හිම වැටෙන සීතලම සීතල හිමාචල් ප්‍රදේශයෙ පිහිටල තියෙන පුංචි ගමක් තමයි බනිකේත් කියන්නෙ. සරල විදිහට ජීවත් වෙන දුප්පත් මිනිස්සු ඉන්න වැඩිය පහසුකම් නැති ඒත් ගොඩක් ලස්සන කඳු වලින් වටවුනු ගමක්. මේ ගමෙ පොඩි ලමයෙක් ඉන්නවා. අපේ කතානායිකාව, බිනියා. උදේ පිපුනු මලක් වගේ ලස්සන අහිංසක පොඩි කෙල්ලෙක්. දවසක් බිනියට හ…

හිම වැටෙන සීතලම සීතල හිමාචල් ප්‍රදේශයෙ පිහිටල තියෙන පුංචි ගමක් තමයි බනිකේත් කියන්නෙ. සරල විදිහට ජීවත් වෙන දුප්පත් මිනිස්සු ඉන්න වැඩිය පහසුකම් නැති ඒත් ගොඩක් ලස්සන කඳු වලින් වටවුනු ගමක්. මේ ගමෙ පොඩි ලමයෙක් ඉන්නවා. අපේ කතානායිකාව, බිනියා. උදේ පිපුනු මලක් වගේ ලස්සන අහිංසක පොඩි කෙල්ලෙක්. දවසක් බිනියට හම්බ වෙනව අරුම පුදුම වස්තුවක්.දෙනියෙ ඉන්දැද්දි ඒක බිනියව හොයා ගෙන එයා ගාවටම එනවා. ඒ තමයි නිල් අහසෙ පාටින් බැබලෙන ලස්සන කුඩයක්. කුඩේ අතට අරගෙන හැඩ බලද්දි අයිතිකාරයො එනව කුඩේ හොයාගෙන. ජපන් සංචාරකයො කට්ටියක්. කුඩේට ආස වෙන බිනියා ඒක ගන්නව එයාගෙ වලස් නියපොතු මාලෙ දීල. ඉතින් පුංචි බිනියා මේ ලස්සන කුඩෙත් අරගෙන ගම පුරාම ඇවිදිනවා යාලුවොත් පිරිවරාගෙන. මේ අරුම පුදුම කුඩේ දැකල ගමේ අයට ඊරිසියත් හිතෙනවා. එයලටත් ඕනෙ වෙනව ඒ වගේ කුඩයක්. එයාල බිනියගෙ කුඩේ සල්ලි වලට ඉල්ලනවා. ඒත් අපේ බිනියා නෙවෙයි කුඩේ දෙන්න කැමති වෙන්නෙ. ලස්සන කුඩෙ බිනියාගෙ ජීවිතේ වගේ. ඒ තරමට කුඩේට ආදරෙයි. ඕනෙ කරදරේකදි කුඩේ තමයි පිහිටට එන්නෙ. කුඩේ නිසා බිනියා ගමට වීරයෙක් වෙනවා.
ඒත් එක දවසක් හැන්දෑවක, වැහැගෙන එද්දි සීතල දෙනියෙ මුදුනෙදි බිනියගෙ ඒ වස්තුව හොරකම් කරනවා.එකම එක්කෙනෙක් ගැන විතරයි බිනියාට සැක හිතෙන්නෙ. ඒ තමයි කඩේ මුදලාලි, නන්දිකිශෝර්. මොකද එයාට තමයි වැඩියෙන්ම මේ කුඩේ ගන්න ඕනෙ උනේ.ඒත් බලද්දි එයා ගාවත් මේ කුඩේ නෑ. ටික දවසක් යද්දි ගමට තවත් ඒ වගේම කුඩයක් එනවා. ඒ නන්දිකිශෝර්ගෙ කුඩේ. හැබැයි මේ කුඩෙ රතු පාටයි. මේ රතු පාට කුඩේ නිසා නන්දි කිශෝර්ට ගොඩක් කරදර සිද්ද වෙනවා.
