හරියටම අදට අවුරුදු පහකට කලින් තනි පුද්ගලයෙක් බොහොම සුළු දෙයක් පටන් ගත්තා. ඒක වචනයේ පරිසමාප්තයෙන්ම බොහොම සුළු දෙයක්. තමන් බලපු හොද සිනමාපටයක් ගැන පොඩි විස්තරයක් පල කරපු බ්ලොග් සටහනක්. 2009 මාර්තු මස 10 දින Wild Hogs (2007) නමැති ප්‍රහසන සිනමාපටය ගැන තබපු සටහන තමයි අද මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. එද…

බයිස්කෝප් පස් වසරහරියටම අදට අවුරුදු පහකට කලින් තනි පුද්ගලයෙක් බොහොම සුළු දෙයක් පටන් ගත්තා. ඒක වචනයේ පරිසමාප්තයෙන්ම බොහොම සුළු දෙයක්. තමන් බලපු හොද සිනමාපටයක් ගැන පොඩි විස්තරයක් පල කරපු බ්ලොග් සටහනක්. 2009 මාර්තු මස 10 දින Wild Hogs (2007) නමැති ප්‍රහසන සිනමාපටය ගැන තබපු සටහන තමයි අද මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. එදා එහෙම සටහන තබපු පුද්ගලයා තමා ඉසිර ගුණතිලක සහෝදරයා එහෙම නැත්තම් පොතේ ගුරා ලෙස හැම කෙනාම දන්නා කෙනා. ගුරාගේ සහයට ආවා තවත් කෙනෙක් ඒ තමා ගෝලයා එහෙම නැත්තම් උමේෂ් ලීලසේන සහෝදරයා. ඉතින් ඔහොම ටික කලක් යනවිට කදිම පුද්ගලයෙක් එකතුවෙනවා අද වෙනකොට ද්විත්ව ශතකයක් වාර්තාකරමින් අප විබ් පලේ වැඩිම උපසිරසි ගණනක හිමිකරු වන ඔහු නමින් රොයිලි ප්‍රනාන්දු. ගුරා සහ රොයිලි දෙදෙනා එකතුව ඉංග්‍රීසි උපසිරසක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ කාර්යට අත ගහනවා හැබැයි ඉතින් ඊට කලින් රොයිලි සහෝදරයා තනියම උපසිරසක් නිම කරනවා. 2009 ජූනි 26 වෙනිදා.

අන්තර් ජාලයට නිකුත්වන පළමු උපසිරස ලෙසින් Deja Vu (2006) නමැති සිනමාපටය ලංකාවේ සිනමා රසිකයින් වෙත තිලින කෙරෙනවා. එතැන් පටන් අන්තර්ජාල අවකාශයේ නවමු පැතිකඩක් සටහන්වීමට පටන් ගත්තා. එදා බ්ලොග් සටහනක් ලෙසින් ආරම්භවූ එය අද වනවිටදී විබ පලක් ලෙසින් ලංකාවේ වෙබ් අඩවි අතර ප්‍රමුඛ ස්ථානයක රැදී සිටිනවා. ඉතින් අද මේ ඉන්න තත්වයට අප අඩවිය ගෙන ඒමට තිරය පිටුපස සිටිමින් මහගු කාර්යයක් ඉටුකරන අය කිහිප දෙනෙක්ම සිටිනවා. අද වගේ දවසක ඒ අයව මතක් නොකරම බැහැ නොවැ. මුලින්ම මේ අඩවියේ ආරම්භකයා වන ඉසිර ගුණතිලක සහෝදරයා ඔහුගේ සහයට පැමිණි උමේෂ් ලීලසේන සහෝදරයා. ඉන් පසුව රොයිලි ප්‍රනාන්දු, තරිඳු වික්‍රමසිංහ (විකියා) සහ වාසල සහෝදරයා සෑහෙන කාලයක් මෙම අඩවියේ සංස්කාරකවරුන් වශයෙන් ඉතා අගනා මෙහෙයක් ඉටුකරමින් බොහෝ දුර පැමිණියා. ඉතින් ඒ පිරිසට අලුතින්ම එකතුවෙච්ච කෙනා තමා හසන්ත වික්‍රමරත්න සහෝදරයා. විටක උපසිරසි නිර්මාණය කරමින් තවත් විටක අඩවියේ සංස්කාරක කටයුතු වලට දායක වෙමින් නොපෙනෙනා පැතිකඩක් ඔස්සේ ඔබට සමීපවන ඔවුන් වගේම එක් උපසිරසක්හෝ ලබාදෙමින් නොමසුරු දායකත්වය දක්වපු උපසිරසිකරුවන් සියලුදෙනාටත් අද මේ උපන්දින සැමරුම හිමියි. ඒ වගේම අපගේ ලිපි 1000 සැමරුමේදී මෙන්ම උපසිරසි 1000 සමරුමේදීත් මේ හැම දෙයක් ගැනම කියලා තියන නිසාවෙන් ඔබ දැනටමත් මේ දේවල් දන්නවා වෙන්නත් පුළුවන් නමුත් මුල අමතක නොකරන පිරිසක් ලෙසින් අපි හැමදාකම මේ හැම කෙනෙක්වම මතක් කරනවා.

