එකපිට එක එල්ලවෙන වෙඩි පහරවල් දෙකක්… මැරෙන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… හයිද්‍රාබාද් පොලීසියේ DSP අශෝක් ක්‍රිශ්ණා! එතකොට, වෙඩි තියන්නෙ කවුද? ඒත්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි… ෆෝබ්ස් ලැයිස්තුවට අනුව බලවත්ම සියදෙනා අතර වැජඹෙන… මහා කන්ස්ට්‍රක්ශන්ස් සහ මහා ස්ටීල්ස් හි අයිතිකරු වන රාහුල් මහාගෙ බිරිඳ… සමීරා මහා!…

එකපිට එක එල්ලවෙන වෙඩි පහරවල් දෙකක්…
මැරෙන්නෙ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි…
හයිද්‍රාබාද් පොලීසියේ DSP අශෝක් ක්‍රිශ්ණා!
එතකොට, වෙඩි තියන්නෙ කවුද?
ඒත්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි…
ෆෝබ්ස් ලැයිස්තුවට අනුව බලවත්ම සියදෙනා අතර වැජඹෙන…
මහා කන්ස්ට්‍රක්ශන්ස් සහ මහා ස්ටීල්ස් හි අයිතිකරු වන රාහුල් මහාගෙ බිරිඳ…
සමීරා මහා!
එතකොට හේතුව?
DSP අශෝක් ක්‍රිශ්ණා විසින් සමීරා මහාව දූෂණය කිරීමට තැත් කිරීමේදී,
ආත්මාරාක්ෂාව පිණිස සමීරා මහා විසින් DSP අශෝක් ක්‍රිශ්ණා හට වෙඩි තැබීම!
එක පැත්තකින් ඉන්නවා හයිද්‍රාබාද් පොලීසියේ ඝාතනය වෙච්ච ලොක්කෙක්… අනිත් පැත්තෙන් ඉන්නවා ඉන්දියාවෙ බලවත්ම ව්‍යාපාරිකයෙක්ගෙ දූෂණයට ලක්වෙච්ච ආදරණීය බිරිඳක්… පොලීසිය තමන්ගෙ කෙනාගෙ වැරැද්ද වහගන්න උත්සාහ කරන අතරෙ, මහා පවුල තමන්ගෙ කෙනාගෙ ආත්ම ගෞරවය බේරගන්න උත්සාහ කරනවා. එහෙම තමයි, පිටින් බලාගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නෙ. කොහොමින් කොහොමහරි, තමන්ගෙ බලය පාවිච්චි කරලා ඇප ලබාගෙන එලියට ආපු සමීරා මහා, බයෙන් වෙව්ල වෙව්ල මාධ්‍යට මෙන්න මෙහෙම කියනවා…
පොලීසියෙන් නඩුව ගොනු කරලා තියෙන්නෙ,
මාව දූෂණය කරපු පොලිස්කාරයව වින්දිතයා විදියටත්,
ඒ පොලිස් කාරයව මරලා දාපු මාව වැරදිකාරයා විදියටත්.
එතකොට,
කවුද හරි? කවුද වැරදි?
ගෑණු කෙනෙක්ව දූෂණය කරන එක හරි දෙයක්ද?
දූෂිතයව මරලා දාන එක වැරදි දෙයක්ද?
උසාවියෙන් මොන තීන්දුව දුන්නත්,
මං දන්නවා මං කලේ හරි දේ කියලා.
මගේ ඇඟේ තියෙන කැලැල් මැකිලා යාවි.
ඒත්, වෙච්ච දේ හැමදාමත් මගේ මතකයේ තියේවි.
ඒකෙන් මට මතක් වේවි…
මට සටන් කරන්න පුළුවන් කියලා.
මේ වගේ දෙයක් වුණාම,
කිසිම ගෑණු කෙනෙක්ට බෑ වෙච්ච දේ පැහැදිලි කරන්න.
