Watch Trailer

Jannat 2 (2012) | ආදරයට ආදරේ නිසා… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගෙ දෙවන චිත්‍රපටය. මෙම චිත්‍රපටය 2012 මැයි 04 තමයි හින්දි සිනමාවට එකතු වෙලා තියෙන්නෙ. මේක බලපු අයන නම් ගොඩක් ඇති. ඒත් නොබලපු එක් කෙනෙක් හෝ මේක බලන්න ආශාවෙන් ඇති කියල හිතුව නිසයි මහන්සි නොබල මේක හැදුවෙ. මොකද මේක තරුණ අයනම් නොබල ජීවත් වෙලත් වැඩක්නෑ කියලයි මගෙ අදහස නම්. ඇත්තටම තරුණ කෙනෙක්ට කොච්චර…

Jannat 2 (2012)
මේ මගෙ දෙවන චිත්‍රපටය. මෙම චිත්‍රපටය 2012 මැයි 04 තමයි හින්දි සිනමාවට එකතු වෙලා තියෙන්නෙ. මේක බලපු අයන නම් ගොඩක් ඇති. ඒත් නොබලපු එක් කෙනෙක් හෝ මේක බලන්න ආශාවෙන් ඇති කියල හිතුව නිසයි මහන්සි නොබල මේක හැදුවෙ. මොකද මේක තරුණ අයනම් නොබල ජීවත් වෙලත් වැඩක්නෑ කියලයි මගෙ අදහස නම්. ඇත්තටම තරුණ කෙනෙක්ට කොච්චර ආසාවල් තිබුණත් ඒවා හොද විදියටයි කරන්න ඕනේ. නරක විදියට ඒ ආසාවල් පස්සෙ ගියොත් අන්තිමට අපට වෙනදේ ගැන අපිම දන්නෙ නෑ. මේ චිත්‍රපටයෙන් ඒ පිළිබඳව නම් හොදට පැහැදිලි කරල දෙනවා.

මේ චිත්‍රපටයට IMDb අගය 5.9ක් හම්බවෙලා තියෙනවා. මොනව වුණත් මේ චිත්‍රපටය මම බලපු හොදම චිත්‍රපටයක්. අවංක යාළුවෙක්ට
අපි වෙනුවෙන් මොනවගේ දේවල් කැප කරන්න හැකි වේවිද? මේ සමාජය නිසා අපි හිතන හැමදේම වෙනස් වේවිද? තමන්ගෙ පෙම්වතිය තමාව මොන විදියට තේරුම් ගනීද? මේ දේවල් අපි ජීවත් වෙනකොට නිකම්ම අපේ මනසට එන ප්‍රශ්න කීපයක් පමණයි. මෙම චිත්‍රපටය තුළින් මේ වගේ ප්‍රශ්න කීපයක්ට යම් ප්‍රමාණයකින් පිළිතුරක් වේවි කියල මම විශ්වාස කරනවා. ඇත්තටම මේ චිත්‍රපටය තුළින් ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.
අනික මේ සිනමාපටය ගොඩක් සංවේදී එකක්. ඒක ඔයාලම බලන්නකො. දැන් මම ටිකක් කතාව ගැන විස්තර කරන්නනම්.

මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ කුනාල් දෙශ්මුක් කියන ප්‍රවිනයයි.පැය 02යි විනාඩි 08ක් පුරා මෙම කතාව දිග හැරෙන අතර මෙහි ප්‍රධාන නළුවා වන්නෙ හැමෝම ගොඩක් කැමති ඉම්රාන් හෂ්මි ය. තවත් ජනප්‍රිය නළු නිළියන් රාශියක් මෙයට රංගනයෙන් දායක වේ. මෙහි කතා නායකයා වන්නේ සෝනු දිල්ලි කියන තරුණයයි. එම චරිතයට පණ දෙනු ලබන්නෙ ඉම්රාන් හෂ්මි ය. මෙම සෝනු දිල්ලි කියන පුද්ගලයා
රැකියාව ලෙස තෝරාගෙන තියෙන්නෙ තුවක්කු වෙළඳාම වන අතර මෙයාට ඉන්නවා යාළුවෙක් එයා තමයි බල්ලි කියන කෙනා. නමුත් හදිස්සියේම
මොහු ගැහැණු ළමයෙකුට ආදරය කරන්න පටන් ගන්නවා.එදා ඉදන් මොහුට අවශ්‍ය වන්නෙ තමන් කරන සියලු වැරදි වැඩ වලින් ඈත්වී තම පෙම්වතියට ගැලපෙන ලෙස තමන්ගෙ ජීවිතය වෙනස් කර ගැනීමටය. නමුත් මොහු එසේ සිදුකරන්න උත්සහ කළත් යම් පුද්ගලයකු එයට මැදිවෙනවා.ඒ මැදි වීම මගින් මුළු සමාජයටම යහපතක් සිදු වූවත් සෝනුට නම් එයින් එතරම් යහපතක් සිදු වන්නේ නෑ.

