Watch Trailer

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles | මාස්ටර් ඔෆ් කුංග්-ෆු [සිංහල උපසිරැසි]

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැ…

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. කවුද මේ Shang-Chi කියන්නෙ? බහුතරයක් සිනමා රසිකයන්ට මේ Shang-Chi කියන නම එතරම් හුරු පුරුදු නමක් නම් නෙමෙයි. හැබැයි, දැඩි කොමික් රසිකයෙක් නම් Shang-Chi කියන නම දැනගෙන නොහිටියා වෙන්න බැහැ වගේම, ඔබ මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට උනන්දුවෙන් නැරඹූ කෙනෙක් නම් 2008 වර්ෂයේ ඉඳන් මාවල් චිත්‍රපට කිහිපයක් තුලින් Shang-Chi ගැන විටින් විට දීපු ඉඟි බිඟි නොදැක්කා වෙන්න බැහැ. අපි ඒ හැම දෙයක් ගැනම හිමීට කතා කරමු. සුපුරුදු විදියට මේකත් දීර්ඝ ලිපියක් වේවි. වැඩි විස්තර දැනගන්න කැමති අය ඉවසීමෙන් පහලට කියවගෙන යන්න ආරාධනා කරන ගමන්, ඉවසීමක් නැති අය කෙලින්ම පහලට ගිහිං සබ් එක අරගෙන ගියා කියලා කිසිම අමනාපයක් නැහැ. එහෙනම්, අපි කෙලින්ම වැඩේට බහිමු.

70 දශකය කියන්නෙ කුංග්-ෆු, මාර්ෂල් ආර්ට්ස් පිලිබඳව ලෝකය පුරාම උන්මාදයක් පැතිරිලා ගියපු කාල සමයක්. මෙයට ප්‍රධාන හේතුවක් උනේ වෙන කවුරුවත් නෙමෙයි, අපි හැමෝම හොඳට දන්න කියන, සටන් කලාවෙ පුරාවෘත්තයක් වෙන බෲස් ලී. බෲස් ලී ගේ සටන් කලාවන් මිනිස්සු කොච්චර ආදරයෙන් වැලඳගත්තද කියනවානම්, මාර්වල් කොමික්ස් වලටත් අවශ්‍ය උනා මාර්ෂල් ආර්ට්ස් සහ කුංග්-ෆු සටන් කලාවන්ගෙන් පරතෙරටම ගිය සුපිරි වීරයෙක් සිය කොමික් රසිකයින්ට හඳුන්වා දෙන්න. මේ සිතුවිල්ලෙ ප්‍රථිඵලයක් විදියට තමයි Steve Englehart සහ Jim Starlin යන දෙදෙනා අතින් Shang-Chi කියන චරිතය නිර්මාණය වෙලා, 1973 දෙසැම්බර් මාසයෙදි Special Marvel Edition #15 තුලින් මුළු ලෝකයාටම මේ සුපිරි වීරයාව හඳුන්වා දෙන්නෙ. Master of Kung-Fu, Brother Hand, Commander Hand කියන නම් වලිනුත් Shang-Chi ව හඳුන්වනවා. ඒ වගේම, Shang-Chi කියන්නෙ Five Weapons Society, Avengers, Agents of Atlas, MI-6, Freelance Restorations, Marvel Knights, Heroes for Hire, Secret Avengers, Protectors, Underground කියන කණ්ඩායම් සමගින් වැඩ කල කෙනෙක්. Shang-Chi ගෙ සමීපතම සගයින් තමයි Clive Reston, Black Jack Tarr, Leiko Wu, Iron Fist, Sword Master කියන සුපිරි වීරයින්. දැන් අපි බලමු Shang-Chi ට තියෙන බලයන් සහ හැකියාවන් පිලිබඳව.