ඉන්දීය ළමා සාහිත්‍යයේ පුරෝගාමියෙක් වූ Ruskin Bond ගේ කෙටි කතාවක් වූ The Blue Umbrella (1980) ඇසුරෙන් නිපදවූ මේ ළමා චිත්‍රපටිය IMDb අගය 7.7 ක් ලබා ගන්නා අතරම 2005 වසරෙදි හොඳම ළමා චිත්‍රපටියට හිමි ජාතික සම්මානයත් දිනා ගන්නවා. ඒකාකාරී චිත්‍රපට අතරින් වෙනස්ම ආරක් ගත් කතාවක් ලෙස හැඳින්විය හැකියි. අධ්‍යක්ශනය, නිශ්පාදනය, කතාව සහ සංගීතය සියල්ලම Haider, Dedh Ishqiya, Ek Thi Daayan, Mathru Ki Bijlii ki Mandola, Omkara, Makdee වැනි සම්මානනීය චිත්‍රපටිවලට දායක වූ Vishal Bharadwaj විසිනුයි.
ඒ වගේම ජනප්‍රිය කාව්‍යමය ගී පද රචකයෙකු වන Gulzar ගේ පද රචනයෙන් හැඩ වූ ළමා ගායිකා Upagnaa Pandya සහ Sukhwindhar Sing විසින් ගායනා කරන ගීත කිහිපයකුත් තියෙනවා.
මෙහි නන්දිකිශෝර්ගෙ චරිතයට පන පොවන්නේ දශක ගනනාවක් චිත්‍රපටිවල සුලු චරිත රග පෑ Pankaj Kapoor (Shahid Kapoor ගේ පියා) විසිනුයි. බිනියාගෙ චරිතය නිරූපනය කරනු ලබන්නේ Shreya Sharma විසින්.රංගනයක් යැයි සිතිය නොහැකි තරමට ඔවුන්ගේ
රංගනයන් ඉස්මතු වී පෙනෙනවා. ඒ වගේම වෙනත් චිත්‍රපටි වල දක්නට නොලැබෙන ආකාරයේ ස්වාබාවික අව්‍යාජ ගැමි බවක් ඔවුන්ට ලබා දීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම වැඩිය අහන්න නොලැබෙන ගැමි බාශාවක් තමයි මේ කතාව පුරාවටම තියෙන්නෙ.
ඉතින් ලොකු කුඩා සැමට එක සේ නරඹන්න පුලුවන් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු.
9E960210A31E3E7588A4291E8BAC9E99665153B4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,139 downloadsDownload The.Blue_.Umbrella.2005.baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
31 comments
කුමාරසිරි,පී.එල්.
Vithanage Priyantha Dayakeerthi
මෙවැනි එකකට උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි!
මෙවැනි චිත්‍රපට ඕනෑම කෙනෙකුට, ඕනෑම කාලෙක බලන්න පුළුවන් ඒවා.
මේවාගෙ ඒවා කරන අය අඩු නිසා ඔයාට විශේෂ තැනක් තියෙනවා මේ වෙබ් අඩවියේ. ඒ ගැන ආඩම්බර වෙන්න.
සම්මානලාභී ඒවම කරන්න. නිහඬව වුවත් ඒවා රසවිඳින අය ගොඩක් ඉන්නවා.
ඒ පිරිස වෙනුවෙන් මගේ මේ කොමෙන්ටුව.
hewath
දහරා මුතු අමා ස්‍තූතියි ඒත් මේ වගේ මූසල කතා නැතුව සුපිරි ක්‍ර්‍යාදාම සහිත ඒවා කරන්නකෝ the man with the iron fist 2.. hallo 2 වගේ ඒව්ත් ආපු එකේ සහෝ
සනා
යකෝ ක්‍රියාදාම විතර ද ලෝකේ තියෙන්නේ......
මූසල කතා??? අනේ ප# නන්නානේ....
sha
oyage 7500 katawanam maru e wage ewa karannko.me wage chaatar film natiwa
aparadene oyage mahansiyat sahodariyaSIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
සම්භාවනීය කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!“චූටී මල්ලි”
විවිධ අය විවිධ අදහස් දිලා තියෙන්නෙ
මම නම් මෙවැනි එකකට සබ් කිරිමෙ කිසිම
වැරැද්දක් දකින්නෙ නෑ
මොකද මේවගෙ ෆිල්ම්ස් බලන අයත් ඉන්නවා
ඒක නිසා පොඩ්ඩක්වත් සැලෙන්න එපා
කෝම උනත්
සබට තුති
ඔබට ජය........Kulanjana Maduranga
niayamai…Great work & Lot of thanks DAHARA Sis..sub ekata..digatama sub demu.jaya wewa.....
