Watch Trailer

Kahaani 2: Durga Rani Singh (2016) with Sinhala Subtitles | වියරු මව් සෙනෙහසක නොකියූ කතාව! [සිංහල උපසිරැසි සමග]

2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time Favourite ලැයිස්තුවේ උඩින්ම Kahaani චිත්‍රපටියත් තියෙන බවට සැකයක් නැහැ. නොදන්නා අය ඉන්නවා නම් දැනග…

Kahaani 2 - Pic 2

2012 වසරේ තිරගත වෙච්ච Kahaani චිත්‍රපටිය කාටත් අමතක නැතුව ඇති මං හිතන්නේ. අමතක කරන්න ඕන වුනත් අමතක කරන්න බැරි හින්දි චිත්‍රපටියක් තමා Kahaani කියන්නේ. හොඳ හින්දි චිත්‍රපටි රසිකයෙක් නම් තමන්ගේ All Time Favourite ලැයිස්තුවේ උඩින්ම Kahaani චිත්‍රපටියත් තියෙන බවට සැකයක් නැහැ. නොදන්නා අය ඉන්නවා නම් දැනගන්න කියන්නේ, Kahaani කියන්නේ පලවෙනි සැරේට බලන කෙනෙක්ට නම් ලොවෙත් අවසානය ගැන හිතාගන්න බැරි කරකවලා අතාරින ජාතියේ සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒත් එකම විද්‍යා බාලන්ගේ අද්විතීය රංගනයන් ඒකට එකතු උනාම. තවමත් බලලා නැත්තම් ඔහොමම ගිහින් ඒක බලන්න කියලා ඉල්ලා හිටිනවා. දැන් 2016ට එමු. ඔන්න හිටි හැටියේම ප්‍රේක්ෂක හැමෝටම ලොකු බලාපොරොත්තුවක් එක්කහු කරමින් Kahaani චිත්‍රපටියේ දෙවන අදියර එනවා. මේකෙත් ප්‍රධාන චරිතය විද්‍යා බාලන්ම තමා රඟ දක්වන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙවැනි අදියර, පලවෙනි අදියර එක්ක කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඒ හින්දා පළවෙනි එක නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා. හැබැයි පලවෙනි එක නම් අත ඇරගන්න හිතන්නවත් එපා පුතේ. මගේ පෞද්ගලික අදහසකුත් එකතු කරන්නම්. මට හිතෙන විදිහට මේ දෙවැනි කතාවට පලවෙනි කතාව එක්ක හැරෙන්නවත් බැහැ. නමුත් මේක හරිම කුතුහලයෙන් රස කර කර, නියපොතු හප හප බලන්න පුළුවන් නිර්මාණයක්.  බලන ගමන් පළවෙනි චිත්‍රපටිය  එක්ක සංසන්දනය නොකර ඉන්නවා නම් කාටත් හොඳයි.ඉතින් පලවෙනි කොටස වගේම මේ කොටසත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sujoy Ghosh මහත්තයා විසින්. ගිය අවුරුද්දේ ආපු Te3n චිත්‍රපටියට නිෂ්පාදන දායකත්වය දුන්නෙත් මෙයාම තමා.  Kahaani 2 චිත්‍රපටියට IMDb දර්ශකය 6.8ක අගයක් ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් නරකම නෑනේ.  විද්‍යා බාලන්ට අමතරව මේ සැරේ අර්ජුන් රාම්පාලුත් මේ දෙවැනි කතන්දරේ එක්ක එකතු වෙනවා. ආදායම් අතින් නම් මේ නිර්මාණය අසාර්ථක උනා. නමුත්  ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයෙන් නම් අඩුවක් වුනේ නැහැ. විද්‍යා පසුගිය ෆිල්ම්ෆෙයා සම්මාන උළලේ හොඳම නිලියට පවා නිර්දේශ උනා Kahaani 2 වෙනුවෙන්. කතාවෙන් ටිකක් කිව්වේ නැත්තම් අඩුවක්. ඒත් කියලත් බැහැ. චුට්ටක් කොටලා තියාගෙනම යන්නම් එහෙනම්. හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා චිත්‍රපටිය රස විඳින්න කියලා.   විද්‍යා සිංහා තමන්ගේ දුවත් එක්ක තනියෙන් ජීවත් වෙන අම්මා කෙනෙක්. එයාට මුළු ලෝකෙම උනේ එයාගේ දුව “මිනී”. මේ දුව විශේෂයි. මොකද එයාගේ ඉණෙන් පහළ පණ නැහැ. විද්‍යා එයාගේ දුවව හොඳ කරන්න නොගන්න උත්සහයක් නැහැ.  ඒත් හැමදේම අසාර්ථක වුණා. විද්‍යා වෙලාවකට පොඩ්ඩක් ගුප්තයි වගේ. සැකෙන් තමා ජීවත් වෙන්නේ. අපි නොදන්නා මොකක්දෝ රහසක් විද්‍යාගේ හිතේ හොල්මන් කරනවා. එදා සතියේ දවසක්. කරුමෙටදෝ කොහේදෝ විද්‍යා ඇහැරුනේ පරක්කු වෙලා. වැඩට යන්න නෙමේ  දැන් ඉගිල්ලෙන්නයි වෙන්නේ. විද්‍යා ලහි ලහියේ ලෑස්ති වෙන්න ගත්තා. කියන්න අමතක උනා,  මෙයා කවදාවත් එයාගේ දුවව තනියෙන් දාලා යන්නේ නැහැ. දවල් වරුවට නර්ස් කෙනෙක් එනවා. හැබැයි එදා ඒ නර්ස් ඇවිල්ලත් හිටියේ නැහැ. විද්‍යා පලවෙනි වතාවට  මිනීව තනියෙන් ගෙදර දාලා වැඩට යන්න යනවා. ඒ යන්නෙත් මිනී එයාට පෙරැත්ත කරපු හින්දා. හැබැයි එදා සිද්ධ වෙන්න යන දේ විද්‍යා දැනගෙන හිටියා නම් කවදාවත් එහෙම නොකරන්න තිබුණා. වැඩ ඇරිලා ආපු විද්‍යා දැක්කේ මොනාද, උනේ මොනාද?? බලන අයට දැනගන්න අවසරයි.