Steve Englehart, Jim Starlin සහ Special Marvel Edition #15

 

10) Acrobatics

සාමාන්‍යයෙන් සුපිරි වීරයෙක් කිව්වම කරණම් ගහන්න පුළුවන්, නම්‍යශීලී ශරීරයක් නෙමෙයි පිහිටන්නෙ. හැබැයි, Shang-Chi කියන්නෙ කිසිසේත්ම සාමාන්‍ය සුපිරි වීරයෙක් වගේ නෙමෙයි. ඔහුට තියෙන්නෙ මනාව පාලනය කිරීමට හැකියාව සහිත, නම්‍යශීලී ශරීරයක්. මේ නිසාම Shang-Chi ට පුලුවනි වෙඩි උණ්ඩ, බ්ලේඩ් තල ආදී සියළුම ආයුධ වලින් තමන්ගෙ ශරීරය මග හරවා ගන්න. ඒ වගේම, මේ සුපිරි නම්‍යශීලී ශරීරය නිසා වහලවල් හරහා නිදහසේ ගමන් කරන්න, දැවැන්ත පිම්මක් පනින්න වගේ අපූරු හැකියාවන් පවා ලැබිලා තියෙනවා. Shang-Chi ගේ මේ හැකියාව සම කරන්න පුලුවන් කැප්ටන් ඇමරිකා සහ ඩෙයාර්ඩෙවිල් කියන චරිත වලට විතරයි කියලයි කොමික් හි සඳහන් වෙන්නෙ.

9) Master Of Weapons

කොමික් ගත්තාම ඉලෙක්ට්‍රා, ඩෙයාර්ඩෙවිල්, කොලීන් වින්ග් වගේ චරිත නිපුණත්වය ලබන්නෙ ඒ අයටම නිශ්චිත වූ ආයුධ වලට. නමුත්, මේ Shang-Chi කියන චරිතය සියළුම ආකාරයේ අවි ආයුධයන් හැසිරවීම ප්‍රගුණ කරලා තියෙනවා. ඒ සියළුම ආයුධ අතරින් කඩුව සහ නංචක්කුව භාවිතය පිලිබඳව පරතෙරටම ගිය කෙනෙක් තමයි Shang-Chi කියන්නෙ. ඒ වගේම, Shang-Chi කියන්නෙ තමන්ගෙ අතට පත්වෙන ඕනෙම දේකට අනුවර්තනය විය හැකි කෙනෙක්. ඔහුගේ දෑතට ලැබෙන ඕනෙම දෙයක් මාරාන්තික විය හැකිය. කොටින්ම කියනවානම් Shang-Chi ට තියෙන්නෙ මාරාන්තික දෑතක් විදියට තමයි කොමික් පොත පතෙහි සඳහන් වෙන්නෙ.

8) Warrior At Peace

බොහෝ මාවල් සුපිරි වීරයින්ගෙන් Shang-Chi වෙන් කරන ප්‍රධානතම කාරණාවක් තමයි, Shang-Chi ට හැකියාව තියෙනවා සටනකදි වුණත් සාමයෙන් සිටින්න. අයන් ෆිස්ට් සහ ඩෙයාර්ඩෙවිල් යන චරිත සටනකදි ඉහළ මට්ටමකින් සිටින්න සෙන් බුදු දහමේ මූලධර්ම අනුගමනය කරනවා. නමුත්, ඒ හැමෝටම වඩා, අවිවාදයෙන්ම මේ කර්තව්‍යය සඳහා මාවල් විශ්වයේ සිටින දක්ශතමයා තමයි Shang-Chi. මෙමගින් සන්සුන්ව, පැහැදිලි මනසකින් යුක්තව සිය සතුරාට මුහුණ දීමට ඔහුට හැකියාව ලැබෙනවා. නමුත්, මෙයින් අදහස් වෙන්නෙ Shang-Chi ට සටනකදි කේන්ති යන්නෙ නෑ කියලවත්, ඔහු සටනකදි සිය චිත්ත වේග පෙන්වන්නෙ නෑ කියලවත් නෙමෙයි. ඔහුට පුළුවන් තමන්ව පාලනයේ තියාගෙන සටනෙහි යෙදෙන්න.

