Watch Trailer

Luka Chuppi (2019) with Sinhala Subtitles | හැංගිමුත්තන්!! [සිංහල උපසිරැසි සමඟ]

වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා. ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙ…

වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා.  ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙක්ම හැරුනු විට නව පරම්පරාව නියෝජනය කරන්නට තවමත් එක්කෙනා දෙන්නා ටිකෙන් ටික වෑයම් කරමින් සිටිනවා. ඒ අතරින් අද බොලිවුඩයේ ඉන්න දක්ශතම නළුවෙක් තමා කාර්තික් ආර්යන් කියන්නේ. ඒ වගේම ඔහු කඩවසම් බවින් ටොප් එකේම ඉන්න කොල්ලෙක් විදිහටත් හදුන්වන්න පුළුවන්. රංගනය පැත්තෙන් ගත්තොත් ඇඟට නොදැනෙන්න රඟපාන නලුවෙක් කිව්වොත් මං නිවැරදියි.  Pyaar Ka punchnama (1 සහ 2) මෙන්ම පහුගිය අවුරුද්දේ කෝටි 100කටත් වැඩි ආදායමක් උපයාගනිමින් අති සාර්ථක වුනු Sonu Ke Titu Ki Sweety චිත්‍රපටයේ ඔහුගේ රංගනය ඔබ දුටුවානම් ඔබ කාර්තික්ගේ රංගනයට අනිවාරෙන්ම වශීවන්නට ඇති. එකී කාර්තික් ආර්යන්ගේ මේ වසරේ ආපු තවත් ලස්සනම චිත්‍රපටයක් තමයි Luka Chuppi කියන්නේ.  පුවත් වාර්තාකරුවන් දෙන්නෙක් අතර ඇතිවන ආදරයක් වටා ගෙතුනු මේ ලස්සන කතාව සිනමාවට නගන්නේ  Laxman Utekar විසින්. මේ වසරේ මාර්තු පලමුවනදා සිට තිරගත වීම ආරම්භ කරපු ධනාත්මක විචාරක ප්‍රසදය මැද්දේ ඉන්දියානු රුපියල් කෝටි 126ක් උපයමින් වසරේ නිකුත් වුනු තවත් සාර්ථකම සිනමා නිර්මාන ගොන්නට එක්වන්නට වූවා.
  Kartik Aaryan සමගින් සුරූපී Kriti Sanon  තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයන්නේ. ක්‍රිතී ගැන කියනවනම් ඔයාලට මතක ඇති Heropanti චිත්‍රපයයෙන් බොලිවුඩයට පා තබලා ශාරුක් කාන් සමගින් Dilwale චිත්‍රපටයේ රඟපෑමට වාසනාව උදාකරගෙන Raabta,  Bareilly Ki Barfi, වගේ චිත්‍රපටි හරහා තරුණ හිත් වශී කරගත්තු ඒ කෙට්ටු සුන්දරිය. එයා තමයි හැන්ඩ්සම් කාර්තික් එක්ක මේ චිත්‍රපටය හැඩ කරන්නේ. Luka Chuppi  ක්‍රිතී සහ කාර්තික්ට අමතරව  Pankaj Tripathi,  Aparshakti Khurana,  Vinay Pathak එහෙමත් මේ සඳහා තම වටිනා රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටයේ වැඩ පටන් අරගෙන්නේ 2018 වසරේ අගෝස්තුවේදී Gwalior ප්‍රදේශයෙන්. ඒ වගේම සැප්තැම්බර් මාසයේදී Mathura ප්‍රදේශයේද රූගතකිරිම් කිහිපයක් සිදු කරමින් ඉන්දියානු රුපියල් කෝටි 34ක බජට් එකකින් වැඩ කටයුතු අවසන් කරපු මේ සලරුව Dinesh Vijan නිශ්පාද දායකත්වයෙන්, Milind Jog ගේ සිනමාකරණයෙන් මෙන්ම Tanishk Bagchi, White Noise, Abhijit Vaghani, Ketan Sodha සිව් දෙනාගේ සංගීත අධ්‍යක්ශනයෙන් හැඩවී  මිනිත්තු 126ක ධාවන කාලයකින් යුතුව මාර්තු පලමු වනදා තිරගත වීම ආරම්භ වනවා. චිත්‍රපටය සම්බන්ධ විශේෂ කාරණා කිහිපයක් පහතින් මෙසේ සඳහන් කරන්නම්.  
  • මෙහිදී ක්‍රිතීගේ පියාගේ චරිතය නිරූපණය කරන පංකජ් ත්‍රිපාටි ක්‍රිතී සැනෝන් මීට පෙර රඟපෑ Bareilly Ki Barfi චිත්‍රපටයේදීද ඇයගේ පියාගේ චරිතය නිරූපණය කරනු ලැබුවා.
  • චිත්‍රපයට රූගත කරනු ලැබූ Gwalior ප්‍රදේශය කාර්තික් ආර්යන්ගේ උපන් ගම් ප්‍රදේශයද වනවා.
  • මෙම චිත්‍රපටයේ ඇති Coca Cola Tu සහ Main Dekha Teri photo ගීතය තරුණ තරුණින් අතර අතිශය ජනප්‍රිය වූ අතර එම ගීත දෙක පිලිවෙලින්  යූටියුබ් හි මිලියන 272ක සහ මිලියන 86ක නැරඹුම් වාර ගනණක් සම්පූර්ණ කර තිබෙනවා.
මේ වසරේ මාර්තු පලමුවනදා තිරගතවීම ආරම්භ කල මෙය පලමු දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 8.01ක ආදායම් උපයා ගනිමින් තම සාර්ථකත්වයේ ගමන ආරම්භ කල අතර පලමු සති අන්තයේ ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායම සම්පූර්ණ කරමින් මේ වසරේ හොඳම පලමු සතිඅන්ත ආදායම සම්පූර්ණ කරනු ලැබූවා. අවසානයේදී මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 126 සම්පූර්ණ කල මෙය වාණිජමය වශයෙන් බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්නට සමත් වුනි.

