Watch Trailer

The Lego Batman Movie (2017) with Sinhala Subtitles | ලෙගෝ බැට්මෑන්… . . [සිංහල උපසිරැසි සමඟ]

ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ මේ ලෙගෝ බ්‍රික් වලිනුත් ගොඩක් දේවල් හදන්න පුලුවන්. ඒ වගේම කාලෙන් කාලෙට එක එක තීම් වලින් මේ ලෙගෝ…

 

ලෙගෝ කිවම ලංකාවේ අයට නම් ගොඩක් නුපුරුදු වචනයක් වෙන්නැති. හැබැයි පිටරට අයට නම් ලෙගෝ කියන්නේ බාල මහලු හැමෝම කැමති බ්‍රික් ජාතියක්. ඒ කියන්නේ අර අපි පොඩි කාලයේ කෑලි කෑලි අමුනලා සෙල්ලම් ගෙවල් හදන්නේ. ඒ වගේ මේ ලෙගෝ බ්‍රික් වලිනුත් ගොඩක් දේවල් හදන්න පුලුවන්. ඒ වගේම කාලෙන් කාලෙට එක එක තීම් වලින් මේ ලෙගෝ බ්‍රික් එනවා. ලංකාවට නම් එන්නෙම නැද්ද මන්දා. කොහොම හරි ලෙගෝ බ්‍රික් කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක් වුනා.

ඉතින් මේ ලෙගෝ කියන බ්‍රික් පාදක කරගෙන 1970 වල පවා පොඩි පොඩි විඩියෝ කෑලි හැදිලා තිබුනා. හැබැයි 2003දි තමයි එයාලගේ මුල්ම නිල විඩියෝ එක වුන Bionicle: Mask of Light නිෂ්පාදනය කලේ. ඊට පස්සේ කාලෙන් කාලෙට එක එක ප්‍රසිද්ධ කතා පදනම් කරගෙන ලෙගෝ වීඩියෝ එයාලා හැදුවා. Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League, Lego Scooby-Doo! Haunted Hollywood, Lego DC Comics Super Heroes: Justice League: Gotham City Breakout වගේ කතා තමයි එයාලා නිර්මාණය කලේ. ඉතින් ඊට පස්සේ ලෙගෝ ඉතිහාසයේ අලුත් පෙරලියක් ඇති කරමින් වොනර් ඇනිමේෂන් සමාගම එක්ක එකතු වෙලා ලෙගෝ කම්පැනිය 2014 දී ලෙගෝ ෆිල්ම් එකක් නිකුත් කලා. ඒකෙ නම වුනෙත් The Lego Movie කියලමයි. ඉතින් ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය නිසා මෙයාලා ආයෙමත් ලෙගෝ ෆිල්ම් එකක් හදන්න තිරණය කරලා තිබුනා. ඔයාලා දන්නවනේ ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක් හදන්න තියෙන අමාරුව. ඉතින් ඒ නිසා පළවෙනි ෆිල්ම් එකෙන් අවුරුදු 3කට පස්සේ තමයි අද මම මේ ඔයාලට අරගෙන ආවා The Lego Batman Movie නිකුත් වුනේ. ඔන්න ඉතින් කෙටියෙන් මම ඔයාලට ලෙගෝ ෆිල්ම් වල ඉතිහාසය ගෙනාවා. ඒ වගේම කියන්න ඕනි ලෙගෝ කියලා ගොඩක් ප්‍රසිද්ධ ගේම් එකකුත් තියෙනවා. ලෙගො බ්‍රික් ලෝකයේ වගේම ඒකෙත් ගොඩක් චරිත තියෙනවා වගේම ගොඩක් දේවල් හදලා තියෙනවා. ඒ ගැන මෙහෙම කියන්න බෑ, ඒ ගැන දැනගන්න නම් ගේම් එක සෙල්ලම් කරලම බලන්න වෙනවා.

