Watch Trailer

TENET (2020) Sinhala Subtitles | හැම දෙයක්ම වෙන්නෙ ආපස්සටද? [සිංහල උපසිරසි සමඟ]

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම්…

ක්‍රිස්ටෝපර් නෝලන් කිව්වම මේ වෙනකොට කවුද නොදන්නේ? සිනමාවට පෙම් බදින වැඩි දෙනෙකුගේ ප්‍රියතම අධ්‍යක්ෂකවරුන් අතර ඉහලින්ම ඉන්න කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් නෝලන් කියන්නෙ. මේ තමයි ඔහුගේ එකොළොස්වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. මිට කලින් ඔහුගේ නිර්මාණ නරඹල තියෙන හැමෝම දන්නවා මෙයාගේ නිර්මාණයක් බලල එක සැරේ නම් තේරුම් ගන්න බැරිවෙන බව. ඉතිං මේකත් එක සැරයක් බැලුවම තේරුම් යාවි කියල නම් හිතන්න එපා ඔන්න.

කොරෝනා ව්‍යසනය අතරමැද උනත් පහුගිය සැප්තැම්බරයෙදි සිනමාපටය සිනමාශාලාවන් සඳහා නිකුත් කරන්න WB සමගම සහ මෙහි නිර්මාපකයන් විසින් අධි අවධානම් තීරණයක් අරගත්තා. ඒ තීරණය වෙනුවෙන් ලොව පුරා වෙසෙන නෝලන් රසිකයන් ඔවුන්ට හැකි උපරිමයෙන් සාධාරණය ඉටු කරන්න පෙළ ගැසුනා. ඒ අනුව ඉතාම අමාරුවෙන් ඩොලර් මිලියන 350කට එහා ගිය ආදායමක් ඔවුන් විසින් මේකට ලබා දුන්නා. ඉතිං ඒ මුදලින් යාන්තමට බජට් එක කවර් කරගන්න ලැබුනත් ප්‍රචාරක වියදම් වැනි ඊට එහා ගිය වියදම් ටික කවර් කරගන්න නම් ඒ මුදල් ප්‍රමාණවත් නොවෙන්න ඇති. ඉතිං එතනින් එහාට මුදල් සොයාගැනීම වෙනුවෙන් මේ සිනමාපටයෙහි ඩිජිටල් නිකුත් කිරීමක් සිදුකරන්න මොවුන් විසින් මුලදීම තීරණය කරලා තිබ්බ. ඒ අනුව නිකුත් වෙන්න ඩිජිටල් වෙබ් කොපිය තමයි අද මේ අරගෙන එන්නෙ. 

සිනමාපටයේ විස්තර ගැන කිව්වොත් සුපුරුදු පරිදිම 7.8ක් වැනි ඉහළතම IMDB අගයක් හිමිකරගනිමින්, ටොමැටො මීටරේ 71%කට කරකවාගනිමින් ටොමැටො ඕඩියන්ස් එකේ මීටරයත් 76%කට කරකවාගෙන ඉහළතම ප්‍රතිචාර ලබාගත්ත මෙහි අධ්‍යක්ෂණය සහ රචනය ක්‍රිස්ටෝපර් නෝලන් විසින් සිදුකරලා තියෙනව. ඊට අමතරව මෙහි නිෂ්පාදනය වෙනුවෙන් නෝලන් සහ ඔහුගේ බිරිඳ එමා තෝමස් විසින් දායක වෙලා තියෙනව. ඒ වගේම නෝලන්ගේ සිනමාපට නරඹපු හැමෝම වගේ දන්නවා මිනිහගේ හැම ෆිල්ම් එකකම වගේ ඉන්න සෙට් එකක් ඉන්න බව. ඉතිං ඒ පිරිස මේකෙත් ඉන්නවා. 🙂 ඊට අමතරව නෝලන් විසින් රොබට් පැටින්සන්ව මේකේ ප්‍රධාන චරිතයකට තෝරාගැනීම සම්බන්ධව ප්‍රේක්ෂයන් විමතියට පත්කලා. රොබට් වගේ මල් කොල්ලෙක්ව නෝලන්ගේ සිනමාපට සඳහා ගැලපෙයිද කියල විවිධාත්මක තත්වයක් ඇතිවුණා. හැබැයි නෝලන් විසින් රොබට්ගේ Good Time (2017) සහ The Lost City of Z (2016) සිනමාපට නැරඹීමෙන් අනතුරුව තමයි ඔහුව තමන්ගේ සිනමාපටයේ මේ චරිතය සඳහා තොරගන්නව කියල තීරණය කරලා තියෙන්නෙ. ඒ අනුව අපි දන්න කියන ඩෙන්සිල් වොෂින්ටන්ගේ පුත්‍ර රත්නය ජෝන් ඩේවිඩ් වොෂිංටන්, රොබට් පැටින්සන්, එලිසබෙත් ඩෙබිකි,ඩිම්පල් කපාඩියා, මයිකල් කේන් සමගින් කෙනත් බ්‍රනාග් ප්‍රධාන වශයෙන් දායක වෙනව. ඒ වගේම 2006 වසරට පසුව Hans Zimmer විසින් නෝලන්ගේ සිනමාපටයක සංගීත නිර්මාණය සිදු නොකරන පළමු අවස්ථාව වෙමින්, මෙහි සංගීත නිර්මාණය The Mandalorian, Black Panther, Creed වැනි සිනමාපටවල සංගීත නිර්මාණ ශිල්පී, ඔස්කා සම්මානලාභී Ludwig Göransson විසින් සිදුකරලා තියෙනව.