ගුජුම්පියෝ
ඕක tv එකේ ගියා අපෝ මල ජරා low budget විකාරයක් මටත් තිබ්බනම් කැමරාවක් ඔය වගේ ෆිල්ම් ඇති තරමක් හදන්න පුලුවන් දහරා සහෝදරිය ලෝක සිනමාවේ සුපිරි බයිස්කෝප් එකට මගහැරුනු ඒව තව තියෙනවා සහෝදරියගේ මහන්සිය ඒ වෙනුවෙන් වෙන් කල හැකිනම් බොහෝ අගය කරනවා මමනම් .ඒ මොන දේ උනත් සබ් එකක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕන හදපුවාම ආත්ම තෘප්තිය හැර වෙන ලාබ ප්රෝයෝජනයක් නෑ .ඒ නිසා මේ කටයුතුවල ඔබට පින්
Soori
දහරා මුතු අමා සහෝදරිය ව අධෛර්යමත් නොකර, කරුණාකර ඔබට බැරිද ඔය කියන සුපිරි ෆිල්ම් එකකට සිංහල උප සිරැසියක් හදලා දෙන්න. මේ වගේ අගනා ළමා චිත්‍රපට නරඹන පිරිසකුත් බයිස්කොප් වටා ඉන්න බව අමතක කරන්න එපා. ඒ අයටත් ඉඩක් දෙන්න. ඒ අය වෙනුවෙන් මේ උපසිරැස හදපු දහරාටත් හුඟක්ම ස්තුතියි....!
දහරා, ඔබ සැලෙන්න එපා ! විවිධත්වයක් සහිත ව උපසිරැසි ගෙනෙන එක හුඟක් හොඳයි. ඒ සියළු ප්‍රේක්ෂකයන් ඔබ සමඟයි !
ඉදිරියටත් තව තවත් සිංහල උපසිරැසි කරන්නට ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා !!! ස්තුතියි !
sameera balawardana
නියමයි අමා .. දිගටම කරගෙන යමු.. විවිධ comments තිබුනට ඔයා සැලෙන්න එපා .ඔබට ජය .
shamantha
අපරාදේ data ටික... කාලෙකට පස්සේ බලපු මුසල මස්තබාල්දු කතාවක්.
අරුණ
නියමයි,,, ලස්සන කතාවක් වගේ,,, ස්තුතියි,,, අපිනම් කැමති මේ වගේ drama films වලට,,, ජයවේවා,,
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
අමුතු තේමාවන් රැගත් චිත්‍රපටි අරගෙන එන ඔයාව එවැනි චිත්‍රපට බලන අයට ගොඩක් වටිනවා.
wකරන වැඩේ දිගටම කරගෙන යමු.
ආ... කියන්නම ඔනේ, සිංහල කතා කරන ගුජුම්පියෝ කෙනෙක් දැක්කමයි මේ. :-D
හා හා. එකත් හොදයි. රැවුල නැති ගුජුම්පියෝලා ලංකාවෙත් ඉන්න එක. :-P
සබට තැන්ක්ස්.
ජය වේවා. !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sisiya
චිත්රපටිරස විඳින්න නොදන්නා උන් කියන කතා ඔයා ගණන් ගන්න එපා මුතූ මේක නියම ෆිලුමක්..
madu
සුභපැතුම්.,,, ස්තුතියි
kasun dhanushka
nice film & great sub sis.good luck.....
Amalka
සබට තුති සහෝදරී දිගටම සබ් කරන්න
Jack
සබ් එකට බොහෝම ස්තුතියි නංගියේ.
ඔයා දිගටම වැඩේ කරන්න.