ඉතින් අපේ ලිපි 1000 සැමරුමේදී වගේම උපසිරසි 1000 සැමරුමට පසුව බොහෝ පිරිසක් අප සමගින් එකතුවුනා. එලෙසින් එකතුවුණු ඔබ නිසාවෙන් සතියකට උපසිරසි තුනක් හතරක් වගේ ගණනක් ලබාදුන් අප දිනකට උපසිරසි අටත් දහයත් අතර ප්‍රමාණයක් ලබාදෙමින් ඉතාම වේගයෙන් උපසිරසි දෙදහසේ කඩයිමද පසුකළා. අපට උපසිරසි දෙදහසේ කඩයිම සමරන්නට නොහැකිවුද මේ වනවිට උපසිරසි 2300ක් පමණ ප්‍රමාණයක් ඔබ වෙත ලබාදි තිබෙන බව සදහන් කරන්න පුළුවනි. එම උපසිරසි ප්‍රමාණය අතර ද්විත්ව ශතකයක් ලබාගනිමින් රොයිලි ප්‍රනාන්දු සහෝදරයාද, උපසිරසි සියයේ කඩයිම පසුකරමින් දිදුල KD, හසන්ත වික්‍රමරත්න, දිනිදු සම්පත් යන සොයුරන්ද සියයට තව එක උපසිරසක් පිටුපසින් හිදින පුබුදු සුපුන් සොහොයුරාද. අර්ධ-ශතකලාභින් වන සමීර කරුණාරත්න, චලිදු දේශාන්, කැලුම් රණවක, පැතුම් අතුකෝරාල, දිමුතු තරංග ඉලුක්කුඹුර සහෝදරයින්ද එදා පටන් අද දක්වාම අප සමග පැමිණි අපගේ පැරණිතම සාමාජිකයින් වන උදා, වා. මු. නිලන්ත පියසිරි සොයුරා, ආසිරි ප්‍රියන්ත සොයුරා යන අයවලුන් මින් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනවා. ඒ වගේම නොයෙකුත් බාධා කිරීම්, වංචා කිරීම්, කෙණෙහිළිකම් මැද අපට අදහස් දක්වමින් උපසිරසක් අරගෙන යනකොට බොහොම ස්තුතියි සහෝදරයා යනුවෙන් සටහන් කරමින් අපට සවියක් වු රසික ඔබත් අද අප මේ පැමිණි ගමනේ කොටස්කරුවෙක් වෙනවා.