7) Pressure Point Precision

ලාංකීය සටන් කලාවෙ නිල බලලා ගහනවා කියන්නෙත් මෙන්න මේක තමයි. හරි තැනට ගැහුවොත් එක පාරක් ඇති මැරිලා වැටෙන්න. Shang-Chi ට හැකියාව තියෙනවා සතුරගෙ ශරීරයේ උපරිම වේදනාවක් ලැබෙන ස්ථාන, සතුරාගෙ ශරීරය දුර්වල කරන්න පහර දෙන්න ඕනෙ ස්ථාන වටහාගෙන, අතිශය නිරවද්‍යව එම පීඩන ලක්ශ්‍යය වලට ක්ෂණිකව පහර දෙන්න. චිත්‍රපටයේ ට්‍රේලර් පලයේදී ඇතැම් විට ඔබ දකින්න ඇති කුඩා කාලයේදී Shang-Chi පුහුණු කරන කාමරයේ පසෙකින් ශරීරයේ පීඩන ලක්ෂ්‍යයන් දැක්වෙන මිනිස් රූපයක් එල්ලා ඇති ආකාරය. මාවල් විශ්වයේ මේ හැකියාව සහිත සුපිරි වීරයන් දෙදෙනෙකු පමණයි සිටින්නෙ. ඒ, අයන් ෆිස්ට් සහ ඩෙයාර්ඩෙවිල් පමණයි. නමුත්, ඔවුන් දෙදෙනාත් මෙම හැකියාව අතින් Shang-Chi ට වඩා ගව් ගාණක් පසුපසින් සිටින්නෙ. කොමික් හි සඳහන් වෙන ආකාරයට Shang-Chi විසින් පරක් ස්පයිඩර් මෑන් හටද මෙම ක්‍රමය උගන්වා ඇති නමුත්, මෙහි ප්‍රවීනයෙක් වීමට ස්පයිඩර් මෑන් අසමත් වී ඇති බව සඳහන් වෙනවා.

6) Complete Control Over His Own Body

Shang-Chi කියන්නෙ තමන්ගෙ ශරීරයේ අංශුවක් අංශුවක් පාසා පාලනය සියතට අරගෙන සිටින චරිතයක්. ඔහුට පුළුවන් ඔහුගේ ශරීරයේ මාංශ පේශී ඔහුට අවශ්‍ය ආකාරයට පාලනය කරන්න. ඒ වගේම, හදිස්සියේ හෝ විෂක් ශරීරගත වුවහොත් ඔහුට හැකියාව තියෙනවා රුධිර ප්‍රවාහය පාලනය කරලා විෂ පැතිරීම අවම කරන්න. ඒ වගේම, තමාගේම හෘද ස්පන්දනය නියාමනය කිරීම, තම ශරීරයෙන් රුධිර වහනය මන්දගාමී කිරීම, වේදනාවට හිරිවැටෙන පරිදි තම ශරීරයේ ස්නායු පද්ධතිය පාලනය කිරීමේ හැකියාවන් පවා Shang-Chi සතු වෙනවා.

5) Mastery Of The Senses

සැබෑ රණශූරයෙක් මෙන් Shang-Chi ද සිය ඉන්ද්‍රියයන් පහම ප්‍රගුණ කර ඇති අතර, ඒවා සිය ආයුධයන් ආකාරයෙන් ඔප දමා තිබෙනවා. කෙනෙක් තම පෙනීම මත සම්පූර්ණයෙන්ම යැපීම අනුවණකමක් ලෙස Shang-Chi සලකනවා. අතිශය තියුණු ශ්‍රවණ හැකියාවක් සහ ගඳ-සුවඳ දැනීමේ හැකියාවක් සහිත Shang-Chi ට, වුල්වරින් සහ ඩෙයර්ඩෙවිල් ආකාරයෙන්ම ඉලක්කයන් පසු පස හඹා යෑමේ හැකියාව සහිතයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු කරුණක් නම්, වතාවක් Gorgon සමග ඇති වූ සටනකදි Shang-Chi විසින් අඳුරු කාමරයක් තුල Gorgon සමග සටන් වැදී ඇති අතර, මෙහිදී Gorgon පලා ගිය අතර, ද්වන්ධ සටනින් Shang-Chi ජයගත් බව කොමික් හි සඳහන් වෙනවා.

