කොහොමද යාළුවනේ, ඔන්න මගේ දෙවන උපසිරැසිය විදිහට, මට හිතුණා තවත් Animation එකක් දෙන්න. අැත්තම කියනවනම් මමත් Cartoon පිස්සෙක්. ඔයාලා දන්නවා ඇතිනෙ පිටසක්වල ජීවීන් ගැන. කවුද ඉතින් නොදන්නෙ. ඔන්න මේකත්, පිටසක්වල ජීවීන් සම්බන්ධ බයිස්කෝප් එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩාක් වෙනස්. 😀 මොකද මේකෙ…

කොහොමද යාළුවනේ, ඔන්න මගේ දෙවන උපසිරැසිය විදිහට, මට හිතුණා තවත් Animation එකක් දෙන්න. අැත්තම කියනවනම් මමත් Cartoon පිස්සෙක්. ඔයාලා දන්නවා ඇතිනෙ පිටසක්වල ජීවීන් ගැන. කවුද ඉතින් නොදන්නෙ. ඔන්න මේකත්, පිටසක්වල ජීවීන් සම්බන්ධ බයිස්කෝප් එකක් තමයි. හැබැයි ටිකක් වෙනස්. ටිකක් කිව්වට ගොඩාක් වෙනස්. 😀 මොකද මේකෙ ප්‍රධාන චරිතය වන Captain Charles T. Baker කියන කෙනා Planet 51 කියන ඇත්තම ජීවීන් ඉන්න ග්‍රහලෝකයකට යන ගමන සහ එයාට සිද්ධවෙන කලබගෑනි ගැන තමයි කතාවෙ අන්තර්ගත වෙන්නේ. මට උපදෙස් ලබා දීපු රොයිලි සහෝටත් ස්තූති වෙනගමන් බයිස්කෝප් එක ගැන කියන්නම්කෝ.
2009 වසරේදී නිර්මාණය කරපු මෙම චිත්‍රපටය Animation, Adventure, Comedy ලෙස වර්ගීකරණය කරලා තියනවා. Comedy කියන්නෙ සුපිරි කොමඩි. 😀 මිනිත්තු 91 ක් පුරා දිවෙන මෙය IMDb Ratings 6.1 ක්ම දිනාගෙන තියෙන්නෙ. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් අහමුකෝ.
මම කලින් කියපු Captain Charles T. Baker ඇමරිකානු අභ්‍යාවකාශ යානයකින් Planet 51 කියන ග්‍රහලෝකෙට ගොඩබහිනවා. වැඩේ කියන්නෙ මේ යානය ගොඩබස්වන්නෙ එක පවුලකට අයත් මිදුලකට. ගෙදර මිනිස්සු බලා ඉද්දිම මේ ලොක්කා ඇමරිකන් කොඩියත් අරන් ඇවිදගෙන ගිහින් මිදුල මැද හිටවනවා. වටපිට බැලුවම තමයි ලොක්කට වැඩේ තේරෙන්නෙ, මෙයා දකිනවා මේ ග්‍රහලෝකයත් පෘතුවියේ වගේම ජීවීන් ඉන්න සාමාන්‍ය ග්‍රහලෝකයක් කියලා. ඇත්තම කිවුවොත් ඒක පොඩ්ඩක් වැරදියි. පෘතුවියට වැස්ස විදිහට වැටෙන්න වතුර වුණාට මෙහෙට වැටෙන්නෙ නම් ගල්ගෙඩි. කොහොමින් හරි බයවෙච්ච පාරට චාල්ස් ගිහින් හැංගෙන්නෙ ග්‍රහලෝකාගාරයක. ඔන්න ඔතනදි තමයි මෙයාට “ලෙම්” කියන පිටසක්වල ජීවියාව මුණගැහෙන්නෙ. හිතාගන්න පුළුවන් නේද නන්නාදුනන දෙන්නෙක් හම්බවුණාම කතාකරන විහිය එහෙම. මේගොල්ලොත් ඒ විදියට තමයි හැසිරෙන්නෙ. අන්තිමට ලෙම් එකගවෙනවා චාර්ල්ස් ව ආයෙත් යානයට එක්කගෙන යන්න. මේ අතරෙදි රසවත් ආදර කතාවකුත් පටන්ගන්නවා.