ඉතින් අපි එදා පටන් අද වෙනකම් ආපු ගමන දිහා නැවත හැරිලා බලද්දී ඉතාම නිහතමානි සන්තෝසයක් හිත්වලට දැනෙනවා. ඒ දැනෙන සතුට කිසිම කෙනෙක්ට හොරකම් කරන්නවත් සල්ලි වලට අරගන්නවත් බැරි දෙයක්. ඉතින් අපි ලිපි දහසේ සැමරුමේදී පටන් ගත්තා imdb අඩවියේ ඉහළතම මනාපය හිමි සිනමාපට 250 සදහා උපසිරසි ලබාදෙන්න පටන්ගත්තා. ඒවගේම උපසිරසි දහසේ සැමරුමේදී විවිධ භාෂාවන්ගෙන් සිනමාපට 10ක් ලබාදෙන්න කටයුතු කළා, ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකතනයකින් අප අඩවියට පිවිසීමට හැකියාව ලබාදුන්නා ,ලිපි දෙදහසේ සැමරුම වෙනුවෙන් ලෝක ඉතිහාසයෙන් බිදක් ඔබවෙත ගෙනඒමට අප උපසිරසි කණ්ඩායම කටයුතු කළා ඒ BBC නාලිකාවේ විකාශනය වු Egypt නමැති ඉතාම වටිනා කියන රුපවාහිනී වැඩසටහන් මාලාව එක දිනකදී අප ඔබට ලබා දුන්නා. ඉතින් ජයග්‍රාහි පස්වන උපන්දිනය සමරන අද දවසේදීත් අපි BBC නාලිකාවේ විකාශනයවූ වැඩසටහන් ගැන හොයලා බැලුවා. එහෙම හොයාගෙන යනකොට අපිට හමුවුනා හරි අපුරු වැඩසටහන් මාලාවක්. ඉතින් අද අපි ඔබ වෙත අරගෙන එන්නේ ඒ වැඩසටහන් මාලාව තමයි. දැන් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ 40404 අංකය යටතේ සටහන් වූ SMS වලින් කරදර වෙන්න ගන්නවා කියලා. ඒ වගේම වෙනද අපේ වෙබ් අඩවියට ගොඩවෙන අපේ මිත්‍රයන්ට අද වෙනසක් දැනෙන්න ඇති කියලා හිතෙනවා. වසර පහක් ගතවූ තැන අපි හිතුව නව මුහුණුවරකින් ඔබට සමීප වෙන්න. ඉතින් අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ නොවෙන්න අපි ඔන්න අලුත් පෙනුමක් අරගත්තා.

ඉතින් අලුත් මුහුණුවරින් ඔබ වෙත මුලින්ම සමීප කරන්න යන්නේ  ගවේෂණාත්මක රුපවාහිනී වැඩසටහන් පෙලෙක්. සොබාදහම සමග බැදුණු හරිම අපුරු දර්ශනයන්ගෙන් සමන්විත අධ්‍යාපනික සාමාජිය වටිනාකමක් සහිත මේ කතා මාලාවට කොටස් 8ක් අයිති වනවා. 2011 ජනවාරි මස 12වන දින රුපවාහිනියේ විකාශනයවූ මෙයට imdb අඩවියේ 9.3ක් වැනි ඉහළතම අගයක් සටහන්ව තිබෙනවා. එම වැඩසටහනේ කොටස් අට අප අඩවියේ උපසිරසිකරණයේ නියුතු සොහොයුරන් කීපදෙනෙක් අතින් ඔබට ලබාදෙන්න කටයුතු සියල්ලම සුදානම් කර හමාරයි දැන්. එසේනම් වෙනදා වගේම ඔබගේ දිරිගැන්වීම් ලබාදෙමින් අප සොයුරු සොයුරියන්ට තවත් ඉදිරියට යාමට ශක්තිය ලබදෙනමෙන් ඉල්ලාසිටින ගමන් අද දවසේදී අප සැමගේම සොදුරු හිතවතාගේ උපන්දිනේට සුබ පතලා යන්න අමතක කරන්න එපා. උදාගේ වචනයෙන්ම කියනවානම් අපගේ සගයන්ට ළෙංගතු සවියක් දෙන්න! එයයි අපගේ ආයාචනය… ඔබ සැමට ජයෙන් ජය…

චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !

211 comments

  1. ns

    බයිස්කෝප් සිංහලෙන් දිනෙන් දිනම දියුණු වේවා....

    1. Nuraj

      HAPPY BIRTHDAY BISCOPE................................
      carry ur good work.

  2. shani

    Unusum suba pathum.........

  3. තාරක

    තවත් දිගු ගමනක් යන්නට හද පිරි සුභ පැතුම් , සියලු දෙනාටම ......!!!!!!!
    තාරක

  4. kasun

    Unusum suba pathum………

  5. Sam

    unusum suba pathum thawath digu gamanak sadaha...jaya wewa...!!!