සිනමාපටයේ නම වෙන TENET කියන එක ආපිට කියවනකොටත් අපිට කියවන්න වෙන්නේ TENET කියලමයි. ඉතිං නමෙන් පවා එහෙම දේවල් කරන නෝලන් ඇයි මේ තරම්ම විශේෂ කියල ඔයාලට දැනගන්න ඕනද? හරි එහෙනම් සිනමාපටය නරඹන්න කලින් මෙන්න මේ ටිකත් කියවලම යන්න. එතකොට ඔයාලට හොඳටම දැනේවි ක්‍රිස්ටෝපර් නෝලන් මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියල. සාමාන්‍ය වර්තමාන රොමැන්ටික් – ද්‍රාමා කැටගරියේ සිනමාපටයක් වෙනුවෙන් VFX 300කට එහා තියෙනව. හැබැයි මේ සිනමාපටය වෙනුවෙන් VFX එහෙම නැත්නම් පරිඝනක දෘශ්‍ය ප්‍රයෝග දර්ශන යොදාගෙන තියෙන්නෙ දර්ශන 280ක් සඳහා පමණයි. ඒ හැරෙන්න ඔබ දකින අන් සියල්ලම සැබෑ පසුතල සහිත සැබෑ දර්ශන. මේකේ එක දර්ශනයක් තියෙනව ලේන් හයක හයිවේ එකක, කිලෝමීටර් 8ක විතර කොටසක් වහගෙන සති තුනක් තිස්සේ සිද්දකරපු. ඒ විතරක් නම් මදැයි. ගුවන්යානයක් ගුවන්යානා අංගනයකට කඩා වැදිල පුපුරන දර්ශනයක් වෙනුවෙන්ම බෝයින් 747 යානයක් මිලට අරගෙන, ඒක හප්පලා පුපුරවල තියෙනව. ඒ වගේම මෙහි ඉදිරියට සහ ඒ සිදුවීමම ආපස්සට වෙන දර්ශන ඇත්තටම ආපස්සට රඟපාමින් සහ ආපස්සට දෙබස් කියමින් සිදු කරන්න මෙහි රංගන ශිල්පීන්ට සිද්දවෙලා තියෙනව. මනස කළඹන සිනමාපටයක් වෙනුවෙන්, බලා හිඳින ඔබව මං තවත් නවත්තගෙන ඉන්නෙ නැහැ. එහෙම නම් ඔන්න ඔබගේ අවස්ථාව. අවසාන වශයෙන් සිනමාපටයේ බාබරා විසින් දෙන උපදෙසක් දෙන්නම්, ” තේරුම්ගන්න උත්සහ කරන්න එපා, විඳගන්න.” 🙂

 

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට  මෙතනින් පිවිසෙන්න.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘපය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඇතැම් WEB / HD සහ Blu-Ray පිටපත් සඳහා සඳහා අදාළ වේ.

ගැලපෙනම පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ගන්න.

84,254 downloadsDownload TENET-2020-Blu-Ray.zip185 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

84,254 downloadsDownload Subtitles185 KB

141 comments

  1. Gayan

    thanks brother

  2. sanath indika

    Thx broo.

  3. The_Necromancer

    thanks royly

  4. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි රොයිලි අයියේ

  5. sampath n perera

    thanks....

  6. තාරක නුවන් දිල්හාර

    ස්තූතියි අයියේ උපසිරසියට..
    නෝලන් මහතා ෆේවරිට්..
    එනකං බලාගෙනම සිටි එකක්..
    තේරුම් ගන්න නොයා විඳිමු එහෙනං...
    ජය...!!

  7. jagath55

    Thanks

  8. Anonymous

    Thank u

  9. අචින්ත

    සබට තුති අයියේ..
    බ්ලුරේ....
    එනකල් ඉන්න බෑ වගේ දෙයියනේ...

  10. Mawan Geethanjana

    සිංහල ,උපසිරැසියට ස්තූතියි සහෝ ♥️

  11. විමා

    සබට තුති රොයිලි අයියේ...