මම කරපු ටිවි සිරියස් ඉවර වුන නිසා අහම්බෙන් වුනත් මට මේ ෆිල්ම් එකක් කරන්න ලැබුනා. ඒ ඉතින් අපේ හසා අයියා නිසා තමයි. සබ් එක ගොඩ කාලයකට කලින් කරලා ඉවර වුනත් ලිපියක් ලියලා මේල් කරන්න බැරිවුන නිසා සයිට් එකේ සබ් එක පලවෙන්න ගොඩක් කල් ගියා. ඇත්තම කතාව වැඩත් එක්ක මේ සබ් එක යවන්න තියෙනවා කියලා අමතක වෙලාම ගියා. කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න මම ඔයාලට සබ් එක අරගෙන ආවා. ෆිල්ම් එක ගැන ටිකක් කිවොතින් ෆිල්ම් එකේ නමේ විදියටම මේ කතාව පාදක වෙලා තියෙන්නේ බැට්මෑන් කතාවත් එක්කයි. බැට්මෑන්ගේ ප්‍රධාන හතුරා ජෝකර්නේ. ඉතින් ජෝකර් බැට්මෑන් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එයා බැට්මැන්ගෙන් ප්‍රශංසාව ගන්න තමයි මේ හැම නරක වැඩක්ම කරන්නේ. හැබැයි ඉතින් බැට්මෑන්ට නම් ජෝකර් ගැන ගානක්වත් නැති විදියට තමයි ඉන්නේ. ඒක ඉතින් ජෝකර්ට අල්ලන්නේ නෑ. ඒ නිසා එයා අපරාධ කරන එක නවත්වනවා. එතකොට ජෝකර් මොකද කරන්නේ? ඒකෙන් බැට්මෑන්ට මොනවා වෙයිද? ජෝකර් මේ මොකාටද එන්න හදන්නේ කියලා අපි මේ කතාවෙන්ම බලමු. කියන්නම ඕනි මේ කතාව සාම්ප්‍රදායික බැට්මෑන් කතාවකට වඩා ගොඩක් වෙනස් වගේම ගොඩක් ජෝක් වලින් පිරුණු කතාවක්. ඉතින් ඒවා කොයි තරම් හොදයිද කියලා ඔයාලම බලලා තිරණය කරන්න… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

 

The LEGO Batman Movie (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

 

8,268 downloadsDownload The-Lego-Batman-Movie-2017.zip139 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,268 downloadsDownload Subtitles139 KB

43 comments

  1. gihan

    Thankz bro..pirate of the caribbean 5 eke sub ekaa denna puluwanda bro

    1. lahiru

      Link ekal naddap o c 5

  2. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි.
    සහෝ පුලුවන්නම් Watchmen (2009) සබ් දෙන්න බලන්න.
    ජය වේවා!

  3. Udara Damith B/K

    ස්තූතියි....

  4. Pasindu

    Download karala godak kal sub aka anakan හිටියා patta. සුපිරි ගින්දර .

  5. එල්.සී. දමැල්

    මේකට ගොඩක් හිනා යනවා කියලා ආරංචී... බොහොම ස්තුතියි සබ් එකට...
    ජය...

  6. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    දවස් ගානක් මේක ඉල්ලලා කමෙන්ට් දැන්ම සහො. ඒ තරම් ආසවෙන් හිටියේ බල්න්න. සහෝගේ හැම වැඩකටයුතුක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඇරෝ,ෆ්ලෑශ් වලට කලින් තව සබක් දෙන්න සහෝ පුලුවන්නම්..
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

  7. මිස්ටර් බ්‍රෝ

    හම්මෝ...දැන් තමයි මේක බලලා ඉවර වුනේ.මේක ආපු බව දැනගත්ත ගමන්ම සබ් එක බාගෙන බැලුවා.කතාව බලාගෙන යනකොට මට ටිකෙන් ටික ආස හිතුනා.කොච්චර ආස හිතුනද කියනවනම් මාරම ෆන් හොදේ.

