Watch Trailer

Trois Couleurs: Red (1994) aka Three Colors Rouge with Sinhala Subtitles | සහෝදරත්වය….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසක් ගිහින් හරි ඔන්න මේ සුදානම Trois Couleurs සිනමා පට ත්‍රිත්වයේ අවසාන (මින් පෙර Trois Couleurs: Bleu (1993) හා Trois Couleurs: White (1994)) වගේම අතිශයසාර්ථකම සිනමා පටය ඔබ වෙත අරගෙන එන්න. මේ සිනමා පටය නිර්මාණය කලින්ම අධ්‍යක්ෂකවරයා වුන Kieslowski කියලා තිබ්බා මේක ඔහුගේ අවසාන චිත්‍රපටය වන බව,…

ටික දවසක් ගිහින් හරි ඔන්න මේ සුදානම Trois Couleurs සිනමා පට ත්‍රිත්වයේ අවසාන (මින් පෙර Trois Couleurs: Bleu (1993) හා Trois Couleurs: White (1994)) වගේම අතිශයසාර්ථකම සිනමා පටය ඔබ වෙත අරගෙන එන්න. මේ සිනමා පටය නිර්මාණය කලින්ම අධ්‍යක්ෂකවරයා වුන Kieslowski කියලා තිබ්බා මේක ඔහුගේ අවසාන චිත්‍රපටය වන බව, දෛවයේ සරදමට වගේ එය එසේම වුනේ ඔහු 1996 මරණයට පත් වීම නිසාවෙන්. ඔහුගේ සිනමා ජීවිතය තුල ඔහු සිනමාපට 41 අධ්‍යක්ෂණය කර තියෙනවා. 

මේ චිත්‍රපටයේ කතා තේමාව වෙන්න සහෝදරත්වය, නමුත් අමුතුම ආරකින් තමයි මේ කතාව ගලා යන්නේ, වැලන්ටින් (අපේ ප්‍රධාන චරිතය) අතින් බැල්ලියක් අනතුරට පත් වෙනවා, ඒ මාර්ගයෙන් තමයි ඇය විශ්‍රාමික නඩුකාර තුමා හඳුනා ගන්නේ. නමුත් ඔහු අමුතුම කෙනෙක්, ඔහු අසල්වැසියන්ගේ දුරකථන සංවාද හොරෙන් ඇහුම්කන් දෙන්න හුරු වුන කෙනෙක්…ඒ ඇයි ? වැලන්ටින් හා ඔහු හාත්පසින්ම වෙනස් මිනිස් චරිත දෙයක් නමුත් කතාවේ අවසානය යනකොට ඔබට දැනෙයි ඔවුන් කොයිතරම් සමාන වෙනවද කියලා මොකද මේ කතාවේ අපිට කතාව කියන්න හමු වෙන තවත් චරිත කිහිපයක් ඉන්නවා ඔවුන් තමයි චිත්‍රපටයේ කතාව මවන්නේ…. වැලන්ටින් හා නඩුකාරතුමා මේකේ ප්‍රධාන චරිත වුනත් ඔවුන් වටා යාමක් වගේ දෙයක් මේක තුල සිද්ධ වෙනවා. ඊට වඩා දෙයක් කියන්න යන්නේ නැහැ හරිම අමුතු කතාවක් නිසාවෙන්.

අනික් කතා දෙක එකක් තියන සම්බන්ධය ගැන කතා කරනවා නම් මේ වතාවෙත් අර වයසක කාන්තාව ප්‍රතිචාක්‍රීයකරණය වෙනුවෙන් බෝතලයක් දැමීමට උත්සාහ කලත් ඇය අපොහොසත් වෙනවා, නමුත් කලින් වගේ නෙමෙයි මේ වතාවේ අපේ කතා නායිකාව ඇයට උදව් කරනවා, ඒ තමයි සහෝදරත්වය. මුල් තවාවේ ජුලී අඩුම තරමේ ඇය දකින්නේවත් නැහැ නමුත් අපි දකිනවා, ඒ තමයි නිදහස… ඇය අනිවාර්යයෙන්ම කාන්තාව දැකිය යුතු නැහැ ඒ ඇයගේ අයිතිය. දෙවැන්නේ කැරොල් අදාළ කෙනා දැක්කා වුනත් දුක්කදායි සිනහවක් පානවා පමණයි ඒ ඔහුත් තමුන්ට අවශ්‍ය දේ ලබාගත නොහැකි තැනක ඉන්නේ. ඔවුන් සමානයි… කලින් වගේම මේ වතාවේ රතු වෙර්ණය ආලෝක කරණය තුල විශාල වශයෙන් දැකගන්න පුළුවන්.