Gorgon

4) Chi Control

අයන් ෆිස්ට් සහ වික්ටර් අල්වාරෙස් හෙවත් පවර් මෑන් මෙන්ම Shang-Chi හටද ඔහුගේම චී ශක්තියක් සහ එම චී ශක්තිය පාලනය කිරීමේ හැකියාවකින් සහිතයි. අයන් ෆිස්ට් සහ වික්ටර් අල්වාරෙස්ගේ චී ශක්තිය තරම් Shang-Chi ගේ චී ශක්තිය ප්‍රබල නොවූණත්, එමගින් Shang-Chi හට ශක්තිය, කඩිසර බව සහ දරා ගැනීමේ හැඛියාව ලබා දී තිබෙනවා. එමෙන්ම මෙම චී ශක්තිය තුලින් Shang-Chi ගේ සටන් කලාවට අධි මානුෂීය බලයක් සහ විනාශ කිරීමේ හැකියාවක් ලබා දී තිබෙනවා.

 

3) Master Of Kung Fu

පරතෙරටම ගිය කුංග්-ෆු දැනුම තමයි Shang-Chi සතු වටිනාම වත්කම. Shang-Chi ගේ කුංග්-ෆු සටන් හැකියාව කෙතරම්ද කියනවා නම් ඔහුට හැකියාව තිබෙනවා සිය ශරීරය එක තැනක නිශ්චලව තබාගනිමින් අයන් ෆිස්ට් සහ බ්ලැක් පැන්තර් සමගින් සටන් කරන්න. ඒ Shang-Chi ගේ සුපිරි බලයන් හෝ වැඩි දියුණු කරන ලද හැකියාවන් ප්‍රයෝජනයට නොගනිමින් හුදෙක්ම කුංග්-ෆු පමණක් යොදාගනිමින්. Shang-Chi මේ සියල්ල ලබාගෙන තිබෙන්නෙ කුඩා කල පටන් පැවති දැඩි කැමැත්ත, කුසලතාව සහ බුද්ධිය උපයෝගී කරගනිමින්. මාවල් කොමික් හි ශ්‍රේෂ්ඨතම සටන් කරුවන් අතර පෙරමුණේම සිටින Shang-Chi ගේ සටන් දර්ශණය පුරාවෘත්තයක් ලෙස සලකනු ලබනවා.

2) Power Of The Pym Particles

කොමික් හි සඳහන්ව ඇති ආකාරයට හොං-කොං ආසන්නයෙහි මැඩ්රිපූර් නගරයම සිය හිස මත තබාගෙන සිටි දැවැන්ත මකරෙකු සමගින් සටන් වැදීමට Shang-Chi විසින් Pym Particles සහ සිය කුංග්-ෆු සටන් හැකියාව යොදාගෙන තිබෙනවා. මෙම Pym Particles යනු Shang-Chi සතු ස්භාවික බලයක් නොවන නමුත්, එමගින් සිය කුසලතාවයන් ඔප්නංවා ගනිමින් දැවැන්ත මකරාව පරාජය කිරීමට ඔහු සමත්වී තිබෙනවා. Pym Particles ගැන නොදන්න කෙනෙක් නම් ඇවෙන්ජර්ස් අවසාන චිත්‍රපටය සහ ඈන්ට් මෑන් චිත්‍රපට නැරඹුවානම් ඒ ගැන දැනගන්න පුළුවන්.

1)  Kung Fu Army

Shang-Chi හට තමන්ගේම අනුපිටපත් නිර්මාණය කරගනිමින්, තමන්ගේම හමුදාවක් නිර්මාණය කරගැනීමට හැකියාවක් ඇති බව කොමික් හි සඳහන් වෙනවා.

හරි. එහෙමනම් Shang-Chi ට තියෙන බලයන් සහ හැකියාවන් 10ක් පිලිබඳව අපි දැනගත්තා. මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕනෙ, කොමික් වල ඉඳලා MCU Version එකට එද්දි යම් යම් වෙනස්කම් වෙන්න පුළුවනි. මොකද, කොමික් වල තියෙන දේ 100%ක් ඒ ආකාරයෙන්ම යොදාගන්නෙ නැහැ සමහර චිත්‍රපට වලදි. ඒකත් මතක තියාගෙනම අපි එහෙනම් ඊලඟ කාරණාවට යමු.