මේ කිව්වහරිය ඇති නේද. මම හිතන්නෙ ඔයාලා මේ බයිස්කෝප්එක මීට කලින් නරඹලත් ඇති. ඒත් ඉතින් සිංහල උපසිරැසි එක්ක නරඹලා නැතුව ඇතිනේ. එහෙනම් බයිස්කෝප් එක නරඹන්න කියලා ආරාධනා කරමින් මම අදට සමුගන්නයි හදන්නේ. මතක ඇතුව බාගත කරනගමන් Comment එකකුත් දාගෙනම යන්න. මීට කලින් ඔයාලා එවපු Comments දැකලා තමයි මේකට උපසිරැසි දෙන්නත් මට ධෛර්යයක් ආවේ. එහෙනම් නැවත හමුවනතුරු හැමෝටම බුදුසරණයි!
2010 පෙබරවාරි 20 පළවූ ලිපිය.
ඔන්න මේ සුමනේ අපේ පොඩි නංගිලා මල්ලිලාට ගේන චිත්‍රපටියයි මේ. මේක නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් හොඳ පිටපතක් එනකම් බලාගෙන හිටියා ඔයාලට දෙන්න. මෙහෙමයි කතාව.
දැන් අපි හැමෝම බලල තියෙන පිටසක්වල ජීවීන් ඉන්න බයිස්කෝප් හැම එකකම වගේ වෙන්නේ එකම දේනේ. පෘථිවියට මොකක් හරි තූත්තුකුඩියක තියෙන ග්‍රහ ලෝකෙකින් පිටසක්වල ජීවින් එනව නේ. ආවම මාර සීන්. ඕක ඉතින් මම කියන්න ඕනෙ දෙයක්යැ, අපේ බයිස්කෝප් පාඨකයොන්ගේ චිත්‍රපටි සාක්ෂරතාවය මම දන්නව.
මේ කතාවෙ වෙන්නේ ඕකෙ අනික් පැත්ත. Planet 51 ( පෘථිවියේ Area 51 වගේ.. ) කියල හඳුන්වන ග්‍රහලෝකෙක මිනිසුන් වගේම හැසිරීම් රටාවක් තියෙන ජීවින් තමයි ඉන්නේ. අතිශයයින්ම සාමාන්‍යයයි. ඔය අතරේ “ජනප්‍රිය” ගගණ ගාමියෙක් වෙන Captain Charles T. Baker සුපුරුදු පරිදි තම “ග්‍රහ”ගවේශණයේ යෙදෙනවා. චරිතයට හඬ ලබා දෙන්නේ අපි කවුරුත් දන්න Dwayne Johnson. Captain Charles කියන්නේ “ඇඩ්” රජෙක්.. ඉතින් මෙයා කිසිම ගේමක් නැහැ කියල යන මේ ගමනේ දී හමු වෙන පිටසක්වල ජීවීන් දැකල ෆුල් හොල්මන් වෙනවා. දැන් මොහු ඒ ග්‍රහ ලෝකෙට පිටසක්වලින් පැමිණි ජීවියෙක් වෙනවා. කතාවේ ගැඹුරු අදහසක් නැතුවාම නොවෙයි හොඳේ. Captain Charles හා සාමාන්‍ය පිටසක්වල කොළුවෙක් වෙන Lem අතරේ සිදුවෙන දේවල් දැක්කම පැලෙන්න හිනා වෙන්න පුලුවන්. මම මීට වඩා මුකුත් කියන්නේ නැහැ. මෙතනින් පෙර දසුන් බලන්න. එළ!
2edcd73a72a435b2235e8dc2e4a25301d46d51bb ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,672 downloadsDownload Planet.51.2009.baiscopelk.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/ගයාන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් ලක්ෂිත (gliger)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් ලක්ෂිත
Subtitles
58 comments
asitha perera
මලිත්
ela ela baganna onee denma
කණිෂ්ක
පට්ට ෆිල්ම් එක.. මාත් බලල තියේ.. බය නැතුව බාන්න..
Aravinda
මරු film එක හොදට හිනා වෙන්න පුලුවන්
kathu
ගින්දර වගෙ..!! පිච්චෙන්න ඉස්සරවෙලා බෑවා... Thank you
Malindu
mage lagath godaak films thiyenawa.
abt 1000 english movies..
me site ekata kohomada upload karanne??kohoma unath lankawe apita me site eken godak loku sewayak wenawa....
hemotama godaak thanx.....!!
Akila
thanks bro,hoya hoya hitapu film ekak.
හසී
බාමි......දැන් තමා ආවේ....රෑ 12 ට වුනත් ගෙදර ආපුගමන් බලන්නේ දාලා තියෙන අලුත්ම ෆිල්ම එක මොකක්ද කියලා......
vipula lasantha
hodai
rachiyo
මම බාමි.ඔබ?