ඉතින් මේ සෝනු කියන්නෙ මොනවගේ කෙනෙක්ද? එයා ආදරය කරන්න පටන් ගන්නෙ කොහොමද? එයාගෙ යාළුවා මොනවගේ කෙනෙක්ද?මේ අයට සතුටින් ජීවත් වෙන්න හැකි වේවිද? මේ හැම දේටම උත්තර ඕනෙ නම් චිත්‍රපටය බලන්නම වෙනව. මේක බලපු නැති අය අනිවාර්යයෙන් බලන්න. බලපු අයත් ආයෙ බලන්න කැමති නම් ඇත්තටම සුපිරි චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන සිංදු වගයක් තියෙනවා. දෙපාරක් නොහිත බලන්න මේක. 

Jannat 2 (2012) on IMDb

 

 

400 MB (BR) කොපිය මෙතනින් බාගන්න

D515ED396EBE749FDC825D7EFF7FBC64CEEA5CED

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

22233BD73B2DDFAF563CBF8CED01A7A6EF0F0C15

1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න

915674A18F321BCAE4FE564607F814EC8589D132 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,512 downloadsDownload Jannat-2-2012.zip167 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/shalin.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලින් හර්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,512 downloadsDownload Subtitles167 KB

31 comments

  1. mihin ලංකා

    thanks

  2. asiri

    digatama denna elazzzzz

  3. tharanga

    නියමයි මමත් බලන්න ආසාවෙන් උන්නේ මේක ජය!

  4. yasas

    thanksssss lot

  5. wow

    wow,, maru :D

  6. rusuru | රුසිරු

    සබ් එකට තුති

  7. ccnp

    Thanks

  8. f_live

    එල මචං ආස නළුවෙක් ඉන්නේ බාන්න දැම්ම

    ජය

  9. nipuna prasad

    txz

  10. kalinga

    නියමයි සහෝ

  11. amilatk

    jayama wewa!!!

  12. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍ය‍මු ‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

  13. Sameera

    thanks saho............

  14. නිපුන්

    Thanks Machan

  15. sp පියමල්

    ම්ම්..මේක බලලා තියනවා,කතාවේ අවසානය ගැනනම් දුක හිතෙනවා,ලස්සන කතාවක්,thanks සහෝ

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.......

  17. රොයිලි

    බොහොම ස්තූතියි ශලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Bhagye Aloka

    jaya wewa
    hindi nam ata arinnema na thanks yalu

  19. bhagya

    oyage gamana digatama yanna suba pathanawa mama.jaya wewa!!!!!

  20. mudiya / මුදියා

    එල ශලින් එල.
    බලන්නම වටින ෆිල්ම් එකක් වගේ.
    නිවාඩුවක් ලැබුන ගමන්ම බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  21. Sanjaya

    Thanks Saho...

  22. sumudu

    ela kiri

  23. Harsha Lakmal

    Ela ela... mata balan ne hamba une na.. thanks brother...

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    jannat 1ත් දෙන්න,ජයවේවා.

  25. Y2K

    Jannat(2008)එක නම් බැලුවා පට්ට මෙකත් හොදයි ද?

  26. M D LASANTHA

    Thanks sub dunnata. idiriyatath api wenuwen subs hadanna hakiwenna kiyala parthana karanawa. me wagema asa film ekak tamai jannath 1 kiyanne. Jannat.(2008).DVDrip.XviD.1CD.EngSub.[DDR] copiyata sub denna puluwannam loku udawwak.

  27. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  28. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  29. P.K

    I've watched this before.....It was nice movie bt the end wasn't good...Thanx for the sub...

  30. Chamara

    Jannat 1 sinhala sub title eka nadda.plz mata ikmanata ewanna puluwanda?

  31. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.