  6. Rashmika

    HAPPY BIRTHDAY BAISCOPE!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හරිම සතුටුයි බයිස්කෝප් අඩවිය වසර පහක් තුල ආපු සාර්ථක ගමන ගැන..මං 2012 ජනවාරි වල තමා බයිස්කෝප් එකෙන් මුල්ම උපසිරැසිය ගත්තෙ..එදා ඉදන් අද දවස වෙනකම් ලබා ගත්ත හැම උපසිරැසියකටම වචනෙකින් හරි ස්තුති කරන්න අමතක කලේ නෑ මොකද මේ ලබා දෙන සේවයට අපිට දෙන්න පුළුවන් උපරිම දේ ඒක නිසා අනික අපි කලගුණ සලකන්න දන්න මිනිස්සුනෙ :D ........ සුභ පතනවා බයිස්කෝප් අඩවිය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ජය වේවා!!!!

  7. දිල්ශාන් කාලිංග(ඩිලා)

    හරිම සතුටුයි සමරන පස් වසර ගැන.
    බයිස්කෝප් අවු.5 ක ළමයෙක් වුනාට වැඩ නම් පොඩි නැහැ.තවමත් මම බයිස්කෝප් සමඟ එකතු වී වසරක්වත් ගත වී නැහැ.නමුත් මේක කරපු වැඩ ටික අතිමහත්.
    තව තවත් දිගු කල් වැජඹෙන්නට ලැබේවා!!
    චිරං ජයතු බයිස්කෝප්..!

  8. mudiya / මුදියා

    සුභම සුභ උපන් දිනයක් වේවා බයිස්කෝප් සිංහලෙන්...........................................................................!

    කොච්චර ඒව තිබුනත් හොඳම දේ බයිස්කෝප් සිංහලෙන් එකෙන් තමයි.
    වෙනද වගේ හැමදාම ඇවිත් වචනයක් කියන්න බැරි වුනත් හදවතින් හැමදාම අපි අපේ බයිස්කෝප් සිංහලෙන් සමගයි.
    ඉතිං තවත් ගොඩාක් කාලයක් අපේ සිංහල උපසිරැසි පිපාසය සංසිඳුවන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හැකියාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    අලුත් පෙනුමත් නියමයි.
    ජයවේවා.බොහෝ...........................................................................................................ම ස්තූතියි...!

  9. ෂෙහාන්

    මුලින්ම සුබ උපන්දිනයක් වේවා!!!! baiscopelk...... baiscopelk මේ කරන සේවාව සෑහෙන්න වටිනවා,,,, අනික කිසිම මූල්‍යමය වාසි ගැන හිතන්නේ නැතුව මෙහෙම දෙයක් කරන එක අගය කරන්න ඕනි කාරණාවක්,, හෝධ හිතින් කරන කිසිම දෙයක් වරදින්නේ නැනේ ,,,, baiscopelk එකට ජය ප්‍රාර්ථනා කරනව,, :D අලුත් පෙනුමනම් නියමයි (y)

  10. යශෝධ

    බයිස්කෝප් "අපේ" අඩවියට සුභම සුභ උපන්දිනයක් වේවා...!
    ජයෙන් ජයම වේවා..

  11. eranga chandima

    niyama sait aka mama thanks

  12. eranga chandima

    happy birthday wishes bais cop

  13. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ඉතින් සිංහල උපසිරසි කලාවේ මහ ගෙදර "බයිස්කෝප් සිංහලෙන් "
    සුබ උපන්දිනයක් ..!ශ්‍රී ලාංකීය ජනතාවට හැමදාමත් හොදම දේ ලබාදීපු
    බයිස්කෝප් සිංහලෙන් චිරාත් කාලයක වැජබෙන්න කියලා
    එක සිතින් ප්‍රර්ථනා කරනවා....!

