Watch Trailer

October Gale (2014) | ඔක්තෝබර් කුණාටුව… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්. 2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත…

October Gale 2014
මේ සිනමාපට උපසිරැසි යොදන්න මට භාර දුන්නට සමීර චතුරංග සොහොයුරාට මම මුලින්ම ස්තූතිවන්ත වෙනව. මේක නාට්‍යමය, ආදර සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට වැටෙන සිනමාපටයක්.

2014 සැප්තැම්බර් 11 වෙනිද කැනඩාවේ ටොරොන්ටෝ චිත්‍රපට උලෙලේදී ප්‍රදර්ශනය ඇරඹි මිනිත්තු 91ක් පුරා වෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය වගේම ලියල කරල තියෙන්නෙත් Ruba Nadda කියන අධ්‍යක්ෂක වරිය විසින්.මෙහි ප්‍රධාන නිලිය ලෙස The Green Mile (1999), Shutter Island (2010), Friends with Benefits (2011) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Patricia Clarkson රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම ප්‍රධාන නළුවා ලෙස Underworld (2003), Underworld: Evolution (2006), Barefoot (2014) වැනි සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Scott Speedman රංගනයෙන් ධායක වෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සිනමාපටයට 6.0 ක් වැනි හොඳ IMDb අගයකුත් ලැබිල තියෙනව.

හෙලන් මැතිව්ස් යනු ටොරොන්ටෝහි වෛද්‍යවරියකි. ඇය ඇගේ සැමියාගේ මරණයෙන් ශෝකයයට පත්ව තනිව හුදෙකලා දූපතක පිහිටි ඔවුන් දෙදෙනාගේ ජීවිතවල බොහෝ ආදරණීය අවස්ථාවන් ගතකල නිවසකට යනවා. ඒ අතර නන්නදුනන මිනිසෙක්(විල්) වෙඩි උණ්ඩයක් වැදී ලේ ගලමින් ගොඩබිමට ගහගෙන එනවා.ඇය ඔහුගේ තුවාල වලට බෙහෙත් කරන අතර, ඔහු සිදු වූයේ කුමක්ද යන්න කීමට පැකිලෙනවා. ඒ අතර කුණාටුවක් එන අතර ඔවුන් දූපත තුල සිර වෙනව. ඒ අතර විල්ව මරන්න හදන මිනී මරුවා ඔහුගේ කාර්‍යය ඉවර කිරීමට පැමිණෙනවා. හෙලන් සහ විල් එකතු වී ඔහුගෙන් බේරීමට උත්සාහ කරන අතර ඔවුන්ට බේරෙන්න පුලුවන් වේවිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව…

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

October Gale (2014) on IMDb

 

 

708 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F8FD20E8554C8537DA3BE5BE82181F8470D19F62

889 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AFD46073452813CC43AE584DE3F1493F418EA1E5

 

1,619 downloadsDownload October.Gale_.2014.baiscopelk.com_.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,619 downloadsDownload Subtitles46 KB

29 comments

  1. Sach

    සබට තුති සහෝ !!!!!

  2. ධණුෂ්ක

    ඔන්න මම ඉස්සෙල්ලාම බා ගත්තා..
    ගොඩක් ස්තුතියි මචන්..
    හොද ‍ෆිල්ම් එකක් !!

  3. දමිත්

    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය..

  4. නලින්

    ස්තුතියි මාලිංග සහෝ! තවත් රසවත් නිර්මාණ අරන් එමු..!

    ජය වේවා!

  5. isuru

    Sabata Thanks hasantha sahoo!jayawewa!

  6. cs

    Tnkzzzzzzzzzzz so much.........

  7. Kulanjana Maduranga

    niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. Antony Rodrigo

    Thanks saho..

  9. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. ud@IDM

    thanks

  11. ධනු

    එල මචං මේකනම් නියමයි!.
    අනිවා බලන්න ඕනේ

  12. Jack

    නියමයි මචෝ,
    පට්ටම කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  13. thisal

    සුපිරි ඇ තැන්ක්ස් සබට

  14. අරුණ

    නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  15. රවිඳු නිපුන්

    නියම සහෝ...
    තෑන්ක්ස් සබ් එකට!!!

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. lakshan

    උපසිරැසියට තුති……

  18. Chami

    Thanks

  19. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  20. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. indika

    thnq :)

  22. pamuditha

    Thank U වේවා ! ;)

  23. nidi

    thanks a lot! jaya wewa Hasantha.

  24. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  25. wiki

    Thanks

  26. Arjuna Vidanagama

    Please update subtitle to October Gale (2014) 720p BluRay movie

  27. අසිත

    බොහොම පින්.
    ජය වේවා!!!

  28. kavi

    jayama wewaa !!!!!!

  29. Eranga

    Ela wadak saho patta movie ekak thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.