Watch Trailer

Manmadhudu 2 (2019) Sinhala Subtitles | අනංගයා… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි හැමෝටම… මුලින්ම සමාව ඉල්ලලා පටන් ගන්නවා මොකද කියනවනම් මේ චිත්‍රපටයට හොඳ පිටපත් නිකුත් වෙලා හුඟ දවසක් ගියාට පස්සෙයි උපසිරැසි ගන්වල අරගෙන එන්න වුනේ. ඉතිං දහර අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අන්තිම මොහොතේ වැඩේට කරගැහුවට. පහුගිය අගෝස්තු 09 වැනි දින තිරගතවීම ආරම්භ කරපු Manmadh…


සුභ දවසක් පතනවා බයිස්කෝප්වාසි හැමෝටම… මුලින්ම සමාව ඉල්ලලා පටන් ගන්නවා මොකද කියනවනම් මේ චිත්‍රපටයට හොඳ පිටපත් නිකුත් වෙලා හුඟ දවසක් ගියාට පස්සෙයි උපසිරැසි ගන්වල අරගෙන එන්න වුනේ. ඉතිං දහර අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අන්තිම මොහොතේ වැඩේට කරගැහුවට. පහුගිය අගෝස්තු 09 වැනි දින තිරගතවීම ආරම්භ කරපු Manmadhudu 2 චිත්‍රපටය මීට වසර 17 කට කලින් නිකුත්වුනු Manmadhudu (2002) චිත්‍රපටයේ දෙවැනි කොටස වනවා. නමුත් බයවෙන්නට කාරියක් නැහැ. පළමු චිත්‍රපටය සහ දෙවන චිත්‍රපටය අතර සම්බන්ධයක් නැහැ. පලවෙනි චිත්‍රපටය නොබැලුවා කියල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ඉතිං පලමුවැන්නේ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ තෙලුගු සිනමාවේ රොමැන්ටික් කිං නාගර්ජුන විසින්. අකිනෙනි පරම්පරාවෙන් පැවත එන මොහු අකිනේනි නාගේශ්වර රාවෝගේ පුතු වනවා. නාගර්ජුන මේ වනවිට වයස 60 වන වියේ පසුවන පුද්ගලයෙක්. එමෙන්ම හැදී දැඩි පුතුන් දෙදෙනෙකුගේ පියෙක්. නමුත් දින අවුරුදු ගණන් කෙසේ ගතවී ගියත් නාගර්ජුන තවමත් අවුරුදු විස්සක විසිපහක පෙනුමක් ඇති කෙනෙක්. එමෙන්ම ශරීර ශක්තියද එසේමයි. තෙලුඟු සිනමාවට බිහිවුනු මේ විශිෂ්ඨ රංගධරයා සමග රංගනයේ යෙදීමේ අවස්තාව රකුල් ප්‍රීත් සිං හට හිමිවන අතර ඇය විසි අට වැනි වියේ පසුවන යුවතියක්. නමුත් මේ දෙදෙනා රිදී තිරයේ කිසිදු වයස් පරතරයකින් තොරව හොඳින් ගැලපෙන බවක් ඔබට මෙය නරඹන විට වැටෙහේවී.

මන්මධුඩු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක් වන චින්මයිගේ සැමියා වන රාහුල් රවින්ද්‍රන් විසින්. මින් පෙර ඔහු අධ්‍යක්ෂණය කර Chi La Sow චිත්‍රපටය ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානයටද පාත්‍ර වූවා. නාගර්ජුන් විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ මෙය අගෝස්තු 09 වන දින තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. බොක්ස් ඔෆිස් ගමන එතරම් හොඳ මට්ටමක නොවුනත් ඉතාමත් විනෝදාත්මක මෙන්ම ආදර්ශමත් චිත්‍රපටයක් ලෙසින් මෙය හැඳින්විය හැකි අතර පවුලේ වටිනාකම මෙන්ම පවුල සමග බැඳී ඇති හැඟීම් සම්බන්ධව හොඳ කතාවක් ඔබට කියාදෙනු ඇති. නාගර්ජුන, රකුල්ට අමතරව චිත්‍රපටය සඳහා වෙන්නිල කිෂෝර්, රාවෝ රමේෂ්, ලක්ෂ්මි, ජාන්සි මෙන්ම ආරාධිත රංගනයෙන් සමන්තා, කීර්ති සුරේෂ්, අක්ෂරා ගවුඩා මෙන්ම බ්‍රහ්මන්නන්දම්ද එක්ව සිටිනවා.

