ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙ…

ඔන්න ඉතින් ආයෙත් ලස්සන ආදර කථාවක් අරගෙන ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආවා..ඉස්සල්ලම සමාවෙන්න ඕනි මේක දෙන්න හිටියෙනම් පෙබරවාරි 14 වෙනිදට දෙන්න ඉවර කරනව කියල හිතාගෙන. ඒත් කොහෙද වැඩ අස්සෙ ඉවර කරගන්න බැරිවුනා.. ඉතින් ඉස්සෙල්ලම ස්තූති වන්ත වෙනව මට මේකට උපසිරසි කරන්න වෙන් කරල දුන්නට බයිස්කෝප් ටීම් එකටයි, විශේෂයෙන් සිසිල ප්‍රසාද් අයියටයි. පරනයි කියල අතාරින්න එපා පාසල් කාලේ මතක් කරවන ලස්සන ආදර කථාවක් තියෙන්නේ.
- කාණ්ඩය : Drama, Romance
- අධ්‍යක්ෂණය : Gautham Menon
- රංගන ශිල්පීන් : Jiiva, Samantha , Santhanam
- කථාව රචනය : Reshma Ghatala
- ධාවන කාලය : 153 min
- විකාශණය : 14 December 2012
- IMDB අගය : 6.5/10
මේ චිත්‍රපටය ගලායන්නේ, පුංචි කාලේ පටන් දන්න අදුනන කොල්ලෙක් හා ලස්සන ගැහැණු ළමයෙකුගෙයි අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් මුල් කරගෙනයි. මේක ඉන්දීයාව තුළ අතිශයෙන් ජනප්‍රිය න සිනමා සිතුවමක් කියන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිත ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Jiiva (Varun Krishnan) ලෙස රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Samantha Ruth Prabhu (Nithya Vasudevan) ලෙස රංගනයෙන් දායක වේ. මිට අමතර උප ප්‍රධාන චරිතයක් ලෙස Santhanam (Prakash) රංගනයෙන් දායක වන අතර දමිළ සිනමාවේ ප්‍රවින නලු නිළියන් රැසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා.ආදර කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි තිබේ.
කථාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් වරුන් ඔහුගේ හොදම මිතුරා වන ප්‍රකාශ් සමග දිනක් විශ්ව විද්‍යාලයෙහි තිබෙන සංස්කෘතික වැඩසටහනකට සහභාගි වීමට යන අතර තුර වරුන් හට දැකගන්නට ලැබෙන්නේ ඔහු කුඩා කල සිට (අවුරුදු 08) ආදරය කල තමාගේ හොදම යහළුවා නර්ථයක යෙදෙන අයුරුයි. එය දැකීමෙන් ඔහු ඉතා කුතුහලයට පත්වන අතර, එතැන් සිට ඔහු ඇය ගැන සෙවීමට පටන් ගන්නේ වසර ගණනකින් පසු දෙනොම වෙන් වී සිටි බැවිනි. පසුව ඔවුන්ගේ කුඩා කාල වල සිද්දීන් ඔස්සේ දෙනො අතර නැවතත් ආදර සම්බන්ධයක් ඇති කරගනී. දෙනොම නිතරම රණ්ඩු වීමෙන් ඔවුන්ගේ ආදර නිතර බිද වැටීමට ලක්වේ. අවුරුදු 08 ඉදන් බලාපොරොත්තු තියන්, එකටම පාසල් ගිය, කොලේජ් ගිය දෙනොම අවසානයේ මොනයම් හේතු නිසා ආදර සම්බන්ධතාවය නැති කර ගනීද? අවසානෙට ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවස්ථාව ලැබෙයිද කියල බලන්න අපුරු කතා තේමාවක් තියෙන මේ ලස්සන චිත්‍රපටිය ඔයාලා හැමෝටම හොද චිත්‍රපටියක් වේවි.විශේෂයෙන් මේ මොහොතේ මම මතක් කරන්න ඕනි මාහට උදව් කල රිස්නාස් සොයුරාත්..
තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකම් තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
6,748 downloadsDownload Neethaane-En-Ponvasantham-2012.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Editor's Pick
- #Jiiva
- #Must Watch
- #Samantha Ruth Prabhu
- #Santhanam
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Tamil
- #උදය සමන් කුමාර
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
45 comments
R_deshan
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
අවස්ථාවක් ලැබුනොත් Nandha (2001) movie එකටත් sub දෙන්න.......
ජයවේවා ........maikee
තැන්ක්ස් ලස්සන කතාවක් මෙක. මං ටිවි එකෙ බලලා තියෙනවා එත් දැන් මතක නැ ආයි බලන්න පුලුවන් දැන්. එල
R_deshan
හැබැයි සබ් දීල තියෙන්නෙ tamil එකට උනාට දාල තියෙන්නෙ මේකෙ telugu version එකේ poster එකක්
තාරක නුවන් දිල්හාර ©T
රොයිලි අයියා කාලෙකට කලින් කරලා ඉල්ලපු ෆිල්ම් එකක්..
ඔන්න එහෙනම් ගෙනල්ලා..
ස්තුතියී උදය සහෝ සබ් එකට
ජයෙන් ජය..!!wmcsubhash
oya mekata sub eka denakal blan hitiya,thanks saho sub ekata,sub ekak krrnna oya krna kepawima mn dnnwa saho,oyta twa twat shakthiya lebenna kiyla wagema oyge hema wedakma sarthaka wenna kiyla mn prarthana krnwa
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
අත ඇරිලා තියෙන පරණ චිත්‍රපටි වලටත් සබ් දෙනවට බොහොම ස්තුතියි සහෝ ..!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
හරිම ලස්සන ෆිලුමක්. මාත් මේකට සබ කරන්නම් කියලා හිටියේ.
කොහෙද තෙලුගු වලට හිර වුනානේ. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Dimuthjayasooriya
Godak thaku saho..awurudu ganak sub hoyapu film ekak..issrahatath mehema sub karnna.jayen jayama wewa..
Supun dilshan
ane deviyo download karagena inne awuruddak thisse sub ekak naha english ekak hari me wadetanam godak pin digatama sub karapan jaya
britney sara
අද මේක බැලුවෙ..බොහොම ස්තුතියි..
පොඩි දෙයක් කියන්නම් , ඔයාගෙ සැලකිල්ලට ගන්න..දෙන්නෙක්ගෙ coversation එකක් එකම වාක්‍යයෙ ගොඩ ගහන්න එපා.. පුළුවන් නම් , ප්‍රායෝගිකව හැකියාවක් තියෙනව නම්, දෙන්නට වෙනස් වර්ණ දෙකක් භාවිතා කරන්න..
ජය සහ දිරිය!!!
Udaya Saman
ඕ්ක අසා ලිවීමක් තමයි කරේ..බොාහාම ස්තූතියි අන්න එහෙම අඩුපාඩු කියන්න, ඒව නිවැරදි කරල දෙන්නම් ඉදිරියට...
EPF
Godak Sthuthi me movie ekata sinhala subs dunnata.godak kalayak balan hitiya mekata sub enakal.
Advertisement
![Neethaane En Ponvasantham (2012) Sinhala Subtitles | ඔබයි මගේ රන් වස්සානේ [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Neethane-En-Ponvasantham-2012-1.jpg)
අම්මෝ පිං සිද්ධ වෙනව මේකට සබ් දුන්නට....කාලයක් තිස්සෙ search කර කර බලනව ඒත් සබ් එකක් දාල නෑ.ගොඩක් ස්තූතී සහෝ ජය වේවා!!!