/බිඟුවා...!
ada baluwea.. dan thamaa mea post eka dakkea..
ela.
ඩිලාන්
එනකම් බලන් හිට්යෙ.....බොහොම ස්තූතියි...මාත් බාන්න දැම්මා... :D
මහේෂ් රාජසූරිය
හෙනම් බාමු.
lol
machan puluwannan Raan hindi film ekai my name is khan film ekai dapan
sw7x
මෙක හොඩ කතවක් කියල අහන්න ලබුන
එල එල
බන්න ඔනෙ
මන් බලුවෙ hd riපෙක බාඅනවද dvd rip එක බානවද කියලසාඅහෙන්න වතුර බොන්න වෙන ප්‍රස්නයක්
anthr6x
එල ෆිල්ම් පොඩ්ඩ. මම බලලා තියනවා. මරේ මරු.
Uraj Deemantha
ඔන්න බාන්න දැම්මෝ......!! :)
රන්දික පෙරේරා
ඕං... ඉතින් මම අයිත් ආවා.
මේක නම් නියමම කථාවක් ආයි අහන්න දෙයක් නෑ.. මම මේක 3න් 4තර පාරක්ම බැලූවා.ස්තූතී...
ජය වේවා...!!!
hemantha samarakoon
මමත් බාන්නයි කල්පනා කළේ . . . .
හැබැයි ඕකට සිංහල උප සිරැසි දැම්මනම් තමා මරු . . .kathu
මෙ torrent එක ටිකක් upset වගෙ.. Seed කරන්නෙ නෑනෙ.. දවසක්ම දාලා තිබිලත් බෑවිලා තියෙන්නෙ 1.5%... මොකද කරන්නෙ..??
ඉන්දික
ඔන්න ඔහොම තමයි ඉන්න ඔනෑ මේ දවස්වල මගේ පොඩිඑකී ට බලන්න අලුත් කාටුන් එකක් නැති නිසා හවසට ගෙදර ගියහම ප්‍රශ්ණ ගොඩයි මේ *ිල්ම් එක දුන්ට බොහොම ස්තුතියි
DjAT
ya meka sira film 1ka bala balapalla maxa fun Podihitiyanta special :P
AL1717
Bala Thiyenne Thama Beluwe Ne Machan
Thankss!!ebhathiya
banawa eth slow ne :P
Uraj Deemantha
මම බාලා ඉවර වෙලා පැය 48ක් සීඩ් කරා ඉස්සර..... :D නමුත් දැන් ඔෆිස් යන නිසා, හවස 7 ඉදන් උදේ 6 විතර වෙනකම් සීඩ් කරනවා සතියක් විතර .....!! :)
ඩීජේ NeT
බෑවා...... පට්ට ෆිල්ම් එකක් නෙ... තැන්ක් යූ වේවා....!!
maleesha
thnkz....wal pal nathuwa lipiyata one tika witharak liuwama athi....godak friendly wenna hthan liyanna epa
පොතේ ගුරා
පට්ට ෆිල්ම් එක..මමත් ඊයෙ බැලුවෙ..! බලපු නැති අයට කියන්න තියෙන්නෙ දැන්ම බාගන්න කියල තමයි :)
Anonymous
mama thama baluwe na eka nisa balalama kiyannan
ranesh
ela film ekak kiyala kattiya kiyanawa mamath dl karagannawa ane shrek forever after,toy story 3 dennako habai hoda badu denna
Ramraj
මට මේක බලන්න බැරි උනා. බාන්න ඕන.
Diya
meke sinhala sub nadda?
jayanandana
ganna bahe seedersla nahe wage, ane hadapalla machan ,,plzzzz
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
--------------------------------------------------------
:) --------තුති……. :)dilan k
macho ... meke sinhala sub ganan be kohomada ganne
pls.helpsAM
ko bng meeke sinhala sub??
channa
meke sub banna bene
wmcsubhash
thankz saho,animation films gdak ewit tiynne dn ekmnta awatat sub denna saho
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේකත් බැලෙයිද කියන්න නම් බෑ බන්
කෝම උනත්
සබට තුති
ඔබට ජය........Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa.....
thisal
තැන්ක්ස් මච්න් පට්ට ඇ ඇනිමෙශන් සුප්පහ්
Amila
thank u supiri
me
Thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████isuru
thnxx....
Advertisement

Mama meka beluwa.. patta film ekak