කොහොමද යාලුවනේ ඉතින් අද මං අරන් එන්නෙ 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසියයි.මේ චිත්‍රපටය ඇත්තෙන්ම නිර්මාණය වෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පාදක කරගෙන.ඒ ගැන කිව්වොත් Lilly Brooks Dalton විසින් රචිත Good Morning Midnight නමැති විද්‍යා ප්‍රබන්ධය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය ව…

කොහොමද යාලුවනේ ඉතින් අද මං අරන් එන්නෙ 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසියයි.මේ චිත්‍රපටය ඇත්තෙන්ම නිර්මාණය වෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පාදක කරගෙන.ඒ ගැන කිව්වොත් Lilly Brooks Dalton විසින් රචිත Good Morning Midnight නමැති විද්‍යා ප්‍රබන්ධය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.
Good Morning Midnight නවකතාවෙහි කවරය
නවකතාව රචනා කළ Lilly Brooks Dalton
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් දායකත්වය ලබාදීලා තියෙන්නෙ මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදෙන ඇකඩමි සම්මානලාභී George Clooney විසින්.චිත්‍රපටය බෙදාහැරීමෙන් දායකත්වය දීලා තියෙන්නෙ Netflix ආයතනය විසින්.නමුත් මේ චිත්‍රපටය Netflix වෙබ් අඩවියේ ප්‍රදර්ශනයට කලින් ලොව වටා සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමෙන් ඩොලර් 62,557 ක ආදායමක් ලබාගන්නට සමත් වෙනවා. කෙසේ වෙතත් මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 5.4 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 51% ක අගයක් ලබාගන්නට සමත්වෙනවා.George Clooney,Tiffany Boone,Kyle Chandler වැනි නළු නිළියන් රැසකගේ රංගනයෙන් වර්ණවත් වන මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 118ක්.
කතාව ගැන කිව්වොත් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙනවා.ඒ කියන්නෙ කාත් කවුරුත් නැති ග්‍රහලෝකෙක තනිවෙනවා කියන එක ඉතින් අමුතුම දෙයක්නෙ.මං මේ කිව්වේ ජීවින් නැති ග්‍රහලෝකයක් ගැන නෙවෙයි.පෘථිවිය ගැන.මොකද මේ කතාවේ පෘථිවිය වායු දූෂණය වෙලා ජීවත්වීමට කොහෙත්ම සුදුසු නැති තැනක් බවට පත්වෙලා තියෙන්නෙ.ඒත් අපේ මහාචාර්යවරයා ඒ කියන්නෙ ඕගස්තීන් ලොෆ්ට්හවුස් K-23 කියලා ජීවත්වීමට හැකියාව තියේවියැයි බලාපොරොත්තුවක් තියෙන ග්‍රහලෝකයක් ගැන පරීක්ෂණ කිරීමට කණ්ඩායමක් යවනවා.ඔය අතරේ පෘථිවිය ජීවත්වීමට කොහෙත්ම සුදුසු නැති තැනක් වෙනවා.අනිත් මිනිස්සු ආරක්ෂිත බංකර් වලට ගියත් මෙයා යන්නෙ නෑ.මොකද මිනිස් සංහතිය පවත්වාගන්න ඕනි නම් එකම විසදුම K-23 කියලා ඕගස්තීන් දන්නවා.ඒ හින්දා K-23 ග්‍රහලෝකය ජනාවාස කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මෙයාට පොඩි යාලුවෙක් හම්බුවෙනවා.ඒ යාලුවා කවුද? මෙයාගේ උත්සහය සාර්ථක වේවිද? අවසානය තෙක් ත්‍රාසය,භීතිය වැනි බොහෝ දේ අඩංගු මේ චිත්‍රපටය බලන්නකො එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,100 downloadsDownload The-Midnight-Sky-2020.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
14 comments
Sanjaya Abeysundara
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Malaka prasad
thnxx bro su b ekata jaya wewa baiscope.....
jagath55
Thanks
lakshan
thanks brooooooooooooooo
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
mindika
Thanks !!!
Anonymous
Thanx bro.Good luck...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුදු නෝනා
.☻♥☻
/█\ /█\
.| |. .| |.ආදරෙ ආදරෙ ආදරෙ ආදරෙ ආදරෙ මැට්ටෝ පැලෙන්න මං
මීට සුදුමැට්ටිMalith Samarawickrama
Thanks bro sub ekata
Dewadithya
Thanks for sub!
Advertisement
![The Midnight Sky (2020) Sinhala Subtitles | මිනිස් සංහතිය වෙනුවෙන් තනි මිනිසෙක්…. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/the-midnight-sky-2020.jpg)


Thanks saho sub ekata. Jaya Wewa..!!