ගොඩක් කාලයකට පස්සේ ගිය සතියේ ඉදන් CW එකේ කතා ටික ආයෙමත් එන්න පටන් ගත්තානේ. ඉතින් හැම ඒ හැම කතාවක්ම ගොඩක් හොද අවසානයකින් තමයි මිඩ් සීසන් බ්‍රේක් එක ගත්තේ. හැබැයි ඉතින් ඒ හැම කතාවක්ම අතරින් ෆ්ලෑෂ් ගොඩක් හොද තැනකට දැන් ඇවිත් තියෙනවා. මොකද මේ සීසන් එකේ බාගයක් විකාශය වුනත් තවමත් මුල ඉදන් තිබුන කුතුහලය ව…

ගොඩක් කාලයකට පස්සේ ගිය සතියේ ඉදන් CW එකේ කතා ටික ආයෙමත් එන්න පටන් ගත්තානේ. ඉතින් හැම ඒ හැම කතාවක්ම ගොඩක් හොද අවසානයකින් තමයි මිඩ් සීසන් බ්‍රේක් එක ගත්තේ. හැබැයි ඉතින් ඒ හැම කතාවක්ම අතරින් ෆ්ලෑෂ් ගොඩක් හොද තැනකට දැන් ඇවිත් තියෙනවා. මොකද මේ සීසන් එකේ බාගයක් විකාශය වුනත් තවමත් මුල ඉදන් තිබුන කුතුහලය වැඩි වෙනවා මිසක් අඩු නම් වුනේ නෑ කියලා අපි හැමෝම දන්නවනේ.
මුලදි නම් වොලි කියන චරිතයට මේ කතාවේ ලොකු තැනක් ලැබුනේ නැති වුනත් දැන් නම් එයාට ගොඩක් ලොකු අවධානයක් ලැබුනා. මොකද එයා නිල විදියට ෆ්ලෑෂ් ටීම් එකේ සාමාජිකයෙක් වුනානේ. ඒ වුනත් මුලින් මුලින් බෙරී එයා ගැන වැඩි විශ්වාසයක් තිබ්බෙ නෑ වගේම එයාට බොරුවට බැන්නා. ගොඩක් අයට හිතෙන්න ඇති අපිට මේ දෙන්නා තරහින් එකට එක කරන වැඩ ගොඩක් දකින්න පුලුවන් වේවි කියලා. හැබැයි ඉතින් මේ හැම තරහකටම මුල වුනේ අයරිස්ට අනාගතයේ වෙන දේ නවත්වන්න බෙරී ප්ලන්ඩර් අල්ලන්නෙ නැතිව හිටපුවාම වොලි ඇවිත් කරන්න ඕනිම නැති දේ කරපු නිසානේ. මට හිතෙන විදියට පස්සෙ කාලෙකත් අපිට මේ වගේ මෙයාලා දෙන්නා වෙනස් විදියකට වැඩ කරන හැටි සමහර විට දකින්න පුලුවන්වේවි. හැබැයි ඉතින් දැනට නම් මේ දෙන්නා සහයෝගයෙන් එකට වැඩ කරලා සෙන්ට්‍රල් නගරය ආරක්ෂා කරාවි.
මේ කතාවේ වුන තවත් අමුතු දෙයක් තමයි බෙරී කල් යවන්නේ නැතිව ඉක්මනින්ම අයරිස්ටයි ෆ්ලෑෂ් ටීම් එකටයි එයා අනාගතයේ දැකපු දේ කියපු එක. හැබැයි ඉතින් එයාලා ජෝට ඒක කියන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. මොකද අම්මට හරි තාත්තට හරි එයාගේ ළමයට කරදරයක් වෙනවා කියලා කිවම එයාලා කරන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ නේද? හැබැයි ඉතින් එයා හැරෙන්න ෆ්ලෑෂ් ටිම් එකේ හැමෝම වගේ ඒ සිද්ධිය ගැන දන්නවානේ. ඒ වගේම අයරිස්ගේ මරණය ගැන කියද්දි එතන වුන සිද්ධිය නම් ගොඩක් අයගේ හිතට දැනුන වෙලාවක් වෙන්න ඇති. මොකද කවුද කැමති තමන් මැරෙන දවස ගැන දැනගන්න. ඒ අතින් අයරිස් නම් ඒක ගොඩක් හොදින් දරාගත්තා. හැබැයි ඉතින් ඒ දවස ලං වෙන්න වෙන්න අයරිස් මොන වගේ පිස්සු වැඩ කරයිද මන්දා.
ඉතින් අපිට එක දෙයක් දැන් ස්තීරයි. ඒ තමයි සිසන් එකේ ඉස්සරහට අනිවාර්යයෙන්ම ෆ්ලෑෂ් ටිම් එක අර අනාගතයේ දවසේ දැක්ක ප්‍රවෘත්ති සිරස්තල වෙනස් කරන්න ගොඩක් දුරට උත්සහ කරාවි. හැබැයි ඉතින් මේ දේ බෙරීට තවත් එක හොද පාඩමක් ටයිම් ලයින් වෙනස් කරන්නේ නැති තරමට හොදයි කියලා තේරුම් කරන්න. කොහොම වුනත් මේ කතාව ගලාගෙන යන විදියට නම් මං ගොඩක් කැමතියි. මොකද ගොඩක් කතාවල වෙන්නේ සතියට එක දුෂ්ඨයා ගානේ ඇවිත් එයාලව පරද්දන එකනේ. ඒ වුනත් ෆ්ලෑෂ් කතාවේදි ඉස්සරහා කොටස් වලට වැදගත්වන ලොකු දෙයක් ගොඩනගනවා කියලා අපිට පැහැදිලිවම දකින්න පුලුවන්.