    සබට තැන්කූ වේවා බ්‍රෝ....

  8. සක්වල මිතුරා

    අම්මෝ එනකන් බලන් හිටියේ එලම සහෝ,,,,,...........

  9. චරිත්

    හම්මෝ මේ තියෙන්නෙ.. බොහෝම ස්තූතියි .. ජයවේවා සහෝදරයා ..

  10. monarawila

    thankyou ...me film eke sub eka denna puluwanda Serendipity (2001)

  11. Hitha honda kolla

    අඩේ Last Ship උඹ කරහන් අගෝස්තු එනවා.
    අලුත් උන්ට නම් දෙන්න එපා.
    උන් සබ් කනවා.

  12. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා..

  13. lahiru

    sub eka play wenne na

  14. Gathsara Umesh Kumara

    Kavindu ayya mov ekk karnwa dkmyi....niymyi niymyi bohoom sthuthiy ayye.......
    Me me..kath wk iwr na hodee..thw emm thynawa...October wl hamuwemmo...

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. Ishan

    Thanx machn

  17. Sohan Harshana

    කාලයක් තිස්සෙ බලාගෙන හිටියෙ මේක එනකම් තමයි. Lego හින්දා අතහැරලා දැම්මද කියලත් හිතුව. නියමයි සහෝ . දිගටම මේ වගේ සුපිරි movies වලට සබ් දෙන්න .
    ජය වේවා.෴

  18. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  19. Mangala

    නියමායි අම්මෝ ඇතියන්තම් මතක්වුනා බයිස්කෝප් එකේ මේක සර්ච් කරල කරල ඇති වෙල හිටියෙ ගොඩක් ස්තූතියි පැතුම් සහෝ කොහොම හරි සබ දුන්නනෙ එච්චරයි ගොඩක් පින් මෙ කරන වැඩෙට ඔයලට පොඩි ඉල්ලීමක් තියෙනව පුලුවන්නම් කාටහරි කියලහරි Hidden Figures ෆිල්ම් එකට සබක් කොටල දෙන්න ෆිලුම බාගෙන මාස ගනක් වෙනව මට පුදුමත් එක්ක මේකට සබක් කරන්න පරක්කු මොකද කියල මරු ෆිලුමක්නේ කොහොමහරි සලකල බලන්නකෝ බුදුසරණයි.

    1. අසිත

      aththa saho

  20. අසිත

    elama saho thanks

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Viraj tharuka

    Thanks bro!!

  23. Chalana

    thnx bro... film ekak karanawa dakkamai

  24. kamal

    හම්මෝ දීලා නේද??
    දෙනකම් බලගෙන හිටියේ..

    lego වල තියෙන ආතල් ..,
    මතක් වෙනකොටත් පිස්සු වගේ,,

    ස්තුතියි සහෝ.,,

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  27. ashan lankanath

    thanks ...........................................................................good luck

  28. Chami.S

    Thanks..
    Good Luck..

  29. dissanayaka sanjeewa

    ela ela thank you

  30. සචින් කෙවින්

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ. හෙන ආතල් මේක. ට්‍රේලර් එක එහෙම. අනිවවා බෑමක් තමයි. එල සහෝ. දිගටම කරගෙන යමු :)

  31. Rusith Mendis

    ela aa

  32. suu

    සබ් එකට ස්තූතියි සහෝ.............දිගටම සබ් දෙමු..ආ......... ජයෙන් ජය....

  33. keshan

    thanks bro

  34. Gaga

    බොහොම ස්තූතියි..
    කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.

  35. AB

    Thanx bro

  36. Vjyrg

    Thanks

  37. Assident

    Thanks!

  38. chanuka_rox

    Thanx subtitles ekata

  39. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තුතියි උපසිරැසියට. ජය වේවා!

  40. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️

  41. Nuwan Prasad

    Upasirasy download karanna dennene

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.