Kahaani 2: Durga Rani Singh (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kahaani 2 (2016) Hindi 1CD DVDRip x264 AAC ESubs – Downloadhub  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,793 downloadsDownload Kahaani-2-2016.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

6,793 downloadsDownload Subtitles58 KB

34 comments

  1. Thili

    tnks brother.enkam balagena hitiye.1ka patta.mama asama actrees kenek tama meke inne.FORCE 2kata denne nadda.gd luck ohoma yan.

  2. Ishara Keerthirathna

    ස්තූතියි

  3. එල්.සී. දමැල්

    THAAAAAAAAANKS MAYUUU!

  4. Prabuddha Kulatunga

    thank u bro :D

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pasindu

    Onna meka download wenna damma.khahani 1 film 1 balanna set wrla ne.lassanai kyla ahala thynwa.baiscope page num-196-5 wge page 1ka khani w tibba.eth eke tibba links dn wda krn ne.eka download kraganna pluwan torrent file 1k(habai oylge sub 1ta match wena)denawanm ela.

  8. Saranga Liyanagama

    Thanks bro

  9. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා !

  10. Heshan

    Thanks saho...

  11. Rukshan

    Please can you add the link of Kahaani 01 with subtitle. I didnt watched it, and also according to your descriptions its better to watch Kahaani 01 1st rather than watch Kahaani02

    1. Rukshaan

      Balaagena hitapan langatama genath denakam. Yakoooooooooo, Search karahan ban....

  12. දහරා මුතු අමා

    එනකන් බලන් හිටපු එකක් තමයි මේ. පලවෙනි එක තරම් හොඳ නැති උනත් කමක් නෑ. බලමුකො.
    බොහොම ස්තූතියි උපසිරැසියට.

  13. maheshbabu

    thank's bro....supiri movie 1k ne

  14. thisal

    ස්තුතියි මයුර සහෝ

  15. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  17. Nayana Sanjeewa

    නියමයි suraj, original copy එක එනකොටම sub දුන්නට

  18. Chalana Rukshan

    thnx bro...

  19. mindika

    Thanks !!!!!!!!!!!!

  20. praneeth madu

    jaya wewa saho

  21. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  22. Chami.S

    Thanks..
    Good Luck..

  23. Menu

    Thank you

  24. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ජය වේවා.

  25. Viraj

    sub ekata thanks saho..

  26. Lasantha

    Tnx sub ekata saho..................

  27. Dinooka

    subtitles weda naa 18mins walin passe....... mekta hari english sutitles 1k wath naa

  28. namesha perera

    Please meka dan balanna barida

  29. Nipuna Ranawaka

    koooo me link eka wada na neeeee kooo film eka sub eka witha rada

  30. විමා

    සබට තුති මචන්
    මෙන්න බලන්න ගන්නවා :D

  31. R.S. Samantha

    Thank U bro.....
    ela ela
    menna banna damma...

  32. Sohan Jayasooriya

    එලම අයියෙ තෑන්ක්ස් සබ් එකට

  33. Sapumal302

    elama ..❤️❤️❤️❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.