කිසිම පවුලකට බෑ ඒක ඔප්පු කරලා පෙන්නන්න.
ඒ හැම ගෑණු කෙනෙක් වෙනුවෙන්ම, හැම පවුලක් වෙනුවෙන්ම
මම තමයි හඬ වෙන්නෙ!
මොකද කියනවානම්…
මම ඔබලා සමගයි!
මම තමයි ඔබ!
රටක බලවත්ම ක්ෂේත්‍ර දෙකක දැවැන්ත ඝට්ටනයක්… කවුද හරි, කවුද වැරදි? සමහරවිට ඔබ දැනටමත් තීරණයකට ඇවිත් ඇති. කට්ටියක් කියාවි, පොලිස් නිලධාරියා ගෑණු කෙනාව දූෂණය කරන්න හදපු නිසා, බේරෙන්න වෙඩි තියපු එක හරි කියලා. තවත් කට්ටියක් කියාවි, පොලිස් නිලධාරියව මරන්න ඒ ගෑණු කෙනා ගහපු ගැටයක් කියලා. තවත් සමහරු තව එක එක අදහස් ඉදිරිපත් කරාවි. පොඩ්ඩක් ඉන්න… සමහරවිට මේ කිසි දෙයක් නොවෙන්න පුළුවන්. හරි සරල ප්‍රශ්ණයක් වගේ පෙනුණට ඔබ හීනෙන් වත් නොසිතන අන්දමේ ගැඹුරක් මේ සරල ප්‍රශ්ණය ඇතුලෙ අන්තර්ගත වෙන්න පුළුවන්. අන්තිමේදි ඔබ හීනෙන් වත් නොසිතන අන්දමේ කෙනෙක් වැරදිකාරයා වෙන්නත් පුළුවන්. මගේ වචනය විශ්වාස කරන්න දයාබර මිතුරණි… එක එක විදියේ හෝඩුවා ඔබට දෙමින්, එක එක කෝණ වලින් ඔබව මිනීමරුවා කෙරෙහි යොමුකරමින්, මොහොතක් මොහොතක් පාසා ඔබව කුතුහලයෙන් වේදනාවට පත්කරමින්, අන්තිමේදි ඔබව තිගැස්සුමකට ලක් කරමින්, ඔබ කිසිම විදියකින් නොසිතෙන දෙයක් වෙන්නත් බැරි නැහැ!
- මනාප 3700 කට ආසන්න සංඛ්‍යාවකින් Imdb දර්ශකය 8.3 ක් දක්වා කරකවමින්, Top Rated Telugu Movies ලැයිස්තුවේ 14 වන ස්ථානය සිය නමට වෙන්කර ගෙන ඉන්න, Kshanam (2016)
- 5800 ඉක්මවූ මනාප සංඛ්‍යාවකින් Imdb දර්ශකය 7.8 ක් දක්වා කරකවමින්, Top Rated Indian Movies ලැයිස්තුවේ 163 වන ස්ථානය සිය නමට වෙන්කර ගෙන ඉන්න Goodachari (2018)
ඔය චිත්‍රපටි දෙක මේ වෙද්දි බලලා තියෙනවද? එහෙම බලලා නැත්නම්, ඔබ ඔබෙන්ම අහගන්න, මෙච්චර කාලයක් පොල් ගෑවද කියලා. හේතු සාධක අවශ්‍ය වෙන්නෙ නෑ, බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන්වත් දෙයියන්ගෙ නාමෙට ගිහිං බලලා එන්න. බැලුවට පස්සෙ “මොකක්ද මේ බලෙන් ඇඟේ ගහපු මල ජරාව…” කියලා හිතෙනවා නම් ඇවිත් බැනලා යන්න. නොබලපු උන් යකාට ගියද්දෙන් කියලා, අපි එහෙනම් බලපු අය දිහාට හැරෙමු. ඒ අයට නම් Adivi Sesh කියන්නෙ කවුද කියලා අමුතුවෙන් වර්ණනා කරල කියලා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ. වර්ථමාන තෙලිඟු සිනමාවෙ Thriller King විදියට හඳුන්වන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්, Kshanam සහ Goodachari තුලින් ඔබ හමුවට පැමිණි Adivi Sesh තරම් තවත් සුදුස්සෙකු නොමැති බවට අවිවාදයෙන්ම මාත් සමගින් ඔබත් එකඟ වේවි. එහෙනම්, අවසරයි පිලිගන්වන්න, Imdb දර්ශකය 8.6ක් දක්වා කරකැවූ, Crime, Thriller කාණ්ඩ නියෝජනය කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 7ක මුදලකින් නිශ්පාදනය වෙමින්, ඉන්දියානු රුපියල් කෝටි 25ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබුවා වූද, තෙලිඟු සිනමාවෙ Thriller King ගේ නවතම සිනමා සම්ප්‍රාප්තිය!
