනිට පණ එනවා, ස්ට්‍රේන්ජ් බෲස්වයි ලුසියස්වයි ගෝඩ්න්වයි අල්ලගන්නවා, අන්තිමට ගෝඩ්න් වගේ…

Gotham S2 New

අද ඔන්න අරගෙන ආවා ගෝතම් දෙවන කතා සමයේ අන්තිම කතාව. මං ඊයෙම දෙන්න හිටියෙ එපිය, මොකද ඊයේ මට විශේෂ දවසක් නිසා. කොහොම වුණත් ඊයෙම දෙන්න බැරි වුණා. :/ අද කතාවෙත් හුඟක් දේවල් වෙනවා. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ෆිෂ් මූනිට පණ එනවා,  ස්ට්‍රේන්ජ් බෲස්වයි ලුසියස්වයි ගෝඩ්න්වයි අල්ලගන්නවා, අන්තිමට ගෝඩ්න් වගේ තව කෙනෙක්ව හදනවා, හුඟක් දේවල් වුණා. දැන් ඉතින් අද කතාව පටන් ගන්නෙ එතන ඉඳන්. ගෝඩ්න් ආපු නැති නිසා බුලොක් ප්‍රහාරක බලඇණිය යවනවා ආකම් එකට. හැබැයි මෙයාලා ආකම් ඒකට ඇතුල් වෙන්න හදනකොටම ගෝඩ්න් එනවා එළියට, නිකම්ම නෙවෙයි. කිසිම අවුලක් නෑ, කට්ටිය ආපහු යමු කියාගෙන. ඒත් ඉතින් මේ ඉන්නෙ ඇත්ත ගෝඩ්න් නෙවෙයි කියලා පොලීසියෙ කිසිම කෙනෙක් දන්නෙ නෑ. හැබැයි මොනා වුණත් මේ අළුත් ගෝඩ්න් මාර ෆන් පොර. පරණ ගෝඩ්න්ගෙ මුරණ්ඩු ගති කිසි දෙයක් නෑ. මේ ගෝඩ්න් දිගටම හිටියා නම් ගෝතම් ප්‍රේක්ෂකයින්ට හොඳට හිනා වෙන්න තිබුණා. 😀  ඒ අතරෙ දැන් ස්ට්‍රේන්ජ්ට අණ ලැබිලා තියෙන්නෙ ඉන්දියන් හිල් එක පුපුරවන්න කියලා. දැන් සති දෙකක් වුණත් මට මේ වෙස් මූණු කණ්ඩායම කවුද කියලා කියන්න බැරි වුණානේ. මේ වෙස් මූණු කණ්ඩායම පෙන්නන්න අරගෙන දැන් සති තුනක් වුණත් තාම ඒ රහස් කවුන්සිලයේ නම එපියෙ කොතනකවත් කිවුවෙ නෑ. හැබැයි ඉතින් හොඳටම පැහැදිළියි මේ ඉන්නෙ කෝට් ඔෆ් අවුල්ස් (Court of Owls) කියලා. සිංහලෙන් කියනවා නම් බකමූණු අධිකරණය. අපි දැන් හොඳටම දන්නවනෙ මොකද මේ කෝට් ඔෆ් අවුල්ස් එකට ස්ට්‍රේන්ජ් මේ මිනිස්සුන්ට පණ දෙන වැඩේ හුඟාක් වටින්නෙ කියලා. ඔව් කෝට් ඔෆ් අවුල්ස් ඒකෙ ඉන්න සොල්දාදුවන් හුඟක් ඒ විදිහට පණ දීපු අයනෙ.  ඒ සොල්දාදුවන්ට කියන්නෙ ටැලොන්ස් (Talons) කියලා. මං හිතන්නෙ මේ කෝට් ඔෆ් අවුල් එක ඒ වැඩේට තමා මේ පණ දෙන පරීක්ෂණය ස්ට්‍රේන්ජ් ලව්වා කරවන්නෙ. බොහෝ දුරට තුන්වෙනි සීසන් ඒකෙ ඒ සම්බන්ධ දෙයක් තියෙයි. තුන් වෙනි සීසන් එකේ හොඳ සටන් ටිකක් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.  තව අන්තිම ප්‍රශ්නෙ තමා කවුද අන්තිමට ඉන්න අර බෲස් වගේ අනිත් කෙනා.??? හැමෝටම අන්තිමට ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නෙ ඒක. ගති ගුණ අතින් වුණත් බෲස්ට කිසිම වෙනසක් නෑ කියලයි පේන්නෙ. මෙයා කවුද කියලා දැනගන්න වෙන්නෙ ඉතින් ලබන සැප්තැම්බර් මාසෙ දිහාවට තමා.

ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ වෙන්නෙ 10. මෙන්න මෙහෙමයි උත්තරේ ගන්නෙ.
1+9+8=1
ONE + NINE + EIGHT = ONE
2+8+9 = ?
TWO + EIGHT + NINE = TEN
එහෙනම් උත්තරේ හම්බුනානේ. කීප දෙනෙක් උත්තරේ දීලා තිබුණා.

ගිය සැප්තැම්බර් මාසෙ ඉඳලා මේ සීසන් එක කරගෙන එනකොට උදව් වෙච්ච හැමෝටම අද ස්තූතියි කියලා කියනවා. හසා අයියා තමා මේකෙ මුල් සීසන් එක කළේ. ඉතින් වැඩ වැඩි නිසා මේ සීසන් ඒකෙ අන්තිමට මටත් හසා අයියා කියපු එක කියන්න වෙනවා. තුන්වෙනි සීසන් එකේදි බොහෝ දුරට මං එන එකක් නෑ. දැන් වැඩ නිසා ටීවී සීරියස් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලට ෆිල්ම් විතරක් අරගෙන එන්න තීරණය කළා මේ සමහර එපි වලදි හදිස්සියේ කලාම සබ් චෙක් කරලා නිර්මාණි අක්කා උදව් කළා. ඒ වගේම එපි කීපයකම ලයින් එහෙම පිටින්ම කරලා දීලා හසා අයියත් ලොකු උදව්වක් වුණා. හසා අයියට ගොඩක්ම ස්තූති වෙනවා මාව විශ්වාස කරලා මේ සීසන් එක මට බාර දුන්නට. ඉතින් ඒ විශ්වාසය මං රකින්න ඇති කියලා හිතනවා. සමහර එපි වල අනිවාර්යයෙන් අඩුපාඩු තියෙන්නෙ ඇති, මං පිළිගන්නවා. ඊළඟ සීසන් එක මට වඩා හොඳ උපසිරසි කරුවෙක් ඔයාලට අරගෙන එයි කියලා හිතනවා. දුකයි තමා අර ලස්සන, සුකුමාල, හුරු බුහුටි සෙලීනා කෙල්ලව <3 දාලා යන්න, ඒත් ඉතින් මොකක්  කරන්නද…එහෙනම් ගෝතම් වලින් පූසා කැපුනා. බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

 

 

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E22.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,153 downloadsDownload Gotham.S02E22.Baiscopelk.com_.rar47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                         Next Season>>

Subtitles

5,153 downloadsDownload Subtitles47 KB

54 comments

  1. hiran

    tnkZz

  2. Thashila Rachithra

    මෙච්චර දවසක් සබ් දීපු එක ගැන ගොඩක් ස්තූතියි. ලොකු අඩුපාඩුවක්නම් දැක්කේ නෑ පූසාගේ සබ් වල.
    ඒ වගේම කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා

  3. Nilanga

    thanx bn . waiting for season 3

  4. Gathsara Umesh Kumara

    මම හැමදාම කොමෙන්ට් කොටන්න එලාවක් හම්බ වෙන්නෙ නෑ.ඒත් පුලුවන් හැම වෙලාවකම කොමෙන්ට් එකකෛන් හරි මමත් අපේ පූසට් උදව් කරා.කොහොම හෛ කවෘරු හරි කිව්වනම් අයියගෙ සබ් වල ඩු පාඩු ත්යෙනවා කියල අනේ ඉතින් ඒක එයාගෙ අව්ලක් වෙන්න ඇටි.එපිය aආපුග,න් පරක්කු කරන් නැතිව ඉතාම හොදට සින්හල සබ් එක කරනවාට අයියට පිං.මෙච්චරතමයි ඉතින් අයියට් ස්තූති කරන්න ත්යෙන හොදම විදිහ.වෙන kකියන්න අච්ච නෑ.කොහොමහරි නවත්වන්නෙ නැතුව සබ දිගටම දුන්නට අයියට ගොඩාක් ගොඩාක් තැන්කූ....3වෙනි කතාංගයත් සබ් එක කරන්න කවුරුවත් නැති උනොත් අයියටම ඒක කරනන්න හද්වතින්ම සුබ පතන්වා..එහෙනම් ඉක්ම්නටම තව බයිස්කෝප් එකකින් හම්බ වෙමු....ජයෙන් ජය...අපේ සමන් අයියට...