    1. ගමයා

      ...සිරාවටම

  14. චතුර මදුසංක

    මම අද පාන්දරමයි දැක්කේ මේ නව මුහුණුවර ඇත්තටම ඒක මාරම ලස්සනයි....ඇවිල්ලා සයිට් එකටම වෙලා ඉන්න හිතෙනවා...ඒකට ගොඩාක් ආසා හිතෙනවා...ඇත්තටම ගොඩාක් සන්තෝෂයක් දැනෙනවා බයිස්කෝප් එකට අවුරුදු 5ක් කියපුවාම.ඒකත් එක්ක අපිට අලුත් කතා මාලාවක් ලැබෙනවා කියන්න ඒක ඊටත් වඩා වටිනවා.කවුරු මොනවා කීවත් අපේ සයිට් එක තමයි """හොඳම"""ආය ඒක කිසිම පැටලීම්කින් තොරව අවිවාදයෙන් කියන්න හැකියි.මිනිස්සුන්ට ජීවිතයේ රසාස්වාදය කැන්දන එක් මාධ්‍යක් බවට පත්වෙලා මේ අපේ වෙබ් අඩවිය....ඉතින් මටනම් ඇත්තටම සතුටුයි...අපි හැමදාමත් බයිස්කෝප් එකත් එක්ක දිගටම ඉන්නවා...කොහොමවුනත් බ්යිස්කෝප් එකත් එක්ක දිගටම ඉන්න සෙට් එකක් ඉන්නවා..එයාලා අපිට ගොඩාක් වටිනවා.

    ඉතින් ඒ වගේම අපේ උපසිරැසි කරුවන්ගේ අත්තිවාරම් ඉන්න අපේ ඒ සහෝදරවරුන්ට පිංලැබෙන්න අපිට හොඳ ෆිල්ම් බලන්න ලැබෙනවා....ඒ වගේම මම දැක්ක දෙයක් තමයි කොමෙන්ටු බරගානක් තියෙන ලිපියක පවා අපේ පිටරට වෙසෙන සහෝදරයෙක් උදව්වල් ඉල්ලපුවාම අපේ සහෝදරවරුන් ඒකට පවා උදව් කරනවා.....ඉතින් අපේ කොල්ලනගේ බොක්ක ඇත්තම හොඳයි..........අන්න ඒකයි අපේ සයිට් එකට අපි මෙච්චර ආදරේ.......අපි හැමදාමත් ආදරෙයි....... :) :)

  15. දිනිඳු සම්පත්

    මමත් ඔන්න අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මුළු හිතෙන්ම සුභ උපන්දියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බයිස්කෝප් වෙබ් අඩවියේ කොටස් කාරයෙක් වෙන්න ලැබීම ගැන ලොකු ආඩම්බයක් හිතට දැනෙනවා.. අපි දන්නවා අපේ බයිස්කෝප් අඩවිය ඉතාමත් දිගු ගමනක් යනවා කියලා.. ජයවේවා!!!

  16. SAM

    ජයෙන් ජය!

  17. nuwan

    hadawathinma subapathanawa ape raswindanayata karana kepakireema gana..........

  18. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බයිස්කෝප් පස්වන සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම් එක කරනවා...
    බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයෙක් වීම ගැන මටත් ඉමහත් ආඩම්බරයි..
    ඒ වගේම තවත් චිරාත් කාලයක් වැජබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා බයිස්කෝප්...
    අලුත් මුහුනුවරෙත් අමුතුම ගැම්මක් තියේ....

  19. Ashan ravihansa

    බයිස්කෝප් අඩවියට සුභම සුභ උපන්දිනයක් වේවා…! මම උදේ පාන්දර අපු ගමන්ම මට පටලුන වැරදිලා වෙන සයිට් එක්කට අවාද කියල ..........එල වැඩක් අද නම් ඉතින් ඉවසිල්ලක් නැ මොනවද දෙන්නෙ කියලා ...............

  20. නලින්

    බයිස්කෝප් අඩවියට මගෙන් උණුසුම් සුභ පැතුම්
    දිගටම මේ ගමන් මේ අයුරින් යන්න ශක්තියක් ලැබෙන්න ඕනේ..

    ජය වේවා!

  21. tharu

    baiscope jaya wewa oba siyalu denatama....

  22. Thusitha

    බයිස්කෝප් ඔබට සුභ උපන්දිනයක්.ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.දිගුකල් වැජඹේවා............