සාමහරවිට ඔබ The Invisible Guest (2016) බලලා ඇති. සමහරවිට ඔබ බලලා නැතුවත් ඇති. හැබැයි, ඉන්දියානු චිත්‍රපට රසිකයෙක් විදියට බොහෝවිට ඔබ Badla (2019) බලලා ඇති. ඊයෙ පෙරේදා ෆේස්බුක් එකේ දැක්ක දෙයක් නිසයි විශේෂයෙන්ම මේ ගැන කියන්න හිතුවෙ. තමන්ට වඩා කෙනෙක් නැහැයි කියලා හිතාගෙන ඉන්න සමහරක් ලාංකික සිනමා ඔස්තාර්වරු වගයක් පම්පෝරි ගහලා තිබ්බා, Evaru කියන්නෙ The Invisible Guest සහ Badla කියන ෆිල්ම් වල රී-මේක් එකක්, ඒ නිසා කලින් ෆිල්ම් දෙක බලපු කෙනෙක් නම්, Evaru බලන එකේ කිසි තේරුමක් නෑ කියලා. ඔය වගේ දේවල් දකිනකොට ඕවට හිනාවෙන්නෙ කොහෙන්ද කියලා වෙලාවකට හිතාගන්නත් බැහැ. පව් ඉතිං. විකිපීඩියා එකේ පැහැදිලිවම කියලා තියෙනවා Evaru කියන්නෙ, Badla හදන්න උපයෝගී කරගත්ත The Invisible Guest චිත්‍රපටයේ තෙලිඟු adaptation එකක් කියලා. ඒ කියන්නෙ කිසිම විදියකින් රී-මේක් එකක් නෙමෙයි. The Invisible Guest චිත්‍රපටයේ කතා අනුසාරයත් මේ චිත්‍රපටයට ඔබ්බවලා තියෙනවා කියන එකයි. එහෙම නැතුව, ගෙඩිය පිටින් එහෙම්මම දාලා කියන එක නෙමෙයි. ඒ නිසා, ඔබ The Invisible Guest හෝ Badla හෝ, එම චිත්‍රපට දෙකම හෝ නරඹා තියෙනවා නම්, Evaru චිත්‍රපටියත් ගෙඩිය පිටින්ම ඒ වගේමයි කියලා හිතාගෙන නරඹන්නෙ නැතුව ඉන්න හිතාගෙන ඉන්නවා නම්, සිනමා ජීවිතයේ ඔබ කරගන්න ලොකුම මෝඩකම් වලින් එකක් වෙන්න පුළුවන් ඒ. තවත් කතා වැඩක් නෑ, තීරණය ඔබ සතුයි!
එහෙම නම්, අපි හැමෝටම ජීවිතේ කවදාහරි දවසක වැදගත් වේවි කියලා හිතන අදහසකින් අදට නවතින්න අවසරයි…
අපේ දුක… අපේ ප්‍රශ්න…
මේ දේවල්…
හැම තිස්සෙම එලියෙ ඉන්න අනිත් අයට පොඩියට පේන්නෙ.