මොකද හිතෙන්නෙ උඩ පින්තූර තුන දකිනකොට? මොනවහරි මතක් වුණාද? මේ ලිපිය ලියනකොට මතකද මං කිව්වා 2008 වර්ෂයේ ඉඳන් Marvel ලා චිත්‍රපට කීපයකදි මේ චිත්‍රපටය ගැන ඉඟි දුන්නා කියලා? ඔබට මතක නැත්නම් කලබල වෙන්න එපා. මං එකින් එක මතක් කරන්නම්. පලවෙනි පින්තූරේ අයිති වෙන්නෙ Iron Man (2008) චිත්‍රපටයට. එතනදි Iron Man ව පැහැර ගන්නවා යම්කිසි ත්‍රස්ත සංවිධානයක් විසින්. ඒ වගේම, ඒ පින්තූරයේ පසුබිමින් ඔබට පෙනෙනවා ඇති වලලු වලින් සමන්විත ධජයක් බිත්තියේ එල්ලලා තියෙනවා. ඒ තමයි, එම ත්‍රස්තවාදී සංවිධානයේ ධජය. ත්‍රස්තවාදී සංවිධානයේ නම Ten Rings. හෝව්… හෝව්… පොඩ්ඩක් ඉන්න! Ten Rings කිව්වා? මේ චිත්‍රපටයේ නමටත් Ten Rings කියන කෑල්ලක් තියෙනවා නේද? එතකොට Iron Man එකේ කියන Ten Rings ත්‍රස්තවාදී සංවිධානයයි, මේ චිත්‍රපටයේ Ten Rings කියලා තියෙන එකෙයි සම්බන්ධයක් තියෙනවද? සැබවින්ම ඔව් මිත්‍රවරුණි. ඒ Ten Rings සංවිධානයම තමයි මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙත්. ඒ වගේම, දෙවනි පින්තූරයෙන් Iron Man දෙවනි චිත්‍රපටයට අදාලව ඔබට බලාගන්න පුළුවනි මුදු 10ක් පලඳපු අත් දෙකක්. මුදු 10ක්! Ten Rings! ඔබට සම්බන්ධයක් පේනවද? ඒ වගේම, තුන්වෙනි පින්තූරයෙන් ඔබට බලාගන්න පුළුවනි Ant Man චිත්‍රපටයට සම්බන්ධව Ten Rings ත්‍රස්ත සංවිධානයේ ලාංජනය බෙල්ලෙහි පච්ච කොටාගත් පුද්ගලයෙක්. ඒ වගේම ඔයාලට මතක ඇති අයන් මෑන් තුන්වෙනි චිත්‍රපටයෙන් පස්සේ ආපු Marvel One-Shot: All Hail the King කියන කෙටි චිත්‍රපටයේ දී අපිට පෙන්නුවා අයන් මෑන් තුන්වෙනි චිත්‍රපටයේ හිටිය ව්‍යාජ පුද්ගලයාව සැබෑම Ten Ring සංවිධානයෙන් ඇවිත් පැහැරගෙන යනවා. එතැනදී මතක ඇති සැබෑ Ten Ring නායකයා ගැන සඳහනකුත් වෙනවා. නිකමට හිතලා බලන්න… Iron Man පලවෙනි චිත්‍රපටයෙන් Ten Rings කියන ත්‍රස්ත සංවිධානය එලියට දානවා. Iron Man දෙවනි චිත්‍රපටයෙන් Ten Rings ත්‍රස්ත සංවිධානයේ නායකයගෙ මුදු 10 පෙන්වනවා. Iron Man තුන්වෙනි චිත්‍රපටයෙන් දැනගන්නවා ඒ හිටියෙ Ten Rings සංවිධානයේ නියම නායකයා නෙමෙයි, ව්‍යාජ පුද්ගලයෙක් කියලා. All Hail the King කෙටි චිත්‍රපටයෙන් දැනගන්නවා සැබෑම Ten Ring සංවිධානය තවමත් ක්‍රියාත්මකයි කියල. ඒ වගේම, Ant Man චිත්‍රපටයෙනුත් Ten Rings ගැන මතකය ආපහු පොඩ්ඩක් අවුස්සලා ගන්නවා. ඊට පස්සෙ ටික කාලයක් සද්දයක් බද්දයක් නැතුව ඉඳලා 2021 දී ඔන්න Ten Rings ලගෙ ඔරිජිනල් ෆිල්ම් එකක්ම එවනවා මාවල් සමාගමෙන්. මේ වතාවෙ නම් Ten Rings ත්‍රස්ත සංවිධානයේ නියම නායකයා හෙවත් මැන්ඩරීන් ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙසිනුත්, මැන්ඩරීන්ගෙ පුත් Shang-Chi සිය පියාට විරුද්ධවත්! බලාගෙන යනකොට කවුරු කොහොම කිව්වත් මාවල් තමයි හොඳටම කරලා තියෙන්නෙ, නේද 😛