  23. Nimantha

    අත්ටටම මාර කට්ටක් කැවා දවසක්..සිංහල හොයන්න ගිහින් අ අතර තුරේ හ්යගෙන යනකොට තමයි මේක සෙට් උනේ..අතටම එදා ඉදන් අද වෙනකන්..ගොඩක් දේවල මේකෙන් ගත්තා වගේම..සිංහල කරන්නත් ඉගෙන ගත්තා..ඒ ගැන ඇත්තම සතිටුයි...දෙයක් කියන්න ඕන...මහන්සි වෙලා කරන වැඩක් ..කටත් වැඩක් තියෙන වැඩ මේක..සෝ ඔයාලට මගේ සුබ පැතුම් එක් කරනවා..ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා.මෙන් මෙනු එකට දන්න ෆිල්ම් විතරක්...ඔයාලගේ මෙනු එකේ සියල්ල කවලම්(tv series ,film ) update වෙන ඒවා එකටනේ දන්නේ සෝ හොයා ගන්න හරි අපහසුයි...ඒ වගේම මගේ තව ඉල්ලීමක් තියෙනවා..සබ් ලියපු කෙනාව තෝරාගෙන ..එකෙන් ෆිල්ම් තෝරන්නත් හදන්න කියල මන් කියන දේ අපැහැදිලි නම් 0712144539 ට කෝල් එකක් ගන්ට....

  24. Sam

    Happy Happy B'day BAISCOPE.
    Thank you very much!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  25. N-Code Inc.

    බයිස්කෝප් අඩවියට සුභම සුභ උපන්දිනයක් වේවා..!!
    චිරං ජයතු.

  26. samadhi

    Happy B'day Baiscope.

  27. akalanka

    සුභම සුභ උපන් දිනයක් වේවා

  28. Sumith

    බයිස්කෝප් අඩවියට සුභම සුභ උපන්දිනයක් වේවා..!!
    දිගුකල් වැජඹේවා…………!!!!!!!

  29. Roshan

    Very good. and good luck to baiscope team.

  30. chalana jayasanka

    happy birth day........

  31. mavitha

    සුබ උපන්දිනයක් වේවා!!!! baiscopelk…

  32. rasandun

    සුබ උපන් දිනක් ඔබට...!!! දැන් ඔබෙි අඩචියට පිවිසීම දවසේ පුරැද්දක්.. එ් තරමි සමීපයි..WISH U HAPPY B'DAY AGAIN..

  33. Damith

    Good Guck ;)

  34. chamath225

    පට්ට අවුරුදු 5 ක්, ජයවේවා !

  35. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි...සියලු දෙනාටම...ජයෙන් ජය...

  36. Zahran

    සුබම සුබ උපන්දිනයක් වේවා! ජයෙන් ජය ලැබේවා

  37. rukshan

    සුබම සුබ උපන්දිනයක් වේවා!

  38. gayan

    HAPPY BIRTH DAY.... GOOD LUCK..

  39. තුෂාර

    බයිස්කෝප් අඩවියට හදවතින්ම සුබපතනවා ...දිගුකල් වැජඹේවා .....මටත් බයිස්කෝප් අඩවිය සමග සුළුවෙන් හෝ යමක් කරන්න ලැබුන එක ගොඩක් සතුටුයි වගේම හරිම ආඩම්බරයි .....

  40. djnirmal

    all the best...