ඔය එක එක බයියන්ගේ කතා ගණන් ගන්න එපා.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.Sisira Hegoda
ආදරනීය දහරා ඔයා මේ කතාව ට සබ් දුන්නේ බලන අයට පහසුවක් වෙන්නටයි. ඒවගේම මේ වගේ චිත්‍රපට අපට හඳුන්වා දෙන්නටයි. අපි කැමතිනම් බලනවා. අකමැතිනම් නිකන් ඉන්නවා. ඒත් අපි ඔයාලව දිරිමත් කරනවා අඩුම ගනනේ ස්තූතියි කියලා කමෙන්ටුවක් දාලා. අපිට කරන්න පුළුවන් ඒ දේ විතරයි. ඔයා සමහරු මොනවා කීවත් සැලෙන්න එපා. සමහරු තෝර මාලු කෑවට සමහරු කරවල කනව නේ. ඔයා ඔයා ගෙ හිතට එකඟව වැඩ කරන්න. අපි ඔබව හැමදාම අගය කරනවා. සබට ස්තූතියි.
Isuru
මම මේ ෆිල්ම් එක ඊයේ බැලුවා. මමනම ආසයි මේ වගේ වෙනසක් තියන කතා බලන්න. ඉතාමත් හොඳ අර්ථවත් සිනමා නිර්මාණයක්. කතාවේ අවසානය හරිම සංවේදියි. කලාතුරකින් නරඹන්නට ලැබෙන සුන්දර චිත්‍රපටියක්. ඉදිරියටත් මෙවැනි හොඳ කතා බයිස්කෝප් එකෙන් ගෙන ඒමට ඔබට තව තවත් ධෛර්යය ලැබේවා. ඔයාට පුළුවන්ද "Mary Poppins (1964)" ෆිල්ම් එකට සබ් දෙන්න. මම කිහිප දෙනෙකුටත් කිව්වා එයට සබ් දෙන්න කියලා. ඒත් තාම මේකට කව්රුවත් උපසිරැසි කලේ නෑ. ඒකත් ඔය වගේ ලස්සන කතාවක්.
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. හැමෝගෙම කැමැත්තවල් වෙනස් හින්දා ඔයා කැමති දේට උපසිරැසි දැම්මහම බලන්න අය කොහොමත් ඉන්නවා. මෙන්න බාගත කරගන්නවා. ජය෴෴ :P :P
නයන
බොහොම ස්තූතියි දහරා සොයුරියට. හැමෝගෙම කැමැත්ත එකම නෙවෙයි. කෙනෙක් කැමති එකකට තව කෙනෙක් අකමැති වෙන්න පුලුවන්. ඒත් මේ වගේ අපේ රසවින්දනය වෙනුවෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ආත්ම තෘප්තිය සඳහා කැප කරන කාලය මහන්සිය කොච්චර අගේ කලත් මදි. බොහොම ස්තූතියි. මේ වගේ film බලන්න ආඅස අයත් ගොඩක් ඉන්නවා. ඒ වෙනුවෙන් දිගටම දෙන්න. ඔයාගෙ මහන්සිය අපරාදයක් නෙවෙයි. අපි ඒක ගොඩාක් අගය කරනවා.
DDSameera
නිවාඩු කාලෙට අපේ ලමයින්ට ලස්සන චිත්‍රපටියක්..මේකෙන් ළමා මනසට ලස්සට කතා කරලා තියෙනවා..ස්තූතියි ඔයාගේ මහන්සියට..ඒක අපතේ ගිය නැහැ..
chandana
බොහොම ස්තූතියි මුතූ මේක එක පාරක් සිරසෙ පෙන්නුවා හරියට බලන්න නම් උනෙ නෑ කොහොම උනත් ගොඩාක් හොද ෆිල්ම් එකක්
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████niro
Thnx sizzy... ඔයා කථාව විස්තර කරලා තියෙන විදියට එක නොබලා ඉන්න හිතෙන්නෙ නෑ. ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි අමා :P ජය
වරුණ රංගජිත් (වරූ)
විවිධාකාර කමෙන්ට් ඇවිත් වගේ නේ..
කෙසේ වෙතත් මමත් මේක බාමි
මේවගේ ඒවට ඉදිරියටත් සබ් දෙමු
උපසිරැසියට තුති
ජයෙන් ජයම වේවා..SUBHA
බොහොම ස්තුතියි ..දිගටම කරගෙන යන්න....
Advertisement

බොහෝ ම ස්තූති මුතූ උපසිරැසියට. මේක බාගෙන කාලයක් වෙනවා. උපසිරැසි නැතිනිසා බැලුවේ නෑ. බොහොම ස්තූති.