Shang-Chi චිත්‍රපටය තුල original මැන්ඩරීන් වම් පසින් සහ, Iron Man චිත්‍රපටය තුල දුටු ව්‍යාජ මැන්ඩරීන් දකුණු පසින්

මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ, ඒ වගේම මේ ලිපියෙදි මං කලිනුත් සඳහන් කලා, කොමික් වලින් චිත්‍රපට වලට එද්දි සමහර තැන් වෙනස් වෙලා එන්නෙ. මෙතනදිත් ඒ වගේ වෙනසක් වෙනවා. කොමික් වලදි මැන්ඩරින් හෙවත් Wenwu කියන්නෙ Shang-Chi ගෙ පියා නෙමෙයි. Shang-Chi ගෙ පියා වෙන්නෙ Fu Manchu කියන චරිතය. නමුත්, MCU එකට Wenwu කියන චරිතයේ අයිතිය නැති නිසා, මැන්ඩරීන් සහ Fu Manchu කියන චරිත දෙකම එකට එකතු කරලා, එක චරිතයක් විදියට චිත්‍රපටය තුලින් එලිදක්වනවා. ඒ වගේම, තව වෙනසක් තමයි, කොමික් තුලදි Ten Rings කිව්වම මුදු 10ක් තමයි තිබුණෙ. නමුත්, චිත්‍රපටයෙදි අපිට දැකගන්න ලැබෙන්නෙ වළළු 10ක්. කොමික් තුලදි මේ Rings 10 තුල එකිනෙකට එකක් වෙනස් බලයන් 10ක් අන්තර්ගත වෙනවා. ඉන්ෆිනිටි ස්ටෝන් තරම් අසීමාන්තික බලයක් නොමැති වුණත්, මේ Rings 10 තුලත් සැලකිය යුතු අන්දමේ බලයන් අන්තර්ගත වෙලා තියෙනවා කියලයි කොමික් වල සඳහන් වෙන්නෙ. හැබැයි, චිත්‍රපටය තුලදි ඒවා මොන ආකාරයෙන් යොදාගනීවිද, කොමික් වල මුදු දහයෙ තිබ්බ බලයන් මේ වළළු 10ටත් තියේවිද කියලා මේ ලිපිය ලියන මොහොත වන විටත් කිසිඳු හෝඩුවාවක් හෝ ලබාදීලා නැහැ. 

ඒ වගේම, ට්‍රේලර් පට තුලින් දැකපු විශේෂිත කාරණා දෙකකුත් මෙතනදි සඳහන් කරන්නම්. පලවෙනි කාරණාව තමයි The Incredible Hulk (2008) චිත්‍රපටය නරඹපු කෙනෙක් නම් Abomination ව අමතක වෙන්න විදියක් නැහැනෙ. ඔන්න එහෙනම් සෑහෙන කාලයකට පස්සෙ අපිට Abomination ව ආපහු දැකබලා ගන්න ලැබෙනවා මේ චිත්‍රපටය තුලින්. ඒ, කූඩුවක් තුල සටන් කරමින් සිටින අවස්ථාවකදි. Abomination ව මේ චිත්‍රපටය තුල කොච්චර දුරට ගෙනියාවිද කියලා බලාගන්න නම් චිත්‍රපටය නරඹලා ඉන්නම වෙනවා. දෙවනි කාරණාව තමයි, දිය යටදී Shang-Chi විසින් දකින මකරා. චිත්‍රපටයට අදාල Tie-in toys වලට අනුව නම් අපි ඒ දැක්කෙ Great Protector නමින් හඳුන්වනු ලබන මකරා. නමුත්, එසේ නොවී අපි ඒ දැක්කෙ පිටසක්වලින් පැමිණි, මැන්ඩරීන් හට අමරණීයත්වය ලබා දුන් වළළු දහයෙහි සැබෑ උරුමකරුවා වන Fin Fang Foom නම් මකරා වෙන්නත් බැරි නැහැ කියලා සමහර තැන් වල සඳහන් වෙලා තිබුණා. නමුත්, චිත්‍රපටය තුල අපට දැකගැනීමට ලැබෙන්නෙ  Great Protector විතරයි කියලා මාවල් මූලාශ්‍ර වල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි, එහෙම නොවී Fin Fang Foom ව බලාගන්න තිබුණා නම්, කාලෙකට අමතක නොවන සුපිරිම චිත්‍රපටයක් බලාගන්න තිබුණා කියලයි මගේ අදහස. 