  41. Upul Sandakelum

    Go ahead bro,

  42. Dhanushka

    සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Isuru

    බයිස්කෝප් ඔබට සුභ උපන්දිනයක් වේවා!!!!!!!!!!!!!!
    පස්වන සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම්. චිරාත් කාලයක් වැජඹේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ආයේ දෙකක් නෑ. කවුරු කොහොම කිව්වත් අංක එකේ වෙබ් අඩවිය බයිස්කෝප් විතරයි. ඒක වට්ටන්න කාටවත් බෑ. මම කලින් තවත් වෙබ් සයිට් එකකිනුත් සිංහල සබ් ගත්තා. ඒ සයිට් එක මට එපා වුනේ සයිට් එකේම සමහර සාමාජිකයින් තමුන්ගේම මිතුරු සාමාජිකයන් සමග රණ්ඩු සරුවල් වෙමින් එකිනෙකාට අපහාස කරමින් දාපු ත්‍රෙඩ් දැකලාමයි. මිනිස්සු වෙබ් සයිට් එකකට එන්නේ සිංහල සබ් ගන්න මිසක් එක එක්කෙනාගේ විකාර රණ්ඩු බලන්න නෙමෙයි. බයිස්කෝප් එක වට්ටන්න කව්රුහරි හැදුවොත් වැටෙන්නේ තමුන්ම විතරයි. බොරු සෝබන නොමැති, තමුන්ගේම වෙබ් සයිට් එකේ මිතුර මිතුරියන් සමග රණ්ඩු සරුවල්, ඊර්ෂ්‍යා කිරීම්, අපහාස කිරීම් සිදු නොකරන සැබෑම මිතුරු මිතුරියන් පිරිසක් සිටින වචනයේ පරසමාප්තයෙන්ම සැබෑම බයිස්කෝප් වෙබ් අඩවිය මේක විතරමයි. හැමදාමත් බයිස්කෝප් අංක එක වන්නේ ඒ නිසයි.
    ජයෙන් ජය වේවා බයිස්කෝප්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

  44. සමීර කරුණාරත්න

    වසර පහක් කියන්නේ කොහෙත්ම ලේසි කාලයක් නෙමෙයි... නමුත් එදා සුළුවෙන් ආරම්භකළ මේ වැඩේ අද වෙනකොට ත් අපි හැමෝටම දකින්න බලන්න ප්‍රයෝජන ගන්න තියනවා. වැදගත් වෙන්නේ ඒකයි. මේ වසර 5 තුල කොයිතරම් නම් වෙබ් අඩවි මේ අරමුණ වෙනුවෙන් ආරම්භ කරන්න ඇති ද? නමුත් කෝ අද ඒවා? ඉතින් මේ වගේම තවත් වසර ගණනක් ඔබට, අපිට උපකාරයක් වෙන්නට සිංහල උපසිරැස කරණයේ මහා ගෙදරට එක සිතින් සුභ පතනවා. ඒ වගේම වෙබ් අඩවියේ කතෘවරුන්, උපසිරැස නිර්මාපකයන් වගේම හැමදාම මෙහි දකින උපසිරැස ප්‍රයෝජනයට ගන්නා ඔබටත් බොහොම ස්තුතියි කියනවා. මොකද ඔබ නැති වෙන්න අද අපිත් මෙතන නැහැ.... මේ වෙබ් අඩවියත් මෙතන නැහැ....

  45. npshani

    me web template eka user friendly nee :( :( :( :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

  46. Eagle TDW

    සුභ උපන් දිනයක් වේවා!!! දවසින් දවස මොහොතින් මොහොත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා!!!

  47. උදේශික

    අපි ආසකරන සිනමාව
    අපේම භාෂාවෙන්
    අපිට තිලිණ කර
    ඒකෙ රසය අමු සිංහලෙන්ම විදගන්න
    බයිස්කෝප් සිංහලෙන්, ලබා දුන්න සහයෝගය උත්කෘෂ්ඨයි.
    බයිස්කෝප් සිංහලෙන් ආරම්භ කරපු ඔහුටත් වසර 5 ක් තිස්සේ අඩවියේ ඉදිමින්
    සිංහල උපසිරස ලබාදුන් ඔබ සැමටත් දීර්ඝ ගමනකට ආසිරි පතන්නේ
    අවුරැද්දක පමණ කාලයක් මේකෙන් උපසිරස. ටොරන්ට් බාගෙන කොමෙන්ට් එකක් දාන්න හිතුවෙ නැති නමුත් අද අවරැදු 5 සමරන මොහොතේ ඔබට සුභපතා නොයන්න හිත නොදුන් නිසාවෙනි. ඔබලාට ජය......

  48. WAY

    Well done... keep it up... we always with you... thank you very much for your effort...

  49. හර්ෂ ලහිරු

    සුභම සුභ උපන්දිනයක් බයිස්කෝප් :D :D
    සයිට් එකට අමුතුම එලියක් වැටිලා තියෙනවා මේ වෙනසත් එක්ක :P
    දීර්ගායුවේවා බයිස්කෝප් :D :D

  50. Denis

    jayawewa...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.