ඒ වගේමයි මේ වතාවේ ඔබට දකින්න ලැබෙනකොට පොඩ්ඩක් අවධානයෙන් බලන්න අපේ ප්‍රධාන චරිත කිසිම අවස්තාවක එකම තලයේ නෙමෙයි ඉන්නේ. එක අයෙක් ඉදගෙන නම් අනික් කෙනා හිටගෙන, ඒ වගේමයි බිදෙන විදුරු වගේම දුරකථන සංවාද හොඳින් අහගෙන ඉන්න. ඒ වගේමයි නඩුකාරතුමා කියන කතා එකක් මෙහි දකින අනික් එක චරිතයක ජීවිතය සංසන්දනය කරන්න ඔබ මවිත වෙන බවට කිසිම සැකයක් නැහැ.

එහෙනම් IMDB 8.1 ක් වගේ විශාල අගයක්, රෝටන් ටෝමාටෝ 100% වගේ අතිශය විශාල පැසසුමක් ලද මේ චිත්‍රපටය ඔස්කා සම්මාන 3 වෙනුවෙන් පවා නිර්දේශ බලන්න සමත් වුනා. ඒ තමයි අධ්‍යක්ෂකවරයා තමුන්ගේ ජිවිතයේ ලද එකම ඔස්කා නිර්දේශයන්. ඊට අමතරව සමාන 12 ක් ලබාගන්නත් සමත් වෙලා තියන මේ නිර්මාණයේ අපිට පෙනන මුහුණ වෙන්නේ, Irène Jacob, Jean-Louis Trintignant, Frédérique Feder, Jean-Pierre Lorit වගේ පිරිසක්. එහෙනම් මම මෙතනි නතර වෙනවා ඔබට භාරයි අවසාන චිත්‍රපටයෙන් මේ කතා ත්‍රිත්වයට සමු දෙන්න. නැවතත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !

පා.ලි.

ගැලපෙන ටොරන්ට් පිටපත කලින් චිත්‍රපටයේ පිටුවෙන් බලාගන්න පුළුවනි.

 

          Trois couleurs: Rouge (1994) on IMDb

 

 

Three Colors Red (1994) 720p BRRiP x264 AAC පිටපත සඳහා උපසිරැස අදාල වේ.

819 downloadsDownload Trois-Couleurs-Red-1994.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

819 downloadsDownload Subtitles56 KB

14 comments

  1. කලු සජිත්

    thanks sub ekata.obata jayawewa!!!# ekath dannako.

  2. mithun

    මම මෙ හොදවයින් දෙකක් කියන්න කියල උන්නෙ වෙන වෙන ෆිල්ම් ගෙනාව කො මෙකෙ අනික කියල.. තැනක්ස් බ්‍රො පොරොන්දු උනා වගෙ අන්තිම මුවී එකත් උපසිරැසි ගැන්නුවට . නිවාඩුව..තව මුවී ටිකක් තියෙ එකත් බලල , මෙකත් බලන්න ඔනෙ.. ගුනාත්මක බාවයෙන් යුත්ත මුවී කවදත් අගයනව. නියම මුවි ටික

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  4. isuru

    ela mchn

  5. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Batta

    මේකට සම්බන්ද අනිත් චිත්‍රපට කියුවේ මොනවද?

  8. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. කලු සජිත්

    # eka denna

  10. Chami

    Thanks

  11. wiki

    obata bohoma stuthiyi

  12. wiki

    විශිෂ්ඨ නිර්මාණයක් රස විදින්න සලසපු ඔබට බෙහෙවින් ස්තුතියි ....!

  13. Gayan Chathuranga

    Thanks saho!

  14. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.