October (2018) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ.

 

35,119 downloadsDownload Luka-Chuppi-2019.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

35,119 downloadsDownload Subtitles72 KB

68 comments

  1. Mohomed_Ismath

    ස්තූතියි..

  2. gihan perera

    නියමයි මචෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....ස්තුතියි ස්තුතියි ස්තුතියි උපසිරැසි දෙන්න මහන්සි උනාට....

  3. isuru srinath sjs

    මරු.. Thanks..!

  4. R_deshan

    අම්මෝ හේවා අයියගෙනෙ සබ් එක...අනිවා බලනව.තෑන්ක්ස් ලොක්කා!

  5. pasinduhasalankakm

    jaya

  6. Thamanna

    ELa

  7. Hemal

    kaalekin Hewa :D Thanks ah..

  8. Nilush Angana

    Sub ekata thanx

  9. ramenabeysingha

    thanx bro.sub 1k enakan maga balan hitiye

  10. lahiru sadaruvan

    thank you so much brother

  11. Deshani

    Thank you

  12. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    කාලෙකින් සබක් දීලා තියෙන්නේ ..! බොහොමයක්ම සිංහල උපසිරැසියට.!

  13. කවිශල් රසින්ත (කවී)

    කාලේකට පස්සේ ආසිරි අයියා සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිවා බලනවා. එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි. ජය වේවා...!!

    1. vidu1995

      Thank u❤️

  14. crazy_chamikim

    Sub enna kalinma beluwa..apahu balanna puluwana story ekk..thnx...

    1. Prabodha Madhusankha Hettiarachchi

      Godak sthuthi sub ekata.....

  15. Surangasampath

    Tanks Broo...,

  16. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  17. ඔෂද ධනංජය

    thanx sahoo

  18. Asanke

    Thanks for sub

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. santhusha319

    thanks saho!!!!!

  21. nirodha uthpala

    Hambo goda kalekata passe .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya

  22. Thilankadissanayake

    thanks

  23. Ayesh Prashan

    Thank You

  24. ict

    Thankss bro

  25. aks

    Thanks...

  26. විශ්ව ජයසංඛ

    බොහොම ස්තූතියි සහෝ! මාත් කැමතිම නළුවෙක්.

  27. සමීර චතුරංග

    අඩේ ආසිරි ඔයා... ඔයාගෙන් තව ඕනෙ අපිට.... සබ්

  28. gayan215

    bohoma sthuthi saho...

  29. Stranger

    thanks.

  30. m.c.i.srimal

    thanksssss

  31. damith_janaranjana

    Thanks bro

  32. විමා

    අලුත් කෙනෙක් නේද :D
    සාදරයෙන් පිලිගන්නවා සහෝ
    දිගටම අපිත් එක්ක රැඳී ඉන්න
    සුපිරියකට වගේ මුලින්ම සබ් එක කරලා තියෙන්නේ
    මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න එහෙනම්
    සබට බොහොම තුති
    ජයෙන් ජයවේවා!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  35. nimsara_prekash

    තෑන්ක්ස් සබ් එකට

  36. prasakr

    ජයවේවා...... බොහෝම ස්තූතියි උපසිරැසියට...

  37. Lanka k

    Thank you....

  38. Charith Pramodya

    ගොඩක් මහන්සි වෙලා ලයින් 2000 කටත් අධික උපසිරැසියක් ඉතාමත් ඉක්මණින්ම ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි සහෝදරයා...

  39. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  40. Eranda Malith 2.0

    Sub ekata.thanks

  41. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

  42. Dinulanka

    බොහොම ස්තූතියි ආසිරියෝ..

  43. Pramukmili

    thanxx bro......

  44. nalin.kumara0510

    Thanks bro good luck.

  45. Kanchaka

    Thanks bro

  46. N_R

    Thank You.

  47. Kavinda7344

    all the boys i 've loved before karanno.thanks for sub

  48. nish47

    Thanks machan

  49. MAALnath

    Thanks ................good luck ..................

  50. geethi320

    tnx..........

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.