2006 දී තිරගතවුනු ස්පාඥ්ඥ චිත්‍රපටයක් වන I DO (2006) චිත්‍රපටය අනුසාරයෙන් ගොඩනගාගත් කතාවක් පදනම් කරගෙන නිපදවුණු මේ චිත්‍රපටයේ සෑම් කියන පුද්ගලයා සුවඳ විලවුන් නිපදවන්නෙක්. ඔහු වයසින් මුහුපුරා ගිය නමුත් තවමත් විවාහ වී නොමැති නිසා එය සෑම්ගේ පවුලේ අයට හෙන හිසරදයක්. නමුත් සෑම් තමන්ගේ ජීවිතේ විනෝදයෙන් ගත කරන විනෝදකාමී පුද්ගලයෙක් වන අතර ඔහුට විවාහය සහ සම්බන්ධකම් ගැන ඒ හැටි විස්වාසයක් නැහැ. ඕනම කාන්තාවක් වශී කරගැනීමේ හැකියාව ඇති සෑම් කසාද නොබැන්දාට ඒ අඩුව එදිනෙදා හමුවන තරුණියන්ගෙන් පුරවාගන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි. නමුත් සෑම්ගේ පවුලේ අය ඔහුට කසාද බඳින මෙන් දැඩි ලෙස බල කරනවා. මෙක ඉවසගන්න බැරි නිසා සෑම් මේකට පොඩි ගේමක් ගහනවා. ඒ රෙස්ටුරන් එකකදී හම්බවෙන අවන්තිකා (රකුල්)ද හවුල් කරගනිමින්..

ඉතිං එතනින් එහාට මොනවද වෙන්නේ කියල චිත්‍රපටය අරගෙනම බලන්න කියලා ආරාධනා කර සිටිනවා. අවසාන වශයෙන් ආයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පරක්කු උනාට. ඒ වගේම දහරා අක්කට ගොඩක් ස්තුතිවන්ත වෙනවා බාගයක් කරලා දුන්නට. එහෙනම් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා.

ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.

10,071 downloadsDownload Manmadhudu-2-2019.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,071 downloadsDownload Subtitles67 KB

28 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ඔෂද ධනංජය

    ස්තූතියි දෙන්නටම

    1. Sajith Abeysekara

      Thanks for subtitles

  3. NAV33N

    Thnxxxx

  4. indika75

    thanks..

  5. Hasaa3

    බොහෝම ස්තූතියි අයියා................

  6. Rukshan37

    Ela ela

  7. arawindasunimal

    thanks tharaka and muthuama sub ekata jayawewa oba depalata

  8. TharakaWAS

    Thanks for sub...!!!

  9. hkabuddika

    SUpper bro..

  10. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට...... ජයවේවා..

  11. Bandara76

    Thank u very much Nuwan Bro......

  12. Sajithakalanka

    Thank u very much july kaatril sub karanna ko

  13. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ජයෙන් ජය

  14. ප්‍රශාත් මදුෂංක

    thanks

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. hatharasingha

    දක්ශයා

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Lasantharathnasirirox

    තාරකටත් මුතු නංගිටත් බොහෝම ස්තුතියි මේ නිර්මාණය කළාට...ජයවේවා !!

  19. Kanchaka

    Thanks bro

  20. c queen

    legacies season 2 awit tiynwa. pls ekata sub denna puluwnda

  21. Tiger zinda

    niyamai thanks bro...

  22. L.G.T.Dilshan Liyanage

    Tnx brother

  23. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  24. Anoj dinuranga

    Tnx sub ekt

  25. Sachira

    Dn Sub eka Download karata wada karanne na ne poddak balanna puluwn da..?

  26. kaviya

    thanx bro

  27. Anonymous

    thank you.good work

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.