ඒ නිසා,
කොයි වෙලාවකවත් වෙනින් කෙනෙක් මත යැපෙන්න එපා.
තත්වය මොකක් වුණත්,
මුලින්ම ඒක පිළිගන්න!
ඊට පස්සෙ ඒකත් එක්ක සටන් කරන්න!
ඒ වගේම,
වඩාත්ම වැදගත්ම දේ තමයි…
කවදාවත්ම කිසිම දෙයක් අතෑරලා දාන්න එපා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
28,601 downloadsDownload Evaru-2019.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
91 comments
Roshan1995
hkabuddika
FIlm aka download karanna bene....
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sisila sahooo sub ekata....
Malindu N
Malindu N
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Pattaaaaaaaaaaaa
aruna_prabth
film 1 nane thama dalaada danavada?
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි සිසිලයියේ..
මේක නම් අනිවා බලන්න ඕනේ!
ලිස්ට් එකට දාගත්තා එහෙනම්...
ජය වේවා!!!darshana100
thanks saho jaya wewa budusaranai
sayu
baiscopedownloads wala video eka nene
Gopala
Ela
Seetharama kalyana Kannada film eka sub eka onadKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!දමිත් රත්නායක
හප්පටසිරි.
සිසිල සහෝ කාලෙකින් ද මන්දා/
බොහොම ස්තුතියි.
ඒ වගේම පට්ටම ලිපියක්.
ජයෙන් ජයasankachathuranga
thanks bro
ඔෂද ධනංජය
kalekin sabak karala...thanx sahoo
Lalani Maduwanthi
Godaaak pin ,,,,oyata...thank you
Buddi
Thanks....
Rocky45
patta thank you sub ekataaaaaaaaa
madhurara raja telegu film ekath sub dennoooooo
Aruna.Wish
Meke link eka dannako....☹️☹️
Hemantha De Silva
ස්තුතියි සිසිල... අපි දන්නවා කොහොමත් ඔබ දෙන්නේ සුපිරි එකක් කියලා. දෙකක් නෑ.. බානවා...
ස්තුතියි බයිස්...Lasa_Sadaru
Ela
sameera lakmal
film eke link ekak dannako
gihan perera
Tamilmv එකේ තියනවා සහෝ.torrent බාන්න පුළුවන්.
sameera lakmal
ෆිල්ම් එක ගත්ත කෙනෙක් ලින්ක් එකක් දාන්නකො. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් බාන්න දෙන්නෙ නෑ
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....පට්ට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Ayesh Prashan
Thank You
subodha
Thanks
asankachathuranga
windows7 walata sub akawedakarannenehane
prageeth
thanks bro
snak
Sub eka wada na bro
Sampath53
sisi thanks sub ekata.vijege madura move ekata sub denna puluwannda.kauru wath karapu nethi move ekak.
ela supiri film ekak thanks sinhala sube ekata digatama vade demu jayawewa,,
Rumesh dhanushka
Thanks friend ✨
para
film eka nam download karagathth macahn bicopdownload ekan..but bn sub eka akuru wenas welanne pannanee bn.. ai bn a?
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.....ජය!
januth chathuranga
Description ekata thanks bro watina film tikk thiyennwa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ranga11112
Thanks Bro
Hiruni23
sub eka weda na ne.. ai a?
kodagoda
tnx sisisa sahoo supiriyak dunnata
arawindasunimal
thanks sub ekata jayawewa
Dula95
thank u
dhanush4343
Thank you very much brother,
EM Nishshanka
Thanks mcn
sampath n perera
thanks
wrasjee
Tnx bro...good job
gayangcs
Does not show the sinhala font
Stranger
thanks
chinthaka_priyadrshana
Thank U bro...............
chinthaka_priyadrshana
Thank U bro.........
ranger
Thanks
thilz
thank u 4 the sub.it is not a remake of Badla.;
rasanjan
thanx
Advertisement


Thnx bro sub akta✌️