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. saman

    thanks bro

  14. sasanka

    thanks for the sub

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති රොයිලි අයියේ.. සබ එනකම් බලන් හිටියේ.. තව දෙතුන් පාරක් බලන්නම ඕනි ඉතිං තේරුම් ගන්න.. අර කිව්වත් වගේ.. Don't try to understand it. Just feel it...
    බුදුසරණයි..ජය වේවා...

  16. Navodani Thilini

    Thank you Royly ayye

  17. රොෂාන් ශමීර ජයසිංහ

    ස්තූතියි රොයිලි සහෝදරයා..

  18. shevin

    Thanks

  19. Udara Damith Dissanayaka

    අයිලි රෝයියා\

  20. Pasindu Madumal

    දෙනකම් බලන් හිටියේ..!
    සබට තුති රොයිලි අයියේ ❤️

  21. නිර්මාල්

    නියමයි රොයිලි අයියා
    ඔයා කරා නම් ආයේ බලන්න දෙයක් නැහැ
    සුපිරිම එකක් තමා.....

  22. එල්.සී. දමැල්

    මේව ඉතින් සබ් නැතුව බැලුවොත් මොනා වෙයිද? :P
    බොහොම ස්තුතියි මේක ගෙනාවට

  23. Shamal manojan

    ස්තූතියි සබ් එකට රොයිලි සහෝ.

  24. නිමේෂ් කාවින්ද .

    TNET චිත්‍රපටයට උපසිරැසිය ලබා දීම පිළිබදව රොයිලි සහෝදරයාට මම හදවතින්ම ස්තූති කරනවා . කාලෙකින් රොයිලි සහෝ ගේ උපසිරැසියක් දකින්න ලැබුණේ . ඉදිරියටත් විශිෂ්ට සිනමා නිර්මාණයන් සදහා උපසිරැසි ලබා දෙන්නත් , තමන්ගේ පුද්ගලික දිවියේ වැඩකටයුතු විශිෂ්ට අන්දමින් සාක්ෂාත් කරගන්නත් හැකි වේවා කියා රොයිලි සහෝ වෙත සුභ ප්‍රාර්ථනා කරනවා !

  25. Anonymous

    thank you baiscope!

  26. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  27. Rehan

    machan enakal balan hitiye
    sub karapu bro ta godak thanks hode

  28. Prabodha

    සුපිරි රොයිලි අයියා..

  29. Abhi100

    සබ් එකට ස්තූතියි

  30. W.G. Kasun Ishank

    thankz bro. hama film ekakama film eke description eka dena eka maaratama watinawa. meeka balan nathuwa inna hitiye. christopher nolan ge hinda ekenma balanaw.

  31. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    Cristoper Nolan + Royly අයියා නියමයි රොයිලි අයියෙ මේකට සබ දෙනකල් හිටියේ

  32. R_deshan

    සබ් එකට ගොඩක් තෑන්ක්ස් රොයිලි අයියෙ...ඩවුන්ලෝඩ් සයිට් එකේ 1080p කොපි නෑනෙ.720p නම් බාන්නෙ නෑ.1080p link එකක් දාන්න බෑ නම් bluray එනකල් ඉන්නවා.

    1. Kevindesmond

      1080p Torrent එකෙන් Download කරන්න මමත් 1080 Download කරා 4GB

    2. Sisira

      1080 link eka denawada saho.. Please

  33. Asiri priyantha (hewa)

    මේ ගන්නවා, නෝලන්ගෙයි මෙයාගෙයිත් පොඩි කනෙක්සන් එකක් තිය්නවනේ කෝමත්. එහෙනම්සබට තෑන්ක්ස් රොයිලු අයියේ. බලලා ආය්3 අදහසක් දාන්නම්. කාලෙකිං සයිට පැත්තේ ආවේ, මේකටම. ජයවෙවා.

    1. Anonymous

      ඇයි ආවෙ..එන්නෙපා පැත්ත පළාතේ..ඉව්

  34. Shaggy

    Thank you very much

  35. Anonymous

    Thanks bro

  36. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  37. Anonymous

    තෑන්ක්ස්... එලම.

  38. Anonymous

    Thanx bro.Good luck.....

  39. Chamara Madushanka Dodandeniya

    Thanks deiyoo

  40. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  41. Uvindu Induwara

    සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.

  42. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ...
    Christopher Nolan ගේ ෆිලුමක් නිසා එනකල් බලන් ඉදියේ ❤️❤️

  43. Anonymous

    Thenks for sub

  44. thaminusonalsat

    Ammoo..maasa kiyk balan idiyada..Bohooma sthuthyi aiye

  45. Lasantha

    Elaa

  46. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා බුදු සරණයි .....

  47. Sanjaya Lakmal Liyanage

    බොහොම ස්තූතියි සහෝදරයා...ජය වේවා...!!!

  48. prasad

    THANKS

  49. Nelson Rodrigo

    Good work friend, thanks for the sub

  50. Udaya Fdo

    Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.