Abomination කූඩුව තුල සටන් කරමින්…

 

Great Protector 

එහෙනම්, Shang-Chi ගැන මේ විස්තර ප්‍රමාණවත් වේවි කියලා හිතනවා. චිත්‍රපටය නරඹනකොට තව තවත් විස්තර දැනගන්න ලැබේවි මදිපාඩුවට. ලිපිය කියෙව්වට පස්සෙ වුණත් Shang-Chi ගැන නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් Shang-Chi කියන්නෙ සාමාන්‍යය කුං-ෆු සටන්කාරයෙක් නේද, ඉතිං එයාගෙ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මං ඒ ගැන මීට වඩා විස්තර නොකර ඉන්නම්, ක්‍රෙඩිට් සීන් වලදි ඔයාලටම දැකගන්න පුළුවන් Shang-Chi ගෙ බලයන් දැකලා ඒ මොන විදියක බලයන්ද කියලා අගක් මුලක් හිතාගන්නවත් බැරුව පුදුම වෙන්නෙ කවුරු කවුරුද කියලා 😛 ඒ වගේම, චිත්‍රපටය අවසානයේ Shang-Chi කණ්ඩායම්ගත වෙන මාර්වල් විශ්වයේ දැවැන්තම චරිත කිහිපය දැකගන්න නම් අමතක නොකර ක්‍රෙඩිට් සීන් ඔක්කොම ටික බලන්න කියලත් මතක් කරනවා. Imdb දර්ශකයේ 7.9ක අගයක් එක්ක, ඩොලර් මිලියන 430ක් හොයපු මාවල් විශ්වයේ තවත් එක්තරා බලවත්ම චරිතයක් සමගින් පුරා හෝරා දෙකක් විනෝදයෙන් ගත කරන්න ආරාධනා කරන ගමන්, අවසරයි සමුගෙන යන්න. ලබන අවුරුද්දෙ අවසාන භාගයේ නැවත හමුවෙමු, පොඩි කාලෙ ඉඳලා අපි හැමෝම ආදරය කරපු බොලිවුඩ් නළුවෙක්ගෙ පුනරාගමනය බවට පත්වෙන දැවැන්ත චිත්‍රපටයකින්. ඒ හීනයත් එක්ක එදාට බොහොම සතුටින් කෑගහලා කියන්න පුළුවන්, සේවයක් විදියට සිදුකරපු මේ උපසිරැසි ක්ෂේත්‍රයෙන් බලාපොරොත්තු වෙච්ච හැම හීනයක්ම ඉෂ්ඨ වුණා කියලා. එහෙනම්, නැවත හමුවෙන තුරාවට හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය IMAX / BR පිටපත් සඳහා අදාළ වේ.

84,210 downloadsDownload Shang-Chi-and-the-Legend-of-the-Ten-Rings-2021-IMAX.zip92 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

84,210 downloadsDownload Subtitles92 KB

130 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. sanjeewa kumara

      thank you

  2. tharidu16

    thanks you

    1. Issa

      ❤️❤️❤️❤️

  3. ramindu

    thanks saho

  4. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. tharanka

    film eka baagnna thanak dannawada?

    1. tharanka

      film 1 upload krl ne. ela

  8. udula

    Thanks you sahoo

  9. Wenura

    Thanks Brdh Sub akt,Oyage Lipiya GOdk Watin Thorathuru tikk thibuna,akh godk watinwa

  10. Gathsara Umesh

    බොහෝම ස්තූතියි උපසිරැසියට..❤️

  11. suchith

    tnz bro.

  12. Anonymous

    සබ් එක දුන්නට බොහොම

  13. DecPiKaChU

    තැන්කිව් මචන් ලිපියට වගේම සබ් එකටත්. විශේශෙන්ම ලිපියට කොමික් පොත් කියවලා නැති උනත් සෑහෙන්න දේවල් දැනගත්තා.