කේට්ලන් දරුණු කිලර් ෆ්‍රොස්ට් වෙන එකට මොනවා වෙයිද? නැත්නම් ජුලියන් ෆ්ලෑෂ් ටිම් එකට එකතු වුන එකෙන් මොන වගේ දෙයක් අනිත් අයට වෙයිද? එයා ආයෙත් ඇල්කමි වුනොත් එහෙම? එතකොට ස්ටාර් ලැබ් කෞතුකාගාරය ආයෙමත් වැහිලා යාවිද? කොහොමෙන් කොහොම හරි අයරිස් වෙනුවට වොලි සැවටාර් අතින් මැරෙන්න ඉදිරිපත් වෙයිද? මේ වගේ පිස්සු හැදෙන ප්‍රශ්න ගොඩක් අයට එන්න පුලුවන්. එහෙම හිතෙන එකත් සාධාරණයි. හැබැයි ඉතින් ඒවට උත්තර අපිට ඉක්මනින්ම ලැබෙයි කියලා නම් හිතන්න බෑ. කොහොම වුනත් ෆ්ලෑෂ් කතාව තව තවත් රසවත් වෙයි කියලා නම් අපිට අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්. අන්තිමේට මේ කලින් කොටසේ දුෂ්ඨයා වුන ප්ලන්ඩර් ගැන මොකුත්ම කියන්න බැරි වුනා නේද? හැබැයි ඉතින් ප්ලන්ඩර් අමතක කරන්න තරම් සිද්ධියක් ඒ කොටස අවසානයේදි වුනා. අර කවුද H.R. වෙල්ස්ව අල්ලාගන්න මේ ලෝකයට ආවේ? අපි තවම ඒ ගැන මොකුත්ම දන්නේ නෑ. හැබැයි ඉතින් ඒ ගැන කියවෙන මේ කොටස නම් තවත් ගොඩක් රසවත් පුදුමාකාර කොටසක් වේවි කියලා නම් අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් පරක්කු වෙන්නේ නැතිව මේ කොටසත් බලලා ඉමු…. . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E11.HDTV.x264-LOL
The.Flash.2014.S03E11.720p.HDTV.x265.ShAaNiG
The.Flash.2014.S03E11.720p.HDTV.X264-DIMENSION
The.Flash.2014.S03E11.720p.HDTV.HEVC.x265-RMTeam
The.Flash.2014.S03E11.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
10,344 downloadsDownload The.Flash_.2014.S03E11.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
56 comments
Asiri
Amila
Tnx saho kalinma sub genath
kawinda gayashan
thanks for sub
direct link eka
tvmansala.com
Sineth madushan
thakz bro
Heshara
Thanks bro
Suu
thank uuu
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!
Kasun Widusha
Tnx mcn
Prasad Randunu
Ammo godak Thank u saho... Mama iye ree Wenakn balan unne sub eka enkn. Re apu neti nisa patta Wishwasekin unne Aniwa Ude dei kyla. Hithuwa wagema hari Dunna Sub eka. Ela kollekne oya. Baiscopelk Kattiyata Jaya wewa... sadaa Jaya Sathuta...!
Zeal
Thanx Mcn....
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනටම උපසිරැසිය දුන්නට..
Manoj
purudu speed 1n ma ayeth dena 1 gena nam godak sathutuyi saho............
සචින් අකලංක.
thannkkkks
Chanu
ජාති තද තද thanks saho
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Nirodha uthpala
Subata thx bro digatama sub denna labeva keya hadavatinma partana karanava
kushani sanjula
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
KAVINDA GAMAGE
thank you
Janith
Thanks
Ravindu Rukshan
thx
ashan lankanath
thanks ...........................................................
Chalana Rukshan
thnx bro...
ERANGA
thnx a lot brother
pdrox
subtitle එකට tanx සහෝ
Lakshan
Thanks Bro.
sasindu
thanks sahoooo.....
Ravindu kaveesha
thanks for sub bro
කසුන්
උපසිරැසියට බොහොම ස්තූතියි
Udara Damith B/K
...........උපසිරැසියට බොහොම ස්තූතියි.............
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ..
Bhagya
ela thankx.........!
Nuwan
thanks bro sub 1kata. jaya wewa!
Sanath Indika
thx broo
Gihan Iddamalgoda
thanks 4 sub
mindika
Thanks !!!!!!!!!!!!
එල්.සී. දමැල්
ස්තුතියි!
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
Sulochana Harshana
Arrow thama naththe ai bro??? Sub 1ta thnx
මධුකප්‍රිය පෙරේරා
තැන්ක්ස් වේවා
Mahesh
Sub ekata thanx machan
Amila Mudalige
Thanks saho sub ekta
Nimal
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pachaya
12 ko kollooo....pataar gaaallla dannako
kavindu
tnx ko 12 ikmnata oneee
Lucky
S03e12 link eka wada na yalu ikmanata hadanna.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි....
චමෝද්
එල මචන් පට්ට
Advertisement

thanks brooooo