  5. yasas

    Thanks For The Sub Bro!!!

  6. chamila

    mechara kal apita sub dunnta patta thanx macho...thankx a lot bro..

  7. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් පුලුවන් ඉක්මනින් සබ් අරන් ආවට...
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා...
    ඔබට ජයෙන් ජය...

  8. DCD Weerawardhana

    Thanks :-)

  9. upul

    Thanks For The Sub.

  10. sanath indika

    thx sahoo

  11. shalinda gamage

    ado ubala hinda thamai ban apith athal eke tv series ekak baluwe bohoma sthuthi sahodaraya
    jaya wewa !!
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…

  12. Haritha Dayanga

    ස්තූතී උපසි‍රැසියට
    ජයේන් ජය !!

  13. daminda

    GODAK STUTI !!!!
    Jaya wewa!!!!!

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Kasun Upeksha

    උපසිරැසියට තුති…

  16. SHAN ( CITYLIFE )

    Thank's bro.

  17. D Chamara

    bohoma sthuthi sahooo

  18. Paz

    Sub Walata Bohoma Sthuthiy Bro.Obat Jayen Jaya.
    Good Luck And Keep It Up....

  19. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  20. sajeevi

    ගොඩක් ස්තූතියි.

  21. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති පූසෝ සබට.
    ඒවගේම ආරම්භයේ පටන් අවසානය තෙක්ම
    නොවරදවා කලට වෙලාවට සබ දුන්න ඒකත් අගය කරනවා.
    හැකිනම් ඔයාම සීසන් තුන කරන්න කියලා ඉල්ලනවා.

  22. adeesha

    hash eka dapanko

    1. udara

      matath dennako mchn hash tag eka

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Keshan Wasala

    බොහොම ස්තුතියි සමන් සහෝ .. එහෙනං මේ සීසන් එකත් ඉවරයි .. දැන් බලන ඒවා එක පිට ඉවර වෙන්න ගත්තාම තමා එපා වෙන්නේ..කරන කියන වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථකතත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා !! කියලා ප්‍රර්ථනා කරනවා ... ඔන්න එහෙනං හවසට බලන්න සබ් එක ගත්තා .. :D ජය වේවා !!

  25. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  26. adeesha

    මේක බාගන්න හැටි කියපල්ලකෝ.......පීස්....

    1. kushan

      මෙක බාගන්නේ කොහොමද මචං?

  27. Sankadeeth vishwa

    Tnz bro

  28. charitha

    season 1 torrent file tika denna puluwannam loku udawwak

  29. nish

    bohoma sthuthi ,machn api wenuwen karana may deeta ...
    jaya wewa !!!!

  30. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  31. අසියා

    thank you brother. all the best

  32. pramuk

    well done bro thanxxx..............

  33. yumal

    thankz bro!!!!!!!!!

  34. Thanuj madushan

    S2 ekmanta dennoooooo

  35. Thanuj madushan

    S3 ekmanta dennoooooo

  36. buddhika nimesh

    s3 enne kawadda??

  37. Ishan

    Thanx machn

  38. Pool Parker

    හැම දෙයක් වෙනුවෙන්ම බොහොම ස්තූතියි සහෝ ජයෙන් ජය..

  39. TV Pissa

    season 3 awo... sub denakn inne bro..

  40. Sam Fisher

    thank you kitty

  41. lakmal

    thanks bro.....

  42. Udara Cooray

    Thankzzz

  43. isu

    thnks!!

  44. KAVINDA GAMAGE

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  45. rasara

    Sub ekata බොහොම ස්තුතියි සමන් සහෝ ..

  46. chamith555

    ft

  47. Amarasekara.01

    මේ rar files වැඩකරන්නේ නෑනෙ bro

  48. Supun_no

    thanks sub ekata

  49. Bimbisha Adithya

    උපසිරැසියට ස්තූතියි ♥️ පූසා ♥️

  50. Anonymous

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.