  14. යුරාන් ධනුක (දනුවා)

    හැමදාම වගේ සුපිරිම ලිපියක් සහෝ
    බොහෝම ස්තුතියි උපසිරසියට

  15. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  16. Sahan Gayantha

    thanks a lot saho sub ekata

    1. Dilshan shasintha

      Thanks.....for subtitles

  17. sasindu

    supiri machan

  18. Sandeep Tharaka

    බොහොම ඉස්තුති උපසිරසියට සහ ලිපියට ...

  19. Dilana

    thanks a lot

  20. Thusitha

    Thanks super.....

  21. Praveen

    Thanks. Visthare kiyevva

  22. Pramukmili

    Thanx bro...........

  23. chaminda

    thanks bro sub1ta.

  24. A_l_Nilu

    IMax update ekk denwd

  25. D.H.S.Lakshitha

    Thanks

  26. ශසිත් සඳරුවන්

    හම්මේ සිසී කාලෙකින්....
    මාවල් ෆිලුමක් නම්, සිසීගේ සබ් එකක් නම් ආය ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ.
    දෙකම සුපිරියට ඇති. සබට බොහොම තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  27. Kalum harsha

    Sub ekta thnx

    1. Anonymous

      Thanks bro

  28. Kehan Shakya

    සුපිරිම review එකක් <3

  29. Ramal beenu

    Lassana wisthara kireema ekka pattama watina sub ekak.. Thank you X 1000000 times. ❤️

  30. Hasitha Madush

    අගක් මුලක් නොදැන ඔහේ කරන්නන්වාලේ google translate කරලා කරන උපසිරැසි අතර හොඳම උපසිරැසි නම් ඉතිං බයිස්කෝප් එකේ අපේ සිසිල සහෝ ඇතුළු කණ්ඩායම තමයි.සුපිරිම ෆිලුමකට සුපිරිම review එකක්..ආසාවෙන් කියෙව්වා..ස්තුතියි සහෝදරයා..!!!

  31. මයිකි

    සුපිරි තමා. ෆිල්ම් එක බලලම ඇවිත් කමෙන්ට් එකක් දාන්න හිතුවා . නියමයි සබ් එක හොදටම තියෙනවා. ෆිල්ම් එකක් පට්ටම. තැන්ක්ස් සබ් එක දුන්නට . ඉක්මනටම...

  32. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  33. Udaya Fdo

    Thank you

  34. Kasun

    Thanks

  35. Sanjeewa2010

    Pattaaaaaaaaaa

  36. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.... ජය වේවා...❤️❤️❤️

  37. Anonymous

    Sub nam sisila thama
    Tnks

  38. නිමේෂ් කාවින්ද

    චිත්‍රපටයට ගැළපෙන පරිදි ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි සිසිල සහෝ !!!!

  39. Anonymous

    ලිපිය කියෙව්වා. මරු. ස්තුතියි..! ගොඩක් දේ දැන ගත්තා.

  40. Pahasara

    Thankz hugak

  41. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  42. Anonymous

    Thanks bro

  43. Asela

    Thank you

  44. Bimbisha Adithya

    thank you!

  45. ishan

    සුපිරි ලිපියකින් සුපිරි උපසිරයකින් බලාගෙන හිටපු චිත්‍රපටියක් සැරසුවාට බොහොම ස්තූතියි සිසිල සහෝදරයා.. බොහොම පිං

  46. Bimbisha Adithya

    Nice !

    1. Anonymous

      වටිනා ලිපියක් !
      ස්තුතියි ලිපියටත් උපසිරසියටත් !

  47. kassapa

    ane me file eka ganna site ekk kiyannakoo0oo

  48. මධුකප්‍රිය පෙරේරා

    උපසිරැසියට තුති වේවා සිසී

  49. thisal

    ayya ogollo APPLE TV + eka stream wena FOUNDATION tv series ekata sinhala sub danna pls eka

    pattama kathawak SCI FI supiriyak DUNE waga

  50. thisal

    ayya ogollo APPLE TV + eka stream wena FOUNDATION tv series ekata sinhala sub danna pls eka

    pattama kathawak SCI FI supiriyak DUNE waga

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.